එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණ

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණ

    එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්.

    2lutend.jpg


    චරිතාපදානය.
    1956 මහා මැතිවරණය ජය ලැබීමෙන් පසුව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්විය. ඒ එතුමා බිහි කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 මහා මැතිවරණයෙන් අති බහුතර බලයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. 1959 සැප්තැම්බර් 26 වැනිදා චීවරධාරියෙකු විසින් ඝාතනය කරනු ලබන තුරුම එතුමා එම තනතුර දැරීය. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් බ්‍රිතාන්ය පාලනය සමග ඉතා සමීප සබඳතා පැවැත්වූ ඉඩම් හිමි පෙලපතකින් පැවත එන්නෙකි. බණ්ඩාරනායක මැතිතුමාග් පියා ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක නම් විය. ඔහු යටත් විජිත සමයේ ආණ්ඩුකාරවරයාගේ කාර්ය මණ්ඩලයේ ඉහළ තනතුරක් දැරීය. ප්‍රතාපවත් නායකයෙකු හා චතුර කථිකයෙකු වූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ශ්‍රී ලංකාවට ස්වයං පාලනය ලබා ගැනීමටත්, දේශීය සංස්කෘතිය හා භාෂාව නගා සිටුවීමටත් කැප වූ නායකයෙකු වශයෙන් ඉතිහාසයට එක්විය. දේශීය අපේක්ෂාවන් නගා සිටුවීමට එතුමා රට පාලනය කල සමයේ සමත් වූ හෙයින් එම කාලය “පොදු ජන යුගය” ලෙස හැඳින්වින.

    ශ්‍රී ලංකාවේ දේශපාලනය, ආර්ථික සහ සමාජ සංවර්ධනය කෙරෙහි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ බලපෑම කොතරම් ගැඹුරු වීද යත් එතුමා අනුගමනය කල ප්‍රතිපත්ති වර්තමානයේද ගෞරවයෙන් සිහිපත් කෙරේ. එතුමාගේ දර්ශණය හා ප්‍රතිපත්ති වර්තමානයේද අනුගමනය කරමින් පැවතීම තුල ඉහත කාරණය මනාව තහවුරු වේ.

    1948 පෙබරවාරි මස 04 දින ලංකාවට නිදහස උදා වූ අවස්ථාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායකවරයා ලෙස සිංහ ධජය ඔසවන අවස්ථාවේදී නිදහස පිළිබදව එතුමා පැවසූවේ “රටක් දේශපාලන නිදහසින් පමණක් නොව, සමාජ හා ආර්ථික නිදහසින්ද පෝෂණය විය යුතු” බවය. එතුමාගේ දැක්ම හා මතය මහජන සිතුම් පැතුම් සහ අභිලාෂයන් මත පිහිටා ක්‍රියා කළේය. මහජනයා නිදහස් හා ස්වෛරීවීමට නම් ඔවුනට මූලික මානව අයිතිවාසිකම් ලබා දීම රජයේ වගකීම වේ. දුප්පත්කමින් නිදහස, ලෙඩරෝගවලින් නිදහස, නූගත්කමින් නිදහස හා බියෙන් තොරව ජීවත්වීමට මහජනතාවට සාධාරණ අයිතිවාසිකමක් ඇතැයි යන්න බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ අදහස විය.

    මෙම අයිතිවාසිකම් සැමට සපුරාලීම සහතිකවීම රජයේ වගකීමකි. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ අභිප්‍රාය වුයේ ඉහත කරුණු ආණ්ඩුක්රම ව්‍යවස්ථාවට අන්තර්ගත කිරීමයි. එහෙත් කුමන්ත්‍රණකරුවන් විසින් බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජීවිතය අහිමි කල නිසාවෙන් එතුමන්ට එම අරමුණු ලාංකීය ජනතාවට ලබා දීමට නොහැකි විය. නමුත් එම සිහිනය එතුමාගේ බිරිඳ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1972 නව ආණ්ඩුක්රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරමින් සැබෑ කළාය.


    එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ දිවියේ විශේෂ අවස්ථා.
    1899 : සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමාටත්, ඩේසි ඇසිලින් බණ්ඩාරනායක මැතිනියටත් දාව, "මෝදර එළි හවුස්" මන්දිරයේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා උපත ලැබීය.
    1899 ජනවාරි 08
    කොළඹ අළුත්කඩේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී සර් ජෝශප් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයාගේ ආගමික පීතෘත්වයෙන් බවුතිස්ම ලැබීය. (සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නාමයට "වෙස්ට් රිජ්වේ" යන නම් දෙක එක් වූයේ මෙම ආගමික පීතෘත්වය නිසාය.)

    1907 : ශාන්ත තෝමස් විද්යාලයට ඇතුලත්වීම.
    1907 මුල් කාලයේ පවතී පෞද්ගලික ඉගනීම් පන්ති නවතා බණ්ඩාරනායක තරුණයා ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුල් විය

    1915 : කේම්බ්රිජ් විශ්ව විද්යලය මගින් පවත්වන ලද ජ්යෙෂ්ඨ විභාගය සමත් විය
    1915 දෙසැම්බර්
    කේම්බ්‍රිජ් විශ්ව විද්යලය මගින් පවත්වන ලද ජ්‍යෙෂ්ඨ විභාගයේදී ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් හා ප්රංශ භාෂාවන්ට සම්මාන ලබා එම වාරයේ බ්‍රිතාන්ය අධිරාජ්යය තුළ "කේම්බ්‍රිජ් සීනියර්" විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන් අතර තෙවන ස්ථානය දිනා ගැනීම.

    1919 : ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළුවීම
    1919 ඔක්තෝම්බර්
    උසස් අධ්‍යාපනය ලැබීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළුවීම.

    1921 : ඔක්ස්ෆර්ඩ් ශිෂ්ය සංගමයේ පළමු කථාව පැවැත්වීම
    1921 නොවැම්බර් 17
    වාදයේ මාතෘකාව වුයේ "අද පවත්නා පාර්ලිමේන්තු ක්රමය වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතා ඉටු නොකරයි". යන්නයි.
    1923 : ඔක්ස්ෆර්ඩ් සරසවියයෙන් උපාධිය ලබා ගැනීම
    1923 පෙබරවාරි
    ඔක්ස්ෆර්ඩ් සරසවිය තුළ වසර හයක උසස් අධ්‍යාපනය නිමාකර උපාධිධාරියෙකු ලෙස එහින් පිටත්විය. එතුමා එහි සිටි කාලය තුල ඔක්ස්ෆර්ඩ් ශිෂ්ය සංගමයේ ලේකම් පදවියට තරගයෙන් පත්වූ අතර "මාජිලිස්" ශිෂ්ය සංගමයේ සභාපති ධුරයද දැරීය.

    1923 : ඔක්ස්ෆර්ඩ් සරසවියයෙන් උපාධිය ලබා ගැනීම
    1923 පෙබරවාරි
    ඔක්ස්ෆර්ඩ් සරසවිය තුළ වසර හයක උසස් අධ්‍යාපනය නිමාකර උපාධිධාරියෙකු ලෙස එහින් පිටත්විය. එතුමා එහි සිටි කාලය තුල ඔක්ස්ෆර්ඩ් ශිෂ්ය සංගමයේ ලේකම් පදවියට තරගයෙන් පත්වූ අතර "මාජිලිස්" ශිෂ්ය සංගමයේ සභාපති ධුරයද දැරීය.

    1925 :සියරට පැමිණීම
    1925 පෙබරවාරි 25
    ඔක්ස්ෆර්ඩ් සරසවිය තුළ වසර 06 ක උසස් අධ්‍යාපනය නිමාකර උපාධිධාරියෙකු හා බැරිස්ටර්වරයෙකු වශයෙන් ලංකාව බලා පැමිණී බණ්ඩාරනායක තරුණයා උඩගහපත්තුවේ ජනතාව විසින් පිළිගනු ලැබීම
    1925 අප්‍රේල් 09
    වැඩ බලන අග්‍රවිනිශ්චයාකාරතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරයෙකු ලෙස දිව්රුම් දීම.

    1926 : දේශපාලනයට පිවිසීම
    1926 ජුනි
    ලංකා ජාතික සංගමයේ ලේකම්වරයෙකු ලෙස ක්‍රියා කිරීම.
    1926 සැප්තැම්බර් 04
    ශ්‍රී ලංකාවට ස්වරාජ්යය දිනාගැනීමේ අභිලාශය ඇතිව පිහිටුවන ලද ජාතිහිතෛෂී පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම.
    1926 දෙසැම්බර් 14
    කොළඹ මහ නගර සභාවේ මරදාන කොට්ඨාශයේ පැවැති අතුරු මැතිවරණයේදී එවකට "ලංකා කම්කරු සංගමයේ" නායකයා වූ ඒ.ඊ. ගුණසිංහ මහතා පරාජයට පත් කරමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ජයග්රහණය කරනු ලැබීය

    1931 : වේයන්ගොඩ ආසනයේ මන්ත්රීවරයා ලෙස නිතරගයෙන් තේරී පත් විය
    1931
    එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා වේයන්ගොඩ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස ප්රථම වරට රාජ්ය මන්ත්රණ සභාවට (ව්‍යවස්ථාදායකයට) තේරී පත් විය. (එය නිතරගයෙන් සිදු වූ අතර, එය ඔහුගේ පළමු ව්‍යවස්ථාදායක ආගමන විය.)

    1933 : බෞද්ධ ආගම වැළද ගැනීම
    1933
    අත්තනගල්ල රජමහා විහාරයේදී ක්‍රිස්තු ධර්මය අතහැර බෞද්ධ ආගම වැළද ගැනීම.

    1934 : සිංහල මහා සභාවේ සභාපති පදවියට තේරී පත්වීම
    1934 මැයි 19
    සිංහල මහා සභාවේ ආරම්භක රැස්වීම පිටකොටුව බෞද්ධ මන්දිරයේදී ආරම්භ වූ අතර, එහි සභාපති පදවියට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා තේරී පත්වීය.

    1936 : දෙවන රාජ්ය මන්ත්රණ සභා මැතිවරණයේදී රාජ්ය මන්ත්රණ සභාවට වේයන්ගොඩ ආසනයේ මන්ත්රීවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වීය.
    1936 මාර්තු
    දෙවන රාජ්ය මන්ත්රණ සභාවේ පළාත් පාලන කාරක සභාවේ සභාපති ධූරයට නිතරග‍‍‍‍යෙන් පත්වීම. (දෙවන රාජ්ය මන්ත්රණ සභා අමාත්ය මණ්ඩලයේ ලාබාලම අමාත්‍යවරයා වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය)

    1940 : සිරිමාවෝ රත්වත්තේ මෙනවිය සමග විවාහ දිවියට ඇතුල්වීය
    1940 ඔක්තෝම්බර් 03
    එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බලංගොඩ බාන්ස් රත්වත්තේ දිසාව හා මහවලතැන්නේ රත්වත්තේ කුමාරිහාමි යන දෙමව්පියන්ගේ ජ්‍යෙෂ්ඨ දියණිය වූ සිරිමාවෝ රත්වත්තේ මෙනවිය සමග බලංගොඩ වලව්වේදී විවාහ දිවියට ඇතුල්වීය.

    1943 : සුනේත්රා දියණිය උපත ලැබීම
    1943 ජූලි 27
    එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඔවුන්ගේ පළමු දරුවා ලෙස සුනේ‍‍ත්‍රා දියණිය උපත ලැබීම.

    1945 : ‘නිදහස් ලංකා පනත’ ඉදිරිපත් කිරීම
    1945 ජනවාරි 19
    ලංකාව සඳහා අළුත් ආණ්ඩුක්රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වූ "නිදහස් ලංකා පනත" රාජ්ය මන්ත්රණ සභාවට ඉදිරිපත් කිරීම.
    1945 ජුනි 29
    එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඔවුන්ගේ දෙවන දරුවා ලෙස චන්ද්‍රිකා දියණිය උපත ලැබීම.

    1947 : ප්රථම පාර්ලිමේන්තුව සඳහා මන්ත්රීවරයෙකු ලෙස පත්වීම
    1947 අගෝස්තු
    1947 ප්රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී අත්තනගල්ල ආසනය නියෝජනය කරමින් වාර්තාගත ජයග්‍රහණයක් ලබා, ප්රථම පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම.

    1948 :ලංකා ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු කථාව
    1948 පෙබරවාරි 04
    ප්රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පළාත් පාලන හා සෞඛ්ය ඇමති පදවියට හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායක ධූරයට පත්වීය. ප්රථම පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කළ පසු ග්ලොස්ටර් ආදිපාදතුමා පැවැත් වූ කථාවට ලංකා ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු කථාව පැවැත්වීම.

    1949 :තෙවන දරුවා ලෙස අනුර පුතනුවන් උපත ලැබීම.
    1949 පෙබරවාරි 15
    එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඔවුන්ගේ තෙවන දරුවා ලෙස අනුර ප්‍රියදර්ශී පුතනුවන් උපත ලැබීම.

    1951: ශ්රීලංකාවේ දේශපාලනයේ ගමන්මග වෙනස් කිරීම
    1951 ජුලි 12
    මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරි වර්ෂය සඳහා අයවැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දිනයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා එතෙක් වසර 4 ක් තිස්සේ තමන් දැරූ සෞඛ්ය හා පළාත් පාලන අමාත්ය පදවියෙන් හා සභානායක පදවියෙන් ඉවත්ව විරුද්ධ පක්ෂයට පැමිණීම.
    1951 සැප්තැම්බර් 02
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීම හා නිර්මාතෘවරයා ලෙස එහි ප්රථම සභාපති ධුරයට පත්වීම.

    1952 : විරුද්ධ පක්ෂයේ නායක පදවිය
    1952 මැයි
    1952 මහ මැතිවරණයේදී, මැතිවරණ ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් අත්තනගල්ල ආසනය ජයග්රහණය කිරීම.
    1952 මැයි
    විරුද්ධ පක්ෂයේ නායක පදවියට පත්වීම.


    1956 : ශ්රී ලංකාවේ සිව්වන අග්රාමාත්යවරයා ලෙස පත්වීම
    1956 පෙබරවාරි 21
    මහජන එක්සත් පෙරමුණ පිහිටුවීම.
    1956 අප්‍රියෙල් 12
    නිදහස් ලංකාවේ පැවැති තෙවන මහ මැතිවරණයෙන් එතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අත්තනගල්ල ආසනය ජයග්රහණය කිරීම. නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම.
    1956
    චීන මහජන සමුහාණ්ඩුව හා සෝවියට් දේශය සමග තානාපති සබඳතා ආරම්භ කිරීම - චීන මහජන සමුහාණ්ඩුවේ ප්රථම තානාපති පදවියට විල්මට් ඒ. පෙරේරා මහතාද, සෝවියට් දේශ‍යේ ප්රථම තානාපති පදවියට ගුණපාල මලලසේකර මහතාද පත්කර යැවීම
    1956 මැයි 01
    මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම හා ප්රථම මැයි දිනය රාජ්ය අනුග්රහය ඇතිව නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීම.
    1956 ජූලි 07
    සිංහල පමණක් රාජ්ය භාෂාව කිරීමේ පනත (1956 අංක 33) බණ්ඩාරනායක අගමැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර, එම යෝජනාව සම්මත වීම
    1956 නොවැම්බර් 22
    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා දේශනයක් පැවැත්වීම.

    1957 : අලුත් ශ්රීලංකාවක් සඳහා පියවර
    1957 අප්‍රේල් 25
    සිංහල පමණක් රාජ්ය භාෂාව කිරීමේ පනත සම්මත වීමෙන් පසුව ද්‍රවිඩ භාෂාවට යුක්තිසහගත ස්ථානයක් ලබාදීම සඳහා තමන් සකස් කර ඇති චතුර්විධ වැඩ පිළිවෙලක් බණ්ඩාරනායක අගමැතිතුමා විසින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී
    1957 ජුනි 26
    පෙඩරල් පක්ෂ නායකයා සමග සිංහල දෙමළ භාෂා ප්‍රශ්නය පිළිබඳ ප්රථම සාකච්ඡාව හොරගොල්ලේදී පැවැත්වීම. බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරීම.
    1957 ඔක්තෝම්බර් 15
    ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුර බ්‍රිතාන්‍යයන් වෙතින් පවරා ගැනීම.
    1957 නොවැම්බර් 01
    කටුනායක ගුවන් හමුදා කඳවුර බ්‍රිතාන්‍යයන් වෙතින් පවරා ගැනීම.

    1958 : වෙනසක් ඇතිකිරීම
    1958 ජනවාරි 01
    බස්සේවාව ජනසතු කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීම හා ප්‍රවාහන සේවාව ජනසතු කොට ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටුවීම.
    1958 පෙබරවාරි 01
    1958 අංක 01 දරණ කුඹුරු පනත සම්මත කිරීම. කම්කරු විනිශ්චය මණ්ඩල ඇති කිරීම
    1958 අප්‍රේල් 09
    සිංහල ජාතික සංගමයේ සභාපති බ‍ද්දේගම විමලවංශ හා මිරිස්සේ චන්ද්‍රජෝති ස්වාමීන්වහන්සේලාගේ නායකත්වයෙන් යුතු පිරිසක් රොස්මිඩ් නිවසට ගිය අතර, නිවස අභියස වාඩිවී බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් පැවැත්වීම.
    1958 අප්‍රේල්
    බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අවලංගු කිරීම.
    1958 මැයි 09
    සේවක අර්ථසාධක අරමුදල් පනත ආරම්භ කිරීම. (1958 ජුනි 01 දින සිට මෙය ක්‍රියාත්මක විය).
    1958 ජුලි 17
    නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දෙමළ භාෂා විශේෂ (විධි විධාන) පනත ඉදිරිපත් කිරීම. පසුව සම්මත වීම.
    1958 අගෝස්තු 01
    වරාය ජනසතු කිරීම.
    1958
    අංක 31 පනතින් ශ්‍රී ලංකා සාහිත්ය මණ්ඩලය පිහිටුවීම. විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්ව විද්‍යාල බවට පත් කිරීම.

    1959 : ගමනක අවසානය
    1959 මාර්තු 19
    අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන්ට සර්වජන ඡන්ද බලය ලබාදීම
    1959 මැයි 10
    ශ්‍රී ලංකාවේ ප්රථම ද්‍රවිඩ විශ්ව විද්‍යාලය ත්‍රීකුණාමලයේ පිහිටුවීම. (පසුව යාපනය විශ්ව විද්‍යාලය වුයේත් මෙයයි.)
    1959 සැප්තැම්බර් 25
    ශ්‍රී ලංකා අග්‍රාමාත්ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට ස්වකීය රොස්මිඩ් නිවසේදී චීවරධාරියෙකු විසින් වෙඩි තැබීම හා ඉන් බරපතල තුවාල ලද අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීම.
    1959 සැප්තැම්බර් 26
    නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්ය බණ්ඩාරනායක මහතා ජීවිතක්ෂයට පත්වීම.[/SIZE]
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    me rata winasa karapu paharaya oka .
    bathkana thopila wage harak 75 % okunta hodayi kiyayi
    jathi kathwaya wikunala minisu mula karala rata kawa.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    me rata winasa karapu paharaya oka .
    bathkana thopila wage harak 75 % okunta hodayi kiyayi
    jathi kathwaya wikunala minisu mula karala rata kawa.

    poddak hodin wisthara karapanko KOHOMADA rata winasa kare kiyala .....
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    මචෝ . උබ රේප් දීල තිබුන . ඇත්තටම රේප් බලාගෙන දැම්ම ලිපියක් නෙවෙයි බන් .

    බොහොම ස්තුතී ! මචන් . ජය වේවා !
    :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොද වැඩ වගේම අවස්ථාවාදී අනුවන තීන්දු ගත්ත

    චන්දෙ ගන්න විතරක් සිංහල රජජ බාෂාව කරපු එකෙන් දෙමල මිනිසුන්ට වැඩි වාසියක් ලැබුනා. එලාර දුටුගැමුණු කලේ ඉදන්ම ආපු. ජාතිවාදී අළුයට ගිනිපුපුරු වලට අලිපිට ගිනි තිබ්බ්බ වගේ. D S සේනානායක මහතමයල, සෝමපුර ගල් ඔය වගේ ව්‍යපෘති හදලා සිංහල ජනතව ව්‍යාප්ත කරවන්න ඇත්තටම වෙහෙසක් ගත්ත. SWRD බණ්ඩාරනායක චන්ද ගන්න. සිංහල කම පාවිච්චි කළා. යුද්දයට මුල බිජ උනේ එක.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ගොඩක් වටිනවා මචන්

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    බොහොම ස්තුතී ! මචන් කොමෙන්ටුවට .
    රේප් නැති උනාට කමක් නෑ මචෝ. ඇත්තටම රේප් බලාගෙන දැම්ම ලිපියක් නෙවෙයි බන් .

    ජය වේවා !
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හොද වැඩ වගේම අවස්ථාවාදී අනුවන තීන්දු ගත්ත

    චන්දෙ ගන්න විතරක් සිංහල රජජ බාෂාව කරපු එකෙන් දෙමල මිනිසුන්ට වැඩි වාසියක් ලැබුනා. එලාර දුටුගැමුණු කලේ ඉදන්ම ආපු. ජාතිවාදී අළුයට ගිනිපුපුරු වලට අලිපිට ගිනි තිබ්බ්බ වගේ. D S සේනානායක මහතමයල, සෝමපුර ගල් ඔය වගේ ව්‍යපෘති හදලා සිංහල ජනතව ව්‍යාප්ත කරවන්න ඇත්තටම වෙහෙසක් ගත්ත. SWRD බණ්ඩාරනායක චන්ද ගන්න. සිංහල කම පාවිච්චි කළා. යුද්දයට මුල බිජ උනේ එක.

    වැදගත් විස්තරයක් මචන් .
    බොහොම ස්තුතී !
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    හොද වැඩ වගේම අවස්ථාවාදී අනුවන තීන්දු ගත්ත

    චන්දෙ ගන්න විතරක් සිංහල රජජ බාෂාව කරපු එකෙන් දෙමල මිනිසුන්ට වැඩි වාසියක් ලැබුනා. එලාර දුටුගැමුණු කලේ ඉදන්ම ආපු. ජාතිවාදී අළුයට ගිනිපුපුරු වලට අලිපිට ගිනි තිබ්බ්බ වගේ. D S සේනානායක මහතමයල, සෝමපුර ගල් ඔය වගේ ව්‍යපෘති හදලා සිංහල ජනතව ව්‍යාප්ත කරවන්න ඇත්තටම වෙහෙසක් ගත්ත. SWRD බණ්ඩාරනායක චන්ද ගන්න. සිංහල කම පාවිච්චි කළා. යුද්දයට මුල බිජ උනේ එක.

    බණ්ඩාරනායක මහත්තයා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු නිසා නෙමෙයි දෙමළ ජාතිවාදය ඇවිස්සුනේ,ඔක ලොකු මිත්‍යවක්,බණ්ඩාරනායක මහත්තයා කලේ කල යුතු දෙයක් නමුත් එතුමා ඉංග්‍රීසි බස අධ්‍යපන ක්‍රමයෙන් අයින් කරපු එකයි සවුත්තු වැඩේ,එ ගැන ලොකුවට කතා කරන්න පුළුවන් එත් තෙරුමක් නැ,ඔය දෙම
    ජාතිවාදයට ඉට එහා ගිය මුල් තියනවා.චෙල්වනායගම් තමා ඔය ජාතිවාදි ගින්න ඇති කලේ,චෙල්වනායගම් කියන්නෙ අඩුමගානේ ශ්‍රි ලංකාවේ වත් උපන් කෙනෙක් නෙමෙයි.

    http://www.scribd.com/doc/97194501/...ssinala-By-Prof-Nalin-de-Silva-Sinhala-E-Book

    http://www.scribd.com/doc/98322975/...i-Lanka-Parts-I-II-III-By-Prof-Nalin-de-Silva

    මේ දෙක කියවන්න,මේ දෙකත් ඔය ගැන හොඳ සඳහනක් තියනවා.සිංහලයෝ 70% වඩා ඉන්න රටේ සිංහල රාජ්‍ය භාෂාව නොකර වෙන මොකක් කරන්නද,එත් මෙතන බණ්ඩාරනායක මහත්තයාගේ චේතනවා උනේ නම් චන්ද ගන්න තමා,එතුමා දෙමළ භාෂා පනතක් ද මොකද්ද ගෙනත් එතුමාගේ කාලේදිම දෙමළ භාෂාවට නිසි තැන දුන්නා...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    @ maxboysl

    එකාලේ ගල්ඔය වගේ පැති හදලා ඩි.එස් මහත්තයා එහේ සිංහල ජනපද පිහිටවනකොට මෙහේ අපේ සිංහල උන් කිව්වාලු ඩි.එස් සිංහලයෝ ටිකව මදුරුවෝ කවන්න දක්කනවා කියලා,ඔන්න අපේ උන්ගේ කතා,ඩි.එස් මහත්තයා එ කරපු වැඩ වල වටිනාකම තියෙන්නෙ දැන්..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    @ maxboysl

    එකාලේ ගල්ඔය වගේ පැති හදලා ඩි.එස් මහත්තයා එහේ සිංහල ජනපද පිහිටවනකොට මෙහේ අපේ සිංහල උන් කිව්වාලු ඩි.එස් සිංහලයෝ ටිකව මදුරුවෝ කවන්න දක්කනවා කියලා,ඔන්න අපේ උන්ගේ කතා,ඩි.එස් මහත්තයා එ කරපු වැඩ වල වටිනාකම තියෙන්නෙ දැන්..

    ඒ මිනිස්සු දුර දැක්ක.....සිංහල බහුතරය රටේ ව්‍යාප්ත උනේ නැත්තම් රටට ප්‍රශ්නයක් වෙන බව දැනගෙන හිටිය. ඒවගේම එක බොහොම ශුක්ෂ්මව සිද කළා. එත් SWRD බ්න්දරනයක්‍යන්ගෙන් පස්සේ අපු හැමෝම කලේ. ජාතියට වඩා තම ගැන හිතපු එක. තමන්ට හැමදාම බලයේ ඉන්න හිතපු එක. චෙල්වනගම්ලා බලවත් උනෙත් swrd බණ්ඩාරනයකලා නිසා තමයි. හැබැයි සිංහල රාජ්ජ බහව නොකලානම් අද බොහොමයක් ගම්වලින් ඇවිත් ඉගනගෙන් ඉන්න මිනිසූ අද බොහොමයක් නැහැ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඒ මිනිස්සු දුර දැක්ක.....සිංහල බහුතරය රටේ ව්‍යාප්ත උනේ නැත්තම් රටට ප්‍රශ්නයක් වෙන බව දැනගෙන හිටිය. ඒවගේම එක බොහොම ශුක්ෂ්මව සිද කළා. එත් SWRD බ්න්දරනයක්‍යන්ගෙන් පස්සේ අපු හැමෝම කලේ. ජාතියට වඩා තම ගැන හිතපු එක. තමන්ට හැමදාම බලයේ ඉන්න හිතපු එක. චෙල්වනගම්ලා බලවත් උනෙත් swrd බණ්ඩාරනයකලා නිසා තමයි. හැබැයි සිංහල රාජ්ජ බහව නොකලානම් අද බොහොමයක් ගම්වලින් ඇවිත් ඉගනගෙන් ඉන්න මිනිසූ අද බොහොමයක් නැහැ

    චෙල්වනායගම් බණ්ඩාරනායක නිසා බලවත් උනා කියන්න බැ සහෝ,සිංහල රාජ්‍ය භාෂාව නොකලත් ගම් වල අයට ඉගන ගන්න සෙන්ට්‍රල් ස්කුල් ක්‍රමය කන්නන්ගර මහත්තයා දාල තිබ්බෙ,අද ගොඩක් ලොකු තැන් වල ඉන්නෙ ඔය කන්නන්ගර මහත්තයාගේ සෙන්ට්‍රල් සුකුල් ටිකකට පිං සිද්ධ වෙන්න,මුල්ම සෙන්ට්‍රල් ස්කුල් එක මට මතක විදියට වේයන්ගොඩ සෙන්ට්‍රල් එක,එක ඩ්.එස් ගේ ආසනය එකාලේ,මම දන්න විදියට ආනන්ද එකටත් වඩා හොඳ ලැබ් ටිකක් තියනවා ඔකේ.

    ඩඩ්ලි මහත්තයාත් හොඳ මනුස්සයා,මැතිනිය උනත් රට ගැන හිතලා ගත්තු තිරණ ගොඩක් තියනවා,අනික් අය ගැන නම් මට කතා කරන්න දෙයක් නැ.තව දෙයක් කියන්න ඔනේ බණ්ඩාරනායක වරුන්ගේ පරම්පරාව මුල්ම පුරුක් දකුණු ඉන්දියානු සම්භවයකට උරුම කම් කියනවා,බණ්ඩාරනායකවරුන්ගේ මුල් නම පණ්ඩාරනායගම්.ඔකෙත් ලොකු කතාවක් තියනවා...
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    හොද වැඩ වගේම අවස්ථාවාදී අනුවන තීන්දු ගත්ත

    චන්දෙ ගන්න විතරක් සිංහල රජජ බාෂාව කරපු එකෙන් දෙමල මිනිසුන්ට වැඩි වාසියක් ලැබුනා. එලාර දුටුගැමුණු කලේ ඉදන්ම ආපු. ජාතිවාදී අළුයට ගිනිපුපුරු වලට අලිපිට ගිනි තිබ්බ්බ වගේ. D S සේනානායක මහතමයල, සෝමපුර ගල් ඔය වගේ ව්‍යපෘති හදලා සිංහල ජනතව ව්‍යාප්ත කරවන්න ඇත්තටම වෙහෙසක් ගත්ත. SWRD බණ්ඩාරනායක චන්ද ගන්න. සිංහල කම පාවිච්චි කළා. යුද්දයට මුල බිජ උනේ එක.

    Onna oka thamai SWRD karay lankawata. ok nowenna ada lanka tiyena thana ithaganna baa.