එයාගේ හැටි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,066
    13,710
    113
    පෘථිවිය
    එදා දියවන්නාවේ ජවිපෙ 3 දෙනෙක් හිටිය නේ
    ඒ දවස් වල පට්ට ෂෝ එක
    අරම කලත් මෙහෙම කලත් නහුතෙට ටෝක්ස් දුන්නේ

    දැන් මොකෝ වෙන්නේ
    රටේ සංවර්ධනය එදාට වඩා 100 ගුණයකින් ඉහල ගිහින්
    පාරවල් ලස්සනට සුද්ද කරලා
    සහල් වලින් රට ස්වයං පෝෂිත වෙමින් ඉන්නවා, පිට රටින් හාල් ගේන්න ආණ්ඩුවක් ඇත්තෙම නැති වේගෙන යනවා
    රනිල් 2048 සංවර්ධිත රටක් කරන්න හදපු රට 2030 දීම සංවර්ධනය වෙනවා

    එදා ඇඹුල් තියල් ගේන්න හදපු පාර ට වඩා හොඳ පාරවල් ඉදිවෙනවා
    සමනල්ලු පියාම්බිනවා

    එදා අධිකරණය නැටෙවුවේ මහින්ද රනිල්
    දැන් එහෙම අධිකරණය නටවන්නේ නැහැ

    රටට නැතිවෙන්න ගිය විශාල මුදලක් ඉතිරි කරමින් නුවර අධිවේගය ඉතාම අඩු මුදලට කරගෙන යනවා

    කිරිදිවෙල නගර මධ්‍යයේ විශාල වියදමක් කරලා කලින් ආණ්ඩුව හදන්න ගිය වටරවුම වෙනුවට, ටයරයක් යොදා සංවර්ධනය කරා

    ජපානයෙන් විශාල ආයෝජකයෙක් ලංකාවට එක්කන් ආවා කලින් ආණ්ඩු වලට රිදෙන්නම දුන්න

    රජයේ සියලු වියදම් සාමාන්‍ය ජනතාවට බලාගන්න පුළුවන් වැඩ පිළිවෙලක් සැදුව , ඒ අනුව ජනාධිපතිගේ සියලු සංචාර , දේශීය විදේශීය වැය සාමාන්‍ය ජනතාවට බලාගන්න පුළුවන් වැඩ පිලිවෙක් හැදුව

    වත්කම් බැරකම් නොබියව ජනතාවට බලන්න ලබා දුන්නා

    මේ සියලු දේ කරමින් ඉතාම වේගයෙන් මහා පරිමාණ සංවර්ධනයක් කරමින් සියලු දෙනාගේ බලාපොරොත්තු මල් පල ගන්වමින් ආණ්ඩුව ඉදිරියටම යනවා.

    මේ යන විදිහට රටේ ආර්ථික , සමාජීය , සංස්කෘතික වර්ධනයක් වෙන එක නවත්තන්න බැහැ


    ජය වේවා!
    ජනතාවට ජය වේවා!