Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
එළකිරි ධහම් සභාව....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබඳ,

ඔබ අප සැවොම අවිද්යාව ප්රත්යයෙන් හටගත් සත්වයෝ වෙමු. වෙනත් අයුරකින් කීවොත් ‘ජීවිතයේ යථාර්ථය පිළිබඳ යථා අවබෝධයක් නැතිකමින් උපන්’ ජීවීන් වෙමු. එම අවිද්යාව කෙතරම් බරපතළ ද යත්, අපි හැමෝම තම තමන් ගැන බොහෝ දේ දන්නා, වැටහෙන අය ලෙස සිතා සිටිමු. එනිසා ම අපට පේන දේවල් පිළිබඳ ව ද ‘අසවලා මෙසේ කළා. ඒ නිසා ඔහු මෙහෙම කෙනෙක්’ කියා වහා නිගමනයන්ට එළඹෙමු. සැබැවින්ම අපේ නිගමනවල ප්රමිතිය කුමක් ද?

ජීවිතය අවිද්යාවෙන් හටගත් දෙයක් නිසා, ‘ඔබ’ ගැන මම මෙසේ කල්පනා කරමි. එනම්, ඔබ මා ඉදිරියේ අවිද්යා පින්සලෙන් අඳින ලද සිතුවමකි. කලින් කලට ‘ඔබ’ ගැන මසිතේ උපදින සංඥාවට අනුව ඔබ පිළිබඳ සිතුවම වෙනස් වෙයි. මා තුළ කලින් කලට උපදින දෘෂ්ඨි ද ‘ඔබ’ හොඳ හෝ නරක හෝ උතුම් හෝ පහත් හෝ කෙනෙකු ලෙස නිගමනය කිරීමට හේතු වේ. ඔබේ රූපය කෙසේ ඇන්දත්, ඔබ ද කාලය ගතවෙද්දී වෙනස් වෙයි. මම ද වෙනස් වෙමි. එනිසා, කාලය ගත වන විට පෙර සිතුවම් කළ රුව මැකී යයි. වෙනත් රුවක් ඇඳෙයි.

මේ සිත මායාකරුවෙකි. විඤ්ඤාණය නමැති මායාකරුවාගේ සහයෙන් උපදින විඳීම්, හඳුනාගැනීම්, චේතනා ආදී සියල්ල ඒ මායාවේ ම අන් වේශයකි. ඔබ ගැන මසිතේ මැවෙන අදහස්, තර්ක, විතර්ක, තින්දු-තීරණ, බලාපොරොත්තු ආදී සෑම රටාවක් ම ඒ මායාව විසින් ස්පර්ශ කරයි. විටෙක සිතෙහි ඔබ ගැන මැවෙන රටාව මා මුවගට සතුටු සිනා කැන්දන මුත් විටෙක ශෝක, භය, සැක, සන්තාප, සුසුම් උපදවයි. එවිට ‘ඔබ මෙහෙම කෙනෙක්’ කියා ඒ ඔබේ සිතුවම මහත් ආවේගයකින් ම ඇඳෙයි.

ආශාව, තරහ, ඉරිසියාව, මාන්නය, අප්රසාදය, තරඟය, තත්ත්වය, නම්බුව, ප්රිය බව, සෙනෙහස, අනුකම්පාව, සමාව දීම, ඉවසීම, මධ්යස්ථ වීම, අනුමෝදන් වීම ඈ මෙකී – නොකී කුසලාකුසල පාර්ශ්වික සෑම හැඟීමක් ම තවමත් තෘෂ්ණාවෙන් – අවිද්යාවෙන් උපන් මා තුළ දෝලනය වෙයි. ඔබ ගැන ද මා සිතන්නේ මෙබඳු චෛතසික පසුබිමක සිට ය. කෙලෙස්වලින් නිදහස් නො වී ම ඔබ ගැන සිතන මට “ඉධමේව සච්චං” මෙය ම යි සත්යය. “මෝඝමඤ්ඤං” අන් සියල්ල බොරු ය, හිස් ය කියා ම සිතෙයි. එනම් මා ඔබ ගැන සිතන අයුර ම හරි යැයි සිතෙයි.

එසේ නමුත්, මාගේ මේ තීරණවලට අතීත ජීවිත දැකීමේ නුවණ හෝ ඔබේ සමස්ත කර්ම විපාක පිළිබඳ යථාභූත ඤාණය හෝ ඔබේ කෙලෙස්වල ස්වභාවය දැකීමේ නුවණ හෝ ඉන්ද්රිය ධර්මවල දුබල ප්රබල භාවයන් දකින නුවණ හෝ චුතිය උපත දකින නුවණ හෝ ඔබේ ධාතු ස්වභාවය දකින නුවණ හෝ පදනම් ව නැත. සබඳ එනිසා….. මා දුටු සිතුවම පිළිබඳ කුමක් කියම් ද? කුමක් සිතම් ද?

ඒ සියලු ඤාණ තිබූ උත්තමයන් වහන්සේ මෙසේ වදාළෝ: ‘අචින්ති තම්පි භවති’ (නොසිතූ දෙයක් ම සිදු වේ) ‘චින්ති තම්පි විනස්සති’ (සිතූ දේ වැනසේ) එනම්, පරම අහිංසක – අහිංසකයන්, මිනීමරු අංගුලිමාලයෙක් විය! ඒ අංගුලිමාල නම් රෞද්රයා, උත්තම මුනිවරයෙක් ව සසරින් ද එතෙර විය!

එකට ම වළලු වෙළඳාම් කළ ප්රිය මිතුරා, ජන්මාන්තර වෛරක්කාරයෙක් බවට පත් විය.! ඒ වෛරය නිසා කල්ප ගණනක් පුරා පළිගනිමින් පසුපස ආ දේවදත්ත මහත් ශ්රද්ධාවෙන් බුදු සසුනේ පැවිදි විය! ඍද්ධි බල පවා උපදවා ගත්, ධර්ම කථික දෙව්දත් යළිත් වෛරී ව ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ඝාතනයට තැත් කළේ, තවත් නිරයගාමී බොහෝ පව් කළේ ය! මේ බුදු සසුන පුරාත්, මතුත් බෝසතුන්ගේ සතුරා ලෙස සියලු ගර්හාවට බඳුන් වූ දෙව්දත් පොළොව පලා නිරයට බැසගත් මුත් අවසන බුදුන් සරණ ගිය පින් බලෙන් බලවත් ව නිරයෙන් ගොඩ යන කලට දෙව් මිනිසුන් පාමුල වැටී වඳින වැඳුමෙන් සිරිපා පිසින පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වන්නේ ය!

චෝරඝාතක – තම්බදාඨික අවසන් මොහොතේ පිදූ දන් බෙලෙන් සද්ධානුසාරී ව තුසිතයේ උපන්නේ ය.

මුගලන් මුනිඳුන් කාමයෙන් පෙළඹවීමට තැත් කළ පුරුෂධූර්ත වූ විමලා නම් ගණිකාව, නිෂ්කාමී වදනින් දමනය වී අරහත්වයට පත්ව ස්ත්රීත්වය ද ඉක්මවා ගියා ය!

දුටු දුටු දේ ම සිදු නො වේ. ‘ඔබත්’ වෙනස් වේ. ‘මමත්’ වෙනස් වන්නෙක් වෙමි.

“තස්මාතිහ ආනන්ද, මා පුග්ගලේසු පමාණිකා අහුවත්ථ”

“ආනන්ද, (බාහිරට පෙනෙන කරුණු ඔස්සේ) පුද්ගලයන් පිළිබඳ ව මනින්නට යාමෙන් වළකින්න.”

(මිගසාලා සුත්රය – අං.නි. 4)

මහාමේඝ පුවත් සඟරාවෙහි පළවූ ලිපියකි

[QUOTE="IKL, post: 25433659, member: 567503"] [SIZE=4]සබඳ, ඔබ අප සැවොම අවිද්යාව ප්රත්යයෙන් හටගත් සත්වයෝ වෙමු. වෙනත් අයුරකින් කීවොත් ‘ජීවිතයේ යථාර්ථය පිළිබඳ යථා අවබෝධයක් නැතිකමින් උපන්’ ජීවීන් වෙමු. එම අවිද්යාව කෙතරම් බරපතළ ද යත්, අපි හැමෝම තම තමන් ගැන බොහෝ දේ දන්නා, වැටහෙන අය ලෙස සිතා සිටිමු. එනිසා ම අපට පේන දේවල් පිළිබඳ ව ද ‘අසවලා මෙසේ කළා. ඒ නිසා ඔහු මෙහෙම කෙනෙක්’ කියා වහා නිගමනයන්ට එළඹෙමු. සැබැවින්ම අපේ නිගමනවල ප්රමිතිය කුමක් ද? ජීවිතය අවිද්යාවෙන් හටගත් දෙයක් නිසා, ‘ඔබ’ ගැන මම මෙසේ කල්පනා කරමි. එනම්, ඔබ මා ඉදිරියේ අවිද්යා පින්සලෙන් අඳින ලද සිතුවමකි. කලින් කලට ‘ඔබ’ ගැන මසිතේ උපදින සංඥාවට අනුව ඔබ පිළිබඳ සිතුවම වෙනස් වෙයි. මා තුළ කලින් කලට උපදින දෘෂ්ඨි ද ‘ඔබ’ හොඳ හෝ නරක හෝ උතුම් හෝ පහත් හෝ කෙනෙකු ලෙස නිගමනය කිරීමට හේතු වේ. ඔබේ රූපය කෙසේ ඇන්දත්, ඔබ ද කාලය ගතවෙද්දී වෙනස් වෙයි. මම ද වෙනස් වෙමි. එනිසා, කාලය ගත වන විට පෙර සිතුවම් කළ රුව මැකී යයි. වෙනත් රුවක් ඇඳෙයි. මේ සිත මායාකරුවෙකි. විඤ්ඤාණය නමැති මායාකරුවාගේ සහයෙන් උපදින විඳීම්, හඳුනාගැනීම්, චේතනා ආදී සියල්ල ඒ මායාවේ ම අන් වේශයකි. ඔබ ගැන මසිතේ මැවෙන අදහස්, තර්ක, විතර්ක, තින්දු-තීරණ, බලාපොරොත්තු ආදී සෑම රටාවක් ම ඒ මායාව විසින් ස්පර්ශ කරයි. විටෙක සිතෙහි ඔබ ගැන මැවෙන රටාව මා මුවගට සතුටු සිනා කැන්දන මුත් විටෙක ශෝක, භය, සැක, සන්තාප, සුසුම් උපදවයි. එවිට ‘ඔබ මෙහෙම කෙනෙක්’ කියා ඒ ඔබේ සිතුවම මහත් ආවේගයකින් ම ඇඳෙයි. ආශාව, තරහ, ඉරිසියාව, මාන්නය, අප්රසාදය, තරඟය, තත්ත්වය, නම්බුව, ප්රිය බව, සෙනෙහස, අනුකම්පාව, සමාව දීම, ඉවසීම, මධ්යස්ථ වීම, අනුමෝදන් වීම ඈ මෙකී – නොකී කුසලාකුසල පාර්ශ්වික සෑම හැඟීමක් ම තවමත් තෘෂ්ණාවෙන් – අවිද්යාවෙන් උපන් මා තුළ දෝලනය වෙයි. ඔබ ගැන ද මා සිතන්නේ මෙබඳු චෛතසික පසුබිමක සිට ය. කෙලෙස්වලින් නිදහස් නො වී ම ඔබ ගැන සිතන මට “ඉධමේව සච්චං” මෙය ම යි සත්යය. “මෝඝමඤ්ඤං” අන් සියල්ල බොරු ය, හිස් ය කියා ම සිතෙයි. එනම් මා ඔබ ගැන සිතන අයුර ම හරි යැයි සිතෙයි. එසේ නමුත්, මාගේ මේ තීරණවලට අතීත ජීවිත දැකීමේ නුවණ හෝ ඔබේ සමස්ත කර්ම විපාක පිළිබඳ යථාභූත ඤාණය හෝ ඔබේ කෙලෙස්වල ස්වභාවය දැකීමේ නුවණ හෝ ඉන්ද්රිය ධර්මවල දුබල ප්රබල භාවයන් දකින නුවණ හෝ චුතිය උපත දකින නුවණ හෝ ඔබේ ධාතු ස්වභාවය දකින නුවණ හෝ පදනම් ව නැත. සබඳ එනිසා….. මා දුටු සිතුවම පිළිබඳ කුමක් කියම් ද? කුමක් සිතම් ද? ඒ සියලු ඤාණ තිබූ උත්තමයන් වහන්සේ මෙසේ වදාළෝ: ‘අචින්ති තම්පි භවති’ (නොසිතූ දෙයක් ම සිදු වේ) ‘චින්ති තම්පි විනස්සති’ (සිතූ දේ වැනසේ) එනම්, පරම අහිංසක – අහිංසකයන්, මිනීමරු අංගුලිමාලයෙක් විය! ඒ අංගුලිමාල නම් රෞද්රයා, උත්තම මුනිවරයෙක් ව සසරින් ද එතෙර විය! එකට ම වළලු වෙළඳාම් කළ ප්රිය මිතුරා, ජන්මාන්තර වෛරක්කාරයෙක් බවට පත් විය.! ඒ වෛරය නිසා කල්ප ගණනක් පුරා පළිගනිමින් පසුපස ආ දේවදත්ත මහත් ශ්රද්ධාවෙන් බුදු සසුනේ පැවිදි විය! ඍද්ධි බල පවා උපදවා ගත්, ධර්ම කථික දෙව්දත් යළිත් වෛරී ව ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ඝාතනයට තැත් කළේ, තවත් නිරයගාමී බොහෝ පව් කළේ ය! මේ බුදු සසුන පුරාත්, මතුත් බෝසතුන්ගේ සතුරා ලෙස සියලු ගර්හාවට බඳුන් වූ දෙව්දත් පොළොව පලා නිරයට බැසගත් මුත් අවසන බුදුන් සරණ ගිය පින් බලෙන් බලවත් ව නිරයෙන් ගොඩ යන කලට දෙව් මිනිසුන් පාමුල වැටී වඳින වැඳුමෙන් සිරිපා පිසින පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වන්නේ ය! චෝරඝාතක – තම්බදාඨික අවසන් මොහොතේ පිදූ දන් බෙලෙන් සද්ධානුසාරී ව තුසිතයේ උපන්නේ ය. මුගලන් මුනිඳුන් කාමයෙන් පෙළඹවීමට තැත් කළ පුරුෂධූර්ත වූ විමලා නම් ගණිකාව, නිෂ්කාමී වදනින් දමනය වී අරහත්වයට පත්ව ස්ත්රීත්වය ද ඉක්මවා ගියා ය! දුටු දුටු දේ ම සිදු නො වේ. ‘ඔබත්’ වෙනස් වේ. ‘මමත්’ වෙනස් වන්නෙක් වෙමි.[/SIZE] [B] “තස්මාතිහ ආනන්ද, මා පුග්ගලේසු පමාණිකා අහුවත්ථ” “ආනන්ද, (බාහිරට පෙනෙන කරුණු ඔස්සේ) පුද්ගලයන් පිළිබඳ ව මනින්නට යාමෙන් වළකින්න.” (මිගසාලා සුත්රය – අං.නි. 4)[/B] [SIZE=1]මහාමේඝ පුවත් සඟරාවෙහි පළවූ ලිපියකි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom