එල කොල්ලෙක්

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඔන්න අමාරුවෙන් පරණ කතාවක් දාන්නයි යන්නේ. පොඩි උන් දුවපියව්.....




    එහෙම කිව්වම කට්ටියම ඇවිත් බලනවා මයේ හිතේ.



    ඔන්න අපේ සිරිපාලයයි මාටිනුයි දවසක් සෙට් වුනා. බෝතලේ තුන් කාලක් විතර ඉවර වෙද්දි දෙන්නාම පම්පෝරි ගැහිල්ල පටන් ගත්තා.

    සිරිපාල : උඹට කියන්න මාටියෝ මම කොන්ගෝවේ ඉන්න කාලෙ වෙච්ච සීන් එකක් මේක.

    මාටින් : අම්මප.. ඒ කොහෙද සිරෝ ඒ?

    සිරිපාල :යකෝ ඒක භයානක කැලෑවක්.. පනට ආදරේ ඇති එකෙක් යන්නෙ නෑ මේ මම වගේ නිර්භීත එකෙක් ඇරෙන්න.. මම දවසක් මේ කැලේට ගියා තනියම , වැඩේ කියන්නේ ගල් කටස් එකත් අමතක උනා.

    මාටින් : අම්මප.. ඉතින් ඉතින්.

    සිරිපාල : ඝන කැලේ මම යද්දි එක පාරටම...

    මාටින් : ජිරාෆ්?

    සිරිපාල : මගුලක් කතා කරනවා. යකෝ අප්‍රිකානු කොටියා ඕයි..

    මාටින් : අම්මප.. ගෙරෙව්වද?

    සිරිපාල : ගෙරෙව්වා නෙමෙයි යකෝ මං පස්සෙ පැන්නුවා. මම දිව්වා දිවිල්ලක්, ඌත් ඇරියේ නෑ පැන්නුවා. මූ දුවගෙන ඇවිත් පනින්න හදනකොටම ලිස්සලා වැටුනා.. ඒ පාර මම ආයෙත් දුවන්න ගත්තා.

    මාටින් : අම්මප.. උඹ මාර බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ. :shocked::shocked:


    සිරිපාල : මොන බේරිල්ලක්ද බන් උගෙන්. ඌ හරිම වේගවත්. මූ ආයේ එක පිම්මට මාව පන්නන්න ගත්තා.මූ ඇවිල්ලා පනින්න හදද්දිම ආයෙ ලිස්සුවා. ඊලඟ පාරත් එහෙමමයි, පනින්න හදද්දිම ලිස්සලා වැටුනා. තුන් වෙනි වතාවෙදි ඌ ලිස්සලා වැටුනම මම ගහකට නැගලා පන බේරගත්තා ඕයි.

    මාටින් : අම්මප.. කැ* සිද්දිය මචෝ. උඹ දිහා දෙයියෝ බලලා තියෙනවා. මම ඇත්තමයි කියන්නේ මචන්, උඹ නම් එල කොල්ලෙක්. මට එහෙම ඔය සිද්දිය උනානම් මට එතෙනම රෙවෙනවා ඕයි.

    සිරිපාල : යකෝ... තෝ හිතන්නේ කොටියා තුන් පාරක්ම ඇදන් වැටුනේ මොනා පෑගිලා කියලද??:P:P:P:P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    laugh8kb.gif