එස්.එෆ්. ලොක්කා මරාදැමුවේ පොලිසියෙන් බව CIDය උසාවියට දැනුම් දෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    sf-lokka-police-murder

    පාතාල කල්ලි සාමාජිකයකු වන එස්.එෆ්. ලොක්කා නමැත්තාට වෙඩි තබා මරා දමා ඇත්තේ අනරාධපුරයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් පිරිසක් රුපියල් කෝටි ගණනක කොන්ත්‍රාත්තුවකට බව හෙළි වූ බව රහස් පොලිසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතාට දැනුම් දුන්නේය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේරමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එස්.එෆ්. ලොක්කා ඝාතනය ඇතුළු තවත් අපරාධ රැසකට අදාළ තොරතුරු අනාවරණ වූ බව ද රහස් පොලිස් නිලධාරීන් වැඩිදුරටත් දැනුම් දුන්නේය.සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කළ දැනුම් දීම් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර, විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද නියම කළේය.

    සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු, අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අපරාධ කල්ලි සාමාජිකයකු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා නමැත්තා මීට වසර කිහිපයකට පෙර වෙඩි තබා මරා දමා ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ රාජකාරි කළ හිටපු සහකාර පොලිස් අධිකාරිවරයකු, උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයකු එක්ව සිදු කළ සැලසුමකට අනුව බවට තොරතුරු ලැබී ඇතැයි කීය.

    යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේරමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් අනාවරණ වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    කේරළ ගංජා සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේදී බන්ධනාගාරගත කළ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බන්ධනාගාරය තුළදී එස්.එෆ්. ලොක්කා නමැත්තා සමග යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා නමැත්තා සමග ආරවුලක් ඇති කරගෙන ඇතැයි ද, එලෙස ආරවුල් කරගත් ව්‍යාපාරිකයා හිටපු සහකාර පොලිස් අධිකාරිවරයකු සහ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග එක්ව ගංජා ජාවාරම් කර ඇති බවට තොරතුරු අනාවරණ වූයේ යැයි කී රහස් පොලිස් නිලධාරීහු, මේ අතර අනුරාධපුරයේ හිටපු පොලිස් ප්‍රධානියකු අදාළ ව්‍යාපාරිකයා සිය කාර්යාලයට ගෙන්වා එස්.එෆ්. ලොක්කා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු හෙළි වූයේ යැයි ද දැනුම් දුන්නේය.
    එම සැලසුමට අනුව උප පොලිස් පරීක්ෂකවරයකු සහ සැරයන්වරයකු ටී-56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් ද ගෙන දේශපාලනඥයකුට අයත් මෝටර් රථයකින් පැමිණ සැකකාර ව්‍යාපාරිකයා ද මෝටර් රථයේ නංවාගෙන ගොස් ඇතැයි ද, පසුව සැකකාර ව්‍යාපාරිකයා පොලිස් සැරයන්වරයකු සමග යතුරුපැදියකින් එස්.එෆ්. ලොක්කා ගමන් කළ මෝටර් රථය පසුපස හඹා ගොස් අනුරාධපුර දහයියාගම හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී වෙඩි තබා එස්. එෆ්. ලොක්කා ඝාතනය කර ඇතැයි ද දැනුම් දුන් රහස් පොලිසිය, එස්.එෆ්. ලොක්කා ඝාතනය කිරීම වෙනුවෙන් පාර්ශ්ව කිහිපයකින් පොලිස් නිලධාරීන්ට කෝටි ගණනක මුදලක් ලැබී ඇතැයි ද දැනුම් දුන්නේය.

    මෙම සිද්ධිය පිළිබඳව මෙන්ම මොවුන් එක්ව කළ තවත් අපරාධ අපරාධ කිහිපයකට කිහිපයකට අදාළ සුලමුල සැකකරුවන්ගේ ප්‍රකාශ මගින් අනාවරණය වෙමින් පවතින බව ද, සිද්ධියට අදාළ කරුණු තහවුරු කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන කරන බව ද දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන කරන බව ද දැනුම් දුන්නේය.සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින්, තම සේවාදායකයන්ට එරෙහිව සැලසුම් සහගතව කර ඇති මෙම පැමිණිලිවල අඩංගු සියලු කරුණු අසත්‍ය යැයි පැවැසූහ. විවිධ පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව මත තම සේවාදායකයන් අමාරුවේ දැමීමේ අරමුණ ඇතිව යම් පුද්ගලයකු ප්‍රකාශයක් කළ පමණින් එකී ප්‍රකාශය සත්‍ය බව හුවා දක්වමින් අධිකරණයට කරුණු කීම යුක්ති සහගත නොවන බවත්, එය තම සේවාදායකයන්ට කරන අගතියක් බවත් කී නීතිඥවරු, පදනම් විරහිත මෙම චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු කරන බව ද කීහ.

    උපාලි ආනන්ද
    5.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    හරිම වැරදියි..පාතාලයෝද උගත් බුද්දිමත් දරුවෝය..
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    චන්දෙ දවසේ වෙඩිතිබ්බ එකත් මාර වැඩක් නේද :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Ara mata wedi thibba kiyala Canada PR daganna natapu ekage yaluwa da? Lol
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    sf-lokka-police-murder

    පාතාල කල්ලි සාමාජිකයකු වන එස්.එෆ්. ලොක්කා නමැත්තාට වෙඩි තබා මරා දමා ඇත්තේ අනරාධපුරයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් පිරිසක් රුපියල් කෝටි ගණනක කොන්ත්‍රාත්තුවකට බව හෙළි වූ බව රහස් පොලිසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතාට දැනුම් දුන්නේය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේරමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එස්.එෆ්. ලොක්කා ඝාතනය ඇතුළු තවත් අපරාධ රැසකට අදාළ තොරතුරු අනාවරණ වූ බව ද රහස් පොලිස් නිලධාරීන් වැඩිදුරටත් දැනුම් දුන්නේය.සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කළ දැනුම් දීම් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර, විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද නියම කළේය.

    සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු, අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අපරාධ කල්ලි සාමාජිකයකු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා නමැත්තා මීට වසර කිහිපයකට පෙර වෙඩි තබා මරා දමා ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ රාජකාරි කළ හිටපු සහකාර පොලිස් අධිකාරිවරයකු, උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයකු එක්ව සිදු කළ සැලසුමකට අනුව බවට තොරතුරු ලැබී ඇතැයි කීය.

    යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේරමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් අනාවරණ වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    කේරළ ගංජා සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේදී බන්ධනාගාරගත කළ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බන්ධනාගාරය තුළදී එස්.එෆ්. ලොක්කා නමැත්තා සමග යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා නමැත්තා සමග ආරවුලක් ඇති කරගෙන ඇතැයි ද, එලෙස ආරවුල් කරගත් ව්‍යාපාරිකයා හිටපු සහකාර පොලිස් අධිකාරිවරයකු සහ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග එක්ව ගංජා ජාවාරම් කර ඇති බවට තොරතුරු අනාවරණ වූයේ යැයි කී රහස් පොලිස් නිලධාරීහු, මේ අතර අනුරාධපුරයේ හිටපු පොලිස් ප්‍රධානියකු අදාළ ව්‍යාපාරිකයා සිය කාර්යාලයට ගෙන්වා එස්.එෆ්. ලොක්කා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු හෙළි වූයේ යැයි ද දැනුම් දුන්නේය.
    එම සැලසුමට අනුව උප පොලිස් පරීක්ෂකවරයකු සහ සැරයන්වරයකු ටී-56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් ද ගෙන දේශපාලනඥයකුට අයත් මෝටර් රථයකින් පැමිණ සැකකාර ව්‍යාපාරිකයා ද මෝටර් රථයේ නංවාගෙන ගොස් ඇතැයි ද, පසුව සැකකාර ව්‍යාපාරිකයා පොලිස් සැරයන්වරයකු සමග යතුරුපැදියකින් එස්.එෆ්. ලොක්කා ගමන් කළ මෝටර් රථය පසුපස හඹා ගොස් අනුරාධපුර දහයියාගම හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී වෙඩි තබා එස්. එෆ්. ලොක්කා ඝාතනය කර ඇතැයි ද දැනුම් දුන් රහස් පොලිසිය, එස්.එෆ්. ලොක්කා ඝාතනය කිරීම වෙනුවෙන් පාර්ශ්ව කිහිපයකින් පොලිස් නිලධාරීන්ට කෝටි ගණනක මුදලක් ලැබී ඇතැයි ද දැනුම් දුන්නේය.

    මෙම සිද්ධිය පිළිබඳව මෙන්ම මොවුන් එක්ව කළ තවත් අපරාධ අපරාධ කිහිපයකට කිහිපයකට අදාළ සුලමුල සැකකරුවන්ගේ ප්‍රකාශ මගින් අනාවරණය වෙමින් පවතින බව ද, සිද්ධියට අදාළ කරුණු තහවුරු කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන කරන බව ද දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන කරන බව ද දැනුම් දුන්නේය.සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින්, තම සේවාදායකයන්ට එරෙහිව සැලසුම් සහගතව කර ඇති මෙම පැමිණිලිවල අඩංගු සියලු කරුණු අසත්‍ය යැයි පැවැසූහ. විවිධ පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව මත තම සේවාදායකයන් අමාරුවේ දැමීමේ අරමුණ ඇතිව යම් පුද්ගලයකු ප්‍රකාශයක් කළ පමණින් එකී ප්‍රකාශය සත්‍ය බව හුවා දක්වමින් අධිකරණයට කරුණු කීම යුක්ති සහගත නොවන බවත්, එය තම සේවාදායකයන්ට කරන අගතියක් බවත් කී නීතිඥවරු, පදනම් විරහිත මෙම චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු කරන බව ද කීහ.

    උපාලි ආනන්ද
    5.jpg
    කැරි ඇඟ නෙහ් 😮😮😮🌹
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads