එල්.ටී.ටී.ඊ

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    "කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ මරණයත් සමග ඒ සංවිධානයට නායකයෙකු සිටියේ නැහැ. ඊට මාසයකට පසු කොටි සංවිධානයේ ඉතිරි සාමාජිකයින් මුණගැසී සෙල්වසාරා පද්මනාදන් හෙවත් කේපී කොටි සංවිධානයේ නායකත්වයට පත් කරගත් අතර ඔවුන්ගේ අලූත් නායකයා සෙල්වරාසා පද්මනාදන් බව 2009 ජූලි 21 වැනිදා ඔවුන්ගේ නිවේදනය කළා. මේ අතර ඉන්දියාව සිදු කළේ කුමක්ද? ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කේපීව අත්අඩංගුවට ගැනීමට ඉන්දියාවට අවශ්‍යව තිබුණා. එම නිසා ජාත්‍යන්තර පොලිසිය හරහා කේපීව වටකර ඔහුව අල්ලා ගැනීමට ඉන්දියාව උත්සාහ කළා.

    මේ අතර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කළේ කුමක්ද? කේපී ඉන්දියාවට අල්ලා දීමට ඔහු කටයුතු කළාද? නැහැ... නමුත් ඔහු කළේ කේපීට ලංකාවට එන්නැයි කියා ඔහුට ආරක්‍ෂාව ලබා දීමයි. කේපී කොටි සංවිධානයේ අලූත් නායකයා බව ප්‍රකාශයට පත් කර තිබිය දී ඔහු ලංකාවට ගෙන්වා ගෙන ඔහුට ආණ්ඩුවේ ආරක්‍ෂාව ලබා දුන්නා. ශ්‍රී ලංකා ආණ්ඩුව කේපීව තබා ගෙන සිටින තුරු ඔහුව රැගෙන යාමට ඉන්දියාවට හැකියාවක් නැහැ. කේපීව අල්ලා ගැනීමට අවශ්‍ය නම් ඉන්දියාව ලංකාවට පැමිණිය යුතු අතර එසේ පැමිණ කේපීව බලෙන් ගෙන යාමට ඉන්දියාවට හැකියාවක් ඇත්තේ නැහැ. එසේ නම් කොටි සංවිධානයේ අලූත් නායකයා වන කේපීව ආරක්‍ෂා කර ගෙන සිටින්නේ මහින්ද රාජපක්‍ෂයි.

    මහින්ද රාජපක්‍ෂත්, කේපීත් අතර තිබෙන හිතවත්කම සහ සම්බන්ධතාවය කුමක්ද? මිනී මැරුම්වලට සම්බන්ධ, ශ්‍රී දළාදා මාළිගයට බෝම්බ ගැසීමට උදව් කළ පුද්ගලයාව තබා ගනිම්න් ඔහුව ආරක්‍ෂා කරන්නේ ඇයි? කේපීව ආරක්‍ෂා කරමින් කොටි ත්‍රස්තවාදය පරාජය කළ සරත් ෆොන්සේකාව හිරේ දමන්නේ ඇයි? කොටි පරාජය කර රට දිනාගත් රණවිරුවන්ට තණ කොළ කපන්නත්, කානු සුද්ධ කරන්නත් කියන්නේ ඇයි? කේපී වාහනයෙන් යන විට ඔහුට සැලියුට් ගහන්නැයි කියන්නේ ඇයි?

    2006 දී විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා යුරෝපා සංගමය සමග සාකච්ඡා කොට ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය නිසා යුරෝපයේ කොටි සංවිධානය තහනම් කිරීමට එකඟ කර ගත්තා. යුරෝපයේ එල්.ටී.ටී.ඊ. තහනමත් සමග කොටි සංවිධානය සතුව තිබූ බැංකු ගිණුම් සියල්ල ද තහනම් කෙරුණු අතර ඒ හේතුවෙන් එම බැංකු ගිණුම්වල තිබුණු විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වුණා.

    මේ තහනම ඉවත් කර ගැනීම සඳහා කේපී නායකයා බවට පත් කර ගැනීමෙන් පසු කොටි සංවිධානය යුරෝපා සංගමයට එරෙහිව නඩු පැවරුවා. ඒ අනුව, කේපී ලංකාවේ සිටිමින් ඔහු නායකත්වය දෙන කොටි සංවිධානය යුරෝපීය සංගමයට විරුද්ධව නඩු පවරනවා. කොටි සංවිධානය යුරෝපීය සංගමයට එරෙහිව නඩු පැවරූ විට එම සංගමයේ සහයෝගයට මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ නෙදර්ලන්ත ආණ්ඩුව යුරෝපා සංගමය වෙනුවෙන් ඉදිරිපත් වුණා. ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ.ය තහනම් කිරීමට යුරෝපා සංගමය ගත් තීරණය නිවැරදි බවත්, තමන් ද එම සංවිධානය තහනම් කළ බව එහිදී මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය කියා සිටියා. මෙහිදී යුරෝපීය සංගමයට සහයෝගය ලබාදීම සඳහා පාර්ශ්වයක් ලෙස ඉදිරිපත්වීමට සුදුසුම රට වූයේ ශ්‍රී ලංකාවයි. නමුත් ශ්‍රී ලංකා ජනරජය එම නඩුවට පාර්ශ්වකරුවකු ලෙස ඉදිරිපත් වුණේ නැහැ.

    මුන් තමයි කොටි ඇති කරන්නේ කියමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා යුරෝපා සංගමයට බැන වදිනවා. නමුත් කොටි සංවිධානයට විරුද්ධව මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය නඩු කියනවා නම් ශ්‍රී ලංකාවට නඩු කියන්න බැරි වුණේ ඇයි? මම මහින්ද රාජපක්‍ෂ වුණා නම් පළමුව කරන්නේ කේපී ගේ බෙල්ලෙන් අල්ලා නඩුව ඉවත් කර නොගන්නේ නම් ඔබව ඉන්දියාවට ගෙන ගොස් දෙන බව කියා සිටීමයි. නමුත් ඔහු ඒ දේවත් කළේ නැහැ. ඒ වෙනුවට කොටි සංවිධානයට විරුද්ධව සහයෝගය ලබාදීමට ද ඉදිරිපත් වුණේ නැහැ. යුරෝපා සංගමය තෙවතාවක් ලංකා ආණ්ඩුවේ සහයෝගය ඉල්ලා සිටියත් සහයෝගය ලබා දුන්නේ නැහැ.

    කෙසේ වෙතත් අවසානයේ සිදු වුණේ කොටි සංවිධානය එම නඩුවෙන් ජයග්‍රහණය කිරීමයි. කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එම නිසා එය තහනම් කිරීමට අයිතියක් මෙන්ම තහනම් කිරීමට නිවැරදි ක්‍රියාමාර්ගයක් ද තිබෙන බවත්, නමුත් එම නිවැරදි ක්‍රියාමාර්ගය අනුගමනය නොකළ බව එහිදී අධිකරණය පෙන්වා දුන්නා. ඒ වගේම කොටි සංවිධානයේ බැංකු ගිණුම්වලට තිබූ තහනම තවදුරටත් මාස 6 ක් පවත්වා ගෙන යාමට ද අධිකරණය අවසර ලබා දුන්න අතර තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමයට අවස්ථාව ද ලබා දුන්නා.

    ඒ අවස්ථාවේදීවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එම ඇපෑල ඉදිරිපත් කරන්නැයි යුරෝපා සංගමයට කියා එම නඩුවට සම්බන්ධ වෙනු ඇතැයි මම සිතුවා. නමුත් ආණ්ඩුව එවැනි දෙයක් කළේ නැහැ. මේ පිළිබඳව මා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ විට ඊට පිළිතුරක්වත් ලබා දුන්නේ නැහැ.

    කොටි සංවිධානය තහනම් කිරීමට නීතිමය පදනමක් තිබෙන බවත්, එහෙත් කොටි සංවිධානය තහනම් කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත අනුගමනය නොකිරීම නිසා කොටි තහනම ඉවත් කළ බව එම නඩුවේ දී අධිකරණය පෙන්වා දී තිබෙන බව මම යුරෝපා සංගමයේ විදේශ ඇමැතිතුමියට ලිපියක් යවමින් පෙන්වා දුන්නා. එම නිසා එම තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කරන්නැයි එම ලිපියෙන් ඉල්ලා සිටි මම, කොටි සංවිධානය තහනම් කිරීමට අනුගමනය කළ යුතු පිළිවෙත අනුගමනය කර තිබෙන බව ද සඳහන් කළා.

    නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව අද වනතුරුත් මේ සම්බන්ධයෙන් ලිපියක් හෝ ඉදිරිපත් කර නැහැ. නමුත් එම නඩුව සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විදේශ ඇමැතිතුමිය වෙත ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳව එතුමිය මට ලිපියක් එවමින් ස්තූතිය පළ කළා. කොටි සංවිධානය තහනම් කිරීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්, මෙම නඩු තීන්දුවට විරුද්ධව ඔවුන් ඇපෑලක් ඉදිරිපත් කරන බවත් යුරෝපා සංගමයේ විදේශ ලේකම්තුමිය මා වෙත එවූ පිළිතුරු ලිපියේ සඳහන් කර තිබෙන අතර ඔවුන් නිවැරදි ක්‍රියා පිළිවෙත අනුගමනය කර තිබෙන බැවින් කොටි සංවිධානයේ තහනම ඉවත් කළ නොහැකි බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. යුරෝපා සංගමයේ එම කටයුතුවලට මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ නෙදර්ලන්ත ආණ්ඩුව ද එකතු වී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව තවමත් ඊට එකතු වී නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව එයට එකතු නොවුණේ ඇයි? මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන්නේ කොටි සංවිධානයේ මුදල් තහනම් කර තැබීමට ද, නැතිනම් කොටි සල්ලි කේපීට ගැනීමට අවස්ථාව සලසා දීමටද? කොටි තහනම ඉවත් කිරීම පිළිබඳ එම නඩුවට ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධ නොවුණේ ඇයිදැයි වහාම රටට – ජනතාවට හෙළි කරන්නැයි මම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට කියා සිටිනවා.

    කොටි තහනම ඉවත් කළහොත් බැංකුවල තිබෙන එම සංවිධානයේ සියලූ මුදල් ලැබෙන්නේ කේපීටයි. කේපීට එම මුදල් ලබා ගැනීම සඳහා ඉඩ දීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නැහැ. නමුත් කේපීට එම මුදල් ලබා ගැනීමට ඉඩ දී ඔහුව ආණ්ඩුව ආරක්‍ෂාව යටතේ තබා ගෙන සිටිනවා නම් නැවත කොටි තර්ජනයක් ඇති වන බවත්, එය තමන්ට නැවැත්වීමට හැකි බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කියා සිටින්නේ කෙසේද?

    කොටි සංවිධානයේ මුදල් නැවත කොටින්ට ලබා දෙන්නේ මහින්ද රාජපක්‍ෂ බවත්, ඔහුට එසේ කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් මම අවධාරණය කරනවා. ඔහු අද කරන්නේ ද්‍රෝහීකමක් බව කිව යුතුයි. මම කියන දේ වැරදි නම් ඊට පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂට හැකියාව තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට නොපැමිණෙන්නේ මෙම චෝදනාවට පිළිතුරු දීමට ඔහුට නොහැකි නිසයි.

    මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ කරුණු සියල්ල අප ලබා දී තිබෙන අතර විවාදයේ දී පළමුව ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නැයි එතුමාට කියා සිටියා. එහිදී ඒ පිළිබඳව ප්‍රශ්න කළොත් කිවන්ෂොට්කි වගේ විවාදය ජයග්‍රහණය කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට කියා සිටියා. මොකද එහිදී ජනාධිපතිවරයාට කේන්ති යන අතර නැතිනම් ඔහු එතැනින් නැගිට යන නිසයි. මේ නිසා ජනාධිපතිවරයා විවාදයකට පැමිණීමට බිය වී සිටිනවා.

    ඒ අනුව ඇත්ත කොටියා වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්‍ෂ මහතා බව මම කියනවා. කොටි සංවිධානය සතුව නෞකා 19 ක් තිබුණු අතර ඒ එක නෞකාවකට පහර දී මුහුදේ ගිල්ලීමට අපට හැකි වුණා. අනෙක් නැව් සියල්ල ලංකාවට ගෙන එන බව ආණ්ඩුව කියා සිටියා. එම නැව් එදා ලියාපදිංචි කර තිබුණේ පැනමා ජනරජය යටතේ වන අතර අද ද එම නැව් ලියාපදිංචි වී තිබෙන්නේ එම ජනරජයේමයි. එම නැව් අදත් යාත්‍රා කරනවා. එම නැව් ලංකාවට ගෙන්වීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කටයුතු නොකළේ ඇයි?

    කොටි සංවිධානය සතු ඉන්ධන පිරවුම්හල් 600 ක් පමණ යුරෝපය, අමෙරිකාව, කැනඩාව ආදී රටවල තිබෙනවා. එම ඉන්ධන හල් සොයා ගෙන ඒවා ශ්‍රී ලංකා ආණ්ඩුවට නොගත්තේ ඇයි? එසේ නම් කොටියගේ මිත්‍රයා කවුද? කොටියාගෙන් හම්බ කරන්නේ කවුද...?

    යුද්ධය දිනන විට ජනාධිපතිවරයාව සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා වන අතර ඒ සම්බන්ධයෙන් අපට විවාදයක් නැහැ. නමුත් අප ප්‍රශ්න කරන්නේ යුද්ධය අවසන් කළ පසු කොටි සංවිධානයත් සමග වැඩ කරන්නේ ඇයිද යන්නයි.


    කොටියාට ඔක්සිජන් ලබා දී තමන්ගේ වාසියට කොටියා ඇති කරන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බව කිව යුතුයි. 2005 ජනාධිපතිවරණයේ දී මා පරාජය කිරීමට ද කොටින්ට මුදල් ලබා දුන්නා. ඒ අනුව කොටි සමග ගනුදෙනු කිරීමට දන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පමණයි. මට කොටියා යැයි කොතෙක් කියා සිටියත් නියම කොටියා මහින්ද රාජපක්‍ෂ බව කිව යුතුයි." - රනිල් වික්‍රමසිංහ


    source-http://www.infosrilankanews.co/2014/12/ranil-mr.html
     

    Mata_Amritanandamayi

    Active member
  • Nov 4, 2014
    286
    92
    43
    Kollam District
    Pakabaram after achieving Eelam........

    Prabhakarans-body-2.jpg



    2Q==
     
    Last edited:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    reputation_neg.gif
    එල්.ටී.ටී.ඊ 12-31-2014 08:22 AM I can not agree with you...............do not insult MR
    reputation_neg.gif
    එල්.ටී.ටී.ඊ 12-31-2014 08:21 AM ube ammaa pissu hedune kohomadha?

    reputation_neg.gif
    එල්.ටී.ටී.ඊ 12-31-2014 08:20 AM pala sonnoyo yanna...........scurvy

    කොල්ලනේ උඹල කැමති දෙයක් කරපල්ලා. මේක මම type කරපු එකක් නෙවෙයි. උඹල පාට කන්නාඩි හින්ද හරි මේක කියල තියෙන එකාට තියෙන අකමැත්ත හින්ද හරි මොනවා කලත් පොඩ්ඩක් කියවල හිතල බලපන් මේක ඇත්තද බොරුද කියලා.
     
    • Like
    Reactions: kajja

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කොටි සංවිධානය සතුව නෞකා 19 ක් තිබුණු අතර ඒ එක නෞකාවකට පහර දී මුහුදේ ගිල්ලීමට අපට හැකි වුණා. අනෙක් නැව් සියල්ල ලංකාවට ගෙන එන බව ආණ්ඩුව කියා සිටියා. එම නැව් එදා ලියාපදිංචි කර තිබුණේ පැනමා ජනරජය යටතේ වන අතර අද ද එම නැව් ලියාපදිංචි වී තිබෙන්නේ එම ජනරජයේමයි. එම නැව් අදත් යාත්‍රා කරනවා. එම නැව් ලංකාවට ගෙන්වීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කටයුතු නොකළේ ඇයි?

    බොරු කියන්න එපා මචන්,නාවික හමුදාව නෑවු 10 ක් විනාශ කරා ප්‍රින්සස් ක්‍රිශාන්තා නෑව මෙහෙට ගෙනාවා දෑන් එක නාවික හමුදාවෙ තියනවා මෙ ගෑන විස්තර අද්මිරාල් කරන්නාගොඩ ලියපු අද්ශ්ටානය පොතෙ හොන්දට විස්තර කරලා තියනවා. මොන වාසි ගන්න කාට බෑන්නත් කමක් නෑහ මචන් රටෙ හමුදා කරපු දෙවල් ගෑන බොරු කරන්න එපා.:no::no:
     
    • Like
    Reactions: SLinKy

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කොටි සංවිධානය සතුව නෞකා 19 ක් තිබුණු අතර ඒ එක නෞකාවකට පහර දී මුහුදේ ගිල්ලීමට අපට හැකි වුණා. අනෙක් නැව් සියල්ල ලංකාවට ගෙන එන බව ආණ්ඩුව කියා සිටියා. එම නැව් එදා ලියාපදිංචි කර තිබුණේ පැනමා ජනරජය යටතේ වන අතර අද ද එම නැව් ලියාපදිංචි වී තිබෙන්නේ එම ජනරජයේමයි. එම නැව් අදත් යාත්‍රා කරනවා. එම නැව් ලංකාවට ගෙන්වීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කටයුතු නොකළේ ඇයි?

    බොරු කියන්න එපා මචන්,නාවික හමුදාව නෑවු 10 ක් විනාශ කරා ප්‍රින්සස් ක්‍රිශාන්තා නෑව මෙහෙට ගෙනාවා දෑන් එක නාවික හමුදාවෙ තියනවා මෙ ගෑන විස්තර අද්මිරාල් කරන්නාගොඩ ලියපු අද්ශ්ටානය පොතෙ හොන්දට විස්තර කරලා තියනවා. මොන වාසි ගන්න කාට බෑන්නත් කමක් නෑහ මචන් රටෙ හමුදා කරපු දෙවල් ගෑන බොරු කරන්න එපා.:no::no:


    නිවැරදි කිරීමට ස්තුතියි.

    මචන් මම කලින් කිව්වා වගේ රනිල් කරපු කතාව copy paste විතරයි කලේ. මේක මම සංස්කරණය කලේ නෑ. මමත් අවුරුදු ගණනක ඉදන් පත්තරවල ආරක්ෂක තීරු කියෙව්වා (2000 ට කලින් ඉදන්). internet එකේ army එකට ගහල තියෙන ඒවාට පුළුවන් විදිහට උත්තර දුන්නා. LTTE එකට නැව් විශාල ගණනක් එක්ක විවිධ ක්ෂේත්‍ර වල ආයෝජනය කරපු ව්‍යාපාර ජාලයක් තිබුණු බව දන්නවා ඇතිනේ. ඒවායින් බොහොමයක් නිත්‍යානුකුල විදිහට පවත්වාගෙන යන ඒවා. ඔක්කොම connection ටික තිබ්බේ KP අතේ. KP මේ පැත්තට එනකොට සමහරක් ව්‍යාපාර ගිලිහෙන්න ඇති. ඒත් රටට වැඩක් නැත්නම් ඇයි ආරක්ෂාව දෙන්නේ?
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මූව ගේන කොට තියෙනවයි කිව්ව නැව් කො යුද්දෙ ඉවර වෙලා නැව් වලට ගැහුවෙ පොත ලියනද පොත් පෙරලන එපා
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ltte eka ithure wela inna un aulak na ban un deshapalaneta genna onene naththam un aith oka patan ganine.