ඉස්සෙල්ලම එයාව දැක්කේ 2001දි, A/L කරන්න ඉස්කෝලෙට ආවේ, එයගේ නම නිලුකා, ඒක පාර්ශවික ආදරයක් ඒක, නමුත් එයත් දැනගෙන හිටියා මම එයාට කැමති කියලා..
එයාගේ ආදරේ ඉල්ලලා කරදර කරේ නැත්තේ එයාගේ ඉගෙනීමේ කටයුතු කඩාකප්පල් වෙයි කියලා..
ගෙදර තිබ්බ ප්‍රශ්නත් එක්ක A/L රිසාල්ට් එන්න කලින් මම ජොබ් එකකට ගියා, රිසල්ට් එනකොට එයගේ කිසිම කන්ටැක්ට් එකක් නැ, අදටත් මම හොයනවා එයා කොහෙද ඉන්නේ කියලා..
කොහොම හරි අවුරුදු ගානකට පස්සේ (2011) තව නිලුකා කෙනෙක් මගේ ජිවිතෙට ආවා..
අදට අපි දෙන්නා කසාද බැදලා අවුරුදු 11 ක්..
නිලුකා සුභාෂිනි සහ නිලුකා මධුශානි මගේ ජිවිතේ වෙනස් කරපු කෙල්ලො දෙන්නා..
අදටත් මම අදරෙයි දෙන්නටම එක වගේම..
හරියටම බැලුවොත් මගේ ජිවිතේටම මම ආදරේ කරලා තියෙන්නේ එකම එක කෙල්ලෙක්ට, ඒ තමයි නිලුකා..!
