මම පැරකුම්බා
එම්බා දරුවනි මම පැරකුම්බා
පටවන අතර පිට රටට ද මුතු සම්බා
හෙළයා පෙරදි මුළු ලොව ජයසක පිම්බා
එය අමතක ද? සිංහල තරුණය එම්බා!
කන්දෙව! මඳක් මේ මහ රජු පැරකුම්බා
මා රජ කරන සඳ ජය බිම තමන්කඩු
මගෙ ලක් මවට වුවද මොන දෙයින් අඩු
සරු කළ යුතුයි! හැම අඟලම බිමින් මුඩු
මොකටද? කොපුවෙ දැමූ පසු රත්තරන් කඩු
දාගැබ් දිලෙන කොත් අග මිණි රැස් මාලෙන්
මහ වැව් කුඹුරු වැජඹුණු නැලවිලි තාලෙන්
සැදුවේ සිහල බත් කා නැගි දෑ ආලෙන්
එම දස්කමක් කළ නොහැකිය රට හාලෙන්
හරි ගිය නිසා ඇට වූ අදිරද උගුල
නැතිවනු පිණිස කඳුළැලි ලක් මව වගුල
හැම පපුවකම මතු වන ලෙස තුටු ගඟුල
ජාතික සැණකෙළිය විය යුතු වප් මගුල
ජය බිම විලස සලකා සරු කුඹුර කෙත
තරුණය! පෙරට විත් දෑ පෙම් බරව හිත
නැගිටිනු පිණිස දෙන විට ලක් මවට අත
මගෙ සෙල් පිළිමයෙහි හසරැළි නැගෙනු ඇත!
කිවිපති -
කරගම්පිටියේ ජයවංශ පෙරේරා
එම්බා දරුවනි මම පැරකුම්බා
පටවන අතර පිට රටට ද මුතු සම්බා
හෙළයා පෙරදි මුළු ලොව ජයසක පිම්බා
එය අමතක ද? සිංහල තරුණය එම්බා!
කන්දෙව! මඳක් මේ මහ රජු පැරකුම්බා
මා රජ කරන සඳ ජය බිම තමන්කඩු
මගෙ ලක් මවට වුවද මොන දෙයින් අඩු
සරු කළ යුතුයි! හැම අඟලම බිමින් මුඩු
මොකටද? කොපුවෙ දැමූ පසු රත්තරන් කඩු
දාගැබ් දිලෙන කොත් අග මිණි රැස් මාලෙන්
මහ වැව් කුඹුරු වැජඹුණු නැලවිලි තාලෙන්
සැදුවේ සිහල බත් කා නැගි දෑ ආලෙන්
එම දස්කමක් කළ නොහැකිය රට හාලෙන්
හරි ගිය නිසා ඇට වූ අදිරද උගුල
නැතිවනු පිණිස කඳුළැලි ලක් මව වගුල
හැම පපුවකම මතු වන ලෙස තුටු ගඟුල
ජාතික සැණකෙළිය විය යුතු වප් මගුල
ජය බිම විලස සලකා සරු කුඹුර කෙත
තරුණය! පෙරට විත් දෑ පෙම් බරව හිත
නැගිටිනු පිණිස දෙන විට ලක් මවට අත
මගෙ සෙල් පිළිමයෙහි හසරැළි නැගෙනු ඇත!
කිවිපති -
කරගම්පිටියේ ජයවංශ පෙරේරා
Last edited:
