එන්න බලන්න Stand up comedy #reviewedbypathumkerner

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ ක්ෂේත්‍රය ලංකාවේ වැඩිය නොතිබුණ කලාවක්. ඒත් පසුගිය වසර කීපය තුල එහි සුවිශේෂ නැග්මක් දක්නට ලැබෙනවා.

    ලොකු ඕඩියන්ස් එකකට තනියෙන් හිටගෙන විහිළු කරලා හිනස්සන එකත් ලේසි වැඩක් නෙවෙයි.

    මේ ඕඩියන්ස් එක ඇත්තෙන්ම වෙනස්. තරුණ, බොහෝම විවෘත මනසක් තියෙන, ඕන දෙයක් අහන්න පුළුවන්, ඒක ඇඟට නොගෙන හිනා වෙලා එතනින් එළියට යන කොට අමතක කරලා යන්න පුළුවන් පිරිසක්. හැබැයි ඒ ඔස්සේ දෙන take home message තියෙනවා නම්, ඒකටත් කට්ටිය ඔට්ටුයි.

    මමත් මේ කළාවේ රසිකයෙක් විදිහට , මට ලැබුණු ආරාධනාව පිළි අරගෙන මේ ෂෝ එකට ගියේ කොළඹ වොක්ශෝල් මාවතේ පිහිටි warehouse එකට. එතන වැඩේට ගැලපෙන තැන. පොඩි ස්ටේජ් එකක් ගහලා කන්න බොන්න තියෙන ටිකක් ඉඩ කඩ ඇති පබ් එකක්. කැමති කැමති කෑම බීම අරගෙන මේසෙට වාඩි වෙලා ෂෝ එක බලලා විනෝද වෙන්න පුළුවන්.

    මේ ඇත්තෙන්ම මිනිස්සු විනෝද වෙන නාගරික ආකෘතියක්. මේ ආකෘතියට සමානව ගම් වලත් දේවල් තියෙනවා. ගම් වල අනාදිමත් කාලයක ඉඳලා තියෙන දහ අට සන්නිය වගේ කලා අංගත් මේ වගේ වින්දනයක් මිනිස්සුන්ට ලබා දුන්නා. විනෝද වෙන්න , සතුටු වෙන්න, හිනා වෙන්න ගම නගරේ කියලා දෙයක් නෑ. මිනිස්සු සතුටින් ඉන්න කොහේ හිටියත් ක්‍රමයක් හොයා ගන්නවා.

    ඉතිං සමාජය විවිධයි, ඒ වගේම මිනිස්සු එක තැන ඉන්නෙ නෑ. ලෝකෙත් එක්ක අනුවර්තනය, පරිවර්තනය, පරිණාමය වෙනවා. මේ තියෙන්නේ නාගරික සමාජයේ ඒ එක පැති කඩක්. අලුතින් ගොඩ නැගෙන කලාවක්. අපි දේශපාලනයේ නියුතු පුද්ගලයන් ලෙස සමාජයේ මේ සියළු පැතිකඩ ස්පර්ශ කර, ඒවා සමග අවබෝධයක් ගොඩ නගා ගත යුතුයි.

    ඊයේ ෂෝ එකට නැග්ගේ මම කළින් නොදන්න අලුත් කොමඩි කලා කරුවන් 4 දෙනෙක්. ඔවුන් ගේ හැකියාවන් උසස් මට්ටමක තිබුණා. හසලක තුෂාර , චාමර වගේ මේ ක්ෂේත්‍රයේ පෙර ගමන් කරුවන් ඔවුන්ට පාර කියන බවක් පෙනුනා.

    මිනිස්සු දේශපාලකයන් අමතක කරලා විහිළු කාරයන්ට ඇහුම්කන් දෙන යුගයක අපි ඉන්නේ. ඔබත් දවසක හිනා වෙන්න යන්න.
    Colombo Comedy Central

    මට ආරාධනාව ලබා දුන් SLvlog Community ට බොහෝම ස්තුතියි !

    පැතුම් කර්නර්
    #reviewedbypathumkerner