mm khmhri othanin gya bn yanakota oya holman innawa kypu thana mm thathpara 5ta wage nawathuna eth mm mkt dkke na bn habai amuthu musala patak nm tbba bn adatath ape game minissugen oya holmana dakpu nathi ekekta inne mm wtrai oya welwata awillath habai hethuwanm adatath mm danna bnmcn menna mekai siddiya meka mn podi kale una kathwak ape gewal paththe aunty knk htya bn me aunty hena hodai bn kadayk thama eya kare bn mm ethakota 4 wasare wtr ati bn me aunty mata ehma hena adarei bn kade krnakotath gdk minissunta nayata dnwa lokuwata ehema salli tbnth na bn kphomahri bn tikak kal yanakota me aunty leda una bn passe adatama watuna ohmma ade idala marila gya bn kadeth wahuwa bn oya aunty marila tika dwsak yankota me aunty eyage gdr holman karanna gththa e kwe bn ara kade tbna thana pare aine hitagena innwa oka minissu goda denek dakala tbna bn khmhri bn masayk wtr yankota bn 7n passe kwrth oya pare yanne nathi una bn echchrata minissu baya una bn habai katawath krdryk na eth htpnko holmanak innakota minissu yaida oya kalema mcn mata dahampasale prize giving eka tbna bn oka iwara wela mm enakota ra 10ta wtr athi bn dn mata enna tynne oya paren bn mt dn oya seen eka mathakai minissu kypu katha okkoma mathakai eth mm wdya ganan gththe na bn mkd mm podi kale idala kisima dekata baya na ona raka ona thanaka mm thaniyama ynwa khmhri mm oya kyna thanata enakota pare balu ballek na bn e madiwata light na ubalata kynna bn ahala pahala gewal wala ewunuth light off krlamm khmhri othanin gya bn yanakota oya holman innawa kypu thana mm thathpara 5ta wage nawathuna eth mm mkt dkke na bn habai amuthu musala patak nm tbba bn adatath ape game minissugen oya holmana dakpu nathi ekekta inne mm wtrai oya welwata awillath habai hethuwanm adatath mm danna bn
බන් බන් ගාන්නේ නැතිව නැවතීමේ තිත තියපන්.
(පුලුවන්නම් සිංහලෙන් කතා දාපන්. සිංග්ලිෂ් කියවන්ඩ අමාරුයි.)
ගොඩකවෙල රංවල පදිංචි හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමාගේ වයස අවුරැදු එකසිය දහයකි.දැනට ලංකාවේම සිටින වයෝවෘද්දම යකැදුරා වන්නේ ඔහුය දු දරැවන් දහතුන් දෙනෙකුගේ පියෙකු වන කට්ටඩි මාමා සිව් මුනිබුරන් දැක ඇත්තෙකි.දු දරැ මිනිබුරැ සිරිස දෙසිය ඉක්මවන් ජිවිතයේ සැදෑ සමය ගෙවන ඔහු නිරෝගි සුවෙන් ගත කරන අතර තානායම්පල වෙනුවෙන් ම හෙලි කරන සිය අත් දැකිම් මාලාවේ එක් කතාවකි මේ
වසර සිය ගනනකට එපිට සජිවි අත්දැකිම් ඇති ඉතිහාසයක් මතකයේ තබන් සිටින වාසනහාමි කට්ටඩි මාමාගේ යකදුරැ ජිවිතයේ මුහුන පෑව සුවිසේසිත වු අභියෝගයක් ලෙස ගාල්ලේ දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසේ තොවිලය තවමත් පොත්ත කන්ද ප්‍රදේශවාසින් සිහිපත් කරයි .
සදලතා සදක්වන් රෑමත්ය .ඇය පිටර් අප්පුහාමිගේ බාලම දියනියයි . වැඩිවියට පැමිනි සදලතා තවත් රෑමත් වුවාය .වරක් බැලුව ඇයගේ රැව සදාමතකයේ රැදෙනවා නොඅනුමානයි .බැල්ම හෙලනා ගමේ තරැනයෝද අපමනයි .පිපුනු රෝස කුසුම හදිසියේම මැලව විරැපව ගියේ කවුරැ හෝ කල කොඩි විනයකිනි .රට වටා දන්නා නොයෙක් යකැදුරන් ගෙන්වා තොවිල් කලද කිසිදු පලක් නොවිය .ඇයට කල කොඩි විනය කපා හෙලිය හැකි ජගතෙකු සොයා ගැනිම ට නොහැකි විය .
“කට්ටඩි උන්දේ තමුන් නැහැ ගැන පාතරට අපිටත් තතු විත්ති ආරංචි වෙලයි ආවේ .අපේ තිබුන සියලුම සබ්බ සකලමනාවම මගේ කෙලිව ගොඩ දාන්න වියදම් කලා දැන් අපිට ඉන්න හිටින්න තැනක් නැති ගානයි .අනේ මගේ කෙලිව ගොඩ දාල දෙන්න කට්ටඩි උන්දෙ ඔහේට බුදු බව අත් වෙනවා “එක්තරා සැදෑවක හේරත් මුදියන්සෙලාගේ වාසනහාමි කට්ටඩි මාමා හමුවිමට පැමිනි පිටර් අප්පුහාමි සිය දුක් ගැනවිල්ල තැබිය .
“ඔය ඇත්තෝ බොහොම දුර බැහැරක ඉදල මම හොයාගෙන ආව එක ගැන සතුටුයි . මට ඔහේගේ දුක තේරෙනව .හැබැයි උන්නැහැ ඔහෙල ඉන්න පාත රට බොහොම බලගතු මංත්ර ශාෂ්ත්‍ර දන්න උදවිය ඉන්නවනෙවැ”
“එහෙමයි කට්ටඩි උන්දේ මුලු දකුනෙම කයට්ටඩි ගෙනත් තොවිල් කලා ඇති වුන සෙතක් නැහැ තිබුන සබ්බ සකලමනාව වියදම් වුනා මගේ කෙලි තවත් වැහැරැනා ඒක විතරයි සිද්ධ වුනේ “ පිටර් අප්පුහාමි ආයචනාත්මක බැල්මක් හෙලිය .
“මට ඔය ඇත්තන්ට පොරොන්දු වෙන්න බැහැ මම සනිප කරල දෙඤඤ කියල .ඒත් ඔහේල මෙච්චර දුරකතර ගෙවාගෙන මාව විස්වාස කරල ආවනේ ඒ නිසා මමත් සුදුසු දිනකදි එඤඤ් “
“බුදු බව අත්වෙනව කට්ටඩි උන්දෙ ඔහේගෙ අනුකම්පාවටම”
ආගන්තුකයන් සුදුසු සංග්‍රහ විද පිටව ගියාට පසුව වාසනහාමි කට්ටඩි මාමා කල්පනා කලේ ගාලුගමන පිලිබදවයි .රෝගියා පරික්ෂා කර නොකට කුමන අසනිපයක් තිබේදැයි නිශ්චය කල නොහැකිය .
හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා ගාල්ල දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසට ගියේ එයින් ටික දිනකට පසුවයි. සිය යකදුරැ අත්තේවාසිකයන් දෙදෙනාද ඒ සදහා රැගෙන ගියේය. දිර්ග කලක් සිය දියනියගේ අසනිපය වෙනුවෙන් සියලුම සේසත අහිමි කරගත් පිටර් අප්පුහාමිගේ පවුලේ උදවියගේ ආර්තික තත්වය හොදින් අවබෝදකරගත් කට්ටඩි මාමා තොවිලයේ අටමගලයේ සිට සියලුම අඩුම කුඩුම වාසනහාමි කට්ටඩි මාමා අතින්ම දරාගැනිමට හෙතෙම කාරැනික විය.
අසල්වාසින් ඤ්තින් විසාල පිරිසක් තොවිල් ගෙදර වැඩකටයුතු සදහා සිය දායකත්වය ලබා දුන්හ .පිටර් අප්පුහාමි තැනගේ නිවසේ මිදුලේ තොවිලය සදහා සියලුම කටයුතු සුදානම් කර අහවරයි.
කලවිනයෙන් ආතුරයා වු රෑමත් සදලතාගේ වැහැරිම ඔනෑම අයෙකු සංවේගයට පත්වන්නේය. යම් නිවසකට හෝ පුද්ගයකුට යමෙකු කොඩි වින කිරිමේදි යංත්‍ර මංත්ර ශාෂ්ත්‍රනු කූලව කලු යකා රිරි යකා මහාසෝනා වැනි සම්මත මිත්‍යා දිෂ්ටි යකෙකු හෝ එම නිවසේම මල ගිය ප්‍රාකාරයකු එසේත් නොමැතිනම් වෙනත් මලගිය ප්‍රාණ කාරයකු හෝ මල ගිය ප්‍රෙරේතයකු උපයෝගි කරගනි.යකදුරා ශාන්ති කර්මය කරද්දි මේ සියල්ලම ගැන හොද අවබෝදයකින් සිටිය යුතුයි.
“යක්කු එලවන මංත්ර වලින් පෙරේතයෝ එලවන්න බැහැ ගෙවලයකුන් එයිටත් වඩා දරැනුයි පෙරේතයෝ මංත්ර වලට වලංගු නැහැ ප්‍රෙරේතයෝ එලවන්න බොහෝදුරට උපයෝගි කරගන්නෙ පිරිත් සුත්‍ර මිත්‍යා දිස්ටික දරැනු යකුන් පිරිත් වලට වලංගු නොවුනද අවසානයේ බුදු ගුනවලට වලංගු විමට යකුන්ට සිදු වෙනවා අපේ පිරිත් පොතේ ආටානාටිය පිරිතෙත් කියවෙනවනේ බුදුගුන වලට වලංගු නොවන යකුන් වෙනුවෙන් යක්ෂ සමාගමෙන් දෙන දඩුවම් ගැන .යක්ෂ දිෂ්ටියක් වැසුන කෙනෙකුට සුදුසු ප්‍රතිකර්මයක් කරනකම් යකදුරා විසින් මුලින් ම ඇප නුලක් දානවා ඇප නුලෙන් කෙරෙන්නේ තාවකාලිකව වර්දනය විම වලක්වා ගැනිම එයිට පස්සේ සුදුසු දිනකදි ඒ සදහා තොවිලය කරනවා යක්ෂ දිෂ්ටියක් වැටුනම මේ ආතුරයාව වලංගු කර ගන්න වෙනවා යකදුරාට ඒ වලංගු කරගෙනම තමයි විස්තරය විමසන්නේ “ වාසනහාමි කට්ටඩි මාමා කිය .
“ගෙවලයක් බන්දනයේදි මෙයිට වඩා ටිකක් තදයි මොකද ගෙවල යකා ලෙස වැසුන එකා ලේසියෙන් යන්නෙ නැහැ ගෙවල යකා කියන්නේ ඒ නිවසටම හෝ ඉඩමටම අයිතිවාසිකමක් තියන කෙනෙක් නේ ඒ අයිතියත් එක්ක කොහොම පැන්නුවත් යලි එන තත්වය තියනවා ඒ නිසා තමයි ඒ යකුන් අල්ලල බෝතලයකට දැමිම ගහකට තියල ඇණ ගැසිම එහෙමත් කරන්නේ ගෙවල යකාටත් මල පෙරේතය කියලත් සාමාන්‍යයෙන් හදුන්වනවා ඒත් මේ ගෙවල යකා සෑහෙන බොරැ කියනවා ශරිරය අතහැරල යනවා කියල සැම දිවිරිල්ලක්ම දිව්රනවා එහෙම කියල ආයෙත් එනවා “
කෙනෙකු කල කොඩිවිනයකින් හොල්මන් විමකින් තනිකම් දොසකින් හෝ අයිතිවාසිකමකට ආව භුත බලවේගයකින් ආදි මේ කුමන කරැනකින් හෝ දිෂ්ටි මිනිසාට ආරෑඪවන යක්ෂ ප්‍රෙරේත කුම්භාණ්ඩායා එලවා දැමිමේ දැනුම යකැදුරෙකුට තිබිය යුතුයි .
ගාල්ල දොඩම්දුව පිටර් අප්පුහාමිගේ දියනියට යක්ෂයා ආරැඪ වි ඇත්තේ කොඩිවිනයක ප්‍රතිපලයක් ලෙසින් බව වාසනහාමි කට්ටඩි මාමාද අවබෝද කරගෙන හමාරයි .රෑ දෙගොඩහරි ජාමයේ වාසනහාමි කට්ටඩි මාමා මතුරන මැතිරිල්ලට වැහැරැන සදලතා වියරැවෙන් දගලමින් ලැතවුල් තබයි .
“ඕං දැඩිමුන්ඩ කට්ට ඉරලුම් නාත දේව ඉරලුම් උපුල්වන් ඉරලුම් විෂ්ණු කට්ටු දේවතා මදුරැමාලා දේවතා
අංගම් පිල්ලි සුනියම් ගිනි සැර විෂ්ණු කුලම්බු ඔඩිවා…………..” ඒ යක්ෂයින් වලංගු කරගන්නා දැඩිමුණ්ඩ යක්ෂ ඉනා මන්ත්‍රයයි .මන්ත්‍රය කියමින් කට්ටඩි මාමා අතට ගත්තේ පෙර ජිවන් කර තබාගෙන ඇති පස්ලෝ ත්‍රිශුලයයි .ආතුර සදලතාගේ කෙස්වැටියන් ඇල්ලිය .
“බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මේ නර ශරිරයට දිෂ්ඨි ලා සිටින යක්ෂයා වලංගුද?”
“වලංගු නැහැ මට යන්න දිපියෝ …” සදලතාට වැසුන මලයකා කෑ ගැසිය.
“හක් -වලංගු නැහැ ..කට්ටඩි මාමාද සැර විය.
“කකුසද කෝණාගම කාශ්ශප ගෞතම යන සතර බුදු වරැන් වහන්සේලාගේ නමට මේ යක්ෂයා කිකරැද?”
යක්ෂයා නිරැත්තරයි .
“කතාකරපිය බොල මාත් එක්ක සෙල්ලම් බැහැ “ කට්ටඩි මාමා ගෙරවිය . එහෙත් ඇය නිහඩයි.
“ධෛතරාෂ්ඨ විරෑඪ විරැපාක්ෂ වෛශ්රවන යන සතරවරම් දෙවිවරැන්ගේ ආඤ්ඤාවෙන් ආනුභාවයෙන් තොප වලංගුද “
ආතුරයා තව දුරටත් නිරැත්තර වුවද කට්ටඩි මාමාගෙන් සමාවක් නැත “තොප සතර වරම් දෙවි වරැන්ටත් වලංගු නැද්ද දෙන්න ද තොප දේව සමාගමට දන්නවනේ දේව සමාගමෙන් දෙන දඩුවම් “
“මම වලංගුයි වලංගුයි “ ආතුරයා හිලෑ වෙද්දි රැස්ව සිටි පරිසද වාසනහාමි මාමා දෙස ගරැ ගාම්බිර මුහුනින් බැල්වේ මෙතෙක් කලක් පැමිනි කිසිදු යකැදුරෙකුට ඇයව වලංගු කරගැනිමට නොහැකි වු බව දන්නා නිසාවෙනි .
“හු කියාහන් එහෙනම් මේ නර ශරිරයට ආරෑඩ වෙලා ඉන්න යක්ෂයා කවුද කියල “
“ මම මහාසෝනාාා මහා සෝනා මුන්දැගෙ බෙල්ලකඩාගෙන යන්නමයි මම ආවේ “
“තොපට එහෙම යන්න දෙන්නේ නැහැ කියාපිය කියාපිය තොපට කවුද ගෙන්නුවේ මේ නර ශරිරයට කියාපිය” කට්ටඩි මාමා තවත් සැරයි.
“”මට බැහැ මට බැහැ ඒකනම් කියන්න මට ඒක කියන්න වරම් දිල නැහැ මම යන්නම් “
“ඇයි තොපට කියන්න බැරි ඇයි තොපට ඒක කියන්න බැරි”
“මට ඒක කියන්න බැහැ මගේ බෙල්ල කඩාගෙන ගියත් මට ඒකනම් කියන්න බැහැ”
යක්ෂයා ආරෑඩ වුවෙකි මෙලෙස තමාට කොඩි වින කල පුද්ගලයාගේ නම නොකියා සිටින්නේත් විෂේශ හේතුවක් නිසා බව වාසනහාමි කට්ටඩි මාමා අත්දැකිමෙන්ම දනි .විනකල ඇදුරා හෝ වින කිරිමට කටයුතු පුද්ගලයා නිවසටම සමිපයකුනම් සතරවරම් දෙවිවරැන්ගේ අණට වලංගු වුන යක්ෂයා ඒ වග ප්‍රසිද්ධියේ කියන්නේ නැත .කල විනයේ සුල මුල හොදින් අසා ගත් වාසනහාමි කට්ටඩි මාමා දැන් සුදානම් වන්නේ යක්ෂයා පන්නා කොඩි විනය කැපිමටයි.
“ඕං දල රිරි පුඨං දිෂ්ටිගං කැපගං බිල්ලගං එලාගං අදත් මා මතුරන්නේ දල රිරි යකුට මරැ තෝංගු කැපකල දිෂ්ටියයි තින්දුවයි මා අත වරද නැත මගේ ගුරැවරැන් අත වරද නැත මාගේ අඹු දරැවන් අත වරද නැත කල වුන් බලා පල පල තෝස්වහ…” වාසනහාමි කට්ටඩි මාමාගේ මහාසෝන් අලගුව නම් මංත්රයෙන් පුහුල් ගෙඩිය මතුරද්දි පරිසරයේ සිදුවුන අමනුස පෙරලියට වාසනහාමි මාමාද තැති ගත්හ .
ඈත කැලෑව දෙසින් ඇසෙන උලමුන්ගේ බියකරැ නාදය ඇසෙන්නේ මේ ලගින්මෙනි. අමනුෂ්යන් රැසක් වියරැවෙන් දත්කුරැ හපනවාත් සිංහල උලු සෙවිලිකල වහලයට ගල් බොරලු හලනවාත් ඇසෙන්නේ කට්ටඩි මාමාටම පමනි.
වාසනහාමි මාමාට කොතනකින් හෝ වැරදි ඇතැයි හොදින් තේරැම් ගියේය. කල් වේලා ඇතුව ආරක්ෂාවල් යොදවා තිබුනද ඒවා අභිබවා අමනුෂ හඩ ඇසෙන්නේ එම නිසාවෙනි .තවත් මොහොතක් අමනුශ්ය හඩට කන් දුන් වාසනහාමි කට්ටඩි මාමා මහාසෝන අලගුව කිම මදකට නතරකර ගිණි විලම්බු සිදුර නම් එයිටටත් එහා මහා බලගතු මංත්රය මහා හඩින් තොල ගෑවේ පුහුල එයින් කැපිමටයි.
“ඕං නමෝ ලමයි දස දහසක් ජාතක කල යමපලු දේවතාවා ගෙන්වා යම කඩුව අතට දි වින කල ඇදුරාගේ
පපුවට ඇණ ලේ රිරි උරා බි හෙමන් දන්ඩ යන්ඩ ඇරි ආඤ්ඤ්වෙන් ආනුභාවයෙන් වින කල ඇදුරාගේ වින කිරිමට අන කල එකාගේ කටින් ලේ දමා නාසින් දුම් දමා දෙකන් පැලි ඇස් පිපිරි බඩවැල් සත්පොල්ලකට පිපිරි අක්මා කැවුතු ලේ රිරි කැප ගණ්ඩ වරන් දෙන්ඩ පලයන් තොක්වහ…”
සිදුවුයේ මෙතෙක් නොවුන මහා විපර්යාසයකි. ඇසපිය හෙලන නිමේශයෙන් වහලේ මුදුනේ සිට මිදුල මැද තිබු පිදේනි තටුවට පැන අතුරැ දහන් වුයේ දැවැත්ත වලස් තඩියෙකි. ඒ මහාසෝනා බව වාසනහාමි කට්ටඩි මාමා හොදින්ම දැන ගත්හ.
හදිසියේම පැන අතුරැදහම් වු මහාසෝන් අවතාරයේ නියපොතු වැදි වාසනහාමි කට්ටඩි මාමා අත තිබු අලු පුහුලින් ලේ ගලන්න විය .තින්දුව කැපිමට කවුරැ හෝ ඉඩ අහුරන බව කට්ටඩි තැනට හොදින් අවබෝද වි හමාරයි. භුත බලවේගයන්ගේ අඩිකෝඩහඩ තවත් තිව්රර වෙමින් වාසනහාමි කට්ටඩි මාමාට ඇසෙන්න විය . නිවැසියෝ හා ගම්වාසිහු භිතිය කුතුහලය පිරැණු සම්මිශ්‍රණාත්මක හැගිමකින් බලා සිටියි .
සදවතිට කොඩිවින කල ඇදුරා හෝ එයට අනුබල දුන් එකෙකු මේ අසලම සිටින බව කට්ටඩි තෙමේට හොදින් වැටහෙයි .තින්දුව කැපිමේ මග අසුරන්නේ ඔහු විසිනි. වාසනහාමි කට්ටඩි මාමා කෝපයෙන් දත්මිටි හැපිය. පිරිස දෙස තියුණු බැල්මක් හෙලිය.
“මම උඩරට උඩහහේනේ කට්ටඩි පරපුරේ එකෙක් කියල හැමෝම දන්නව ඇති .ඒත් බොලලා පාට රට එවුන් අපේ මංත්ර ශාෂ්ත්‍ර පැවැත එන්නේ ගුරැකුල දෙකකින් මේ ගෙදරට විනය කරල තියෙන්නේ බොලාලගේ පාත රැටියෙක්මයි .උඩරට අපි ඇවිත් ඒක කපා හෙලන්න උත්සහ කලාට වැඩක් යවන්නේ නැහැ .පාත රැටියෙක්ම ගෙනල්ල මේ විනය කපවා ගනින් ආයෙත් මම මේ පැත්ත පලාතෙවත් එන්නේ නැහැ.” හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා පිදේනි තටුවටත් පයින් ගැසිය. කැකුන තෙල් පන්දම අතට ගෙන සිය අත්තේවාසිකයන් සමග මහා රාත්‍රියේම ගම්පලාත බලා පිටත් වුහ.
තොවිලය සදහා සියලු වියදම් දැරැවේ කට්ටඩි මාමාගේම වියදමින් නිසා අමුතු පාඩුවක් ඇති නොවුනද ඔවුන් තුල තිබු සියලුම බලාපොරොත්තු වියකිනි.තොවිලය නැරඹිමට හා උදව්වට පැමිනි ගම්වාසින්ද සිය ගෙවල් දොරවල් බලා පිටත් වුයේ නොයේකුත් කතා කියමිනි.නිවැසියෝද කඩ වු බලාපොරොත්තු සමග දොර ජනෙල් වසා ගෙට ඇතුලු වුහ.
මහා කෑලෑව මැදින් පාලු අඩිපාරේ බොහෝ දුරක් එනතුරැ වාසනහාමි කට්ටඩි මාමාගෙන් මුවින් වචනයකුදු පිට නොවිනි; මෙවැනි පරාජයක් මින් පෙර වි නොමැති බව අත්තේවාසිකයන්ද හොදින් දනි;
“කොල්ලනේ අපේ උඩහහේන කට්ටඩියෝ කවදාවත් පරාජය බාරගත්තේ නැහැ එතන කඩා වැදුන මහාසෝන් අවතාරය මට තිබුන අහුනු සැනින් විනාශ කරල දාන්න එහෙම වුනානනම් එතන හිටිය අනිත් ඇවුන්ටත් තොවිල් නටන්න වෙනවා -විනය කල අසමජ්ජාතියත් එතන ඉදල තියනවා ඒකයි එහෙම වුනේ ඒකුන්ගේ හත්මුතු පරපරපුරම නැති වෙන්න මට තින්දු කපන්න ඇහැකි වුනත් තොපි දන්නවනේ අපේ පරම්පරාවේ මංත්ර වලින් කවදාවත් කාටවත් ජිවිත හානියක් නොකරන බව .මම එතනින් පසු බැස්සේ පාත රට මංත්ර එක්ක හැප්පෙන්න බැරි නිසා නොවෙයි කියල බොලලා තේරැම් ගනින් මිනි වලේ යක්කු දපනය කරන මට ඒක ඒ හැටි කජ්ජක් නොවෙයි .මම තින්දුව කපද්දි පිට එවුන් එතනින් අයින් කරන් ඕනි නිසයි තොපිවත් අරගෙන මම එතනින් තොලංචි වුනේ” වාසනහාමි කට්ටඩි මාමා මෙලෙස හඩ අවදි කලේ ටික දුරක් ආවාට පසුවයි .
එහෙමයි මාමේ ඒ කියන්නේ ආයෙත් වංගියක් අපිට මේ අඩිස්සරයට එන්න වෙයිද “ අත්තේවාසිකයකු විමසිය .
“ආයෙත් දොහක් අපට මේකේ බඩ ගාන්න බැහැ බොල අපි ආව කාරිය මේ ගමන්ම කම්මුතු කොරලයි යන්නේ තාම කුකුල ඇඩලුවෙත් නැහැ හිටපු එවුන් දැන් ගෙවල් වලට ගිහින් ඇති .දැන් යම දෙවියන්ගේ හෝරාව වරෙව් ආපිට යන්න”
බලාපොරොත්තු වු පරිදිම තොවිල් නිවසට පැමින සිටි සියලුම දෙනා පිටව ගොසින් තිබිනි. නිවැසියන්ගේ කඩවුන බලාපොරොත්තුව යලි පිපිදිනි.
“බොලාල බොහෝ දුර කතරක් ගෙවාගෙන ඇවිත් මා ගැන බලාපොරොත්තුවෙන් තමයි වැඩේ බාර දුන්නේ එහෙව් එකේ බොලාලට පිහිට නොවි ආපසු යාම මගේ සිරිත නොවෙයි. ඉතිරි රාජකාරි සියල්ලම කරන්න තියෙන්නේ ගේ ඇතුලෙමයි. බොලාලත් කෑ කොස්සන් නොගහා දොරජනෙල් වහල මා කොරන කාරියට උදව් වෙයල්ල මේ කෙල්ලව ගොඩ ගන්න ඕනිනම් අදින් පස්සේ බොලාලට ආයෙත් කරදර එන එකක් නැහැ බොලාලට වින කල එකාත් හෙට වෙනකොට පෙන්නුම් කරාවි .කිසිම දෙයක් නොවුන ගානට බොලාලත් හොදින් හිටහල්ලකෝ”
වාසනහාමි කට්ටඩි මාමා නිවසේ මැද ශාලේ යලි අඩුම කුඩුම සැකසිය . උඩුකය නිරැවත් කට්ටඩි තැන අහුගෙඩියක් අතට ගනිමින් ශාලය මැද දිග හැරිනි. කොඩිවිනය කල යම් කෙනෙක් සිටිනම් ඔහු මේ අනපේක්ෂිත වේලාවේ පිටර් අප්පුහාමිගේ නිවසේ වන කටයුතු පිලිබදව අවදානයෙන් නොමැති නිසා පෙර තිබු අමනුෂ්‍ය හඩවල් දැන් නැත. ජිවන් කල අහු ගෙඩිය දැන් ඇත්තේ කට්ටඩි මාමාගේ පපුව මතයි අණකල විගසම දැවැන්ත කඩුවකින් අහුගෙඩිය කැපිමටයි නිවෙස් හිමි පිටර් අප්පුහාමි සුදානම් වි ඇත්තේ . දැන් ජිවන් වන්නේ අති භ්‍යානකම මංත්රයකි.
“ඕං කල්ලු කාවේරි බිලිධාරි ඔඩ්ඩි වරක්කාලි තින්දු වින සෙල්ලුම් ඔඩ්ඩි රාක්ෂ මහේෂ්වර ඊශ්වර ඉඑලුම් හැරි හැරි තෝංගු විනකල ඇදුරා වෙතට හැරි හැරි යැව් යැව් තින්දු බලාගං කල්ලුං කොඩිවින කදිර රාමායනේ වල්ලි අම්මා ඉරලුම් අග්නි ඉරලුම් කඩ්ඩි ඉල්ලි දිෂ්ටි වැටුන විනකල ඇදුරාගේ වින කිරිමට සැලකල එකාගේ හත්මුතු පරපුර බලා යන්නට හත්තිලව්වේ මහාසෝන් රාක්ෂ දේවතාවෝ තොපට කැපයි කැපැයි විනකල ඇදුරා වින කරන්න කි එකා බලා ආපිට හැරි දිෂ්ටි දිෂ්ටි තෝස්වහ…. හත්තිලව්වේ…..”
කට්ටඩි තැනගේ මංත්රය අහවර වනවාත් සමගම නිවෙස් හිමියාගේ දැවැන්ත කඩු තලය වේගවත්ව ඇවිත් කට්ටඩියාගේ පපුව උඩ තිබු අහු ගෙඩිය දෙපලු කලේ මුලු පරිසරයම හෙල්ලුම් කාවමිනි .එකි ක්ෂණයෙන්ම අසල්වාසි නිවැසකින් ඇසුන භයානක මරලතෝනිය ගම්මානය සිසාරා රැව් පිලිරැව් දුන්හ
තින්දුව හොදින්ම කැපි අහවර වි ඇති බව තේරැම් ගැනිමට අමුතු මොලයක් ඇවැසි නොවිය .ඉන්ඉක්බිති සදලතා ටත් නිවැසියන්ටත් හොදින් ආරක්ෂාවල් යෙදුවේ යලි කිසිදු කලක අනවින හදිහුනියම් නොවැදිමටයි .පිටර් අප්පුහාමිගේ දෝනිඇන්දැට කොඩි විනය කර තිබුනේ අප්පුහාමිගේම සහෝදරයෙකි .ඒ දේපලක් සම්බන්දව ඇතිවුන ආරෝවකට මේ පවුලෙන් පලි ගැනිම සදහායි .සියලුම3 කාර්්‍යන් මැනවින් අවසන් කල වාසනහාමි කට්ටඩි මාමා ඉර උදාවට පෙරම සිය අත්තේවාසිකයන් සමග ඒ ගම් පියසින් පිටත් විය .
“මම මුලින් කිව වගේම අපේ යංත්‍ර මංත්ර වලින් කිසිම නරක වැඩක් කරල නැහැ කොඩිවිනයක් ආපිට කපද්දි වින කල ඇදුරාගේ වින කිරිමට හවුල් වුන අයගේ පිටින් යන්න කපන්න වෙනවා ඒත් ඒ අයටවත්
කිසිම ජිවිත හානියක් නොවන විදිහටයි එහෙම කරන්නේ මොකද පිං පව් කියන දෙය මම හොදින්ම දන්නවා .” වාසනහාමි කට්ටඩි මාමා පැවැසිය .
Source :- FB
ඔන්න මගේ දෙවෙනි එක. මේක් හැබයි මන් වෙනම ත්‍රෙඩ් එකක ලිව්වා එකෙම කොපියක් තමයි මෙ. කියවපු නැති උන් කියවපල්ල.
හොදයි මෙන්න මේකයි කතාව.
අපේ ගෙදරට 500m විතර ඉස්සරහයින් තියෙනව වලව්වක්. ගොඩක් පරනයි. මට මතක කාලෙ ඉදන් ඕක තිබුනා.ඒ දවස්වල එකෙ ඉදියෙ අම්මයි දුවයි විතරයි. ඒ ඉදපු මිනිස්සුත් හරි අමුතුයි. අපි සෙල්ලම් කරද්දි බොලේ වත්තට වැටෙනවට පවා කැමති නෑ. වලව්කාරයොනෙ.පස්සෙ මෙයාල මේක සුද්දෙක්ට විකුන්නා. සුද්දා ගත්තු ගමන් කලෙ වටෙටම තාප්පෙ ගහපු එක. ඊට පස්සෙ ඒක මොඩිෆයි කලා.
එලියෙන් නම් පරන පෙනුමමයි හැබැයි අලුත් විදියට. ඉටපස්සෙ පූල් එකක් එහෙම හදල මේක VILLA එකක් කලා. ඒ දවස් වලම මෙකට ගත්ත වත්ත බලාගන්නයි කඩෙ යන් පොඩි වැඩ වලටයි මනුස්සයෙක්. මිනිහ අපෙ පැත්තෙ නෙමෙයි.
දැන් ඉතින් මිනිහ උගෙ ජොබ් එක කරනවා ඌ අපිත් එක්ක කතා කරන්නෙ නෑ මොක්ද අපි සමහර දාට බිලා පූල් එකෙ නානව මූට මාට්ටු වෙලා තියෙනවා.මූ දකිනකොට අපි දුවනවා.
හැබැයි කවදාවත් බැනල නෑ. අපි හිතුවෙ මු අපිට බැන්නොත් මුට ජොබ් එක කරන්න බැරිවෙය් කියල බයට බනින්නෙ නෑ කියල.
කොහොමින් කොහොම හරි පස්සෙ මිනිහ අපි එක්ක සෙට් උනා හොදටම. එකට අඩිය ගහනවා. කවෘත් නැති වෙලාවට පූල් එක දෙනව නාන්න.එ තරමට ෆිට්. දවසක් මූ කියාපි උබල පූල් එකේ නාද්දි මන් එන්නෙ සද්ද නැතිව නාපන් කියන්නලු. කොහෙද මුන් දුවනවනෙ?.ඌම කියනවා
හරි කොහොම හරි ද්වසක් දවාලක මමයි මුයි ඉන්න ගමන් ගියා නිකමට විලා එක ඇතුලට. ඌ මට කිව්ව වරෙන් ඇවිත් ඔන්නම් ඇතුල බලපන් කියල. මමත් ගියා පරන වල්ව්වක් නිසා මැද මිල්දුලක් තියෙනවා.ඇතුල නියමෙට මොඩිෆයි කරල තියෙනවා. එත් අර පරන ගතිය අද්භූත ගතියක් තියෙනවා. මං නිකමට අරුගෙන් ඇහුවා හොල්මං එහෙම නැද්ද කියලා.මූ කියාපි මොකද බන් නැත්තෙ අත් දිග හැට්ටයකුයි චීත්තයකුයි ඇදන් කොන්ඩෙ වනාගත්තු ආච්චි කෙනෙක් යනවලු මැද මිදුලෙන් සමහර වෙලාවට.
මට හිනා ගියා. මන් ඒත් ඌට මොකුත් කිව්වෙ නෑ. අම්මට හුඩු කියල තව ඇහුවා මූ තව කතන්දර ටිකක් කිව්ව. සද්ද ඇහෙන එවයි අනං මනං.
පස්සෙ තම්යි හොදම ටික
පස්සෙ මමත් හැන්දෑවෙ ගෙදර ආව. ඇවිත් අම්මත් එක්ක කතා කරන ගමන් අම්මට නිකමට කිව්ව අන්න අරු මට මෙහෙම කතාවක් කිව්ව කියල අර යනවයි කියල කියපු ආච්චිගෙ හැඩරුවත් එක්කම.අම්ම කියාපි ඒ විදියට ඉදියෙ ඒ ගෙදර වැඩකාරි, මැරිල ගොඩක් කල් කියල.
ඒ වෙලාවෙ නම් මගෙ ඇග පොඩ්ඩක් හිරි වැටුන. මොකද අරූ ගමට අලුත්. මමවත් ඒ වැඩකාරි ඉන්න දවස් වල ඉදල නෑ.
විස්වාස කරනවනම් කරපල්ල මේක ඇත්ත අත්දැකීමක්.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ ඇඩ් එක ශූට් කරේ මෙ විලා එකෙ. මුන් මේ විනාඩි දෙක දවස් දෙකක් ශූට් කරා යකෝ වාහන සීයක් විතර ආව. මුන් ටෙලියක එපියක් කරානම් ගමම පෙරලනව.





ඔන්න මගේ දෙවෙනි එක. මේක් හැබයි මන් වෙනම ත්‍රෙඩ් එකක ලිව්වා එකෙම කොපියක් තමයි මෙ. කියවපු නැති උන් කියවපල්ල.
හොදයි මෙන්න මේකයි කතාව.
අපේ ගෙදරට 500m විතර ඉස්සරහයින් තියෙනව වලව්වක්. ගොඩක් පරනයි. මට මතක කාලෙ ඉදන් ඕක තිබුනා.ඒ දවස්වල එකෙ ඉදියෙ අම්මයි දුවයි විතරයි. ඒ ඉදපු මිනිස්සුත් හරි අමුතුයි. අපි සෙල්ලම් කරද්දි බොලේ වත්තට වැටෙනවට පවා කැමති නෑ. වලව්කාරයොනෙ.පස්සෙ මෙයාල මේක සුද්දෙක්ට විකුන්නා. සුද්දා ගත්තු ගමන් කලෙ වටෙටම තාප්පෙ ගහපු එක. ඊට පස්සෙ ඒක මොඩිෆයි කලා.
එලියෙන් නම් පරන පෙනුමමයි හැබැයි අලුත් විදියට. ඉටපස්සෙ පූල් එකක් එහෙම හදල මේක VILLA එකක් කලා. ඒ දවස් වලම මෙකට ගත්ත වත්ත බලාගන්නයි කඩෙ යන් පොඩි වැඩ වලටයි මනුස්සයෙක්. මිනිහ අපෙ පැත්තෙ නෙමෙයි.
දැන් ඉතින් මිනිහ උගෙ ජොබ් එක කරනවා ඌ අපිත් එක්ක කතා කරන්නෙ නෑ මොක්ද අපි සමහර දාට බිලා පූල් එකෙ නානව මූට මාට්ටු වෙලා තියෙනවා.මූ දකිනකොට අපි දුවනවා.
හැබැයි කවදාවත් බැනල නෑ. අපි හිතුවෙ මු අපිට බැන්නොත් මුට ජොබ් එක කරන්න බැරිවෙය් කියල බයට බනින්නෙ නෑ කියල.
කොහොමින් කොහොම හරි පස්සෙ මිනිහ අපි එක්ක සෙට් උනා හොදටම. එකට අඩිය ගහනවා. කවෘත් නැති වෙලාවට පූල් එක දෙනව නාන්න.එ තරමට ෆිට්. දවසක් මූ කියාපි උබල පූල් එකේ නාද්දි මන් එන්නෙ සද්ද නැතිව නාපන් කියන්නලු. කොහෙද මුන් දුවනවනෙ?.ඌම කියනවා
හරි කොහොම හරි ද්වසක් දවාලක මමයි මුයි ඉන්න ගමන් ගියා නිකමට විලා එක ඇතුලට. ඌ මට කිව්ව වරෙන් ඇවිත් ඔන්නම් ඇතුල බලපන් කියල. මමත් ගියා පරන වල්ව්වක් නිසා මැද මිල්දුලක් තියෙනවා.ඇතුල නියමෙට මොඩිෆයි කරල තියෙනවා. එත් අර පරන ගතිය අද්භූත ගතියක් තියෙනවා. මං නිකමට අරුගෙන් ඇහුවා හොල්මං එහෙම නැද්ද කියලා.මූ කියාපි මොකද බන් නැත්තෙ අත් දිග හැට්ටයකුයි චීත්තයකුයි ඇදන් කොන්ඩෙ වනාගත්තු ආච්චි කෙනෙක් යනවලු මැද මිදුලෙන් සමහර වෙලාවට.
මට හිනා ගියා. මන් ඒත් ඌට මොකුත් කිව්වෙ නෑ. අම්මට හුඩු කියල තව ඇහුවා මූ තව කතන්දර ටිකක් කිව්ව. සද්ද ඇහෙන එවයි අනං මනං.
පස්සෙ තම්යි හොදම ටික
පස්සෙ මමත් හැන්දෑවෙ ගෙදර ආව. ඇවිත් අම්මත් එක්ක කතා කරන ගමන් අම්මට නිකමට කිව්ව අන්න අරු මට මෙහෙම කතාවක් කිව්ව කියල අර යනවයි කියල කියපු ආච්චිගෙ හැඩරුවත් එක්කම.අම්ම කියාපි ඒ විදියට ඉදියෙ ඒ ගෙදර වැඩකාරි, මැරිල ගොඩක් කල් කියල.
ඒ වෙලාවෙ නම් මගෙ ඇග පොඩ්ඩක් හිරි වැටුන. මොකද අරූ ගමට අලුත්. මමවත් ඒ වැඩකාරි ඉන්න දවස් වල ඉදල නෑ.
විස්වාස කරනවනම් කරපල්ල මේක ඇත්ත අත්දැකීමක්.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ ඇඩ් එක ශූට් කරේ මෙ විලා එකෙ. මුන් මේ විනාඩි දෙක දවස් දෙකක් ශූට් කරා යකෝ වාහන සීයක් විතර ආව. මුන් ටෙලියක එපියක් කරානම් ගමම පෙරලනව.
Tho me advert eka daala ara manussayage Job ekata kelawenawane ban.


E manussaya dan eke wada na bn. u accident wela dan eka thana.![]()