එල්නිනෝ ආචරණය අපට කෙසේ බලපායි ද?
බොහෝ අය නො සිතූ විරූ විපරිත කාලගුණ තත්ත්වයන්හි ආපදාකාරී බලපෑම්වලට ලොව බොහෝ ප්‍රදේශ මුහුණ දෙන බව ජනමාධ්‍ය වාර්තා කරන අතරේ පවතින එල් නිනෝවේ බලපෑම ඊට හේතුවක් ලෙස කාලගුණ අංශ මේ වන විටත් දන්වා ඇත. ලෝක කාලගූණය විමැසුමට ලක් කරන කෙනකුට වසර 4කට හෝ 5කට හෝ වරක් එල්නිනෝ ආචරණය (el nino effect) පිළිබඳව සිත යොමු කිරීමට සිදු වන බව පෙනේ.
එල් නිනෝ ආචරණය පිළිබඳ බොහෝ විද්‍යාත්මක කරුණු කාරණා El Nino හෝ ENSO හා සම්බන්ධ වෙබ් අඩවි විපරම් කරන්නකුට පහසුවෙන් සොයාගත හැකි ය. මේ ආචරණයේ, එනම් එල්නිනෝ ක්‍රියාවලියේ ආරම්භය නැෙගනහිර පැසිෆික් සමුදුරේ (Pasific Ocean) පෘෂ්ඨ ජල ස්ථර අසීමිත ලෙස උණුසුම් වීමකට සමගාමී ව සිදු වේ. මේ උණුසුම් වීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වුව හොත්, එහි ප්‍රතිඵලය වන්නේ පැසිෆික් සමුදුර සහ ලෝක ගෝලයේ වෙනත් කොටස්වල වායුගෝලීය පීඩන රටාවන්හි සහ ලෝකය පුරා සුළං සංසරණය (Global circulation) කරන විවිධ සංසරණ සෛලවල (cells) වෙනස්කම් සහ විචලනයන් ය. හැඩ්ලි සහ වෝකර් සෛලවල (Hadley cell and Walker cell) වෙනස්කම් ලොව ප්‍රදේශ රැසක කාලගුණ රටාවන් වෙනස් කිරීමට සමත් වීම එල්නිනෝ පිළිබඳ අපේ සැලකිලිමත් වීම වැඩි කරන ප්‍රධාන ලක්ෂණයයි.
සමහර ප්‍රදේශවල කාලගුණ තත්ත්වයන්හි මහා විපර්යාසවලට පසුබිම් වන කාලගුණ විද්‍යාත්මක සාධක පිළිබඳ වැටහීමක් නොමැති අය විවිධ මිථ්‍යා සංකල්ප ඔස්සේ හඹා යන අවස්ථා ද නැතිවා නො වේ. අයහපත් කාලගුණ වාතාවරණයෙන් මිදීමට විවිධ යාතිකා සංවිධානය කරන්නන් අප අතර ද අඩු නැත. යම් ස්ථානයක කාලගුණ තත්ත්වයන් වර්ධනය කිරීමේ ලා සාධක රැසක් සෑහෙන කාලයක් තුළ සංවිධානය විය යුතු අතර ලෝක ගෝලය වටා නිරතුරු ව ම සැරිසරන විවිධ මට්ටම්වල සුළං ප්‍රවාහ වැදගත් දායතක්වයක් දරන බව අවබෝධ කරගත හොත් කාලගුණය හැසිරවීම උදෙසා අප කරන යාතිකාවල තේරුමක් නොමැති බව පැහැදිලි වේ.
පැසිෆික් සමුදුරු පෘෂ්ඨයේ සාමාන්‍ය උෂ්ණත්ව රටාව වන්නේ, ඉන්දුනිසියාව යාබද එහි බස්නාහිර කොටස තරමක උණුසුම් ව පැවතීම සහ දකුණු ඇමෙරිකාවේ පීරූ රාජ්‍ය ප්‍රදේශවලට බටහිරින් පිහිටි පැසිෆික් සමුදුරේ නැෙගනහිර කොටස සිසිල් ව පැවතීම ය. එහෙත් වසර 4කට හෝ 5කට හෝ වරක් මේ රටාවල සැලකිය යුතු වෙනස්කම් ඇති කිරීමට ජල තරංග සමත් වී නැෙගනහිර පැසිෆික් සමුදුර අධික ලෙස උණුසුම් වී එල්නිනෝ ආචරණය නමින් හඳුන්වනු ලබන ක්‍රියාවලිය ආරම්භ වේ. තීව්ර වූ එල්නිනෝ තත්ත්වයන් යටතේ සිදු වන පීඩන සහ සුළං සෛලවල සැලකිය යුතු විචලනයන් ශ්‍රී ලංකාව ඇතුළු ලොව ප්‍රදේශ ගණනාවක ම සාමාන්‍ය කාලගුණ රටාවන් වෙනස් කිරීමට සමත් වේ.
එල්නිනෝ ආචරණයේ ආරම්භය පැසිෆික් උණුසුම් වීම වුව ද, එම ආචරණයේ තීව්‍රතාව තීරණය කරනු ලබන්නේ පැසිෆික් සහ ඉන්දියන් සාගරයේ පීඩන අගයන් අනුබද්ධ සමීකරණ මගිනි. මෙහි දී ඕස්ටේ්රලියාවේ ඩාවින් (Darwin) කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ සහ පැසිෆික්වල තහිටි (Tahiti) කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ පීඩනමානවල පාඨාංකවල අගයන් විමැසුමට ලක් වන්නේ අන්තර්ජාතික සහ ලෝක කාලගුණවිද්‍යා සංවිධානයේ (World Meteorological Organization - WMO) අනුමැතිය යටතේ ය. මේ මධ්‍යස්ථාන දෙකේ පීඩන අගයන් සම්බන්ධ වන දක්ෂිණ දොaලන දර්ශකයේ (Southern Oscillation index - SOI) අගය නිරතුරු ව ම පරිගණක මගින් ගණනය කෙරේ. මේ ගණනය කිරීම්වල ප්‍රතිඵලය අනුව එල්නිනෝ තත්ත්වයක් පවතින බවට සැක පහළ වූ මොහොතේ සිට ම කාලගුණවිද්‍යා සංවිධානය ඇතුළු ආයතන කිහිපයක් මගින් ඒ ගැන අනතුරු ඇඟවීම් ලොව පුරා විකාශනය කෙරෙයි.
දැනට පැසිෆික් සහ අවට තත්ත්වයන් අසාමාන්‍ය තත්ත්වයන් ලෙස සැලකිය හැකි බව ලෝක කාලගුණවිද්‍යා සංවිධානයේ වෙබ් අඩවි සඳහන් කර ඇත. දැනට වර්ධනය වී ඇති එල්නිනෝව මෑත කාලයේ වාර්තා වී ඇති එල්නිනෝවලට වැඩි තීව්රතාවක් සහිත එකක් බවට දැනට ම වාර්තා වී ඇත. එහි අහිතකර බලපෑම් මේ වන විටත් නන් දෙසින් වාර්තා වෙයි.
පැසිෆික් උණුසුම් වීමට, එනම් එල්නිනෝවකට සමගාමී ව ඉන්දියන් සාගරය සහ තවත් සමුදුරු ප්‍රදේශ කිහිපයක් ම උණුසුම් වන බව වසර ගණනාවක් තුළ ලබාගත් නිරීක්ෂණවලින් පැහැදිලි වී ඇත. ඒ සමඟ ම ලෝක ගෝලයේ සුළං සංසරණ පද්ධතියේ විචලනයන් සැලකිය යුතු කාලගුණ වෙනස්කම් ඇති කරයි.
එල්නිනෝ ආචරණවලින් ශ්‍රී ලංකාවට සිදු වන බලපෑම විපරම් කිරීමේ දී දක්නට ලැබී ඇති විශේෂ කාලගුණ තත්ත්වයන් වන්නේ එල්නිනෝ ආරම්භයට පෙර දෙවැනි අන්තර් මෝසම් සෘතුවේ, ඔක්තෝබර්-නොවැම්බර් කාලයේ, සාමාන්‍යය ඉක්මවන වර්ෂාව ඇදහැළෙන තත්ත්වය සහ එල්නිනෝ වසරේ නිරිතදිග මෝසම් සමයේ වැසි සාමාන්‍යය ඉතා පහළ වන නියං (drought) තත්ත්වයක් උත්ගත වීමයි.
පැසිෆික් සමුදුර උණුසම් වීම මෙන්ම එල්නිනෝ ආචරණයේ අඩු වැඩි වීම් පිළිබඳව අප හැම ගේ අවධානය යොමු කළ යුතු කාලය එළඹී ඇතැයි සිතමි. 2016 එල්නිනෝ වසරක් වන බවට කර ඇති නිවේදන යථාර්ථයක් වන්නේ නම් රටට එහි බලපෑම, වැසි අඩු කාලගුණ තත්ත්වය නිසා ජලය සම්බන්ධයෙන් උද්ගත විය හැකි ගැටලු මෙන්ම සැම ජල කළමනාකරණ (water managmant) පියවරක් කෙරේ ම අප සිත් යොමු කළ යුතු ය.
Source-http://www.vidusara.com