ලේ පැල්ලම!

Positive1

Active member
  • Mar 24, 2026
    148
    241
    43
    ( විශ්වාස කිරීම හෝ නොකිරීම තමන් සතුයි )

    මේක මම අහපු කතාවක් වුනත් යම් යම් සාධක ඔප්පු කරන්න ඇසින් දුටු සාක්ෂි තියෙන නිසා විශ්වාසයකින් යුතුව කියන්නම්. මේ සේරම ආරම්භ වෙන්නේ යුද්දේ ඉවර වෙලා සමරන පලවෙනි දෙසැම්බර් මාසයේ. අපේ ගම ත්‍රස්තවාදී බියෙන් මුදාගෙන තිබුන නිසා අලුතින් පදින්චියට බොහො පිරිසක් ගමට එන්න පටන් අරගෙනයි තිබුනේ. විශේෂෙන් යුද්දෙන් අර්ධ වශයෙන් හානියට ලක්වුනු ගෙවල් කඩිනමින් ප්‍රතිසංස්කරණය වුනේ අලුත් පදිංචිකාරයන්ට කුලියට දෙන්න හෝ විකුණන්න. අපේ ගෙදරට ගෙවල් කිහිපයක් යාබදව තිබුනේ කලු මාමලගේ ගෙදර. කලු මාමාගෙ ගෙදර කියලා හැදින්නුවට කලු මාමා ඉදලා තියෙන්නේ මීට පරම්පරා කිහිපයකට කලින්. අපේ සීයා පොඩි කාලෙදි වගේ. ඒත් කලු මාමාගෙන් පස්සේ ඒ ගෙදර ඉදපු කිසිම පවුලක් මාස තුනකට වඩා එහෙ නොඉදපු නිසා තාමත් මිනිස්සු ඒ ගෙදර හදුන්වන්නේ කලු මාමාගේ ගේ කියලා. ඒ කාලෙනම් ගමේම තිබුන පොහොසත්ම ගේ ඒකලු. දේපල ආරවුලක් නිසා කලු මාමාගෙ සහෝදරිය කලුමාමාට නියගලා කන්න දුන්නා කියලයි තතු දන්නෝනම් කියන්නේ. කොහොමින් කොහොම හරි කලු මාමගේ මරනෙන් පස්සේ ගෙදර අයිතිය සහෝදරියගේ පවුලට ලැබුනත් අද වෙනකන් ඒ ලේ ගෑවුන කවුරුත් එහෙ පදිංචියට ඇවිත් නෑ.

    මම මේ කියන සිදුවීමට මුල් වෙන්නේ ඒ ගෙදර කුලියට ආපු දොලොස්වෙනි පවුල. මැදි වයසේ යුවලක් හා ලමයි දෙන්නෙක් ඒ පවුලේ හිටියා. අහල පහල උදවිය එක්ක වැඩි ආශ්‍රයක් තිබුනේ නෑ. පොඩිම දරුවා අත දරුවෙක්. ලොකු දුව ඒ වෙද්දි ප්‍රාථමික අංශයේ ඉගන ගත්තේ. වැඩිය කතා බහ නොකලත් දකින දකින හැමෝම එක්ක කට පුරා හිනා වෙන්න ඒ මිනිස්සු අමතක කලේ නෑ. ඒත් ඒ හිනාවන් එච්චර අවංක ඒවා නෙමෙයි කියලා මිනිස්සුන්ට තේරෙන්න ගත්තේ රෑට රෑට ඒ ගෙදටින් ඇහෙන අඩ දබර නිසයි. සැමියයි බිරිදයි අඩු වැඩි වශයෙන් එකිනෙකා ඇනකොටා ගද්දි පොඩි ලමයින්ගේ මර ලතෝනි ඇහෙන්න ගන්නවා. ඒත් දවල්ටනම් අලුත බැදපු ජෝඩුවක් වගේ හැසිරෙනවා. ටික කාලයක් යද්දි මේ හැසිරීමේ අමුත්ත ගමේ දැනමුත්තන්ට තේරුනා. එයාලා විශ්වාස කලා මේ ගෙදර ජීවත් වෙන්න එන හැම පවුලකටම කලු මාමාගේ මොකක් හෝ බලපෑමක් ඇති වෙනවා කියලා. ඒ පවුල ගැන හිතලා ඔවුන්ව දැනුවත් කලත් මිත්‍යා විශ්වාස විශ්වාස කරන්න එයාලා කැමති වුනේ නෑ. එයාල ගමට ඇවිත් සතියක් විතර පහු වුනාමයි කතන්දරේ පටන් ගත්තේ. එතැන ඉදන් වුන ටික ඒ ගෙදර නැන්දා පස්සේ කාලෙක හෙලි කරපු විදිහටම මම කියන්නම්.

    " ගමේ මිනිස්සු ඇවිත් අර විස්තරේ කිව්වට පස්සෙ අපිත් ඒ ගැන හිතලා බැලුවා. ඒත් ශාන්ත ( සැමියා ) කැමති වුනේ නෑ ඒ වගේ දෙයක් විශ්වාස කරන්න.මගෙත් ඒ ගැන ලොකු විශ්වාසයක් තිබ්බේ නෑ. ඇත්ත හෝ වේවා බොරු හෝ වේවා මේක අපේ ලොකු දූ දැනගත්තොත් හොදටම බය වෙන හින්දා අපි මේක කතා කරන එක නැවැත්තුවා. ඒත් අපේ අඩ දබර අසාමාන්‍යයි කියලා අපිටම තේරිලයි තිබුනේ. ශාන්ත හරි ආසයි රතු හාලෙ බත් කන්න. ඒත් දුව ආස නැති නිසා අපි උයන්නේ සුදු හාල්. ශාන්තමයි බඩු ගේන්නේ. හැබැයි එක දවසක් රෑ කෑමෙදි එයා අමුතු විදිහට මහ හයියෙන් හිනා වෙලා බත් එක පොලවෙ ගැහුවා. " උබට මම හැමදාම කියනවා නේද යෝදියේ රතු හාල් උයපන් කියලා " මහ අමුතු විදිහට එයා එහෙම අහලා හිනා වුනා. ඇත්තමයි ඒ මගේ ශාන්ත නෙමෙයි කියල එදානම් මට හිතුනා. ඒ තරම් ඒක බය හිතෙන දෙයක්. ඒත් පහුවදා ඒ ගැන ඇහුවම එයාට මතකයක් තිබ්බේ නෑ.

    මේකෙන් පස්සෙ තමයි මම ගමේ මිනිස්සු කියපු දේ හිතන්න ගත්තේ. ඒත් ශාන්ත තාමත් මේවා විශ්වාස කලේ නෑ. මම කතෝලික. ශාන්ත උප්පැන්නෙන් බෞද්ධ වුනාට පන්සලකට ගිය කෙනෙක් නෙමෙයි. මේ සිද්දියෙන් පස්සෙ තමයි අපේ ගෙදරට කුරුසයකුයි බුදු පහනකුයි ගෙනාවෙ. මොන දෙවියෙක්ගෙන් හරි කමක් නෑ පවුල රැකෙනවනම් එච්චරයිනේ.

    එදා මම හවස බුදු පහන තියන වෙලාවේ ශාන්ත හිටියේ පිලිකන්නට වෙලා ඉදගෙන. එයා කවදාවත් බුලත් විට කාපු කෙනෙක් නෙමෙයි. ඒත් එදා කොහෙන්දෝ මන්දා විටක් හොයාගෙන හපන ගමන් හිටියේ. මම එතනට යනකොටයි දැක්කේ වත්ත පුරාම බුලත් කෙල ගහලා. හැම තැනම රතුපාට ලප වගේ. ඇත්තමයි මට යකා නැග්ගා ඒ වෙලාවෙනම්. මම එයාට නම කියලා කතා කරන්නේ කේන්ති ගියාම විතරයි.

    " මොකද්ද ශාන්ත මේ කරන්නේ ? "

    මම කේන්තියෙන් ඇහද්දිත් ශාන්ත හිටියේ මට පිටුපාලා පාර දිහා බලාගෙන. එයා බුලත් හපද්දි එන සද්දේ දත් හිරි වට්ටනවා.

    " මොකද්ද තමුසෙට වෙලා තියෙන්නේ...? "

    කේන්තිය වැඩි කමටම මම හයියෙන් ඇහුවා. ශාන්ත හෙමින් හෙමින් මගේ දිහාට මූන හැරෙව්වා. එතකොටයි මම දැක්කේ. එයාගෙ කට වටේම රතු පාට බුලත් කෙල. තොල් රතුම රතුයි. තොල් විතරක් නෙමෙයි රැවුල දිගේ රතුපාටින් කෙල බේරෙනවා හරිම අසාමන්‍ය විදිහට. මං ඒ දිහා බලද්දිවත් එයා ඒ හැපිල්ල නැවැත්තුවේ නෑ. එයා ඇස්පිල්ලම් නොගහම හප හප මං දිහා බලන් ඉන්නවා. හපන හපන වාරයක් ගානෙ රැවුල දිගේ බෙරෙනවා. හරිම අප්‍රසන්නයි. ඇත්තටම බය හිතෙනවා. මම ගේ ඇතුලට දුවලා දොර වහ ගත්තා. පිරිසිදු වෙලා ආවොත් මිසක් ගෙටනම් ගන්නේ නෑ නෑ කියලා මං කෑගහලා කිව්වෙත් බයෙන්.

    කලුවර වටෙනකනුත් ශාන්තට ගෙට එන්න ඕනකමක් නෑ. පිලිකන්නට වෙලා තාමත් බුලත්විට හපනවා. දුව අහනවා අප්පච්චි ගෙට එන්නැත්තේ ඇයි කියලා. මම ඉස්සරහා ලයිට් එකවත් දැම්මෙ නෑ. පාර යන මිනිහෙක්වත් දැක්කොත් මොනා හිතයිද. මොනවා වුනත් මගේ මනුස්සයනේ කියලා මම පිටිපස්ස දොරෙන් එලියට බැස්සා. ලයිට් ඕෆ් කරලා නිසා කලුවරේම ගෙයි බිත්තියත් අල්ලගෙන මම පිලිකන්නට ගාටනවා. මට මොකක්දො මන්දා පෑගුනා. මගෙ කකුලට අමුතු සීතලක් දැනුනා. කලුවර නිසා හරියට නොපෙනුන නිසා මම ලන් වෙලා බැලුවා. මට පෑගිලා තිබුනේ ඉදුල් කන්න එන පූසව. හැබැයි මගේ කකුල තිබුනේ උගේ ඇග ඇතුලට කිදා බැහැලා. ලන් වෙලා බලද්දියි මට තේරුනේ උගේ බඩ තිබුනේ නෑ. කවුරුහරි සතෙක් උගේ බඩ කාලා. ඒක විවර වෙලා. ඒ විවරේ ඇතුලට තමා මගේ කකුල ගියේ. ඇති වෙච්ච පිලිකුලටම මම කෑ ගහගෙන කකුල එලියට ගත්තා. ඒත් එක්කම මගේ මතකෙට ආවේ ශාන්තගේ කට. බුලත් කෑවට වඩා අසාමන්‍ය විදිහට එයාගෙ කටින් රතු පාට වැකෙරුන හැටි. සිද්දවුන දේ තේරුනාම මම කෑගහගෙනම පිටිපස්ස දොරින් ගෙට දිව්වා. මට වෙන්න මොනවද කියන එක ගැන කිසි තේරුමක් තිබුනේ නෑ. මට මතක් වුනේ දරුවො දෙන්නව. මම කෑම කාමරේ සෙල්ලම් කර කර හිටපු පුතාව වඩාගෙන සාලෙට ආවා. ඒ වෙලාවේ දැකපු දෙයින් මට මගේ සිහිය නතර වුනා. ශාන්ත ගෙට ඇවිත් පුටුවක් උඩ වාඩි වෙලා. එයාගෙ කටේ දැන් මුකුත් නෑ. තාමත් සාලෙ දොර ලොක් කරලා. එයා කොහෙන් ගෙට ආවද කියලා හිතාගන්න බෑ. ලොකු දුව හිටියේ ශාන්තගේ ඔඩොක්කුව උඩ. ශාන්ත කෙල්ලගේ කොණ්ඩේ අත ගානවා.

    " මොකද සුදූ... "

    කිසි දෙයක් නොවුන ගානට ශාන්ත ඇහුවා. මම මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ.

    " ද්..දු... මෙහෙට එන්න... " පූසට අත් වෙච්ච ඉරනම ගැන හිතුවම මට දුව ගැන බය හිතුනා. මම බය වෙලා ඉන්න හැටි දැකලා දුවත් බය වෙලා ශාන්තව බදා ගත්තා.

    " කෙ.. කෙල්ලව දීපන්... කෙල්ලව දීපන්... "

    " මොකද සුදූ මේ...? "ශාන්ත හැසිරෙන්නේ මුකුත් නොවුන ගානට. මා කෙල්ලගේ අතින් අල්ලලා මගේ තුරුලට ගත්තා. ශාන්ත විරුද්දතාවක් දක්වන්නැතුව මගේ දිහා බලාගෙන හිටියා. මම ලමයි දෙන්නවත් තුරුල් කරගෙන කාමරේ මුල්ලටම ගිහින් වකුටු වුනා. මට මැරුණු පූසවත්, ශාන්තගේ කටින් ලේ බේරෙන හැටිත් මැවිලා පේනවා. ලමයිදෙන්නම අඩන්න පටන් අරන් තියෙන්නේ කිසි දෙයක් නොතේරෙන නිසා. ශාන්ත කාමරේ එලියේ ඉදන් මට කතා කරනවා. පැයක් විතර ගියාම ලමයි දෙන්නට මගේ තුරුලෙම නින්ද ගියා. මම දෙන්නවම ඇද උඩින් තියලා හෙමින් සීරිවේ දොර රෙද්ද ඈත් කරලා බැලුවා. ශාන්ත පේන්න හිටියේ නෑ. මම කාමරෙන් එලියට ආවේ දොර වහගෙනමයි. දොරේ ලොක් එකක් තිබුනේ නෑ. පුතාගෙ සෙල්ලම් ගෙජ්ජිය මම දොරේ එල්ලුවේ අරිනකොට සාද්දේ එන විදිහට. මම පිලිකන්නේ ලයිට් එක දාලා ජනෙල් රෙද්ද අස්සෙන් බැලුවා. බුලත් කෙල කියලා හිතපු ලේ පාරවල් වත්තේ තැනින් තැන.

    " සුදු... ?

    ශාන්ත මගේ පටිපස්සේ හිටගෙන. මම කෑගහගෙන අනිත් පැත්ත හැරුනා. ශාන්ත ඇදන් හිටපු ශර්ට් එක ගලවලා අතට අරන්. සරම විතරයි ඇදන් හිටියේ .

    " එපා... එපා.. පලයන්... ඈතට පලයන්... "

    මට ඉවසගන්න බැරි තරම් බයක් දැනුනා. මාව දාඩියෙන් තෙත් වෙලා. මට මගේ ඇග පාලනය කර ගන්න බැරුව වගේ.

    " මේ ශර්ට් එක හෝදලා දෙන්න වස්තුවේ... "

    එයාගෙ අතේ තිබුන ශර්ට් එක මගේ දිහාවට දික් කරද්දිත් එයාගෙ මූනේ අමුතු බය හිතෙන හිනාවක් තිබුනා. මගේ වෙව්ලන අත් වලින් මම ශර්ට් එක ගත්තා. එයා ඇස් පිල්ලම් නොගහම කට දෙපැත්තෙන් හිනා වීගෙන මගෙ දිහා බලන් ඉන්නවා.

    මම ශර්ට් එක දිහා බැලුවා. ඒකේ හැම තැනම රතු පාට පැල්ලම්. ලේ පැල්ලම්ද බුලත් පැල්ලම්ද කියලා මට හිතා ගන්න බෑ. ආයෙත් ශාන්තගේ මූන දිහා බලද්දිත් ඒ මූන ඒ විදිහටම මං දිහා බලාගෙන.

    මම ඉස්සරහා දොර ඇරගෙන ශර්ට් එකත් අරන් ලිද ලගට ආවා.ශාන්ත එකම පරතරේකින් මගෙ පස්සෙන් ආවා. එයා ලන් වුනෙත් නෑ. දුරස් වුනෙත් නෑ. මම නවතිද්දි එයත් නැවතුනා. මම ලිදෙන් වතුර බාල්දියක් ඇදලා රෙදි බේසමට දැම්ම. ශර්ට් එකත් ඒකට දැම්මා. හැම පැත්තම හොදටම කලුවරයි. හද එලිය ශාන්තගේ මූණට වැටිලා. ඒ බය හිතෙන හිනාව පොඩ්ඩක්වත් වෙනස් නොවී මං දිහා බලන් ඉන්නවා.

    මට ශාන්ත දිහා බලන්න බෑ. මම රෙදි බේසම ලග දන ගහගෙන ශර්ට් එක වතුර එකේ පෙගුවා. බයටම දැන් මගේ ඇස් වලින් කදුලු වැටෙනවා. ශාන්ත මගේ උරහිසට උඩින් බලන් ඉන්න හැටි මගේ ඇහැ කොනින් පේනවා. මම ශර්ට් එකේ තිබුන ලේ පැල්ලම් අතුල්ල අතුල්ල හෝදනවා. ඒත් ඒවගේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. කොච්චර ඇතිල්ලුවත් ඒ පැල්ලම් මැකෙන්නෑ. මගේ මේ මහන්සිය දැක දැක ශාන්ත මහ හයියෙන් හිනා වෙනවා. ශාන්තගේ කෙල බිදිති මගේ කොණ්ඩේට වැටෙන හැටි මට තේරෙනවා. ඒවගේ තියෙන ලේ සුවද මට දැනෙනවා වගේ. මට අඩන එක නවත්තගන්න බැරි වුනා. ලග තිබුනු සබන් පෙට්ටිය අරන් මට ශාන්තට ගහන්නත් හිතුනා. ඒ වියරු හිනාව ඒ තරම් පිලිකුල්. මම සබන් ගාලාත් ඒ ලේ පැල්ලම් මකන්න මහන්සි වුනා. මම අඩ අඩා ශර්ට් එක අතුල්ලද්ද් ශාන්තගේ අප්‍රසන්න වියුරු හිනාව වැඩි වුනා. ශාන්තගේ හඩ ලිද පතුලෙන් දෝන්කාර දෙන හැටි මට ඇහුනා. ඊලග මොහොතේ මොනා වෙයිද කියලා නොදැන මර බියෙන් අඩන ගමන් මම ශර්ට් එක ඇතිල්ලුවා. ශාන්තගේ වියුරු ගිනාව මැද්දෙන් ඒ වියරු හඩින්ම එයා කතා කරන්න ගත්තා.

    " හ්හ්හ්... හ්... කොච්චර ඇතිල්ලුවත් යන්නෑ නේද? ඒක තමා යෝදියේ මං තොට කියන්නේ ' සර්පෙක්සෙල් ' ම ගාන්න කියලා.... හ්හ්හ්හ්.... "

    පලි :- " සර්පෙක්සෙල් ; ඕන පැල්ලමකට ඔට්ටුයි! " (Happy Fools' Day!)
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,744
    13,038
    113
    35
    Spain
    උඹ ලස්සනට කතාව ලියල තියෙනවා, ස්පොයිලර් හුත්ත අයින් කරපන්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,769
    1
    9,570
    113
    colombo

    Airtel 25 කාඩ් එක දාගෙන ඒකට හම්බෙන ෆ්‍රී මැසේජ්ස් 500න් යාලුවන්ට යවපු ගොන් ජෝක්ස් ටික මතක් වුණා මේක කියෙව්වාම
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Loved the story. It reminds me of a Ray Bradbury story. You have the God-given skill; hone this skill with writing such stories.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    ඔය කතාව ඔහොම්ම ලියපු ගොඩක් උන්ට පිස්සු හැදුනා. ඕක අකුරක් නෑර අවුරුද්දෙන් අවුරුද්ද බිලි ගන්නා එකා ලව්වා ලියවන්නේ ඔය බිබිල පැත්තේ හිටපු ලියන මහත්තයෙක් ලු. පොර ඔය කතාව ලිය ලියා ඉන්නකොට බීපු තේ එකට නෝනා වහ දිල මැරිල ගිහිං තියෙන්නේ කියලා ඒ පැත්තේ උන් කියන්නේ.

    කෝකටත් පන්සලට ගිහිං බෝධි පූජාවක් තියලා පිරිත් නූලක් ගැට ගහගන්න.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,442
    113
    New Zealand
    yJ31D5NeeBcu92bbFQHKSfnOAgrJ5XdEDK0UABSW.gif
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    148
    241
    43
    ඔය කතාව ඔහොම්ම ලියපු ගොඩක් උන්ට පිස්සු හැදුනා. ඕක අකුරක් නෑර අවුරුද්දෙන් අවුරුද්ද බිලි ගන්නා එකා ලව්වා ලියවන්නේ ඔය බිබිල පැත්තේ හිටපු ලියන මහත්තයෙක් ලු. පොර ඔය කතාව ලිය ලියා ඉන්නකොට බීපු තේ එකට නෝනා වහ දිල මැරිල ගිහිං තියෙන්නේ කියලා ඒ පැත්තේ උන් කියන්නේ.

    කෝකටත් පන්සලට ගිහිං බෝධි පූජාවක් තියලා පිරිත් නූලක් ගැට ගහගන්න.
    මම තමා ඒ ලියන මහත්තය.