"එයාලා කරන්නේ එයාලගේ රස්සාව, අපි ඒකට ඉඩ දෙමු" කියන එක අපේ රටේ ප්‍රසිද්ධ කියමනක්. මේකට විරුද්ධව කතා කරන එකා කෙලින්ම ලේබල් වෙන්නේ "ආ මේ යු\ද් -ධ කාලේ ඇඳ යට හිටපු උන්නේ?" වගේ කාඩ් වලින්.
ඕනෑම වෘතියක් ගෞරවාන්විත වෘතියක්. එක අද අපේ ගෙදර කුණු ටික අස් කරන්න එන අහිංසක මිනිහා ඉඳන්, ගුරුවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ආරක්ෂක අංශ මේ හැම එකම. හැබැයි ඒ කිසිම වෘතියකට පුදගෙන ඉන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.
දියුණු රටවල් වල ආරක්ෂක අංශ ඉන්නේ ඒ රටේ මහාජනතාව වෙනුවෙන්. ඒත් අපේ රටේ?
මෙතන ලොකුම වැරැද්ද මිනිස්සු අපේ.
අපේ හේතුවක් නැතිව නිල ඇඳුමෙන් ඉන්න කෙනක් දැක්ක පලියට "සර්" කියලා ඇඹරෙනවා. "සර්"?
ඉංග්‍රීසියෙන් 'SIR" කියන්නේ "අධිකාරී තනතුරක සිටින අයෙක්" ආමන්ත්‍රණය කරන එකට. නැතුව දකින දකින එකාට SIR කියන්නේ නැහැ. එකෙන් වෙන්නේ තමන් විසින්ම තමන්ගේ වෘතිය හෑල්ලු කරගන්න එක සහ, තමන් විසින්ම තමන්ව පහත දාන එක.
ඒ වගේම අපි වැරැද්දක් නොකරත් අපේ මිනිස්සුන්ට පුලුවන්ද ආරක්ෂක අංශ ඉස්සරහා කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න? අපි බයයි බැටන් පොලු වලට, අපි බයයි තු\ව -ක් වට, අපි බයයි දඩකොලේට. ඇඹරෙනවා ඇඹරිල්ලක් ආයේ ඉතින් උන්ට නිකන්ම උන් ගැන මොරාල් එකක් එනවා. පස්සේ නීතිය උන්ගේ.
යු/ද්-ධ කරලා මේ රට බේරගත්ත විරෝධාර රණවිරුවෝ හිටියා. හැබැයි මේ වෙලාවේ මන් ඒ ගැන මොකුත් කියන්න යන්නේ නෑ. ඒ ගෞරවය ලබන්න ඕන පිරිසට ඒ වෙලාවට ගෞරව දුන්නත් දැන් ඉන්නේ දේශපාලන පදයට නටන ජාතියක්. ඒක තවම දැක්කේ නැහැ කිව්වොත් උඹ පොලිටිකල් ඉත්තෙක්. ආයේ කතා දෙකක් නැහැ. අපේ ඇස් ඉදිරිපිටීම වෙන දේවල් දැක්කා. උඹ නොදකින්නේ පාට කන්නාඩි නිසා.
ස්මාර්ට්ෆෝන් නැති 88/89 කාලේ වුනා කියන දේවල් ගැන තරුණයෙක් වශයෙන් මට දැන් දරුණු ගනයේ සැකයක් පහල වී තිබෙනවා. ඒ වුනා කියන දේවල් ප්ලාන්ද කියලා හිතෙනවා නෙවෙයි ප්ලාන්ට් වෙන්න ඕන.
යු-ද්.ධ කාලේ අහිංසක දෙමළ මිනිස්සුට උතුරේ වුනා යැයි කියන ආසාදරණය ගැන දැන් නම් දරුණු ගණයේ සැකයක් පහළ වී තිබෙනවා. මේවා ගැන හොයන්නේ නැති හේතුවත් දැන් දැන් පැහැදිලි වෙමින් පවතිනවා. මේ සේරම පොලිටිකල් ගේම්.
අපි හැමෝම රස්සාවක් කරනවා, උඹගේ බොස් කවදාහරි කියනවා නම් "උඹ අද හවස වැඩ ඇරලා ගිහින් u-ඹේ දරුවන්ට බැටන් පො-ල්/ලක් අරන් ග-හ.න්න" කියලා උඹ ඒක කරනවද? රස්සාව බේර ගන්න ඕන නිසා උඹ ඒක කරනවද? නැත්තන් උඹ එතනින් අයින් වෙලා වෙනත් රස්සාවක් කරනවද?
දැන් මේ ලියපු හෑල්ලේ සාරාංශය ගනින්. ආරක්ෂක අංශ ඉන්නේ මහජනතාවෙග් ආරක්ෂාවට මිස මිනිස්සුන්ට තලන්න නෙවේ. එහෙම රස්සාවක් නෙවේ ඒක. තවදුරටත් කවුරු හරි කියනවා නම් "එයාලා කරන්නේ එයාලගේ රස්සාව, අපි ඒකට ඉඩ දෙමු" කියලා වාහම විංකලයකට ගොස් තමන්ගේ නැවිච්ච කොඳු නාරටිය කෙලින් කරගන්න බලන්න. මොකද ඒක එසේ මෙසේ හදන්න පුළුවන් එකක් නෙවේ.
සටහන : Hamza Haniffa