එල්ලාපන්.

Yulya_Girl

Member
Mar 14, 2018
85
40
0
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් . අලුගෝසුවනේ එල්ලාපන්.

1242239451710979044Communist_star.svg.hi.png




සහෝදර කම්කරුවනි! මැයි දිනය එළඹෙමින් ඇත. සෑම රටකම කම්කරුවන් ඔවුන් පංති සවිංඥාණකත්වයට එළඹීම සමරනු ලබන, මිනිසා විසින් මිනිසා ව පාගා සිටීම සහ අනෙකාට එරෙහිව බලය යෙදීමට එරෙහිව කරනා අරගලය තුළ තම එකමුතුකම සමරනු ලබන, මිලියන ගණනක් වූ වැඩ කරන ජනතාව දුගී බවෙන්, බඩගින්නෙන් සහ නින්දාවෙන් නිදහස් කිරිමට කරනා අරගලය සමරනු ලබන දිනය එළඹෙමන් ඇත. මෙම ‍ශ්‍රේෂ්ඨ අරගලයේ දී එකිනෙකට මුහුණ ලා සිටින්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ ලෝක දෙකකි. එනම් ප්‍රාග්ධනයේ ලෝකය සහ ශ්‍රමයේ ලෝකය යි, නැතිනම් සූරා කෑමේ හා වහල්බවේ ලෝකය සහ සහෝදරත්වයේ හා නිදහසේ ලෝකයයි.


එක් පැත්තක සිටින්නේ සුලුතර වූ ධනපති ලේ උරා බොන්නෝ ය. ඔව්හු කර්මාන්තශාලා හා මෝල්, උපකරණ හා යන්ත්‍ර සූත්‍ර තමන් යටකට ගෙන ඇති අතර අක්කර මිලියන ගණනක් ඉඩම් හා කඳු ගණන් සල්ලි ඔවුන්ගේ පෞද්ගලික අයිතියට හරවාගෙන ඇත.ඔවුන් ආණ්ඞුව සහ හමුදාව තම සේවකයන් බවට පත් කර ගෙන ඇත, ඔවුන් එක් රැස් කර ගන්නා ලද ධනයේ විශ්වාසවන්ත මුර බල්ලන් බවට පත් කර ගෙන ඇත.
අනෙක් පස සිටින්නේ මිලියන ගණනක් වූ නිර්ධනීන් ය. ඔවුන්ට බල කෙරී ඇත්තේ වැඩ කිරීමට අවසර ඉල්ලා පොහොසතුන් ළඟ හිඟා කෑමට ය. ඔව්හු තම ශ්‍රමයෙන් සියලූම ධනය නිර්මාණය කරති. නමුත් ඔවුන්ට සිදුව ඇත්තේ තම ජීවිත කාලය පුරාවටම පාන් කැබැල්ලක් වෙනුවෙන් අරගල කිරීමට යි. පිනට යමක් ඉල්ලනවාක් මෙන් රැකියා ඉල්ලා හිඟා කෑමට යි. ඉතා වෙහෙසකර වැඩ කිරීමට තම ශක්තිය වැය කිරීමට යි. ගම්වල මඩුවල නැතිනම් නගරවල උමං කුටිවල හෝ අට්ටාලවල බඩගින්නේ සිටීමට ය.


නමුත් අද මෙම ධනය අහිමි කරන ලද ශ්‍රම වගුරන්නන් විසින් පොහොසතුන් හා සූරා කන්නන්ට එරෙහිව යුධ ප්‍රකාශ කොට ඇත. සියලූම රටවල වැඩ කරන ජනතාව ශ්‍රමය, වැටුපේ වහල්බවෙන්, දුගීබවෙන් හා හිඟකමෙන් මුදවා නිදහස් කිරීමට සටන් කරමින් සිටී. ඔවුන් සටන් කරන්නේ පොදු ශ්‍රමය මඟsන් නිර්මාණය කරනා ධනය සුලුතර පොහොසතුන්ගේ යහපත උදෙසා නොව සියලූම වැඩ කරන ජනතාවගේ යහපත උදෙසා වන සමාජ ක්‍රමයක් වෙනුවෙනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉඩම්, කර්මාන්ත ශාලා, මෝල් සහ යන්ත්‍ර සූත්‍ර සියලූම වැඩ කරන ජනතාවගේ පොදු දේපළ බවට පත් කිරීමට ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ දුප්පත් පොහොසත් බෙදීම අහෝසි කිරීමට ය. ශ්‍රමයේ ඵලය ශ්‍රමය වෙතටම ලබා දීමට ය. එමෙන්ම මිනිස් මනසින් අත්පත් කර ගන්නා සියලූම ජයග්‍රහණ, වැඩ කරනා ක්‍රමවල දියුණු වීම් වැඩ කරන ජනතාව පීඩාවට පත් කරනු වෙනුවට ඔවුන්ගේජීවන මට්ටම දියුණු කිරීමට යොදා ගැනීමට ය.


ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර වන මෙම මහා අරගලය වෙනුවෙන් සියලූම රටවල වැඩ කරන ජනතාව විශාල කැප කිරීම් කර ඇත.වඩා යහපත් ජීවිතයකට සහ සැබෑ නිදහසට ඇති තම අයිතිය වෙනුවෙන් ඔවුන් රුධිරය ගංගා හෙලා ඇත. කම්කරුවන් වෙනුවෙන් සටන් කරන්නන්ට ආණ්ඩුව අනේක විධ වධ හිංසා පමුණූවයි. නමුත් එම සියලූ වධ හිංසා මධ්‍යයේ වුවද ලොව වටා කම්කරුවන් අතර එකමුතුබව වැඩි වෙමින් තවත් ශක්තිමත් වෙමින් පවතී. කම්කරුවන් සමාජවාදී පක්ෂ තුළ දී වඩ වඩාත් කිට්ටු වන අතර එම පක්ෂවල සාමාජිකත්වය මිලියන ගණනක් දක්වා වැඩි වී ඇති අතර පියවරෙන් පියවර ධනවාදී සූරා කන්නන් ට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් වෙත ක්‍රමයෙන් ගමන් කරමින් සිටී.


රුසියානු නිර්ධන පංතිකයා ද අලුත් ජීවිතයකට අවදි වී ඇත. ඔහු ද මෙම ශ්‍රේෂ්ඨ අරගලයට එකතු වී ඇත. වහල්බවෙන් ගැලවීමක් නොමැතිව, තම කටුක ජීවිතය තුළ බලාපොරොත්තුවේ ආලෝකයක් නොමැතිව වැඩ කරන ජනතාව යටහත් පහත් වහලුන් මෙන් වැඩ කල යුගය නිමා වී ඇත. සමාජවාදය ඔහුට එයින් ගැලවෙන මග පෙන්වා දී ඇති අතර සටන්කාමීන් දහස් ගණනින් රතු ධජය වටා රොක් වන්නේ මග පෙන්වන තරුවක් වටා රොක් වන්නාක් මෙනි. වැඩ වර්ජන කම්කරුවාට එක්සත් වීමේ ඇති බලය පෙන්වා දී ඇත, සටන් කරන්නේ කෙසේදැයි උගන්වා ඇත, සංවිධානය වූ විට ශ්‍රමය ප්‍රාග්ධනයට කෙතරම් භයානක අභියෝගයක්ද යන්න පෙන්වා දී ඇත. ධනපතීන් සහ ආණ්ඩුව යැපෙන්නේත් තර වෙන්නේත් තමන් වගුරවන ශ්‍රමයෙන් බව කම්කරුවන්ට වැටහී ඇත. එක්සත් අරගලයේ සටන්කාමිත්වයෙන් හා නිදහස හා සමාජවාදය ගැන වූ බලාපොරොත්තුවෙන් වැඩ කරන ජනතාව ප්‍රාණවත් වී ඇත. සාර්ගේ ඒකාධිපතිවාදය කොතරම් අඳුරු හා බිහිසුණු බලවේගයක් ද යන්න කම්කරුවන්ට අවබෝධ වී ඇත. තම අරගලය සඳහා කම්කරුවන්ට නිදහස අවශ්‍යය ය. නමුත් සාර්වාදී ආණ්ඩුව ඔවුන්ගේ අත පය බැඳ දමා තිබේ. කම්කරුවන්ට රැස් වීමේ නිදහස ඕනෑ වේ, සංවිධානය වීමේ නිදහස ඕනෑ වේ, පුවත් පත් හා පොත් මුද්‍රණය කිරීමේ නිදහස ඕනෑ වේ නමුත් සාර්වාදී ආණ්ඩුව නිදහස වෙනුවෙන් කරනා අරගල කසය, සිරගෙදර හා බයිනෙත්තුව මඟින් මර්දනය කරයි.“ ඒකාධිපතිත්වය භංග වේවා! ” යන සටන් පාඨය රුසියාව පුරා පැතිරී ගොස් ඇති අතර එය වීදිවල සහ කම්කරුවන්ගේ මහජන රැස්වීම්වල නිතර කියවෙන්නක් බවට පත් වි ඇත.


පසු ගිය ගිම්හාන කාලයේ දී දකුණු රුසියාවේ දහස් ගණනක් කම්කරුවෝ වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් සහ පොලිසියේ ප්‍රජා පීඩනයට එරෙහිව සටන් කිරීමට නැගී සිටියහ. භයානක කම්කරු හමුදාව දුටු ධනේශ්වරය සහ ආණ්ඩුව බියෙන් තැති ගත්තේය. එය විශාල නගර තුළ වූ කාර්මික ජීවිතය එක වරම නිශ්චල කළේය. කම්කරුවන් වෙනුවෙන් සටන් වැදි දුසිම් ගණන් සටන්කරුවන් අභ්‍යන්තර සතුරාට එරෙහිව සාර්වාදී හමුදා විසින් එවන ලද උණ්ඩවලට බිලි වූයේය.



නමුත් මෙම අභ්‍යන්තර සතුරාව පරාජය කිරීමට සමත් බලවේගයක් නොමැත. මක් නිසාද යත් පාලක පංතිය සහ ආණ්ඩුව පවතින්නේ ඔවුන්ගේ ශ්‍රමය නිසාවෙන් බැවිනි. දිනෙන් දින තම පංති සවිඥාණකත්වය වර්ධනය කර ගන්නා, වඩ වඩාත් එකමුතු වන, වඩ වඩාත් සංවිධානාත්මක වන මිලියන ගණනක් කම්නරුවන් මැඩලීමට සමත් බලවේගයක් මේ මිහිපිට නොවේ. කම්කරුවන් විඳ දරා ගන්නා සෑම පරාජයක්ම එහි සාමාජිකත්වය තුළට අලුත් සටන්කරුවන් එකතු කරයි. අලුත් ජීවිතයක් වෙත මහජනතාවව අවදි කරවයි. අලුත් අරගල වලට ඔවුන්ව සූදානම් කරවයි.



රුසියාව මේ වන විට පසු කරමින් සිටිනා සිද්ධිවලට අනුව කිව හැක්කේ මහජනතාවගේ එම නැගිටීම මීටත් වඩා ශීඝ්‍ර සහ පැතිරුණු ස්වභාවයක් ගනු ඇති බව වන අතර අප සියලු ධෛර්ය යොදවා නිර්ධන පංතියේ පහළ සාමාජිකත්වය එකමුතු කිරීමටත් වඩාත් අධිෂ්ඨානශීලි අරගලයකට ඔවුන්ව සූදානම් කිරීමටත් වෙහෙස විය යුතු වේ. නිර්ධන පංතියේ ඉතාමත් ප්‍රතිගාමී කොටස් තුළ පවා යුද්ධය හේතු කොට ගෙන දේශපාලනික ගැටලු පිළිබඳ ව උනන්දුවක් ඇති වී ඇත. ඒකාධිපති පාලනයේ අසීමාන්තික කුණු වීම හා රුසියාව පාලනය කරනා පොලිස් උසාවි කල්ලියේ අසීමාන්තික සාපරාධීභාවය යුද්ධය මඟින් වඩාත් පැහැදිලිව හා විචිත්‍රව පෙන්වා දෙනු ලැබේ.අපේ ජනතාව රට තුළ වූ හිඟකම සහ බඩගින්න නිසාවෙන් මිය යමින් සිටියි. එනමුත් ගව් ගණන් දුරින් පිහිටි වෙනත් ජාතීන් වාසය කරන්නා වූ විදේශික දේශයන් යටපත් කිරීම සඳහා වූ විනාශකාරී, නිරර්ථක යුද්ධවලට ඔවුන්ව ඇද දමා ඇත. අපේ ජනතාව දේශපාලන වහල් බවින් මිරිකී සිටියි. එනමුත් අනෙක් ජනතාවක් වහලුන් කිරීම සඳහා වූ යුද්ධයකට ඔවුන්ව ඇද දමා ඇත. අපේ ජනතාව ඉල්ලා සිටියේ රට තුළ දේශපාලන සැකැස්මේ වෙනසකි. ලෝකයේ අනෙක් පස සිදු වන්නා වූ තුවක්කු ගිගිරුමෙන් උත්සහා කරන ලද්දේ ඔවුන්ගේ අවධානය වෙනතකට හැරවීමට ය.



නමුත් සාර්වාදී ආණ්ඩුව තම සූදුව දුර දිග ගෙන ගියා වැඩිය, ජාතියේ ධනය සහ පැසිෆික් හි මැරෙන්නට යැවූ තරුණ ජීවිත සාපරාධී ලෙස නාස්ති කිරීමේ සූදුව දුර දිග ගෙන ගියා වැඩිය. සෑම යුද්ධයක්ම ජනතාව පීඩාවට පත් කරනා අතර ශිෂ්ට හා නිදහස් වූ ජපන් ජාතිකයින්ට එරෙහි දුෂ්කර යුද්ධය රුසියාව මත ඇති කරන්නේ දරුණු පීඩනයකි. මෙම පීඩාව පැමිණෙන්නේ නැගිටින නිර්ධන පංතිය හමුවේ පොලිස් ඒකාධිපතිත්වයේ ව්‍යුහය දුර්වල වන්නට පටන් ගෙන ඇති කාලයක ය. යුද්ධය ආණ්ඩුවේ සියලූම දුර්වලතා නිරුවත් කරමින් ඇත. යුද්ධය සියලූම ව්‍යාජ වෙස් වලා ගැනීම් ඉරා දමමින් ඇත. යුද්ධය සියලූම අභ්‍යන්තර කුණු වීම් හෙළි කරමින් ඇත. යුද්ධය සාර්වාදී ඒකාධිපතිත්වයේ සාහසික බව සැමට පසක් කර දෙමින් ඇති අතර පැරණි රුසියාවේ, එනම් ඡන්ද බලයක් රහිත, නොදැනුවත්, භය ගන්වන ලද ජනතාවක් වෙසෙනා රුසියාවේ, තවමත් පොලිස් රාජ්‍යයේ ස්වයං වහල් බව තුළ සිර වී ඇති රුසියාවේ මාරාන්තික පීඩාව සැමට ප්‍රදර්ශනය කරමින් ඇත.


පැරණි රුසියාව මියැදෙමින් සිටියි. එහි තැන ගැනීමට අලුත් රුසියාවක් පැමිණෙමින් ඇත. සාර්වාදී ඒකාධිපතිත්වය ආරක්ෂා කල අඳුරු බලවේග කඩා වැටෙමින් ඇත. නමුත් එයට මරණීය ප්‍රහාරය එල්ල කල හැක්කේ පංතිය පිළිබඳ සවිඥාණික හා සංවිධිත නිර්ධන පංතියට පමණි. ජනතාවට ව්‍යාජයක් නොවන සැබෑ නිදහස දිනා දිය හැක්කේ පංතිය පිළිබඳ සවිඥාණික හා සංවිධිත නිර්ධන පංතියට පමණි. ජනතාව රැවටීමට, ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට, ඔවුන්ව ධනේශ්වරයේ උපකරණ බවට පත් කර ගැනීමට දරනා සෑම උත්සහයක්ම නිෂ්ප්‍රභ කල හැක්කේ පංතිය පිළිබඳ සවිඥාණික හා සංවිධිත නිර්ධන පංතියට පමණි.
සහෝදර කම්කරුවනි! දෙගුණ වූ ජවයකින් යුතුව එළඹෙමින් ඇති තීරණාත්මක සටනට අපි සූදානම් වෙමු! සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිර්ධනීන්ගෙන් යුත් සාමාජිකත්වය අන් කවරදාටත් වඩා දැඩිව එක්සත් කරමු! ඔවුන්ගේ පණිවිඩය අන් කවරදාටත් වඩා දුරකට පතුරවමු!වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා වූ අරගලය අන් කවරදාටත් වඩා නිර්භයව ඉදිරියට ගෙන යමු! මැයි දින සැමරුම අපගේ අරගලය ට දහස් ගණනින් නව සටන්කරුවන් දිනා දෙතැයි ද සියලූම ජනතාවගේ නිදහස උදෙසා වූ, ප්‍රාග්ධනයේ දාසබාවයෙන් සියලූම වැඩ කරන ජනතාවට විමුක්තිය දිනා දෙන්නා වූ අපගේ ශ්‍රේෂ්ඨ අරගල යේ බලවේගයන් පුළුල් කරනු ඇතැයි ද අපි ප්‍රාර්ථනා කරමු!
පැය අටේ වැඩ දිනය දිගු කල් දිනේවා!


ජාත්‍යන්තර විප්ලවීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය දිගු කල් දිනේවා!
සාපරාධී, කොල්ලකාරී සාර්වාදී ඒකාධිපතිත්වය භංග වේවා!

වී. අයි. ලෙනින්, අප්‍රේල් 1904








 
Last edited:

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මිනිස්සු දැන් ගොඩක් දුර ගිහින්.උබලා විමුක්තිය හොය හොය හිටපල්ලා.
     
    • Haha
    Reactions: 2osama

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    නිකන් පුකේ ශෝව් දාන්න එපා බන් ............
    කන්නන්ගර මැතිතුමාගේ උපන්දිනේ සමරපන් ඊට කලින්
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කම්මැලි මිනිස්සුන්ට හොඳයි මුන්ගේ සුරංගනා කථා.ඒවා අහල හිතෙන් හරි ධනපතියෝ වෙන්න පුළුවන්නේ..:D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    PayAndGo kiyala compnay 1k thiynawa..Russian1k Narahenpita thiyenne.. unge compnay1ta giyaa wedakata laast week. eke innna russin un henama udugui..loku line.. Russiawata thibba adare nathi una ban... aasama ratak thama Russiawa.. but now :sorry:
     

    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    ලෝකයේ පවතින සිමා සහිත සම්පත් නිසා අනාගතයේ මුළු ලොවම සමාජවාදී වෙනවා.
    සොවියට් රැසියාව, කියුබාව, චිනය වාගේ සමාජවාදී රටවල් මෙන් ලංකාවද සමාජවාදයක් කරා ගෙන යමු. මුදලට මිනිසුන් පවා දෙන ලිබරල්වාදීන් මර්ධනය කරමු .
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලෝකයේ පවතින සිමා සහිත සම්පත් නිසා අනාගතයේ මුළු ලොවම සමාජවාදී වෙනවා.
    සොවියට් රැසියාව, කියුබාව, චිනය වාගේ සමාජවාදී රටවල් මෙන් ලංකාවද සමාජවාදයක් කරා ගෙන යමු. මුදලට මිනිසුන් පවා දෙන ලිබරල්වාදීන් මර්ධනය කරමු .

    :lol::lol::lol::lol:ගිහින් අම්මට පොල් ටිකක ගාලා දීපන්.:rofl::rofl:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ලෝකයේ පවතින සිමා සහිත සම්පත් නිසා අනාගතයේ මුළු ලොවම සමාජවාදී වෙනවා.
    සොවියට් රැසියාව, කියුබාව, චිනය වාගේ සමාජවාදී රටවල් මෙන් ලංකාවද සමාජවාදයක් කරා ගෙන යමු. මුදලට මිනිසුන් පවා දෙන ලිබරල්වාදීන් මර්ධනය කරමු .

    ubage wayasa kiyada ban??
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජාත්‍යන්තර විප්ලවීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය දිගු කල් දිනේවා!
    සාපරාධී, කොල්ලකාරී සාර්වාදී ඒකාධිපතිත්වය භංග වේවා!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    කම්මැලි මිනිස්සුන්ට හොඳයි මුන්ගේ සුරංගනා කථා.ඒවා අහල හිතෙන් හරි ධනපතියෝ වෙන්න පුළුවන්නේ..:D
    ඇත්ත කතාව :yes: :yes: :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලෝකයේ පවතින සිමා සහිත සම්පත් නිසා අනාගතයේ මුළු ලොවම සමාජවාදී වෙනවා.
    සොවියට් රැසියාව, කියුබාව, චිනය වාගේ සමාජවාදී රටවල් මෙන් ලංකාවද සමාජවාදයක් කරා ගෙන යමු. මුදලට මිනිසුන් පවා දෙන ලිබරල්වාදීන් මර්ධනය කරමු .