එපා සිරිසේන මහත්තයෝ.

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරිසේන මහත්තය කිව්වෙ පවුල්වාදය අවසන් කරනව කියල නේද? උන්නැහේ ඉතිං කියන දේ කරන මනුස්සයලු නේද? අඩේ දහම් කොලුව පිට එකෙක්ගෙවත්ද?
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    පාලුවට ගිය ත්‍රෙඩ් එකක් . එතකොට අර නාමල් හොර නීතිඥයා ගියේ ලෝකේ වටේම . ඕව මොනවද බන්.


    නාමලුත් උබ වගේම හොරෙක් තම. එකනේ කෙල වෙලා ගියේ .. :growl::growl::growl::growl::growl:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපෝ නෑ බං අපිනම් කවදත් මහින්දට නෙවේ. අපිත් ඡන්දෙ දුන්නෙ මෛත්‍රීපාලට.ඒ මහින්දගෙන් වුන වැරදි හරිගස්සන්න. දැන් මූ ඇවිල්ලත් ඒ ටිකම කරනවා මදිවට රටේ ගමන පස්සට හරවනවා



    සේම් හියර්...
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සිරිසේන මහත්තය කිව්වෙ පවුල්වාදය අවසන් කරනව කියල නේද? උන්නැහේ ඉතිං කියන දේ කරන මනුස්සයලු නේද? අඩේ දහම් කොලුව පිට එකෙක්ගෙවත්ද?
    :lol::lol::lol::lol:
     

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රෙද්ද අවුල් වීම නිසා තමන්ගේ පවුල් ජීවිතයද අවුල් කර ගනිමින් ෆේස්බුක් හී මේ දිනවල පදිංචි වී සිටින පිරිස හිතාගෙන සිටින්නේ මෛත්‍රීගේ රෙද්දෙන් මේ රටේ ඉරණම විසැ‍ඳෙන බවය.

    කාලයක් ව්‍යාජ සළු පිළි ඔතාගෙන කුරහන් සාටකයකින් රට පාලනය කළ උන්දෑ නිසා මේ පිරිස එහෙම හිතනවාද විය හැකිය. මේ කුරහන් සාටක චින්තනය රට ගෝත්‍රවාදයේ අග්ගිස්සටම ගෙන ගිය අතර අදත් ඒ සාපයෙන් රට ගලවා ගැනිමට නොහැකිව තිබේ. මෛත්‍රීගේ රෙද්ද අවුල් වීමේ ද මෙහිම ප්‍රතිපළයකි.


    ජනාධිපතිවරයා අමරිකාව බලා ගියේ එක්සත් ජාතින්ගේ මහ සමුළුවට සහභාගී වීම සඳහා ලැබෙන ආරාධනයක් අනුවය. සාමාන්‍යයෙන් කලින් සිටිය ගෝත්‍රවාදී නායකයා මෙවැනි අවස්ථාවක් එළැබී වහාම සතියකට දෙකකට කලින්වත් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දුන්නේය. තමන්ගේ ලොකු කම් කීවේය. මහ සමුළුවට ගොස් ලොව දෙවනත් කරන හැටි කීවේය. පත්තර රූපවාහිනීවල දැන්වීම ද පළ කළේය. ගුවන්තො‍ටුපොල මාර්ගයේ පත කටවුට්ද සවි කළේය.

    මේ ගමන සඳහා තමන්ගේ පවුලේ ඥාති හිතමිත්‍රාදීන් හැකි තරමින් සූදානම් කර ගත්තේය. හිතවතුන්ද තොගයකි. ව්‍යාපාරිකයන්ද රොත්තකි, කාර්ය මණ්ඩලයද බුරුත්තකි. කොහොමත් සියයක, එකසිය පනහක, පමණ නඩයක් මේ සඳහා සූදානම් කෙරෙන අතර ඒ වෙනුවෙන් වෙනම ගුවන් යානයක්ද සූදානම් කෙරිණි. ක‍ටුනායක ගුවන් තො‍ටුපොළේ පැවැත්වෙන සංදර්ශනයකින් පසුව නිව්යෝර්ක් නුවරින් බසින ඒ ගෝත්‍රික පාලකයා පිලිගැනීමටද තවත් සියයක් හමාරක් සූදානමින් සිටී. අමරිකාවේ මෙරට තානාපති කාර්යාලයට ඒ වෙනුවෙන් කුලියට මිනිස්සු ගෙන්වීමටද සිදුව තිබිණි. මේ සන්දර්ශනයට සහභාගී වීම වෙනුවෙ හිටපු පාලකයා ගුවන් යානයෙන් බසින්නට පෙර නැවත හැඩ වැඩ වෙයි. ඇඳුම් මාරු කරයි . මේකප් දායි. සාටකයෙන් රට පාලනය කරද්දී රෙද්ද ගැන වඩා සැලකිලිමත් වීම ඔහුට අනිවාර්ය වී තිබිණි.


    පැය 22ක ගුවන් ගමනක් වෙහෙසකාරී බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝර්ක් නුවරින් ගොඩ බසින්නේ මේ සන්දර්ශන කිසිවක් නොමැතිවය. මන්ද ඔහු රට පාලනය කරමින් සිටින්නේ ව්‍යාජ සළුපිළි පොරවාගෙන නොවන නිසාය. මෙරටින් පිටත්වන විට සැරසී සිටි අඳුමෙන්ම ඔහුව නිව්යොර්ක් ගුවන් තො‍ටුපොළ පරිශ්‍රයේදීද දකින්නට ලැබිණි. එක දිගට වාඩිවී සිටීම නිසා කමිසයේ වූ ‍රැලි කිහිපය දැක බයියන් කළබල විය. මේ ඔවුනේ අවුල් කිරීමට සමත් විය. ඒ තමන් හැදී වඩුනු වසර නවයක වහල් මානසිකත්වය ඊටබලපා තිබෙන බව පැහැදිලිය. මේ ඡායාරූප මාධ්‍යට ලබා දුන්නේ ජනාධිපති මාධ්‍ය අංශයම විසින් නිසා රෙද්ද ගැන හිතුවා නම් මේවා ප්‍රසිද්ධ නොකරෙනු ඇත. එහෙම වූවානම් මේ ප්‍රශ්නය පැන නඟින්නේද නැත. යකාගේ හැටියටය විමානේ කියන්නා සේ ජනාධිපතිවරයාගේ සරල කම ඔහුගේ නිලධාරී තන්ත්‍රයටද ආරූඩ වෙමින් තිබෙන හැටියකි.

    මෙහිදී ජනාධිපතිවරයාව පිලිගැනීමට සිය ගනනක පිරිසක් පැමිණ සිටියේද නැත. තානාපතිවරයා හා එහි කාර්ය මණ්ඩලය පමණක් ඊට සැදී පැහැදී සිටියහ. ප්‍රභූ ගුවන් යානයකින් යනවා වෙනුවට සාමාන්‍ය මඟි ගුවන් යානයකින් පැමිණීම නිසා අමුතු පිලිගැනීම් කරන්නට අවස්ථාවක්ද තිබුණේ නැත.

    එමෙන්ම ජනාධිපතිවරයා සමඟ සිය ගනනක පිරිවරක් මේ ගමනට ගියේද නැත . සම්පූර්ණ පිරිස 26 දෙනෙකි. ඉන් 18 ක් ඇමතිවරු දෙදෙනා, හා අනෙක් නිළධාරීන් විය. ඉතිරි 8 දෙනා අරක්ෂකයින් හා පෞද්ගලික කාර්ය මණ්ඩලයයි. ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාද අයත් වූයේ මේ පෞද්ගලික කාර්ය මණ්ඩලයටය.

    එහෙත් අමරිකාවේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය බලාගෙන සිටියේ හැත්තෑ පස් දෙනෙකුවත් ජනාධිපතිවරයා සමඟ එනු ඇති බවය. පෙර පාලකයාගේ කාලයේ පුරුද්දට එම පිරිසට හොටල යානවාහන පහසුකම් සලසා දීමටත් ජනාධිපතිවරයා ඇමැතිවරු හා නිළධාරීන්ට ඉහළම ගනයේ හෝටල් පහසුකම් ලබා දීමටත් සූදානම් විය. එහෙත් ජනාධිපතිවරයා නවාතැන් ගත්තේ එක්සත් ජාතීන් විසින් රාජ්‍ය නායකයන් වෙනුවෙන්ම වෙන්කළ කලාපයේ පිහිටි සාමාන්‍ය හෝටලයකය. එමෙන්ම ඔහුගේ ගමන් සඳහා වෙනත් ප්‍රභූ පන්තියේ වාහන ඇනවුම් කළේද නැත, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාහන හා එක්සත් ජාතින් විසින් සපයනු ලැබූ වාහන හැර අනෙක් වාහනයක් ලබා නොගත යුතු බව ජනාධිපතිවරයාගේ නියමය විය. කිසිවකුට සූදු කෙළින්න, ස්ත්‍රීන් පසුපස යැම තහනම් විය. පැමිණි රාජකාරිය නිසියාකාරව ඉ‍ටුකර රෙද්ද ගලවා නොගෙන ආපු විලෙසෙන්ම සිය රටට යා යුතු වීම ඔහුගේ අභිලාශය විය.


    මේ නිසා හිටපු ගොත්‍රික පාලකයාගේ පෙර සංචාරයක වියදම රුපියක් කෝටි 29 වන විට මෙවර ඒ වියදම රුපියල් කෝටියකටත් අඩු වීම පුදුමයට කරුණක් නොවේ. ජනාධිපති පුත්‍රයා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය පිළිබඳ සමුළුවට සහභාගී වීම ගැන ද මේ වන විට ෆේස් බුක් හී මහත් ප්‍රශ්නයක්ව තිබේ. ඊට කළඹල වී ඇත්තේ බයියන් නොව ටොයියන්ය. රාජපක්ෂ පවුල් පාලනය අවසන් කර මෛත්‍රීපාලනයක් පිහිට වූයේ මේවා කරන්නට නොවේ යැයි ඔවුන් කියති. කතාව බැලු බැල්ල්මට ඇත්තය. නමුත් පවුල් පාලනය කියන්නේ තාත්තා පස්සෙන් ගෑනී ළමයි යන එක නොවන බව තෙරුම් ගත යුතුය. ජනාධිපතිවරයාට මේ ගමනට සිය පවුලම කැඳවාගෙන යාමේ අවස්ථාව තිබිණි. එක්සත් ජාතීන් ආරාධනා කරන්නේ ඒ පවුලටමය. එහෙත් ජනාධිපතිවරයා ගියේ තනිවමය. පුතාව ගෙන ගියේ තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයකු ලෙසය. දේශපාලකයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අවශ්‍යතා අනුව ගෙදර සාමාජිකයන් ඇතුලත්ව සිටීම වරදක් නොවේ. ඊට අවශ්‍ය සුදුසුකම තීරණය කරන්නේ දේශපාලකයා විසින්ය. ජනාධිපතිවරයාද එසේමය.

    කොහොම නමුත් දැන් සාටකයම තමයි ලෝකේ තියෙන එකම ශුද්ධවූ රෙද්ද යැයි සිතා සිටි බයියන් ගේ නරිවාදන් රෙද්දපල්ලෙන් බේරෙන්නට ගැනීම නිසා එල්ලෙන්න වැලේ වැල් නැතිව සිටින බව පැහැදිලිය. මේ නිසා සාටකය පමණක් නොව අමුඩයද ගැලවී ඇති ගෝත්‍රික නායකයාගේ කිරිපල්ලේ තවදුරටත් එල්ලී සිටිමින් අනුන්ගේ රෙද්දක් ගැන කතා කිරීමේ තේරුමක් නැත. එතන යළි නැඟීමක් නැත. ඒ නිසා වහල් භාවයෙන් අත් මිදී මේ අලුත් දේශපාලනය තේරුම් ගෙන රට වෙනුවෙන් යමක් කරන ලෙස මේ අසරණයන්ට ආරාධනා කරමු. එවිට කැත නැතිව රෙද්දක් ඇඳගෙන සමජය ඉදිරියේ කෙළින් සිටිය හැක.

    - කළණමිත්
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    කට්ටියම එකතුවෙලා රට කාපල්ලා, මහින්ද නම් පාරවල් ටික හරි හැදුවා මූ ඒකත් නෑ
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    පාලුවට ගිය ත්‍රෙඩ් එකක් . එතකොට අර නාමල් හොර නීතිඥයා ගියේ ලෝකේ වටේම . ඕව මොනවද බන්.

    Netherland anathayo Namal politician kenek mu mona halparuwekda ? :baffled: