එම්. ජී. ආර්.ට ඇන්ද ෆුල් සූට් නාට්ටාමි..
නළුවෙක් නොවුනට එම්. ජී. ආර්.ට ඇන්ද ෆුල් සූට් නාට්ටාමි
සපත්තු ජෝඩු 48
කමිස 30
කලිසම් 30
තොප්පි දුසිමයි
බෙල්ට් - 20 යි
අත් ඔරලෝසු 09 යි
ඔහු සතුව ඇති සපත්තු ජෝඩු ගණන 48 කි. කමිස සහ කලිසම් ගණන 60 කි. ඊට ගැලපෙන අයුරින් පැළඳිය හැකි අව් කණ්ණාඩි 12 ක් බඳ පටි 20 ක් අත්ඔරලෝසු 09 ක් හිස් වැසුම් දුසිමකට ආසන්න ගණනක් ඇතුළු තවත් ඇඳුම් ආයිත්තම් ගණනාවකි. කලිසමට ගැළපෙන කමිසයකින් සැරසී ගෙලෙහි ටයිපටියක් බැඳ විවේකී ඉරිදාවක ගාලුමුවදොර පිටියට වී අනන්ත සාගරයේ සහ නිල් අහසේ විසිතුරු නැරඹීම ඔහුගේ පළමු විනෝදාංශය වන අතර සතියේ ඉතිරි දින හය ඔහු විසින් වෙන් කර ඇත්තේ රැකියාව පිණිසය. සුරාවෙන් සූදුවෙන් තොර ඔහු විසින් උපයන මුදලින් වැඩි කොටසක් වෙන් කරනු ලබන්නේ සිය ඇඳුම් පැළඳුම් වෙනුවෙන්ය. ඉකුත්දා නිමා වූ දීපවාලී උත්සවය වෙනුවෙන් සැරසීම පිණිස රුපියල් 38000 ක මුදලක් ඇඳුම් වෙනුවෙන් වෙන් කළ ඔහු ඒ නිමිත්තෙන් මිලට ගත් සපත්තු ජෝඩු ගණන 03 කි. ඒ සඳහා ද වැය වී ඇති මුදල රුපියල් නවදහසකට ආසන්න ගණනකි.
බැලූ බැල්මට මේ කියන්නට යන පුද්ගලයා කෝටිපති ව්‍යපාරිකයකු හෝ ඉහළ වැටුපක් සහිත රැකියාවක යෙදෙන්නකු යෑයි කෙනකුට හැඟී යා හැක. ඇඳුම් පැළඳුම් සඳහා පමණක් ඒ සා විශාල මුදලක් වැය කළ හැක්කේ එවැනි පුද්ගලයකුට පමණක් බැවින් කෙනකු එවැනි නිගමනයකට පැමිණීමේ වරදක් නැත.
මිනිස් හැඟීම් විවිධාකාරය. හැසිරීම් හා චර්යා රටාවන් එකිනෙකාට වෙනස්ය. විචිත්‍රය. මේ කියන්නට යන පුද්ගලයා ද එවැන්නෙක්ය. සුවිශේෂී ගති ලක්ෂණවලින් යුත් ඔහු අනිකාගෙන් වෙනස් වෙන්නේ ඇඳුම පැළඳුම, ගමන බිමන, කෑම බීම, රැකී රක්ෂාව ඇවතුම පැවතුම ආදියෙන් ඔහු වෙනස්ම පුද්ගලයකු වීම හේතුවෙන්ය.
මෙතැන් සිට ඔහු හඳුන්වන්නේ එම්. ජී. ආර්. යනුවෙන්ය. ඔහුගේ සැබෑ නම මානික්‍ය බාසා වුවත් බොහෝ දෙනෙක් ඔහු හඳුන්වන්නේ එම්. ජී. ආර්. යන අන්වර්ළු නාමයෙන්ය. එම්. ජී. ආර්. යනු ඉන්දියානු ද්‍රවිඩ සිනමාවේ අමරණීය නාමයක් වන එම්. ජී. රාමචන්ද්‍රන් නමැති දැවැන්ත රංගන ශිල්පියා හඳුන්වනු ලබන කෙටි යෙදුම වන අතර මානික්‍ය බාසා හෙවත් අපගේ කථානායකයා වන එම්. ජී. ආර්. යනු මේ වන විට මිය පරලොව ගොස් සිටින ඉන්දියානු නළු එම්. ජී. රාමචන්ද්‍රන්ගේ අනුගාමිකයෙක් මෙන්ම අනුකාරකයෙක්ය. ඔහු තමන් උපයන සේසතින් වැඩි කොටසක් ඇඳුම් පැළඳුම් සඳහා වෙන් කරන්නේත් පිරිසිදුව පිළිවෙළට ඇඳුම පැළඳුම අඳිනු ලබන්නේත් ඔහුගේ පරමාදර්ශය වන ඉන්දියානු රංගන ශිල්පියාට කරනු ලබන ගෞරවයක් පිණිසය.
ඔහු අපට මුණගැසෙන්නේ විසල් මන්දිරයක් තුළ නොව හිරු ගිනියමින් කැකෑරෙන පිටකොටුව ආශ්‍රිතව ඇති හතර වැනි හරස් වීදියේ වෙළෙඳ කන්කරච්චලයත් වාහන තදබදයත් පිරි පදික වේදිකාවක් අසලදීය. දසදහස් ගණනින් යුත් මිනිස් සමූහයකින් පිරි පිටකොටුව ජනාකීර්ණ වීදියකදී මුණගැසෙන කළු කෙසඟ සිරුරක් හිමි එම්. ජී. ආර්. එවෙලෙහිද තමන්ගේ රැකියාව වන මුට්ට කරගහන කරත්ත අදින "නාටාමි" රස්සාවේ යෙදී සිටියේය.
රාජකාරිය අකුරට ඉටුකිරීම ඔහුගේ ජීවිතයේ එක් අංගයක් බැවින් ඔහු හා කතාබහ කිරීම පිණිස මඳ වේලාවක් බලා සිටීමට අපට සිදු විය. එවෙලෙහිද බඩු පටවාගත් කරත්තයක් මුළු වෙර යොදමින් ඇදගෙන යමින් සිටි එම්. ජී. ආර්. මඳ වේලාවකින් අනතුරුව අප සමීපයට පැමිණියේ හිස් කරත්තය ද තල්ලු කරමින් සැහැල්ලු ගමනින්ය.
'මගේ ජීවිතය තමයි මහත්තය පිළිවෙළට අඳින පළඳින එක. හම්බකොරන සල්ලිවලින් වැඩිපුර වියදම් කොරන්නෙ ඇඳුම් පැළඳුම් ගන්න. මේ කරත්ත තල්ලු කරන මුට්ට කරගහන 'නාටාමි' රස්සාව කොලා කියල අරක්කු, ගංජ, කුඩු ගහන්න මං පුරුදු වුණේ නෑ. මේ බජාර් එකේ ඕන බොස් කෙනෙක්ගෙන් අහන්න... එම්. ජී. ආර්. කියන්නෙ එහෙම කෙනෙක් නෙවෙයි කියල ඕන කෙනෙක් කියයි.'
එම්. ජී. ආර්. සිය ජීවිතය විවරණය කිරීම ආරම්භ කළේ ඒ අයුරින්ය. ඉන් අනතුරුව තම ජීවිතයේ පරමාදර්ශය වන ඉන්දීය නළු එම්. ජී. රාමචන්ද්‍රන් පිළිබඳවත් ඔහු තමන්ගේ ජීවිතයේ පරමාදර්ශය වූ අයුරුත් පිළිබඳව එකින් එක විස්තර පවසන්නට විය. ඔහුගේ වචන උච්චාරණය භාෂා කීපයක සම්මිශ්‍රණයක් බඳුය. එම්. ජී. ආර්. නමින් හඳුන්වන කළු කෙසඟ සිරුර තුළ ජීවත් වන හිත හොඳ මිනිසා මතුවන්නේ එතැන් සිටය.
මං උපදින්නෙ කොළඹ කොස්ගස් හංදිය කිට්ටුව තියෙන වත්තක. ඒකට කියන්නෙ මහවත්ත. ගෙවල් කිට්ටුව තමයි 'මයිලන්' හෝල් එක තිබුණෙ. මං පුංචි කාලෙ ඉඳල ඒකට එන එම්. ජී. ආර්. මහත්තය ඉන්න චිත්‍රපටි බලනව. එයා පස්සෙ ඉන්දියාවට ගියාට ඉපදුණේ ලංකාවෙ. මං පුංචි කාලෙ ඉඳල එම්. ජී. ආර්. මහත්තයගේ රගපෑමට ආස කළා. එතුම ගැන විස්තර දන්න අයගෙන් තොරතුරු දැන ගත්ත. ඔහොම ඉන්න අතරෙ මට අවුරුදු 10 ක් වෙද්දි මං කරත්ත රස්සාවට බැස්ස. එහෙම එද්දි මට හිතුණා මමත් එම්. ජී. ආර්. මහත්තය වගේ ලස්සනට අඳින්න ඕන ගමන බිමන පවා ඒ විදිහට යන්න ඕන කියල. එදා ඉඳල මම එයාගෙ ඩිවලොප් එකේ තමා යන්නෙ. එයාගෙ ජීවිතේ තමයි මමත් ගත කරන්නෙ. එයා මිනිස්සුන්ට හුඟක් උදවු කරල තියෙනව. දුප්පතාගේ හිතවතෙක්. මම ගත කරන්නෙත් එයාගෙ වගේ ජීවිතයක්. එයාගෙ මාර්ගෙ යන මිනිස්සු වැරදි කොරන්නෙ නෑ මහත්තයා. අනුන්ගෙ දෙයක් ගන්නෙ නෑ. මට දැන් අවුරුදු 38 ක් වෙනව. අවුරුදු 28 ක් තිස්සෙ හොඳට ඇඳල පැළඳල මම මේ රස්සාව කොරනව. හොර නෑ බොරු නෑ අවංකෙන්ම හැම දේම කොරනව."
එම්. ජී. ආර්. මහපාරේ ගෙවෙන සිය ජීවන චාරිකාව ආරම්භ කර ඇත්තේ ඒ ආකාරයෙන්ය.
ඔහු තමන්ගේ විස්තර පවසමින් සිටින අතර තම වෘත්තියේ නියෑළෙන වෙනත් පුද්ගලයන් රැසක් ද ඔහු අසල ගැවසෙමින් තම සහෝදර සඟයා දිරිමත් කරනු දැකගත හැකි විය.
"අපි වැඩ කරන්නෙ මූලස්ථානෙ. (පිටකොටුව) වාහනේකට යටවෙලා කොයි වෙලාවෙ මැරෙනවද දන්නෙ නෑ. හැබැයි අපෙන් කාටත් හිරිහැරයක් නෑ. බොස්ලගේ, ඩ්‍රයිවර් මහත්තෙලගෙ හිත දිනාගෙන තමයි අපි මේක කරන්නෙ. ඔක්කොම වෙල්කම් නාට්ටාමිල කියන්නෙ කේවල් රස්සාවක් නෙවෙයි. කාටත් යටත් නෑ. ඔෆිස්වල වගේ අත්සන් කරන්න නෑ. යන්න එන්න ටයිම් නෑ. එනි ටයිම්' මයි කාර් මයි රෝඩ්. හැබැයි නෝ මෝටර් බට් කොන්ට්රොaල්. මේ ඉන්නෙ ඔක්කොම අපේ දරු පැටව්. හොඳ මිනිස්සු තමයි මේ ඉන්නෙ. කාගෙනුත් වැරදි වෙනව. සමහරු ගංජා කුඩු ගහනව. මහන්සිවෙන මිනිස්සුනෙ. දෙවියන් අතිනුත් වැරදි වෙලා තියෙනව."
එම්. ජී. ආර්. තරමක් උස් හඬින් තමන් ඇතුළු ඒ අවට
රැස්ව සිටි පිරිස නියුතුව සිටින රැකියාවේ ස්වභාවය පවසනවාත් සමඟ නාට්ටාමිවරුන්ගේ සතුට ඉහවහා යන අයුරු දැකගත හැකි විය. පිරිසක් අත්පොළසන් දෙන්නට වූ අතර තවත් පිරිසක් විසිල් ගසමින් ඔවුන් පිළිබඳ අභිමානයෙන් කතා කරන සහෝදර සගයා වෙත තම ප්‍රසාදය පළකර සිටියෝය. එම්. ජී. ආර්. හෙවත් මානික්යබාසාගේ ඡායාරූප කීපයක් අපට අවශ්‍ය විය. ඒ සඳහා එම්. ජී. ආර්. නොපැකිළිව ඉදිරිපත් විය. එම අවස්ථාව චිත්‍රපටයක් රූගත කිරීමක් බඳු විය. විශාල පිරිසක් විදිය අවට රැස්වන්නට වූ අතර සියල්ලන්ගේ අවධානය ඒ වන විට යොමුව පැවතියේ එම්. ජී. ආර්. ගේ කළු කෙසඟ සිරුර වෙතය. ඔහු ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙන් කැමරාව ඉදිරියේ විවිධ ඉරියව් මවමින් අපගේ ඉල්ලීම ඉටුකරන්නට විය. ඉන් අනතුරුව එම්. ජී. ආර්. නම් විචිත්‍රවත් මිනිසා තමන් පිළිබඳ තව තවත් තතු විත්ති පවසන්නට විය.
"මම ඇඳුම් අඳිනකොට පාට මැච් කරනව. රෑට නිදාගන්න ගියහම හෙට අඳින්නෙ මොකක්ද කියල කල්පනා කොරල හාට් එකට දාගන්නව. කිට් එක මැච් වෙනව නම් විතරයි අඳින්නෙ. නැත්නම් පැත්තකට දානව. මම රෙඩි මේඩ් අඳින්නෙ නෑ, මහත්තය. මගේ ඇඳුම් මහන්නෙ කොච්චිකඩේ අන්තෝනි පල්ලිය ළඟ ටේලර් කෙනෙක්ගෙන්. කිට් එකට එයා ඉල්ලන්නෙ පන්දාහයි නම් මම හයදාහක් දෙනව. හැබැයි මම කියන විදිහට මහන්න ඕන. දීපාවාලි කිට් එකට 38000 ක් ගියා. අලුතින් සපත්තු කුට්ටම් 3 ක් ගත්ත. කැප් දෙක තුනක් බලල තියෙනව. ඒවත් අද හරි හෙට හරි ගන්නව. කිට් එක විදිහට තමයි මහත්තය කැප් එක දාන්නෙ. අඳින්නෙ කන්නෙ නැතුව සල්ලි හෙව්වට අරන් යන්නෙ නෑනෙ. එන්නෙ නිරුවස්තරෙන් යන්නෙ ඇඳුම් ඇඳල. මැරුණට පස්සෙ හොඳ ඇඳුම් අන්දවල වැඩක් නෑ. ඉන්නකම් විතරයි ක්ලීන් සූට් ඉන්න තියෙන්නෙ."
මගෙ අම්ම තාත්ත අන්ත්‍රාවෙලා කාලයක් වෙනව නංගි විතරයි ඉන්නෙ. එයා බැඳල වෙනම ඉන්නෙ. මගේ කාමර කෑල්ලක් වෙනම තියෙනව. මම ඉන්නෙ ඒකෙ. වස විස බොන්නෙ නෑ. මම බත් කන්නෙ නෑ. මහත්තය තුන් වේලටම කන්නෙ පරාට, රොටි, පාන් වගේ පිටි කෑම විතරයි. හම්බු කොරනව කනව, අඳිනව. ලෙඩ නෑ. ප්‍රශ්න නෑ. දුක නෑ. අපි දෙවියන්ගෙන් ඉල්ලන්නෙ අපේ අතපයවලට තව තව ශක්තිය දෙන්න කියල විතරයි. වැස්ස වුණත් අපිට අව්ව වගේ තමයි මහත්තය. හරියට ජොබ් එක කොරනව. මම කඩ තිහ හතළිහක බඩු අදිනව. කවදාවත් එක කෑල්ලක්වත් රිටන් නෑ. එම්. ජී. ආර්. ගෙ බඩු ඕන රියෑදුරු මහත්තයෙක් අමාරුවෙන් හරි අරන් යනව. හිත හොඳ නම් වරදින්නෙ නෑනෙ මහත්තයා."
එම්. ජී. ආර්. සිය දැත් අප වෙත යොමු කළේ ඒ දෙස බලන ලෙස ඉල්ලා සිටින්නාක් මෙන්ය. ඒ දැත් දුටු පමණින් ඔහු විසින් හෙළන ලද දහදියේ තරම සිතාගත හැකිය. එකට එකක් යාවෙන්නට මෙන් මතුපිටට නෙරාවිත් ඇති කරගැට ඔහුගේ ජීවිත මහන්සිය පිළිබඳ සාක්ෂි සපයන නිහඬ සාක්ෂිකරුවන් බඳුය. එහෙත් ඔහු තමන්ගේ රස්සාව සලකන්නේ කරදරයක් ලෙස නොව ආභරණයක් ලෙසය.
මගේ සිරිත තමයි උදේ පාන්දර අවදිවෙන එක. පන්සලේ පිරිත් සද්දෙ ඇහෙනවත් එක්ක නැඟිටිනව ඊට පස්සෙ යන්නෙ ටැප් එක ළඟට. ඒ ගිහින් මූණ අතපය හෝදගෙන "කිට්" එක දාගන්නව. "ටී" එක කඩෙන් අරන් බීල තමයි ජොබ් එකට එන්නෙ. කලිසම ඇඳල ඒකට හරියන කමිසෙ ඇඳල ඒකට ගැළපෙන සපත්තු, කූලින් ග්ලාස් බෙල්ට් එක ඇඳල ෆුල් කිට් එකෙන් පාරට බැස්සම දවසම ෆිට් තමයි මහත්තය. කෝටි ගාණක් හෙව්වත් හොයා ගන්න බැරි සතුටක් ආදරයක් පාරට බැස්සම මිනිස්සුන්ගෙන් මට ලැබෙනව. වත්තෙ අයත් දන්නව එම්. ජී. ආර්. ගෙ හිත හොඳයි අහිංසකයි කියල. පාරට බැහැල රස්සාව කරද්දිත් හැමෝම හිනාවෙල කතා කරල යනව. පොලිසියෙ මහත්වරු පවා දන්නව මම හොර බොරු නැති කෙනෙක් කියල. මහත්තයල දැක්කනේ මේ දැනුත් මගෙ වටේ කීදෙනෙක් හිටියද කියල. ඒ අය ආවෙ බොක්කෙන්. සල්ලි දීල ගෙනත් චියර් කරගත්තෙ නෑනෙ. බජාර් එකේ බොස්ල (ව්‍යාපාරිකයන්) මට අම්මල තාත්තල වගෙයි. ඒ අයත් මට හොඳට සලකනව. තනිකඩ වුණාට මට තනියක් නැත්තෙ ඒ හින්ද වෙන්න ඇති කියල හැම වෙලේම මට කල්පනා වෙනව."
එම්. ජී. ආර්. ඇසුරේ ගතවූ හෝරාවක පමණ කාලය අපගේ ජීවිතයේ ගත කළ වෙනස් කාල පරිච්ඡේදයක් බඳුය. ඔහු තුළ පොදි බැඳගත් බලාපොරොත්තු රැසක් නැත. හිත හොඳින් සතුටින් ජීවත්ව සිට මියයැම යහපතක් බව විශ්වාස කරන ඔහු අවසන් වශයෙන් ද අප හා පවසා සිටියේ රළු ඉර එළිය යට බොහෝ මෘදු අදහස් සහිත මිනිසුන් ජීවත් වන බවත් තමන් ද ඒ මිනිස් සමූහයට අයත් තවත් එක් මිනිසෙක් වන බවත්ය.
කිසියම් දිනක ඔබත් පිටකොටුව ජනාකීර්ණ වීදි අතරින් ඇවිද යන මොහොතක ජැන්ඩියට හැඳ පැළඳ හිස් වැස්මක් අව් කණ්ණාඩියක් පැළඳි මිනිසෙක් පෙරමඟට මුණගැසෙනු ඇත. ඔහු මුණගැසෙනු ඇත්තේ හිස් අතින් නොව තමන්ගේ නොවන බඩු භාණ්ඩ පටවා ගත් අත් කරත්තයක් සමඟය. ඔහු අන් කවරකුත් නොව පිටකොටු නාට්ටාමිවරුන් අතර නිල සලකුණ බඳු එම්. ජී. ආර්. ඔහුය.

රුවන් ජයවර්ධන