එයා දැන් ලොකු ළමයෙක් 18+

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    එයා දැන් ලොකු ළමයෙක් 18+



    දැන් ටික ටික තේරෙනවා
    දේශපාලනයෙන් මුහුකුරා යනවා කියන්නේ ඒකට

    2025 ජනාධිපති කරන්න පුළුවන් වෙයි
    :dull:



    gossiplanka_2018-04-05_11-57-47.jpg



    අදහන්නත් බෑ ඔබමද මේ
    පෙර උන්නු එයා
    හිමිවෙන්නේ නෑ කවදාවත්
    මා පතපු කෙනා ඔයා
    රැවටුනා නොවෙයි මෙමා
    විශ්වාස කළා
    විශ්වාසය කඩ කෙරුවේ
    රත්තරනේ ඇයි ඔයා


    • 18+ දැම්මේ ඡන්දෙ වත් නැති ol කරන උන්ට මොන දේශපාලනයක් ද
    • :frown::frown:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ජනතා හදවතේ රාවය හදුනන පුත් කුමරු නාමල් රාජපස්ස ජනපති කරවමු.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දේශයේ අනාගතය භාරගන්න එන්න කුමරුවනි...
    අපිට හෙටක්
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :lol::lol::lol::lol:
    රනිල් අවසානයේ, නාමල් ගේ තාත්තගේ ක්‍රමයට දිනන කියලනේ ඔය කියල තියෙන්නේ....:lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113



    වාස්තවික දේශපාලන තත්වයන් තක්සේරු නොකරමින් හුදු මනෝමූලික කාරණා මත දේශපාලනය කළ නොහැකි බව ඒකාබද්ධය දැන්වත් ඉගෙන ගනී ද? ඉලක්කයක් හා ඉලක්කය හඹා යන ප්‍රායෝගික හා විස්වසනීය වැඩ පිළිවෙළක් නැති බොළඳ ක්‍රියාමාර්ග අවසන් වන්නේ තමන්ට ද තමා නියෝජනය කරන කඳවුරට ද පරාජය අත්කර දීමෙන් බව දැන්වත් පසක් වෙයි ද? විස්වාසභංගය එජාපයට ජයක් නොවන බව අපි දනිමු. එහෙත් එය අපට ද ජයක් නොවේ. නොයෙක් දෙනා නොයෙක් සිත නිවන විගඩම් කතා කීව ද ඊයේ සිදුවීම ඉතිහාසයේ ලියවෙන්නේ පමණක් නොව, ගමේ රටේ පොදු ජනතාව අතර ප්‍රචලිත වන්නේ ද එජාපයේ හා ආණ්ඩුවේ ජයක් ලෙසයි, මහින්දගේ පරාජයක් ලෙසයි. තරඟයක් යනු තරඟයකි. ඒ දේශපාලනයේ ස්වභාවයයි. අප සිතන්නේ ජයග්‍රාහී මහින්ද කඳවුර එවැනි පරාජයන්ට හිමිකම් කිව යුතු නැති බවයි. එය දැනට ලංකාවේ ප්‍රබලතම දේශපාලන සංවිධානයයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මුළු ආණ්ඩුවම එක වල්ලකට දමා වෙන වෙනම පරාජය කිරීමට ඊට හැකියාව ලැබුණි. ආණ්ඩුව ඉන් ලැබූ කම්පනය සුළුපටු නොවේ.
    කෙසේ වෙතත්, පෙබරවාරි 10 මැතිවරණයේ ජය වසං කිරීමට නොයෙක් ක්‍රියාමාර්ග ගැනුණි. එහි පළමුවැන්න නම් සිරිසේන විසින් ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහිටුවන බව කියමින් ඒකාබද්ධය වටේ ගෙන යෑමයි. එහි දී මැතිවරණයේ ජයග්‍රාහි මනස පවා පාක්‍ෂිකයා වෙතින් උදුරා ගැනුණි. කොටින් ම එහි අරමුණ ම එය විය. කෙසේ වෙතත්, නිෂ්පල අරමුණකට ෆයිල් කරතියන් ගිය ඒකාබද්ධ මන්ත්‍රීවරුන් දෙස අපි උපේක්‍ෂාවෙන් බලා සිටියෙමු. දෙවැනියට පටන් ගත්තේ විස්වාසභංග නාටකයයි. මෙම අදහස පළමුව ගෙනාවේ සිරිසේන-ගෝලයින් විසිනි. පසුව ඒ ගැන එජාප රංග බණ්ඩාර වැනි අය ද කතා කළහ. ඒකාබද්ධ ලඟ චූන් සමාගම කළේ මේ අහක යන තොප්පිය තම හිස මත දාගැනීමයි. එවැන්නක් කළ ද කම් නැත. එහෙත් ඊට සැලසුමක් අවශ්‍ය වේ. ඉලක්කයක් තිබිය යුතු වේ. ඉලක්කය ජයගන්නා මගක් තිබිය යුතු වේ. මේ එකක් වත් තිබුණේ නැත. විස්වාසභංගයක් යනු අතිශය තියුණු දේශපාලන මෙහෙයුමකි. ප්‍රතිවාදියා එය ගන්නේ ද එසේයි. එසේ නොමැතිව එහි එන කරුණු ඇත්ත ද නැත්ත ද වැනි විඥානවාදී ප්‍රවේශයකින් නොවේ. ‍කොටින් ම එහි එන අඩංගු කරුණු පරම සත්‍යක් වුව එහි ජයග්‍රහණය හෝ පරාජය රඳා පවතින සාධක තුනක් මතයි. අන්තර්ජාතික පීඩනය, දේශපාලන එකඟතා හා මුදල්. වත්මන් විස්වාසභංගයට මේ එකක්වත් නොතිබුණි. එය ඒකාබද්ධය පැත්තෙන් උපතින්ම පරාජය හිමිකරගත් එකකි.
    එහෙත් සිරිසේනට එහි ඉලක්කයක් තිබුණි. එකක් බලය ගැනීමය. අනෙක තමන් හා ඒකාබද්ධය අතර තිබෙන වෙනස තවදුරටත් සමාජය තුළ තනුක කිරීමයි. මැතිවරණයට කලින් ද මෙය “එකතු වීමේ විගඩම” හරහා ක්‍රියාවට නැංවිණි. එය කිසියම් දුරකට සාර්ථක ද විය. සිරිසේනට ගමේ ඡන්ද ලබා ගැනීමට එය රුකුලක් විය. මේ කඳවුරු ඇඟට නොදැනීම දියකරන ක්‍රමයයි. ඒකාබද්ධය එහි දී ද පාවිච්චි විය. දැන් මෙහි දී ද පාවිච්චි විය. එහෙත් එහි ඇතැමෙක් මේ සැලසුම් නොදැන සිටියා නොවේ. විස්වාසභංගයේ දී අප බියට පත් කළේ ඒකාබද්ධයේ නියත පරාජය හා සිරිසේන කල්ලියේ ජයග්‍රහණය ඉදිරියේ දී කෙසේ කළමනාකරනය කරගත හැකි ද යන්නයි. මෙයින් ගියා ඇති ය. කණගාටුව නම් ෂැඩෝ කැබිනට් පත් කිරීමේ විහිළුවේ සිට මේ විස්වාසභංගය දක්වා අප තාමත් පාඩම් ඉගෙන ගෙන නැති වීමයි.



    :lol::lol: