එන්න රස බලන්න මව්කිරි අයිස්ක්‍රීම්

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    එන්න රස බලන්න මව්කිරි අයිස්ක්‍රීම්

    පසුගිය වසරේ ලන්ඩන‍යේ කොවෙන්ඩ් ගාර්ඩ්න්හි අවන්හලක මිනිස් මව්කිරි වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් අලෙවි කිරීම තහනම් කිරීමට ලන්ඩන් සභාව තීරණය කර තිබුණි. මෙම අයිස්ක්‍රීම් වල මිශ්‍රණයෙන් 75% ක් මව්කිරි වලින් සමන්විත වූ අතර එහි මිල යුරෝ පවුම් 14 ක් විය. මෙම මිනිස් මව්කිරි වලින් නිෂ්පාදනය කරන ලද මෙම අයිස්ක්‍රීම් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට බොහෝ පැමිණිලි ඉදිරිපත්ව තිබූ නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ලන්ඩන් කවුන්සිල නිලධාරීන් විසින් මෙම අවන්හල පරීක්ෂා කිරීමෙන් පසුව මව්කිරි වලින් නිෂ්පාදිත සියලුම අයිස්ක්‍රීම් අවන්හලෙන් ඉවත් කිරීමට නියෝග කරනු ලැබීය.

    නමුත් දැන් නැවතත් මෙම මව්කිරි අයිස්ක්‍රීම් නැවතත් ලන්ඩන් වෙළඳපොළට නිකුත් කිරීමට එහි නිෂ්පාදකවරුන් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. "බේබි ගගා" ලෙස නම් කර තිබූ මෙම අයිස්ක්‍රීම් වර්ගයට එරෙහිව පොප් ගායිකා ලේඩි ගාගා ද අනතුරු ඇඟවීම් සිදුකර තිබිණි. මෙම සියලු කරදර වලින් පසු මෙම අයිස්ක්‍රීම් වර්ගයේ නම "බේබි ගෝ ගෝ" යනුවෙන් සංශෝධනය කර නැවත වෙළඳපොළට නිකුත්වන බව වාර්තා වේ.