එලකිරි ඔන්ල්යින් ‘ධම්මපදය’
බෞද්ද අබෞද්ද හැමොම ධම්ම පදය ගන වචනයක් හරි අහල ඇති කියල හිතනවා. දන්නෙ නැති අයත් ඇති කියල හිතුන නිසා මුලින්ම ධම්ම පදය ගැන විස්තර ටිකක් කියනනත් ඔනෙ කියල හිතුවා.......
ධම්මපදය බෞද්දයාගේ අත්පොත කියලත් හදුන්වනවා. ධම්ම පදයෙ ඇතුලත් වෙන්නෙ 'ගාථා' නම් වු ධර්ම කොටසයි. 'ධම්මපදය' 'වර්ග' නැත්තන් කොටස් 26 කට බෙදා වෙන්කර තිබෙනවා. ඉතින් එ එක එක කොටස ගැන මම පොඩි විස්තරයක් කරන්නම්.....
01) යමක වර්ගය - පිලිවෙලකට යුගලය බැගින් ගලපා වදාළ ගාථා 20 කින් යුක්තයි.
02) අප්පමාද වර්ගය - කුසලයෙහි යෙදිමෙහි ලා කෙනෙකු තුල තිබිය යුතු ඉක්මන් කම පිළිබද වදාළ - ගාථා 12 කින් යුක්තයි.
03) ච්ත්ත වර්ගය - සිත පිළිබද වදාළ ගාථා 11 කින් යුක්තයි.
04) පුෂ්ප වර්ගය - විවිධ පුෂ්ප වර්ග උපමා කරගෙන වදාළ ගාථා 16 කින් යුක්තයි.
05) බාල වර්ගය - සම්මා දිට්ඨියෙන් තොර පුද්ගලයාගේ පුහු අහන්කාරකමත්, නුවණ මද බවත් පිළිබද වදාළ ගාථා 16 කින් යුක්තයි.
06) පණ්ඩිත වර්ගය - සත්පුරුෂයන්ගේ වටිනාකමත්, ඔවුන් ඇසුරු කිරිමේ වටිනාකමත් පිළිබද වදාළ ගාථා 14 කින් යුක්තයි.
07) අර්හන්ත වර්ගය - රහතන් වහන්සේලාගේ ගුණයන් පිළිබද වදාළ ගාථා 10 කින් යුක්තයි.
08) සහස්ස වර්ගය - එක් කරුණකට යටත් වන කරුනු දහසක් ( හෝ සියයක් ) බැගින් ගලපා වදාළ ගාථා 16 කින් යුක්තයි.
09) පාප වර්ගය - පව සහ එහි ස්වභාවය පිළිබද වදාළ ගාථා 13 කින් යුක්තයි.
10) දණ්ඩ වර්ගය - පෘථග්ජන පුද්ගලයා නිරයේ උපත ලබා දඩුවම් ලබන අයුරුත්, භික්ෂුව නිවනින් සැනසෙන අයුරුත් පිළිබද වදාළ ගාථා 17 කින් යුක්තයි.
11) ජරා වර්ගය - ආර්ය මාර්ගිකයා ජාති, ජරා, මරණ රහිත නිර්වාණය කරා ආර්ය අශ්ඨාන්ගික මාර්ගයේ ගමන් ගන්නා අකාරය පිළිබද වදාළ ගාථා 11 කින් යුක්තයි.
12) අත්ත වර්ගය - තම සිත සුරක්ශිත කරගැනිම අයිති තමාටම බව පෙන්වා දෙමින් එ පිළිබද වදාළ ගාථා 10 කින් යුක්තයි.
13) ලෝක වර්ගය - ලෝකය ( ජිවිතය ) පිළිබද වදාළ ගාථා 12 කින් යුක්තයි.
14) බුද්ධ වර්ගය - සම්මා සම්බුදු රජානන් වහන්සේලා පිළිබද වදාළ ගාථා 18 කින් යුක්තයි.
15) සුඛ වර්ගය - සැපය ( නිවන ) යනු කුමක්ද? පිළිබද වදාළ ගාථා 12 කින් යුක්තයි.
16) පිය වර්ගය - ප්‍රියමනාප විම, එහි ස්වභාවය පිළිබද වදාළ ගාථා 12 කින් යුක්තයි.
17) කෝද වර්ගය - සිත, කය සහ වචනය සන්වර කරගැනිම සහ එමගින් තරහව නැති කර ගැනිම පිළිබද වදාළ ගාථා 14 කින් යුක්තයි.
18) මල වර්ගය - මල යනු මලකඩයි…..එනම් කෙලෙස් මල දුරු කරගත යුතු ආකාරය පිළිබද වදාළ ගාථා 23 කින් යුක්තයි.
19) ධම්මට්ඨ වර්ගය - ධර්මයෙහි පිහිටි ජිවිතය පිළිබද වදාළ ගාථා 17 කින් යුක්තයි.
20) මග්ග වර්ගය - ආර්ය අශ්ඨාන්ගික මාර්ගය ( නිවන් මග) පිළිබද වදාළ ගාථා 17 කින් යුක්තයි.
21) පකිණ්ණක වර්ගය - විවිධ තේමාවන්ට අදාලව වදාළ ගාථා 16 කින් යුක්තයි.
22) නිරය වර්ගය - පාපය දුරු කිරිම පිළිබද වදාළ ගාථා 14 කින් යුක්තයි.
23) නාග වර්ගය - නාග යනු හස්තියා ( ඇතා ) කියන තෙරුමයි….. ඇතා උපමා කරගනිමින් වදාළ ගාථා 14 කින් යුක්ත කොටසයි.
24) තන්හා වර්ගය - සසර දුකට හේතුව වූ තන්හාව පිළිබද වදාළ ගාථා 26 කින් යුක්තයි.
25) භික්ෂු වර්ගය - බුදු සසුනෙහි භික්ෂුව කවරෙක්දැයි හදුන්වා දෙමින් එ පිළිබද වදාළ ගාථා 23 කින් යුක්තයි.
26) බ්‍රාහ්මණ වර්ගය - අර්හත් භික්ෂුව හැදින්වීමට බ්‍රාහ්මණ වචනය යොදා ගනිමින් වදාළ ගාථා 41 කින් යුක්තයි.
ධම්ම පදය මේ මුලු කොටස් 26 ම එකතුවෙන් ගාථා 423 න් සෑදී තිබෙනවා. මම දවසකට 1 ගාථාව ගානෙ, තේරුමත් එක්ක එම ගාථාව ට අදාල නිධාන කාතාව පොස්ට් කරනවා…… අවශ්‍ය වන්නේ මේ එක එක ගාථාව, එහි තේරුම සහ ඉන් කියවෙන දේ කොයිතරම් වැදගත්ද කියන එක ගැන පොඩි සන්වාදයක් ගොඩනැහීමයි……
ධම්ම පදය කියෙව්වය කියලා කිසිම ආගමක කෙනෙකුට අවැඩක් නම් වෙන එකක් නැහැ කියල හිතනවා. එ වගෙම තමන් අදහන මොනම හෝ ආගමකට විරුද්ද නොවේය කියලත් හිතනවා. එ නිසා ඕනම ආගමක කෙනෙකුට තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න පුලුවන්….තමන්ට නොගැලපෙන තැන් තියෙනවනම් එ පිළිබද විවේචනය කරලා පොස්ට් දාන්නත් එපා කියලා ඉල්ලනවා……. අවශ්‍ය වන්නේ සන්වාදයක් මිසක් විවාදයක් ගොඩනැහිම නෙමෙයි කියලත් මතක් කරනවා……….
ගාථා 423 ක් තියෙන නිසා පුලුවන් තරම් කාලයක් මෙ වැඩේ දිගටම කරන්නයි හිතන් ඉන්නෙ……