එළකිරි භූත කොටුව.........

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මෙහෙම සීන් එකක් උනා යකෝ කැම්පස් එකේ හොස්ටල් එකේ ඉද්දී.... අපිට අලුතෙක් හොස්ටල් එකක් හැදුවා.... ඒක හැදුවේ පහල කෙල්ලොන්ගේ හොස්ටල් එකට කිට්ටුව. කලින් එතන ගහක කෙල්ලෙක් එල්ලිලා මැරිලලු. අපි දන්නේ නෑ.... කොහොම හරි සතියක් විතර යනකොට හොල්මන් සීන් එකක් පටන් ගත්තා. කොල්ලෝ මහ රෑට නින්දෙන් නැගිටලා දුවනවා.... කවුරු හරි ඇදුම් ඇද්දා කියලා... ගොඩක්ම සීන් එක තිබ්ඛේ දෙවනි තට්ටුවේ. අපි හිටියේ තුන්වෙනි එකේ. එක දවසක් පාන්දර එකට විතර මට තේරුනා කවුරු හරි පෙරවන් ඉන්න රෙද්ද අදිනවා කියලා... මම හිමීට දන්නෑ වගේ ඇස් ලාවට ඇරලා බැලුවා. කිසිම දෙයක් නෑ... එහෙන්මම තේරුනා කලිසම ඇදෙනවා වගේ.. මල්ලිත් කෙලින් වෙලා ඇගම රත්වේගෙන ආවා.. අම්මෝ ටිකකින් කෙල්ලෙක් කටට ගන්නවා වගේ සැපක් දැනුනා.. හැබැයි ටිකක් පුරුදු නැති එකක් වගේ.... මමත් එහෙන්මම නැගිට්ටා... මොන හුයන්නක්ද කියාගෙන... ටක්ගාලා කොල්ලෝ ටිකත් නැගිට්ටා.... ඒත් කවුරුත් හිටියේ නෑ... මගේ නැගිටපු මල්ලියා විතරයි සාක්‍ෂියකට තිබුනේ.. කොහොම හරි ටික දවසකින් පිරිතක් කියලා දානයක් දුන්නා හොස්ටල් එකේ.... ඊට පස්සේ ඒවා නැතිව ගියා...

    :lol: palayan yanna boru nokiya :lol:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    දිග කතාවක් කෙටියෙන් ලියන්න යන්නෙ . මේක උනේ පෙරේදා ඒ කියන්නෙ 2019.03.03 වෙනිදා. එදාම ලියන්න හැදුවත් ගෙදර ආවට පස්සෙ කරන්ට් එක තිබුනෙ නැති නිසා ලියන්න බැරිඋනා. මොනා උනත් එදා හිතේ ගැස්මෙන් ඉදියේ.
    හොදයි කතාව මෙහෙමයි.

    මේ සිද්දියේ උන්ගෙ නම් ගම් කියන්න බෑ. මොකද මේක මගේ යාලුවෙක් සම්බන්ද දෙයක් ඌ කියන කොටම කිව්ව මේව අපි අතරෙ විතරක්ම තියාගන්න ඕනෙ කියල. සහ මන් උගෙ කතාව ඔක්කොම මෙතන කියන්න යන්නෙ නෑ.
    හොදයි මන් මෙහෙම කතාව පටන් ගන්නම්. අපි සෙට් එකක් ඉන්නව ටිකක් පරණ යාලුකමක් තියෙන ඔනම දේකට සෙට් වෙන. ඉතින් ඔයින් එකෙක් තමයි කසුන්. (මෙ ඔක්කොම බොරු නම් කතාව කියන්න ලේසි වෙන්න දානවා. ) ඉතින් කසුනා මට කලින් දවසෙ ඒ කියන්නෙ දෙවෙනිදා කොල් කරල කිව්ව මිලාන් ලගේ ගෙවල් පැත්තෙ යමුද කියල. මිලාන් ඉන්නෙ ටවුන් එකෙන් ටිකක් ඇතුලට වෙන්න ගම ඇතුලෙ. මන් ඇහුව මොකො හදිස්සිය කියල. ඌ කිව්ව පොඩි වැඩ වගයක් තියේ. තව කේස් ටිකක් තියෙ ඇවිත් කියන්නම් කියල. අපි 3 වෙනිදා උදේ නමයට යන්න දාගත්තෙ. ඔය අතරෙ මන් මගේ තව යාලුවෙක්ට කතාකර ගත්තා මොකද මගේ අයිඩියා එකක් තිබුනා වැඩෙ කරලා උන්ගෙ දොලක් තියෙනව ඒකෙ නාල ෆන් එකක් අරන් එන්න. ඉතින් මන් චතුර යටත් කතා කරගෙන උදේ දහයට විතර කසුන් ආව අපේ ගෙදර. ආවම තමයි ඌ කිව්වෙ මිලාන් ලගෙ ගෙදර බූත කේස් එකක් ඌට කිසි වැඩක් කරගන්න දෙන්නෙ නෑලු කියල. ඒක නිසා අපිට කතා කරල වත්තෙ පොඩි වැඩක් කරන්න. කොහොම හරි අපි ඔක්කොම සෙට් වෙලා යද්දි 12.30 විතර උනා. වැස්සට අහුවෙලා මග ඉන්න උන නිසා තව පරක්කු උනා. පස්සෙ කසුන් මිලාන්ට කොල් කරල කියල කෑම හදන්නෙපා තේ විතරක් ඇති කියල. අපි දන්නෙ නෑ ඔක. මම ඉදියෙ හෙන බඩගින්නෙ. කොමහරි එහෙට යද්දි 2.30 විතර උනා. ගිය ගමන් මන් හෙව්වෙ කන්න. මොකද මන් ඔය කේස් විශ්වාස කරත් වැඩිය එල්ලෙන්න යන්නෙ නෑ. කන්න උයල නෑ කිව්වම මට හෙන් අවුල් මන් කසුන්ටත් බැන්නා. මොඅක්ක්ද යකො කරේ මට බඩගිනී කියල.පස්සෙ අපි මැච් එක ටිකක් බලල වැඩේට බැස්සා. වැඩ කරන ගමන් මන් කසුන් එක්ක මිලානයට බැන්න මූට පිස්සු විකාර පස්සෙ එල්ලිලා ඉන්නව කියල. කොහොම හරි හැන්දෑවෙ 6.30 වෙද්දි වගේ වැඩ ඉවරයි. දැන් මට පට්ට බඩගීනී. මන් මිලාන්ගෙන් ඇහුව ඉව්වද කියල. උගේ පවුලත් ඉදියා. උයල නෑ මට තව මල. ඊට පස්සෙ උගෙ පවුල කිව්ව. පාන් ගේන්නම් පොඩ්ඩක් ඉදල යන්න කියල.කසුනා අදි මදි කලා යන් යන් කියල මන් කිව්ව නෑ කාලම යමන් කියල. වාද කරල වාද කරල. කන්න නැවතුනා. ඉතින් අපි ඇතුලෙ වාඩිවෙලා විස්තර කතා කර කර ඉදියා. මැච් එක බලන ගමන් ඊට පස්සෙ පාන් ගෙනාපු ගමන් ගොරව ගොරව වහින්න ගත්ත නිසා ටීවී එක ඕෆ් කරලා කයියටම වැටුනා. ඉතින් මිලාන් කියන්න ගත්ත ඌට තියෙන ප්‍රශ්න මලගිය නෑයො ගෙදර ඉන්නවා. දැනුත් අහන් ඇත්තෙ ඔය වගේ කතා. සමහර සිද්දි මාර පුදුමයි.මන් මෙතන ඒව කියන්නෙ නෑ. ඉතින් ඔහොම ඉද්දි මාත් භූත කොටුවෙ මන් කියවපු කතා දෙක තුනකුත් ඔතන අත ඇරියා. දැන් සාලෙ මැද මමයි චතුරයි එකතැන ප්ලාස්ටික් පුටු දෙකක වාඩි වෙලා. කසුන් මට ඉස්සරහ පුටුවක. කසුන් එක්ක ආපු ගිහාන් ඊට එහා පැත්තෙ. ඊ ඉස්සරහ මිලාන් සහ පවුලෙ අය. ඔහොම ඉන්නකොට ඉතින් කතා ටිකත් අහගෙන. මිලාන්ගෙ වයිෆ් පොල්සම්බල් හදල පාන් ගෙනාව. මන් බඩගින්නෙ විකාරෙ ඉදපු නිසා. මුලින්ම ගිහින් අරගෙන කන්න ගත්තා ඒ අතරෙත් ඉතින් මිලාන් උගේ විස්තර කියනවා. මන් පාන් බාගයක් කාල ඉවර වෙලා බඩගිනි වැඩි නිසා තව කාලක් අරන් පොල් සම්බල් ටිකකුත් දාගෙන ආයෙත් කන්න වාඩි උනා. පාන් කාලෙන් බාගයක් කද්දි මගේ අත්දෙක එක පාර ගැහෙන්න ගත්තා. පෞවෙ ගැස්ම වැඩිවෙනව දැනුනා. මට අමුත්තක් දැනුනා. හිතාගන්න බැරි උනා. මන් එහෙම්ම නැගිටලා. පාන් කෑල්ලයි පිගානයි මෙසෙ උඩ තියල මිලාන්ගෙ වයිෆ්ගෙන් වතුර එකක් ඉල්ලුවා. මන් එතන හිටපු කාටවත් අමුත්තක් පෙන්නුවෙ නෑ නොර්මල් විදියටම කාල ඉවරයි කියල. ඉදියා. වතුර එක ගේනකන් මන් ඉතිපීසො ගාතාව සිහි කලා. මට තෙරුනෙ මේක් මුන් කියන් දේට සම්බන්ද දෙයක් කියල ඒකයි මන් එහෙම කලේ. පස්සෙ වතුර එක බීල. ආයෙත් මන් වාඩි උනා එතකොට නොර්මල් උනා. ඔය අතරෙ එලියෙ හයියෙන් වහිනවා. මට දැන් යටි හිත කියන්නෙම ඔතනින් පල පල් කියල. ඒ ගේත් හෙන අත්බූතයි පරනයි.උන් කියන්නෙ අවුරුදු 100ක් විතර කියල.
    ඉතින් දැන් යන්න බෑ එලියෙ ගොරව ගොරව වහිනවා. ඔහොම ඉද්දි තව විනාඩි දහයකින් විතර මට ආපහු මුලු ඇගම වගේ ගැහෙන්න ගත්තා. එවෙලෙ ඔලුවෙ කරකැවිල්ලක් වගේ ඇවිත් අරුන් ඔක්කඔම එතන ඉදියත් මම නිකන් තනිවෙනව වගේ හැගීමක් ආව. මම දැන් හිතෙන් හෙන ෆයිට් එක. මන් හිතනවා නෑ මේක් මගේ හිතෙන් එක්=න දෙයක් කියල ආයෙම හෙන ගෙමක් දීල පියවි සිහියට එනව වගෙ. මන් ආයෙත් ඉතිපීසො ගාතාව මතුරන්න ගත්තා පොඩ්ඩක් හඩ එන්නත් එක්ක. ඒත් මේ ඔක්කොම අරුන් කිසි කෙනෙක්ට නොදැනෙන්න. ඊට පස්සෙ ආයෙත් හරි ගියා. පස්සෙ මන් ආයෙත් අරුන් එක්ක විහිලු කර කර කතා කරා. ඔය අතරේ ගිහාන් උගේ හෙන අතිතයක් කියනවා උගෙ අම්ම තාත්ත නැතිවෙච්ච හැටි.මම මෙච්චර කාලෙකට අහල තිබුනෙ නැති දෙවල් මන් උගෙන් අහලත් නෑ කොහොමද අම්ම තාත්ත නැති උනෙ කියල. ඉතින් ඔය අතරෙ කසුනා කාල ඉවරවෙලා මිලාන් එක්ක පිටිපස්සෙ කෑල්ලකට ගියා සිගරට් එකක් බොන්න. ඔහොම ඉද්දි මට ආයෙ අර කේස් එක ආව. මට නම් දැන් ඇතිවෙලා. මන් නැගිටලා ඉතිපීසො ගාතාව කියන ගමන් ගේ ඉස්සරහට ගියා අපි වාඩි වෙලා ඉදියෙ මැද සාලෙ. ඉස්සරහ කෑල්ලට ගිහින් එලියෙ උලුවස්ස අල්ලන් අත්දෙකෙන් ඉටිපිසො ගාතාව මතුරන ගමන් එලිය බැලුවා. වහිනවා. එහෙම්ම ගියා බුදුපාහන ලගට ගිහින් හොදට බුදුගුන සිහි කරා. එහ්ම්ම හරි ගියා මන් ආයෙම ඇව්ත් කසුනා වාඩිවෙලා ඉදපු තැන වාඩි උනා. වාඩිවෙලා ආයෙ කතාවට වැටුනා.ඔය අතරෙ මට මන්කලින් වාඩිවෙලා ඉදපු තැන බිත්තිය උඩ බැලුනා. එතන පරන පොටො දෙකක් තිබුනා. මගේ ඔලුවට උඩින් එක කපල් පොටො එකකුයි. චතුරයගෙ ඔලුවට උඩින් තව කපල් පොටො එකකුයි. ඔකෙ ඉන්න සෙරම ජීවතුන් අතර නෑ. කොහොම හරි ඊට පස්සෙ මට අර කේස් එක අවෙ නෑ. ඔය තරේ මිලානුයි කසුනුයි ඇවිත් ඉදියෙ එක පාරම ගේ පිටිපස්සෙන් හෙනසද්දයක් ආව. මන් හිතුවෙම වහින නිසා ගොරවනව කියල. ඒත් එහෙම නෙමෙ. මිලාන්ගෙ වයිෆ් කිව්වෙ ලීයක් ඉරද්දි කියත හිරවෙන සද්දයක් වගේ කියල. කසුනා කිව්ව සතෙක් පනින්න ඇති කියල.ඒකනම් වෙන්නම බෑ ඒවගේ සදහයක්.
    පස්සෙ මිලාන් කිව්ව වහලෙ උඩින් තියල තිබුනු වැඩි උලුකැටයක් පහලට ලිස්ස්ල ගියා වෙන්න ඇති කියල. ඒකනම් වෙන්න පුලුවන්.
    කොහොම හරි පායපු ගමන් අපි එලියට බැහල ආවා. මමයි චතුරයි මගේ බයික් එකෙ. කසුනයි ගිහානුයි කසුනගෙ බයික් එකෙ. ගිහාන්ගෙ බයික් එක අපේ ගෙදර දාල ගියේ ඒක් නිසා අපි සේරම ආයෙ එන්න ඕන අපේ ගෙදර. එනගමන් මන් චතුරයට කිව්ව උන්ගේ ගේත් හෙන අත්භූතයි නේද බන් කියල. චතුරයත් ඔව බන් එක තමයි කියල ඒ කතාව නැවතුනා. ඊට පස්සෙ අපි ගෙදරට එනකන් එ ගැන මොකුත් කතා කලේ නෑ වෙන දෙවල් තමයි. පස්සෙ ගෙදර ඇවිත් අපෙ ගේ ඉස්සරහ ඔක්කොම නැවතුන ගමන් මම කසුන්ට කිව්ව බලපන් බන් උන්ගෙ ගේ හෙන් අවුල් නේ කියල.
    ඊට පස්සෙ සද්ද නැතුව ඉදපු චතුරයත් කිව්ව මොනා උනත් ඉන්න උන් හෙන ගේවම්ක් දුන්න කිව්ව අපිව එහෙන් යවන්න. මට හිතාගන්න බැරිඋනා අපි ඇහුව ඒ මොකද කියල. ඌ කිව්ව අර සද්දෙ ඇහෙන්න විනාඩි පහලවකට විතර කලින් උගේ අතට වැලි ගැහුව වගේ වැලි වැටුන කියල අත බැලුවත් බිම බැලුවත් වැලිත් නෑ කිව්ව උඩ බැලුවත් වැලි වැටෙන්න තනක් නෑ සිවිලිමයි බිත්තියයි කිව්ව. කොහොමත් අපි ඉදපු තැනට වැලි වැටෙන්න කොහොමත් ඉඩක් නෑ.

    එවෙලෙ ගිහානය කිව්වෙ නැතැයි ඒ බන් මටත් මොකක් උනාද කියල හිතාගන්න බෑ මට මගේ අතීතෙ සේරම කේස් එක දිගට ගැලපි ගැලපි කියන්න හිතුන කියල. ඌ කියනවා මන් කියන්න කතාකරන්න කැමති නැති දේවල් ලු ඒව. ඇත්තටම අපි කොච්චර ආශ්‍රය කරත් ඒ සිද්දි ඌ කතා කරනව දැක්කෙ එදා විතරමයි. පස්සෙ මන් මට වෙච්ච සිද්දියත් කිව්වා. මන් හිතන් ඉදියෙ ඒක කසුන්ට විතරක් කියන්න. ඒත් අරුන්ටත් අරම වෙලා නිසා කිව්වෙ. . පස්සෙ ගෙදර ගිහින් ගිහාන්ට එදා රෑම නින්ද ගිහින් නෑ. කසුනයට කිසි අවුලක් දැනිල නෑ.හැබයි ඌට එතනින් ඉක්මනට එන්න තදින්ම උවමනාව තිබුනා.
    මට පස්සෙගෙදර ඉදන් කල්පනා කරද්දි තමයි තේරුනෙ ඒ ඉදපු උන්ට අපිව යවාගන්න තමයි උවමනාව තිබුනෙ කියල. මට තාම හරි දෙයක් හිතා ගන්න බෑ.

    කියන්න බැරි උනා මිලාන්ගෙ ගෙදර සෙරම ආරක්ශාවල් දාගෙන ඉදියේ :yes::yes:

    කෙටියෙන් කිව්වට ටිකක් දිග උනා.
     
    • Like
    Reactions: Pan-X and LalaJ

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    Mar 23, 2019
    14
    2
    3
    මල යකින්නක් වී පලිගන්න ආ සෙව්වන්දි

    අතිශය සුන්දර තරුණියක් වු සෙව්වන්දි කුඩා කල පටන්ම හැදි වැඩුනෙ ඇගෙ අත්තම්මා ළගයි.එ අවාසනවන්ත ලෙස කුඩා කලදිම ඇගෙ දෙමව්පියන් හදිසි අනතුරකින් මිය යාම නිසවෙනි.විශ්‍රාමික ගුරුවරියක වු මර්සි නොනා කවදාවත් ඇයට අඩුවක් නොකලාය.

    ගුණ යහපත්, හික්මුනු දරුවකු වු ඇ කාගෙත් ආදරයට ලක්විය.නව යොවුන් වියට පැමිනිමත් සමග ඇය වඩාත් ලස්සන විය,නිරහංකාර විය. එක් වරක් ඇ දුටු තරුණයෙක් නැවත ඇ දෙස බලනු නොඅනුමානයි . මෙ නිසාම පාසලෙදි ඇගෙ ආදරය පතා එන තරුනයින් අනන්තය. නමුත් කිසි ලෙසකින් වෙනස් නොවු ඇගෙ අරමුන වුනෙ හොදින් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට යන්න. එ රස්සාවක් කරල තමන්ගේ අත්තම්මා බලාගන්නයි .

    ප්‍රදිප් එ ගමෙම තරුනයෙක්.පාසල් ගමන අතරමග නතර කර දැමු ඔහු ගංජා , අරක්කු වලට ඇබ්බැහි වුනෙ නරක ඇසුර නිසා.ඔහුගෙ වැඩ නිසා පොලිස් කුඩුවේ ලගින්න වුන වාර අනන්තය .

    කඩ ඉම් විභාගය අත ලග නිසා ටියුෂන් ක්ලාස් ඉවර වෙද්දි ටිකක් හවස් වෙනවා. ගෙවල් ලගම ඉන්න සුරනිත් එක්ක පන්ති ඇරිල එන හින්ද සෙව්වන්දිට කවදාවත් බයක් තිබ්බෙ නැ.එ එයලගෙ ගෙදරට යන පාර වැටිල තිබ්බෙ කැලෙ වැවිල අතඇරලා දාපු ඉඩම් කට්ටි හතරක් මැදින් නිසා .මීටර් සීයක් විතර දුර එ පාරෙ ටවුන් එකට යන එන මිනිස්සු නිසා එච්චර ප්‍රශ්නයක් නැ.

    පන්තිය ඉවර වෙල සෙව්වන්දි තනියම ගෙදර එන්නෙ, සුරනි එයාගෙ අම්මට හදිස්සියෙ අසනීප උන නිසා වෙලාසනින්ම පන්තියෙන් ගිය හින්ද ."අද නම් හරි අමුතු දවසක් "සෙව්ව්න්දි තමන්ටම කියා ගත්තේ පරිසරයේ තිබ්බ වෙනස එයාට තදින්ම දැනිච්ච නිස වෙන්න ඇති.එක ඇත්තටම මහ මුසල ගොම්මන් දවසක්.කෙල්ලගෙ කරුමෙට එ පාරෙ බලු බල්ලෙක් නැ . සෙව්වන්දිට කවදාවත් හිතෙන්නේ නැතුව ඇති එයගෙ මාරය එයා එනකන් බලාගෙන ඉන්නව ඇති කියල.

    වෙලාව රෑ 7ටත් කිට්ටුයි .කෙල්ල තාම ගෙදර ආපු නැති නිසා මර්සි නොනා හිටියෙ හොදටම බය වෙල. බැරිම තැන සුරනි බලන්න ගියාමයි දැනගත්තෙ අද සුරනි වෙලාසනින් ආපු බව.

    ගෙවල් ලග පාත වැඩිහිටියෝ රෑම සෙව්වන්දි හොයන්න පිටත් වුනා. එත් එ වෙද්දිත් සෙව්වන්දිගෙ ඉරනම විසදිලා ඉවරය්. පලුවත්තෙ ගරා වැටිච්ච කාමරයක් අස්සෙ තිබිලා සෙව්වන්දිගෙ මිනිය හම්බ වුනා. සෙව්වන්දිගෙ මුන බලන්න බැරි විදිහට ගලකින් ගහල පොඩි පට්ට්ම් කරල. කවුරු හරි තිරිසනෙක් සෙව්වන්දිව දුශනය කරල අමානුශික විදිහට මරල දාල. ගමක්ම අඩවල සෙව්වන්දි යන්න ගියා. පොලිසියෙන් සැක පිට ප්‍රදිප් අත්ඩංගුවට ගෙන ප්‍රශ්න කරා. එත් අපරාධකාරය ගැන හරි විස්තරයක් හොයගන්න බැරි උනා.

    "අයියො...මගෙ අහිංසක කෙල්ලට මෙ අහස පොලොව නුහුලන අපරාධෙ කරපු එකාට සහ ගහනවා...මෙ කරපු දෙට ඕකා වන්දි ගෙවනව... අය්යො මගෙ කෙල්ල." මර්සි නොනා වැලහින්නියක් වගෙ අඩා වැටුනා. අන්තිමට මර්සි නොනා තනි කර සෙව්වන්දි අවසන් ගමන් ගියා.

    සෙව්වන්දිගෙ මරනෙන් දවස් 2-3 ට පස්සෙ හැන්දැවක මහ අමුතු දෙයක් වෙන්න යන බව මිනිස්සුන්ට ඉවෙන් වගෙ දැනුන. ප්‍රදිප් එයගෙ යලුවෙක්ගෙ ගෙදර උත්සවෙකට ගිහින් පාලු පරෙන් එන ගමන් හිටියෙ .බීල හිටපු ප්‍රදීප්ට පරිසරයේ වෙනස්කම එච්චර තෙරුනෙ නැ.මුලු පරිසරයම අදුරු වුනා. මහ අමුතුම මුසල බවක් පරිසරයෙ ගැබ් වෙල.සූර් වෙන්න ගහල ඉන්න ප්‍රදීප්ට එක ගානක්ව්ත් නැ. එක පාරටම දැක්ක දෙයින් ප්‍රදිප් ටිකක් නතර වුන. පාලු වත්තෙන් ආපු ගැනු කෙනෙක් පාරෙන් එහා පැත්තට ඇවිත් ඉදගත්තා. වෙනද දර අහුලන්න පාලු වත්තට ගියත් සෙව්වන්දිගෙ මරනෙන් පස්සෙ කවුරුත් එ වත්තට යන්නෙ නැ. ප්‍රදිප් ගැනි ලගට කිට්ටු කර. සුදු ඇදුමක් ඇදපු අවුල් කොන්ඩෙ කඩාගෙන ඉන්න ගැනි ප්‍රදීප්ට පිටුපාල ඉන්නෙ. වෙලවකට ගැනි ගැහෙනව. මොන්වදො රහසින් මුමුන මුමුන බිම පහුරු ගානව. ප්‍රදිප් ගැනිට ත්ව කිට්ටුකරා. එත් එක්කම වටපිටාව එන්න එන්න තවත් කලුවර උනා. මිනිස් පුලුටක් නැ පාරෙ. එක පාරටම ඇතින් බල්ලො රංචුවක් මුසල විදිහට උඩු බුරලන්න ගත්ත. ප්‍රදීප්ට වෙනස තෙරෙන්න පටන් ගත්ත. ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්ත . මෙච්චර වෙල වාඩි වෙල හිටපු ගැනි හිමින් සැරෙ නැගිටල ප්‍රදිප් දිහාවට පාවෙල වගෙ හැරෙන්න පටන් ගත්ත. ගැහනිය දුටු ප්‍රදීප්ට වෙරි මත නැති වී ගියා .කෙස් වැටියෙන් ඇගෙ මුහුනෙ අඩක් වැසි ඇත. පෙනෙනට ඇති කොටසෙ ඇත්තෙ මුහුනක් නොව, මස් වැදැල්ලක් පමනි.ගවුමෙ ඉදිරිපස ලෙයින් පෙගී ඇති ගැහැනිය වෙන කවුරුත් නොව මල යක්ශනියක් වී තමන්ගෙන් පලි ගන්නට පැමින ඇති සෙව්වන්දි බව ඔහුට තෙරුම් ගියා. " එදා උඹ මාව මරා ගත්ත නේද? අද මං තොව මරලා තොග ලේ බොනවා..හිහ්.. හිහ්.. හිහ්.. හිහ්.... " වියරු ලෙස සිනහ උන් ඇය ප්‍රදිප් දෙසට පැන්නාය. ප්‍රදිප් මරු විකලෙන් පාලු ඉඩමෙ නිවස තුලට රිංගගත්තෙ මාරයාගෙන් බෙරිමටයි.එත් ඔහුට බේරිමට ඉඩක් නැත." බුදු අම්මො.. අනේ එපා.. එපා.. මාව මරන්න එපා........"

    පසු දින සෙව්වන්දි මරා දමා තිබු ස්ථානයෙ ගෙල පිටු පසට එන ලෙස අඹරවා මරා තිබු ප්‍රදිප්ගෙ මිනිය ගම් වැසියන්ට හමුවිය..

    නිමි.
     
    • Like
    Reactions: Pan-X
    Mar 23, 2019
    14
    2
    3

    මචන් අපිට තියන ලොකුම පිහිට, ලොකුම සරන බුදුසරන...... ඒකට මුල් තෑන දීපන්.. නොපෙනනෙන යක්කු, කට්ටඩි පස්සෙ ගිහින් හරිගිය පිරිසට වඩා වරද්ද ගත්ත පිරිස බොහොම වෑඩී...

    මගෙ හිතට අල්ලපු එකම තෑනයි තියෙන්නෙ ඔය සම්බන්දව.. ඒ කෑස්බෑවෙ චින්තා කියල ගෑනු කෙනෙක් කරන තෑන.. ආරූඩ වීම් කෑගෑසීම් දේව රූප සුවද දුම් කිසිම දෙයක් නෑ.. නිකම්ම නිකන් ඔෆිස් එකක් වගේ තෑනක්.. ඔසරියක් ඈදගත්ත වෑදගත් නෝන කෙනෙක්.. මේසෙක වාඩිවෙලා ලස්සනට වෑඩේකරනව... උදේ පාන්දර හිරුට පිටුපාල හිටගෙන අපේ හෙවනෑල්ලෙ ඔලුව තියන තෑන කාටහරි කියල ලකුනක් දාල අපේම කකුලෙ පියවර ගාන මෑන ගන්නයි
    තියෙන්නෙ.. විස්තරදෙන්නෙම්..

    කොහෙද තියෙන්නෙ
     
    • Like
    Reactions: චගු
    Mar 23, 2019
    14
    2
    3
    සුදු රැවුල වවාගෙන සුදු ඇදුම ඇඳගෙන හැරමිටිය අතින් අරන් ඉන්නෙ මහසෙන් දෙවියන්( මහසෙන් රජතුමා) .
     
    Mar 23, 2019
    14
    2
    3
    සප්තකන්‍යා කඳු වැටියෙන්
    මහ රෑ මතු වූ ගුවන් සේවිකාව

    වෙලාව හවස තුන පමණ වන්නට ඇත. ඉරිදා දින කම්මැලිකම නිසාම මා කාමරයට වී නිදා සිටියෙමි. තොර තෝංචියක්‌ නැතිවම නාද වෙන ජංගම දුරකථනය නිදි යහනේ සිටම මා ඇමතුම් ලබා ගත්තේ තරමක්‌ කෝපයෙනි.

    මචං මම දිල්ශාන්. ඔයා හරියටම හෙට එනවද කියලා දැන ගන්නයි කථා කළේ. ගොඩක්‌ දේවල් ලෑස්‌ති කර ගන්න තියෙනවා යනවා නම් ගමනට. ඇමතුමත් සමඟ මාගේ ඔලුව යකාගේ කම්මල තරම් විය. දිල්ශාන් මාගේ පැරැණි මිතුරෙක්‌. කලකට ඉහත මා එක්‌තරා ගුවන් විදුලි නාලිකාවක සේවය කරන කල්හි ඔහු ද එම නාලිකාවට සම්බන්ධව සේවය කළේය. විශ්‍රාමික වන ජීවී නිලධාරියකු වූ දිල්ශාන්ගේ පියාගේ හදිසි මරණයෙන් පසු රැකියාවට සමු දීමට සිදු වුයේ ඔවුන්ගේ තේ වතු සහ අනෙකුත් ව්‍යාපාර බලා කියා ගැනීමට ඔහුගේ මවට සහ නැඟණියට නොහැකි වූ නිසාවෙනි.

    දිල්ශාන්ගේ පියා වනජීවී නිලධාරියකු ලෙස කටයුතු කරන කාලයේ දිනක්‌ හදිසියේම සප්තකන්‍යා කඳුවැටියේ මාර්ටින් එයාර් ඩී. සී. 08 ගුවන් යානය අනතුරට පත් වූ ප්‍රදේශයේ මෙහෙයුමක්‌ සඳහා යැමට සිදු වී තිබිණි. මේ සඳහා පහළොස්‌ දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් හා පොලිස්‌ නිලධාරීන් ද සමඟ ඔවුන් කැලයට වැදී ඇත්තේ දඩයක්‌කරුවන් සහ දැව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ අදහසිනි. එය ඉතා දුෂ්කර මෙහෙයුමක්‌ බව දිල්ශාන්ගේ පියා දිනක්‌ මා සමඟ ද පවසා තිබිණි. මේ පිළිබඳ විස්‌තර මා හට පවසද්දීත් මෙහෙයුම සිදුÊවී වසර පහළොවකටත් වඩා වැඩි බව අඩවි වන නිලධාරියකු වූ වික්‍රමසූරිය මහතා මා හට පවසා අදට වසර තුනකට ආසන්නය. ඔහු මියගියේ හරියටම මීට මාස හයකට පෙර බව මතකය.

    මෙම මෙහෙයුමේ විශේෂත්වය වූයේ දිල්ශාන්ගේ පියා ඇතුළුÊවනජීවී නිලධාරීන් කිහිපදෙනෙකුටම සප්තකන්‍යා ඝන වනාන්තරයේදී හමු වූ සුදු ජාතික රූමත් තරුණියක්‌ නිසාවෙනි. මේ සඳහා සහභාගි වූ නිලධාරීන්ට නොයෙකුත් ගැටලුවලට මුහුණ පාන්නට සිදු වූයේ සිදුවූ අසාමාන්‍ය හේතූන් නිසාමය. කැලයට ඇතුළු වූ ඔවුන් කණ්‌ඩායම්වලට බෙදී කටයුතු කිරීමට කථිකා කරගෙන ඇත. ඒ අනුව වනය තුළදී තිදෙනෙකු බැගින් වූ කණ්‌ඩායම් වලින් සැදුම් ලද අතර එක්‌ කණ්‌ඩායමකට එක්‌ ගිනි අවිය බැගින් ද ගමන් කථනය බැගින් ද තිබූ බව කියවේ. යානය වැටුන ඉසව්වට ළං වත්ම රාත්‍රි කාලයේදී වේදනාත්මක අඳෝනා හා කෑ ගැසීම්වලින් ද අඩුවක්‌ නොවූ බව වික්‍රමසූරිය මහතා අනාවරණය කර තිබිණි.

    මීට වසර ගණනකට ඉහත දී සුදු තරුණිය හමු වූ අයුරුත් ඇයගේ රුව බොහෝ සෙයින් මාර්ටින් එයාර් ගුවන් අනතුරින් පසු හඳුනා ගැනීමට හැකිව තිබූ ගුවන් සේවිකාවකගේ මළ සිරුරකට සමාන බවත් වික්‍රමසූරිය මහතා අප සමඟ පවසා තිබේ. වනගත වූ දෙවැනි දිනයේම ඔවුන්ගේ කණ්‌ඩායම ගුවන් අනතුර සිදු වූ ප්‍රදේශය ආසන්නයේ කඳවුරු ලෑමට සූදානම් කර ගත්තාය. එක්‌ අයකු කූඩාරම අසල මුර කිරීමටත්, අනෙක්‌ දෙදෙනා නිදා ගැනීමටත් මාරුවෙන් මාරුවට එසේ මුර කිරීමටත් තීරණය කළේ ජාවාරම්කරුවන් ගෙන් සහ වන සතුන්ගෙන් ඇතිවන පීඩා වලකා ගැනීමටය. එදින මධ්‍යම රාත්‍රිය ආසන්නයේ මුරය යෙදී තිබුණේ වික්‍රමසූරිය මහතාට ය. බෝර 12 රිපිටර් තුවක්‌කුවත් ඔලුව ලොකු එවරෙඩි විදුලි පන්දමකුත් ඔහු සතු විය. කුඩා දිය පහරවල් වලින් පෝෂිත වූ සප්තකන්‍යා කුමරියගේ කඳුලුවලින් සැදුම් ලත් ඔවුන්ගේ කූඩාරම ළඟින් ගලා ගිය දිය පහරේ හෝ හෝ හඬ මහත් මූසල භාවයක්‌ මේ සුවිසල් වනයට එක්‌ විය.

    නිදි වර්ජිතව සිටි වික්‍රමසූරිය මහතාට ගලා යන දිය පහරින් ඉංග්‍රීසි බසට සමාන බසින් සෙමෙන් ළයාන්විත ගීයක්‌ මුමුණනු ඇසීම මහත් පුදුමය ගෙන දෙන්නක්‌ විය. ජාවාරම්කරුවන් අතර ඉංග්‍රීසි තරුණියක්‌ කිසිසේත්ම මේ සුවිසල් වනයේ සිටිය නොහැක. කෙසේ වෙතත් ප්‍රදේශය කෙතරම් සෝදිසි කළ ද කිසිවකු ද සොයා ගැනීමට ඔහුට නොහැකි විය. පසුදා උදේ මිතුරන් දෙදෙනාට ද සිද්ධිය පැවසූ වික්‍රමසූරිය මහතා ඔවුන්ගෙන් මහත් අපහසුතාවයට පත් වූයේ ඔහුව බරපතළ ලෙස සමච්චලයට ලක්‌ කළ නිසා ය. පසුව නිගමනය වූයේ කුරුල්ලෙකුගේ හෝ වෙනත් සතෙකුගේ හඬක්‌ විය හැකි බව ය. දවල් කාලය සෙමෙන් ගෙවෙමින් තිබිණි. ඔවුන් කැලයේ මුර සංචාරය කරද්දී අනතුරට පත් යානයේ මළ කෑ සුන්බුන් කොටස්‌ ද මගීන්ගේ ඇට කැබලි ද හමු වී තිබිණි.

    සුපුරුදු පරිදි ඒ සුවිසල් කඳු වැටියේදී එදින රාත්‍රියටත් ඔවුනට මූණදීමට සිදු වූයේ ජාවාරම්කරුවන් ගැන කිසිදු හෝඩුවාවක්‌ හෝ සොයා ගැනීමට අපොහොසත්ව සිටියදී ය. ඔවුන්ගේ අනෙකුත් කණ්‌ඩායම්වලට ද තත්ත්වය එසේම විය. වෝකි ටෝකි යන්ත්‍රය මගින් අමතර බැටරි සහ ආහාර ගෙන එන ලෙස ප්‍රධාන කාර්යාලය දැනුවත් කළ ඔවුන් පෙර සිටි ස්‌ථානයේදී ම රාත්‍රියට මුහුණදීමට සූදානම් විය. එදින මධ්‍යම රාත්‍රිය මුරය යෙදී තිබුණේ වික්‍රමසූරිය මහතාගේ මිතුරා වූ කමල් පෙරේරාටය. ඔහු තරුණ වන නිලධාරියෙකි. රාත්‍රිය උදා වෙමින් පැවතුණි. උල ලේනුන්ගේ මූසල නාදයත් නරින්ගේ උඩු බිරීමත් වේගවත් මූසල සුළං හඬත් දිය පහරේ හෝ හෝ හඬත් වනයට එක්‌ කළේ මහත් භයංකාරයකි. කමල් තමා සතු වූ රිපීටර් ගිනි අවිය සුරතෙහි දරා සිටියේ ඕනෑම සතුරෙකුට මුහුණදීමේ සූදානමෙනි. බැටරි දුර්වල වී යැම නිසා වනයට පැමිණි අනෙක්‌ කණ්‌ඩායම් සමඟ පණිවුඩ හුවමාරුව ද මේ වන විට ඇනහිට තිබුණි.

    මධ්‍යම රාත්‍රිය උදාවෙමින් තිබිණි. ඉංග්‍රීසි බසට සමාන බසකින් තරුණියක්‌ ගීතයක්‌ ගායනා කරනු කමල්ට පැහැදිලිව ඇසෙන්නට වීමෙන් දෙලෝ රත්විය. දවල් කාලයේදී වික්‍රමසූරිය මහතා මේ පිළිබඳ පැවසූ විට ඔහුට සමච්චල් කළ ආකාරය කමල්ට මැවී පෙනෙන්නට විය. ගීතය තව තවත් පැහැදිලිව ඇසෙන්නට විය. දෙපාරක්‌ නොසිතූ කමල් අසල වූ දිය පහර දෙසට විදුලි පන්දම යොමු කළේය. පුදුමයකි. මේ මහ රෑ ඝන වනයේ සුදු තරුණියක්‌ නිරුවතින් දිය නාමින් සිටියාය. කමල් වෙව්ලන්නට විය. මේ සීතල රාත්‍රියේ මුළු සිරුරම දහඩියෙන් නැහැවී තිබිණි. අත වූ ගිනි අවිය වෙව්ලන දැතින් යුතුව කමල් ඇය දෙසට එල්ල කළේය.

    "කවුද ඔතන, හෙළවුණොත් වෙඩි තියනවා." කමල්ගේ විධානයට ඇය අවනත නොවූවාය. නග්න වූ ධවල ශරීරයෙහි රුවට කමල් වසඟ වූවා වැනිය. සුදු පැහැති කුඩා පියයුරු ඇය හිරිමල් නොයිඳුල් තරුණියක්‌ බව කියා පෑවාය.

    ගිනි අවිය ඈ දෙසට එල්ල කර ගත් කමල් දිය පහර අසලට ළං වන්නේ ඇයව අත්අඩංගුවට ගැනීමට හෝ මෙල්ල කර ගැනීමේ අදහසිනි.

    "හෑන්ස්‌ අප්" කමල් ගිගුරුවේ වහාම තමන්ට යටත් වන ලෙස සංඥා කරමිනි.

    "ඇයි මම ඔයාට යටත් වෙන්නේ" ඇය පෙරළා ප්‍රශ්න කළාය.

    සඳ එළියට දිලිසෙන අගේ දෙකළවා හා නග්න සිරුර විදුලි පංදම් එළියට දිළිසුණේ මිහිබට සුරඟනක්‌ සිහි කරමිනි.

    "ඔයා කවුද?"

    "මං කවුරු වුණත් ඔයාට මොකද"

    "ඒක හරි. ඒත් මං මෙතන කරන්නේ රාජකාරියක්‌. මට ඔයා කවුද කියලා දැන ගන්නම වෙනවා" කමල් එසේ පැවසුවේ ඇය දෙසට එල්ල කර තිබූ රිපීටර්Êඅවිය පහතට හෙළමිනි.

    "මම කාටවත් වැරැද්දක්‌ කරන් නෑ. කැලේට ඇවිල්ලත් අවුරුදු ගානක්‌ වෙනවා. ඉතින් ඇයි මට කරදර කරන්නේ"

    "ඔයා කොහොමද මෙහෙට ආවෙ"

    "ඒක දිග කතාවක්‌" ඇය දිග සුසුමක්‌ හෙළුවාය. හිවලුන්ගේ උඩුබිරුම වනාන්තරය දෙසින් තාමත් ඇසෙන්නේ තොර තෝංචියක්‌ නැති ලෙසිනි.

    කමල් ඇය වෙත ළං වූයේ තවමත් සිහින ලොවක සිsටින්නේ දැයි සිතමිනි. මේ සුන්දර ධවල තරුණියගේ නග්න සිරුර දැකීමෙන් ඔහු උමතු වී සිටියේය. ඇය ආසන්නයට පැමිණි කමල් එක්‌වරම සුදු තරුණිය බදාගත්තේය. පුදුමයකි. ඇගේ කිසිම විරුද්ධත්වයක්‌ ඇති නොවුණි. "ප්ලීස්‌..... ඔයාගෙ යාළුවො දකින්න පුළුවන්. අපි පොඩ්ඩක්‌ පල්ලෙහාට යං." ඇගේ ඉල්ලීමට ඔහු එකඟ විය. හැඟීම් ඇවිස්‌සී පොදිකමින් හද තුළ තෙරපෙන බව කමල්ට පසක්‌ වී තිබිණි. වාත්තු කෙරුවාක්‌ බඳු ඇගේ නග්න සිරුර දිව්‍යාංගනාවක්‌ පරදන බව කිව යුතුය.

    "අනේ මගෙ ළඟට එන්න."

    ඇගේ ආයාචනයෙන් කමල් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේය. පරතෙරක්‌ නොපෙනෙන සප්තකන්‍යා කොමළියගේ සියුමැලි වන ලැහැබ තුළ ඔවුන් රිසි සේ රති සුව වින්දාහ. සුදුÊතරුණියගේ සිහින් කෙඳිරිලි හඬ සුවිසල් වනය තුළ පැතිරෙද්දී කමල්ගේ සිරුර දහදියෙන් තෙත් වී තිබිණි.

    කුරුල්ලන්ගේ කිචි බිචි නාදය වනය තුළ රැව් දෙද්දී වන ජීවී මිතුරෝ කමල් සොයන්නට විය. ඔහුට අයත් පාවහන් යුගල පහළ දොළ ළඟ තිබෙනු මුලින්ම දුටුවේ වික්‍රමසූරිය මහතායි. පළපුරුදු බුද්ධිමත් නිලධාරියෙකු වූ ඒ මහතා කඳු ගැටයෙන් පහළට වෙන්නට කුඩා අතු රිකිළි පොඩි වී තිබෙනු දැකීමෙන් මහත් කලබලයට පත් විය. අනිවාර්යයෙන් ම කමල්ට අනතුරක්‌ සිදු වී ඇති බව ඔහුට වැටහිණි. ඔවුන් සතු එකම ආරක්‍ෂකයා වූ රිපීටර් ගිනි අවිය ද කමල් සමඟ අතුරුදන්වීම කණ්‌ඩායම මහත් අසරණ කිරීමට සමත් වී තිබිණි. වෝකි ටෝකි යන්ත්‍රයෙන් අනෙකුත් කණ්‌ඩායම් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූයේ ගුවන් විදුලි සංඥා ඉතාමත් දුර්වල මට්‌ටමක පැවති හෙයිනි. කෙසේ වෙතත් කමල් සොයා ගැනීමට කඳු ගැටයෙන් පහළට බැසීම ඔවුන්ගේ තීරණය විය.

    කඳු ගැටය පාමුල නිරුවතින් මියගොස්‌ සිටි කමල් මහතාගේ සිරුර වික්‍රමසූරිය මහතා ඇතුළු වනජීවී නිලධාරි කණ්‌ඩායම මගින් සොයා ගන්නා විට සවස තුන ද පසු වී තිබිණි. ඔහුගේ ඇඳුම් ද රිපීටර් ගිනි අවිය ද ඔහු අසල විය. ගැටලුවකට තිබුණේ කමල් ඇඳ සිටි සියලුම ඇඳුම් පිළිවෙළකට ගලවා තිබීම හා ගිනි අවිය ද ආරක්‍ෂිත අගුල දමා තිබීම හේතුවෙන් කමල්ට කැලයේ සිටින ජාවාරම්කරුවන්ගෙන් කරදරයක්‌ සිදු වී දැයි තිබූ හැඟීම ඔවුන්ගෙන් ඉවත් වීමට හේතු විය. මුණින් අතට වැටී තිබූ නිරුවත් මළ සිරුර ඉවත් කිරීමට යැමේදී මිය යැමට පෙර කමල්ට ශුක්‍රාණු පහව ගොස්‌ තිබූ බව ද දැක ගත හැකි විය. ඔහුට කුමක්‌ සිදුවීද මහත් ප්‍රහෙලිකාවකි.

    මළ සිරුර මහත් පරිශ්‍රමයකින් ඔවුන් සිටින කඳවුරු භූමිය වෙත ගෙන ඒමට වනජීවී නිලධාරීන් කටයුතු කළහ. ඔවුන් මැදි වී ඇත්තේ ගැටලු රාශියකටය. එක්‌ අතකින් ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමත්, කැලයට ඇතුළු වූ අනෙකුත් කණ්‌ඩායම් සමඟÊසම්බන්ධතා ඇනහිටීමත් ආහාර හිඟ වීමත් නිසා ඔවුන් උභතෝකෝටික ප්‍රශ්න රාශියකට මුහුණ දුන්හ. සියල්ලටම වඩා ගැටලුව වූයේ භයානක ලෙස මියගොස්‌ ඉදිමී කුණු වීමට ආසන්නව තිබූ කමල්ගේ සිරුරට කුමක්‌ කරමුද යන්නයි. රාත්‍රි කාලයේ හිවලුන් මළමිණිය ඇදගෙන යාවිදෝ ඇති වූ සැකය නිසා ඔවුන් සිරුර ගසක එල්ලීමට කටයුතු කළහ. උදව් ලැබෙන තුරු මේ ස්‌ථානයේ කඳවුරු ලාගෙන සිටීමටත්, රාත්‍රියේ සියලු දෙනා නිදි වර්ජිතව සිටීමටත් වික්‍රමසූරිය මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් තීරණය කළේ වෙනත් විකල්පයක්‌ නැති නිසාවෙනි.

    සියලු දෙනා අකමැත්තෙන් සිටියදී රාත්‍රිය උදා විය. නිලධාරීන්ගේ මානසිකත්වය කුඩා දරුවන්ට සමාන විය. පාළු කැලයේ දොල පහර අඳෝනා නගමින් ගලා යමින් තිබිණි. විඩාබර වූ ඔවුන් රැහැයියන්ගේ නාදයෙන් පවා තැති ගත්හ. සම්බන්ධතාවය ගිලිහුණු රේඩියෝව ද චුරු චුරු හඬ නඟමින් තිබිණි. ඔවුන් සිටියේ කුමක්‌ සිදුවෙයිදෝ දෙගිඩියාවකිනි. ආහාර සකසා ගත්තද, කමල්ගේ මළ කුණෙන් වහනය වන දුර්ගන්ධය හේතුවෙන් කෑම ගන්නවා තබා ඔක්‌කාරය නොකර සිටියේ ඉතා අමාරුවෙනි.

    "මොනව වුණත් අපි කල්පනාවෙන් ඉමු" වික්‍රමසූරිය මහතා එසේ පැවසුයේ බෝර 12 අර්ධ ස්‌වයංක්‍රීය රිපීටර්Êතුවක්‌කුව සුරතට ගනිමිනි.

    කෙමෙන් මධ්‍යම රාත්‍රිය ළං විය. ලතින් භාෂාවට සමාන ලයාන්විත ගීතය දොළ පාර දෙසින් ඇසෙන්නට විය. වික්‍රමසූරිය ඇතුළු කම්පනයට පත් නිලධාරීන් යුහුසුළු විය. 'ක්‌ලික්‌' හඬින් ගිනි අවියේ ආරක්‍ෂිත අගුල ඉවත් විය. විදුලි පන්දම් එළියට ධවල තරුණිය දිස්‌වූයේ දෙවඟනක්‌ මෙනි. ''දෙයියනේ සුද්දියෙක්‌'' වික්‍රමසුරිය මහතාට කෑ ගැසිනි. ඇය නිරුවතින් දිය නාමින් සිටියාය. බියට පත්ව සිටි නිලධාරීහු ඇය දෙසට වෙඩි තබන ලෙස ඉල්ලා සිටි අතර වික්‍රමසූරිය මහතා අන්දුන් කුන්දුන් විය. 'චීෆ් ඔය හොල්මනක්‌ ඉක්‌මනට වෙඩි තියන්න" මේකිට පණ තිබුණොත් මේකි තමා කමල්ව මරලා තියෙන්නෙත්. සිතීමට වේලාවක්‌ නැත. දිය නාමින් සිටි සුදු තරුණිය දෙසට එල්ලය ගත් වික්‍රමසූරිය මහතා මහා වනය දෙවනක්‌ කරමින් පිට පිට වෙඩි දෙකක්‌ ඇය දෙසට මුදා හැරියේත් තරුණිය දොළ පහරට ඇද වැටුනේත් එකම අවස්‌ථාවකය.

    දෙයියනේ කෙල්ල ඇළට වැටුනා අපි ගිහින් බලමු වික්‍රමසූරිය මහතාගේ නියෝගය මත නිලධාරීන් දොළ පහළ පරීක්‍ෂා කළද මළ සිරුරක්‌ සොයා ගැනීමට නොහැකි විය. උදේට බලමු සමහර විට කෙල්ල බයට ඇළට වැටෙන්නට ඇති. මේ රෑ කන්ද බහින්න ගියොත් අපිටත් අනතුරක්‌ වෙන්න පුළුවන් ඔවුහු කුඩාරමට ගියහ. කලින්ම ඇතුළු වූ නිළදරුවා ගියාටත් වඩා වේගයෙන් වික්‍රමසූරිය වෙත දිව ආවාය. චීෆ් අරකි කුඩාරම ඇතුලෙ. මැරිලාවත් වෙඩි වැදිලාවත් නෑ. හෙලුවැල්ලෙන් ඇතුලෙ ඉඳගෙන ඉන්නවා අපි ඇතුලෙම ඕකිව ඉවරයක්‌ කරමු. කනිෂ්ඨ නිලධාරියා වික්‍රමසූරියගෙන් අවිය උදුරා ගැනීමට උත්සාහ කළද එයට ඉඩ නොදුන් වික්‍රමසූරිය කූඩාරමට ඇතුළු වූයේ සිදු වූ දෙය හරි හැටි දැන ගැනීමටය. නෙළුම් මලක්‌ සේ ඇය කුඩාරම මැද නිරුවතින් වැතිර සිටියාය.

    කරුණාකරලා ඔය ළමයා ඔතනින් නැගිටිනවාද. ඔයගොල්ල මට මොකද කරදර කරන්නෙ. අපි කාටවත් කරදර කරන්නෑ අපි කරන්නෙ රාජකාරිය. රාජකාරිය කියලා මට වෙඩි තියන එක හරිද. වෙඩි තියන්න සිද්ධ වුණා කට්‌ටිය ඔක්‌කොම කලබල වෙලා. ඔයා මොකද කැලේ කරන්නෙ. කොච්චර කල් වෙනවද මෙහෙට ඇවිත්. මම ගොඩක්‌ කල් ඉඳන් මෙහෙ ඉන්නවා. ඔයා තනියමද ඉන්නෙ. ඔව් මම දැන් තනියම ඉන්නෙ. ළඟක්‌ වෙනකම්ම මගෙ මහත්තයත් හිටියා. හැබැයි හිටි හැටියෙම එයා නැතිව ගියා. අහසට ඇදිලා ගිහින් එකපාරට නොපෙනී ගියා. ඔයාගෙ මහත්තයා කව්ද. මගේ මහත්තයා තමයි මාර්ටින් එයාර් ප්ලේන් එකේ පයිලට්‌. එතකොට ඔයා. මම මාර්ටින් එයාර් සමාගමේ ගුවන් සේවිකාවක්‌. විවාහ වෙලා හිටියේ ඩී. සී 08 යානයේ ප්‍රධාන නියමු ස්‌මිත් එක්‌ක. එතකොට කමල්ට මොකද වුණේ. එයා පිස්‌සුවෙන් වගේ මගේ පස්‌සෙන් ආවා. සර්පයෝ කාලයි මැරුනෙ. ඒකට මගෙ සම්බන්ධයක්‌ නෑ. ඇය සියලු විස්‌තර හෙළි කළේ ඔවුන් විමතියට පත් කරමිනි.

    එදා ලංකාවෙ ගුවන් තොටුපලෙන් හරියට සිග්නල් දුන්නනම් අපිට මෙහෙම වෙන් නෑ. ඒ ගොල්ල වැරදියට සිග්නල් දීලා අපේ යානය මේ කන්දෙ හැප්පෙන්න සැලැස්‌සුවා. අන්තිමට මගෙ මහත්තයාගේ වැරැද්ද කියලා පත්තරවල දැම්මා. ඒ ඔක්‌කොම බොරු. වැරැද්ද ලංකාවේ කන්ට්‍රොaල් රූම් එකේ. ඒ ගොල්ල හරියට වැඩ කරානම් අදත් අපි ජීවතුන් අතර. අපිට මෙහෙම කරේ ඔය ගොල්ල. ඉතින් මං මොකටද ඔයාලට බය වෙන්නෙ. ඊට අමතරව වසර ගණනකට පෙරදී යානය අනතුරට පත් අවස්‌ථාවේ මිය ගිය ඔටාන්යාගේ සිරුර අනතුරෙන් ගල් දෙබොක්‌කාවක්‌ අතරට විසි වූ බවත් කිසිවෙකු එය සොයා නොගත් බවත් තුවාල සිදු වී කුස ගින්නේ ඉතා කනගාටුදායක ලෙස මිය ගිය බවත් හැකිනම් මළ සිරුර තිබූ ස්‌ථානයට ගොස්‌ ඇට කැබලිති මිහිදන් කර දමන ලෙසත් ඉල්ලා සිටියාය.

    වික්‍රමසූරිය ඇතුළු නිලධාරීන් මෙම සිද්ධියෙන් බොහෝ කම්පනයට පත්ව සිටියහ. එහෙත් කමල්ගේ මරණය හා ඇති වූ අනෙකුත් සිද්ධීන් හේතු කර ගෙන ඇගේ සිරුර තිබූ ස්‌ථානය ඔවුන්ට සොයා ගැනීමට නොහැකි වී ඇත. නමුත් පළපුරුදු නිලධාරියෙකු වූ වික්‍රමසූරිය මහතා මැනවින් එම ස්‌ථානය සිතියම් ගත කර තිබිණි. ඔහු මිය යන විට පුතු වූ මා මිතුරාගෙන් කළ අවසාන ඉල්ලීම වූයේ මිතුරන් සමග එම ස්‌ථානය සොයා ගොස්‌ ගුවන් සේවිකාවගේ අස්‌ථි කොටස්‌ සොයා ආගමික වතාවත් ඉටු කර මිහිඳන් කරන ලෙසය. මා මිතුරා මා එහි ගෙන්වා ගැනීමට මෙතරම් උනන්දු වන්නේ සප්තකන්‍යා කඳු වැටිය වෙත යැමට ඔහු විසින් සියල්ල සූදානම් කර තිබූ බැවිනි. මස්‌කෙළිය ප්‍රදේශයේ මා මිතුරාගේ නිවසට යන විට රෑ බෝ වී තිබුණි. ඔවුන් ඉතා සෙනෙහසින් මා වැළඳ ගත් අතර පසුදා උදෑසන කන්‍යාවන්ගේ කඳු වැටිය බලා පිටත්වීමේ අදහසින් රාත්‍රී නිදි දෙව්දුව වැළඳ ගතිමි.

    එදින වැසි බර දිනයක්‌ විය. වැස්‌සට පැරදීමට අපේ සූදානමක්‌ නැත. පියාගේ අවසාන ඉල්ලීම ඉටු කිරීමට මිතුරාත් ඔබ වෙත සත්‍ය කතා ලබා දීමේ අරමුණින් මාත් මෙහි සත්‍ය දැන ගැනීමට හිතවත් ස්‌වාමීන් වහන්සේ නමකුත් භූත ශාස්‌ත්‍රය පිළිබඳ නිපුන තරුණයෙකුත් ප්‍රදේශයේ දඩයමින් ජීවත් වන දක්‍ෂ වෙඩික්‌කරුවෙකුත් නිවාඩුවට ගමේ පැමිණි ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ බළකායේ කපිතාන් වරයෙකුත් අප කණ්‌ඩායමේ සාමාජිකයෝ වූහ. වෙඩික්‌කරුවාගේ ගිනි අවියට අමතරව මා කොළඹ සිට රහසිගතව ගෙන එන ලද බලපත්‍ර සහිත පොයින්ට්‌ දෙකේ ස්‌වයක්‍රීය පිස්‌තෝලයකුත් අප සතු විය. මිතුරාට අයත් පැරණි මිට්‌ෂුබිසි ජීප් රථයෙන් කන්‍යාවන්ගේ කැලයට හැකිතාක්‌ දුර ගොස්‌ ඉන් පසු පයින් යාම අප අරමුණ විය. ගමන ආරම්භ කෙරිණි. සීතල වැහි බිඳුවලින් අප තෙමා දැමුවේ මෙම ගමනට ආසිරි පතන්නාක්‌ මෙනි.

    දුර්ග මාර්ගය අවසානයේ අප කණ්‌ඩායම කැලයට ඇතුළු විය. වැස්‌සෙන් ශක්‌තිමත්ව සිටි කූඩැල්ලන්ගෙන් අපට මහත් කරදර විඳීමට සිදු විය. වර්ෂාවෙන් බොහෝ ස්‌ථාන ජලයෙන් යට වී තිබුණද එම බාධක ජය ගැනීමට තීරණය කළෙමු. දින දෙකක දුෂ්කර ගමනකින් පසු ආසන්න වශයෙන් මීට වසර දාහතකට පෙර මා මිතුරාගේ පියා කඳවුරු ගසාගෙන සිටි ස්‌ථානය වෙත ළඟා වන විට හවස්‌ වී තිබිණි. අප ගෙන ගිය ද්‍රව්‍ය උපයෝගී කර ගෙන රාත්‍රිය ගත කිරීම සඳහා කූඩාරමක්‌ තනා ගතිමු. ස්‌වාමින් වහන්සේට කූඩාරම තුළ සැතපීමට සලස්‌වා අප ආසන්නයේ එළියේ ගිමන් හරිමින් සිටියෙමු. කෙමෙන් රාත්‍රිය උදා විය. මධ්‍යම රාත්‍රිය ආසන්න වෙත්ම තරුණියකගේ සිහින් ගීත රාවයක්‌ අපටද ඇසෙන්නට විය. අප සූදානම් වුණෙමු. වෙඩික්‌කරුද මා ද ගිනි අවි සූදානම් කර ගත් අතර කපු මහතා ද ලහි ලහියේ සූදානම් විය.

    අප ඇය සිටින ස්‌ථානයට වේගයෙන් දිව ගියෙමු. කපු මහතාගේ මැතිරීමෙන් යම් වෙනසක්‌ සිදු වෙමින් පැවතිනි. ස්‌වාමීන් වහන්සේ කෙලින්ම ඇගෙන් ප්‍රශ්න අසන්නට විය. මීට වසර දාහතකට පමණ පෙර වික්‍රමසූරිය මහතා පැමිණි ආකාරයත් ඔහු මිය යන අවස්‌ථාවේ අවසාන ඉල්ලීම ලෙස අනතුරෙන් මිය ගිය ගුවන් සේවිකාවගේ ඇට සැකිල්ල සොයා මිහිදන් කරන ලෙස පැවසූ ආකාරයත් ඇයට දැන්වීය. එබැවින් ඇය මිය ගිය ස්‌ථානය පෙන්වන ලෙසත් අප ධවල තරුණ අවතාරයෙන් ඉල්ලා සිටියෙමු. ධවල තරුණිය ඒ සියල්ල අප හට පෙන්වීමට එකඟ විය. ඇය ලබා දුන් තොරතුරු මත ගල් දෙබොක්‌කාවක්‌ තුළ තිබී ඇගේ අස්‌ථි කොටස්‌ හා ගුවන් සමාගම වෙතින් ඇය වෙත ලබා දුන් රාජකාරී හැදුනුම්පතද අපට සොයා ගත හැකි විය. බෞද්ධ ආගමානුකූලව ඇගේ අස්‌ථි කොටස්‌ මිහිදන් කිරීමට අප තීරණය කළේය. ඒ සඳහා එම ස්‌ථානය සුදුසු යෑයි තීරණය වුවද ඇගේ ඉල්ලීම වූයේ ඊට පහලින් ඇති දොල පහර අසල ගුවන් නියමු සැමියා වළදැමූ ස්‌ථානයේ ඇයද වළ දමන ලෙසයි. අපි ඊට එකඟ වූයෙමු.

    සියල්ල සූදානම්ය. ස්‌වාමීන් වහන්සේ පිරිත් සඡ්ජායනා කරන්නට විය. සුදු රෙදි කඩක එතූ මාර්ටින් එයාර් ධවල සුරූපිනියගේ ඇට කැබලිති අප විසින් වළ තුළ තැන්පත් කර සෙමෙන් පස්‌ වලින් වැසුවෙමු. කපු මහතාද ඔහුගේ කටයුතු මනා සේ ඉටු කළේය. එදින සවස්‌ යාමය වන විට අප හිටපු වනජීවී නිලධාරී වික්‍රමසූරිය මහතාගේ හා පෘතුගාල ජාතික ගුවන් සේවිකාවගේ ඉල්ලීම වූ ඇගේ අවසාන කටයුතු ඉටු කිරීම හමාර කළෙමු. එදින නැවත රෑ බෝ වූ බැවින් වනය තුළ අප කූඩාරමේ නැවතීමට තීරණය කළේ සියලු දෙනාගේම එකඟතාවයෙන් අනතුරුවයි. හරියටම හෝරා යන්ත්‍රයෙහි රාත්‍රී 12 න් සටහන් විය. සුපුරුදු පරිදි දොල පහර ගලා බසී. අප ඒ දෙස නෙත් අයා සිටියාය. නමුත් එදින රෑ නිරුවත් ධවල සුරූපිනිය එහි නොවූවාය. වසර ගණනකට පසුව ඇය භූතාත්මයෙන් මිදී වෙනත් උපතක්‌ කරා යන්නට ඇතැයි ස්‌වාමීන් වහන්සේ පැවසූහ.

    සාගර සම්පත් ජයසිංහ (http://www.divaina.com/2015/01/11)
    පට්ට...
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    bump..
    mama me thread eka dan awurudu 2k withara thisse ida labena widiyata mula idanma balan enawa..
    matath mekata liyanna dewal thibuna, eth dan samahara ewa mathak wenneth na :baffled:

    mathak unoth liyannamko
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මල යකින්නක් වී පලිගන්න ආ සෙව්වන්දි

    අතිශය සුන්දර තරුණියක් වු සෙව්වන්දි කුඩා කල පටන්ම හැදි වැඩුනෙ ඇගෙ අත්තම්මා ළගයි.එ අවාසනවන්ත ලෙස කුඩා කලදිම ඇගෙ දෙමව්පියන් හදිසි අනතුරකින් මිය යාම නිසවෙනි.විශ්‍රාමික ගුරුවරියක වු මර්සි නොනා කවදාවත් ඇයට අඩුවක් නොකලාය.

    ගුණ යහපත්, හික්මුනු දරුවකු වු ඇ කාගෙත් ආදරයට ලක්විය.නව යොවුන් වියට පැමිනිමත් සමග ඇය වඩාත් ලස්සන විය,නිරහංකාර විය. එක් වරක් ඇ දුටු තරුණයෙක් නැවත ඇ දෙස බලනු නොඅනුමානයි . මෙ නිසාම පාසලෙදි ඇගෙ ආදරය පතා එන තරුනයින් අනන්තය. නමුත් කිසි ලෙසකින් වෙනස් නොවු ඇගෙ අරමුන වුනෙ හොදින් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට යන්න. එ රස්සාවක් කරල තමන්ගේ අත්තම්මා බලාගන්නයි .

    ප්‍රදිප් එ ගමෙම තරුනයෙක්.පාසල් ගමන අතරමග නතර කර දැමු ඔහු ගංජා , අරක්කු වලට ඇබ්බැහි වුනෙ නරක ඇසුර නිසා.ඔහුගෙ වැඩ නිසා පොලිස් කුඩුවේ ලගින්න වුන වාර අනන්තය .

    කඩ ඉම් විභාගය අත ලග නිසා ටියුෂන් ක්ලාස් ඉවර වෙද්දි ටිකක් හවස් වෙනවා. ගෙවල් ලගම ඉන්න සුරනිත් එක්ක පන්ති ඇරිල එන හින්ද සෙව්වන්දිට කවදාවත් බයක් තිබ්බෙ නැ.එ එයලගෙ ගෙදරට යන පාර වැටිල තිබ්බෙ කැලෙ වැවිල අතඇරලා දාපු ඉඩම් කට්ටි හතරක් මැදින් නිසා .මීටර් සීයක් විතර දුර එ පාරෙ ටවුන් එකට යන එන මිනිස්සු නිසා එච්චර ප්‍රශ්නයක් නැ.

    පන්තිය ඉවර වෙල සෙව්වන්දි තනියම ගෙදර එන්නෙ, සුරනි එයාගෙ අම්මට හදිස්සියෙ අසනීප උන නිසා වෙලාසනින්ම පන්තියෙන් ගිය හින්ද ."අද නම් හරි අමුතු දවසක් "සෙව්ව්න්දි තමන්ටම කියා ගත්තේ පරිසරයේ තිබ්බ වෙනස එයාට තදින්ම දැනිච්ච නිස වෙන්න ඇති.එක ඇත්තටම මහ මුසල ගොම්මන් දවසක්.කෙල්ලගෙ කරුමෙට එ පාරෙ බලු බල්ලෙක් නැ . සෙව්වන්දිට කවදාවත් හිතෙන්නේ නැතුව ඇති එයගෙ මාරය එයා එනකන් බලාගෙන ඉන්නව ඇති කියල.

    වෙලාව රෑ 7ටත් කිට්ටුයි .කෙල්ල තාම ගෙදර ආපු නැති නිසා මර්සි නොනා හිටියෙ හොදටම බය වෙල. බැරිම තැන සුරනි බලන්න ගියාමයි දැනගත්තෙ අද සුරනි වෙලාසනින් ආපු බව.

    ගෙවල් ලග පාත වැඩිහිටියෝ රෑම සෙව්වන්දි හොයන්න පිටත් වුනා. එත් එ වෙද්දිත් සෙව්වන්දිගෙ ඉරනම විසදිලා ඉවරය්. පලුවත්තෙ ගරා වැටිච්ච කාමරයක් අස්සෙ තිබිලා සෙව්වන්දිගෙ මිනිය හම්බ වුනා. සෙව්වන්දිගෙ මුන බලන්න බැරි විදිහට ගලකින් ගහල පොඩි පට්ට්ම් කරල. කවුරු හරි තිරිසනෙක් සෙව්වන්දිව දුශනය කරල අමානුශික විදිහට මරල දාල. ගමක්ම අඩවල සෙව්වන්දි යන්න ගියා. පොලිසියෙන් සැක පිට ප්‍රදිප් අත්ඩංගුවට ගෙන ප්‍රශ්න කරා. එත් අපරාධකාරය ගැන හරි විස්තරයක් හොයගන්න බැරි උනා.

    "අයියො...මගෙ අහිංසක කෙල්ලට මෙ අහස පොලොව නුහුලන අපරාධෙ කරපු එකාට සහ ගහනවා...මෙ කරපු දෙට ඕකා වන්දි ගෙවනව... අය්යො මගෙ කෙල්ල." මර්සි නොනා වැලහින්නියක් වගෙ අඩා වැටුනා. අන්තිමට මර්සි නොනා තනි කර සෙව්වන්දි අවසන් ගමන් ගියා.

    සෙව්වන්දිගෙ මරනෙන් දවස් 2-3 ට පස්සෙ හැන්දැවක මහ අමුතු දෙයක් වෙන්න යන බව මිනිස්සුන්ට ඉවෙන් වගෙ දැනුන. ප්‍රදිප් එයගෙ යලුවෙක්ගෙ ගෙදර උත්සවෙකට ගිහින් පාලු පරෙන් එන ගමන් හිටියෙ .බීල හිටපු ප්‍රදීප්ට පරිසරයේ වෙනස්කම එච්චර තෙරුනෙ නැ.මුලු පරිසරයම අදුරු වුනා. මහ අමුතුම මුසල බවක් පරිසරයෙ ගැබ් වෙල.සූර් වෙන්න ගහල ඉන්න ප්‍රදීප්ට එක ගානක්ව්ත් නැ. එක පාරටම දැක්ක දෙයින් ප්‍රදිප් ටිකක් නතර වුන. පාලු වත්තෙන් ආපු ගැනු කෙනෙක් පාරෙන් එහා පැත්තට ඇවිත් ඉදගත්තා. වෙනද දර අහුලන්න පාලු වත්තට ගියත් සෙව්වන්දිගෙ මරනෙන් පස්සෙ කවුරුත් එ වත්තට යන්නෙ නැ. ප්‍රදිප් ගැනි ලගට කිට්ටු කර. සුදු ඇදුමක් ඇදපු අවුල් කොන්ඩෙ කඩාගෙන ඉන්න ගැනි ප්‍රදීප්ට පිටුපාල ඉන්නෙ. වෙලවකට ගැනි ගැහෙනව. මොන්වදො රහසින් මුමුන මුමුන බිම පහුරු ගානව. ප්‍රදිප් ගැනිට ත්ව කිට්ටුකරා. එත් එක්කම වටපිටාව එන්න එන්න තවත් කලුවර උනා. මිනිස් පුලුටක් නැ පාරෙ. එක පාරටම ඇතින් බල්ලො රංචුවක් මුසල විදිහට උඩු බුරලන්න ගත්ත. ප්‍රදීප්ට වෙනස තෙරෙන්න පටන් ගත්ත. ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්ත . මෙච්චර වෙල වාඩි වෙල හිටපු ගැනි හිමින් සැරෙ නැගිටල ප්‍රදිප් දිහාවට පාවෙල වගෙ හැරෙන්න පටන් ගත්ත. ගැහනිය දුටු ප්‍රදීප්ට වෙරි මත නැති වී ගියා .කෙස් වැටියෙන් ඇගෙ මුහුනෙ අඩක් වැසි ඇත. පෙනෙනට ඇති කොටසෙ ඇත්තෙ මුහුනක් නොව, මස් වැදැල්ලක් පමනි.ගවුමෙ ඉදිරිපස ලෙයින් පෙගී ඇති ගැහැනිය වෙන කවුරුත් නොව මල යක්ශනියක් වී තමන්ගෙන් පලි ගන්නට පැමින ඇති සෙව්වන්දි බව ඔහුට තෙරුම් ගියා. " එදා උඹ මාව මරා ගත්ත නේද? අද මං තොව මරලා තොග ලේ බොනවා..හිහ්.. හිහ්.. හිහ්.. හිහ්.... " වියරු ලෙස සිනහ උන් ඇය ප්‍රදිප් දෙසට පැන්නාය. ප්‍රදිප් මරු විකලෙන් පාලු ඉඩමෙ නිවස තුලට රිංගගත්තෙ මාරයාගෙන් බෙරිමටයි.එත් ඔහුට බේරිමට ඉඩක් නැත." බුදු අම්මො.. අනේ එපා.. එපා.. මාව මරන්න එපා........"

    පසු දින සෙව්වන්දි මරා දමා තිබු ස්ථානයෙ ගෙල පිටු පසට එන ලෙස අඹරවා මරා තිබු ප්‍රදිප්ගෙ මිනිය ගම් වැසියන්ට හමුවිය..

    නිමි.

    මල යකින්නක් වී පලිගන්න ආ සෙව්වන්දි

    අතිශය සුන්දර තරුණියක් වු සෙව්වන්දි කුඩා කල පටන්ම හැදි වැඩුනෙ ඇගෙ අත්තම්මා ළගයි.එ අවාසනවන්ත ලෙස කුඩා කලදිම ඇගෙ දෙමව්පියන් හදිසි අනතුරකින් මිය යාම නිසවෙනි.විශ්‍රාමික ගුරුවරියක වු මර්සි නොනා කවදාවත් ඇයට අඩුවක් නොකලාය.

    ගුණ යහපත්, හික්මුනු දරුවකු වු ඇ කාගෙත් ආදරයට ලක්විය.නව යොවුන් වියට පැමිනිමත් සමග ඇය වඩාත් ලස්සන විය,නිරහංකාර විය. එක් වරක් ඇ දුටු තරුණයෙක් නැවත ඇ දෙස බලනු නොඅනුමානයි . මෙ නිසාම පාසලෙදි ඇගෙ ආදරය පතා එන තරුනයින් අනන්තය. නමුත් කිසි ලෙසකින් වෙනස් නොවු ඇගෙ අරමුන වුනෙ හොදින් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට යන්න. එ රස්සාවක් කරල තමන්ගේ අත්තම්මා බලාගන්නයි .

    ප්‍රදිප් එ ගමෙම තරුනයෙක්.පාසල් ගමන අතරමග නතර කර දැමු ඔහු ගංජා , අරක්කු වලට ඇබ්බැහි වුනෙ නරක ඇසුර නිසා.ඔහුගෙ වැඩ නිසා පොලිස් කුඩුවේ ලගින්න වුන වාර අනන්තය .

    කඩ ඉම් විභාගය අත ලග නිසා ටියුෂන් ක්ලාස් ඉවර වෙද්දි ටිකක් හවස් වෙනවා. ගෙවල් ලගම ඉන්න සුරනිත් එක්ක පන්ති ඇරිල එන හින්ද සෙව්වන්දිට කවදාවත් බයක් තිබ්බෙ නැ.එ එයලගෙ ගෙදරට යන පාර වැටිල තිබ්බෙ කැලෙ වැවිල අතඇරලා දාපු ඉඩම් කට්ටි හතරක් මැදින් නිසා .මීටර් සීයක් විතර දුර එ පාරෙ ටවුන් එකට යන එන මිනිස්සු නිසා එච්චර ප්‍රශ්නයක් නැ.

    පන්තිය ඉවර වෙල සෙව්වන්දි තනියම ගෙදර එන්නෙ, සුරනි එයාගෙ අම්මට හදිස්සියෙ අසනීප උන නිසා වෙලාසනින්ම පන්තියෙන් ගිය හින්ද ."අද නම් හරි අමුතු දවසක් "සෙව්ව්න්දි තමන්ටම කියා ගත්තේ පරිසරයේ තිබ්බ වෙනස එයාට තදින්ම දැනිච්ච නිස වෙන්න ඇති.එක ඇත්තටම මහ මුසල ගොම්මන් දවසක්.කෙල්ලගෙ කරුමෙට එ පාරෙ බලු බල්ලෙක් නැ . සෙව්වන්දිට කවදාවත් හිතෙන්නේ නැතුව ඇති එයගෙ මාරය එයා එනකන් බලාගෙන ඉන්නව ඇති කියල.

    වෙලාව රෑ 7ටත් කිට්ටුයි .කෙල්ල තාම ගෙදර ආපු නැති නිසා මර්සි නොනා හිටියෙ හොදටම බය වෙල. බැරිම තැන සුරනි බලන්න ගියාමයි දැනගත්තෙ අද සුරනි වෙලාසනින් ආපු බව.

    ගෙවල් ලග පාත වැඩිහිටියෝ රෑම සෙව්වන්දි හොයන්න පිටත් වුනා. එත් එ වෙද්දිත් සෙව්වන්දිගෙ ඉරනම විසදිලා ඉවරය්. පලුවත්තෙ ගරා වැටිච්ච කාමරයක් අස්සෙ තිබිලා සෙව්වන්දිගෙ මිනිය හම්බ වුනා. සෙව්වන්දිගෙ මුන බලන්න බැරි විදිහට ගලකින් ගහල පොඩි පට්ට්ම් කරල. කවුරු හරි තිරිසනෙක් සෙව්වන්දිව දුශනය කරල අමානුශික විදිහට මරල දාල. ගමක්ම අඩවල සෙව්වන්දි යන්න ගියා. පොලිසියෙන් සැක පිට ප්‍රදිප් අත්ඩංගුවට ගෙන ප්‍රශ්න කරා. එත් අපරාධකාරය ගැන හරි විස්තරයක් හොයගන්න බැරි උනා.

    "අයියො...මගෙ අහිංසක කෙල්ලට මෙ අහස පොලොව නුහුලන අපරාධෙ කරපු එකාට සහ ගහනවා...මෙ කරපු දෙට ඕකා වන්දි ගෙවනව... අය්යො මගෙ කෙල්ල." මර්සි නොනා වැලහින්නියක් වගෙ අඩා වැටුනා. අන්තිමට මර්සි නොනා තනි කර සෙව්වන්දි අවසන් ගමන් ගියා.

    සෙව්වන්දිගෙ මරනෙන් දවස් 2-3 ට පස්සෙ හැන්දැවක මහ අමුතු දෙයක් වෙන්න යන බව මිනිස්සුන්ට ඉවෙන් වගෙ දැනුන. ප්‍රදිප් එයගෙ යලුවෙක්ගෙ ගෙදර උත්සවෙකට ගිහින් පාලු පරෙන් එන ගමන් හිටියෙ .බීල හිටපු ප්‍රදීප්ට පරිසරයේ වෙනස්කම එච්චර තෙරුනෙ නැ.මුලු පරිසරයම අදුරු වුනා. මහ අමුතුම මුසල බවක් පරිසරයෙ ගැබ් වෙල.සූර් වෙන්න ගහල ඉන්න ප්‍රදීප්ට එක ගානක්ව්ත් නැ. එක පාරටම දැක්ක දෙයින් ප්‍රදිප් ටිකක් නතර වුන. පාලු වත්තෙන් ආපු ගැනු කෙනෙක් පාරෙන් එහා පැත්තට ඇවිත් ඉදගත්තා. වෙනද දර අහුලන්න පාලු වත්තට ගියත් සෙව්වන්දිගෙ මරනෙන් පස්සෙ කවුරුත් එ වත්තට යන්නෙ නැ. ප්‍රදිප් ගැනි ලගට කිට්ටු කර. සුදු ඇදුමක් ඇදපු අවුල් කොන්ඩෙ කඩාගෙන ඉන්න ගැනි ප්‍රදීප්ට පිටුපාල ඉන්නෙ. වෙලවකට ගැනි ගැහෙනව. මොන්වදො රහසින් මුමුන මුමුන බිම පහුරු ගානව. ප්‍රදිප් ගැනිට ත්ව කිට්ටුකරා. එත් එක්කම වටපිටාව එන්න එන්න තවත් කලුවර උනා. මිනිස් පුලුටක් නැ පාරෙ. එක පාරටම ඇතින් බල්ලො රංචුවක් මුසල විදිහට උඩු බුරලන්න ගත්ත. ප්‍රදීප්ට වෙනස තෙරෙන්න පටන් ගත්ත. ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්ත . මෙච්චර වෙල වාඩි වෙල හිටපු ගැනි හිමින් සැරෙ නැගිටල ප්‍රදිප් දිහාවට පාවෙල වගෙ හැරෙන්න පටන් ගත්ත. ගැහනිය දුටු ප්‍රදීප්ට වෙරි මත නැති වී ගියා .කෙස් වැටියෙන් ඇගෙ මුහුනෙ අඩක් වැසි ඇත. පෙනෙනට ඇති කොටසෙ ඇත්තෙ මුහුනක් නොව, මස් වැදැල්ලක් පමනි.ගවුමෙ ඉදිරිපස ලෙයින් පෙගී ඇති ගැහැනිය වෙන කවුරුත් නොව මල යක්ශනියක් වී තමන්ගෙන් පලි ගන්නට පැමින ඇති සෙව්වන්දි බව ඔහුට තෙරුම් ගියා. " එදා උඹ මාව මරා ගත්ත නේද? අද මං තොව මරලා තොග ලේ බොනවා..හිහ්.. හිහ්.. හිහ්.. හිහ්.... " වියරු ලෙස සිනහ උන් ඇය ප්‍රදිප් දෙසට පැන්නාය. ප්‍රදිප් මරු විකලෙන් පාලු ඉඩමෙ නිවස තුලට රිංගගත්තෙ මාරයාගෙන් බෙරිමටයි.එත් ඔහුට බේරිමට ඉඩක් නැත." බුදු අම්මො.. අනේ එපා.. එපා.. මාව මරන්න එපා........"

    පසු දින සෙව්වන්දි මරා දමා තිබු ස්ථානයෙ ගෙල පිටු පසට එන ලෙස අඹරවා මරා තිබු ප්‍රදිප්ගෙ මිනිය ගම් වැසියන්ට හමුවිය..

    නිමි.
     
    Mar 23, 2019
    14
    2
    3
    මචන්ලා උබලා දන්න හොල්මන් ගෙවල් නැත්නම් ඇත්තටම හොල්මන් ඉන්න මිනිසුන්ට කරදර සිද්දි වුන තැන් ගැන ආරන්ච්චි උනොත් මේකේ දාන්න නැත්නම් pm කරන්න. contact කරගන්න number එකක් තියෙනවනම් ඒවත් එක්කම විශේෂයෙන් ප්‍රේතයෝ ඇඟට ඇවිල්ල අයින් කරගන්න බැරිව ඉන්න කවුරු හරි ඉන්නවනම් නැත්නම් ඒ වගේ මිනිස්සු යන්න බය කතා කරන්න බය තැන් (උදා:වලව්,ගෙවල්) තියෙනවනම් මේකේ හරි මට pm එකකින් හරි කියන්න.:yes::yes:

    පොඩි පර්යේෂණයක් කරන්න යන්නේ හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්!:yes::yes::yes::yes:
    මචං අර සෙල්ල කතරගම හොල්මන් තියෙනව කියන ගෙදර විකුනන්න යනවලු. ඕනි නම් ඇවිත් බලන්න පුලුවන්
     
    Mar 23, 2019
    14
    2
    3
    19751d5fef697d155ce7b26b748b8f1d.jpg
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,263
    525
    113
    CS OR DotA map eke
    Repost nam samawenna

    චූටි පුතේ ඇහැරෙනවා... අනේ අම්මෙ තව විනාඩි දහයක් නිදාගන්නංකො... මොන විකාරද ඇහැරෙනව 2.30 වෙලාව. බස් එක මිස් වෙයි...... අද සදුදා...මම ඉගෙන ගත්තෙ කොලබ ප්‍රසිද්ධ පාසලක.. නැවතිල හිටියෙ ඉස්කෝලම තියෙන නේවාසිකාගාරයේ.. සති අන්තෙ ගෙදර එන නිසා සදුද උදේ පාන්දර තමා හොස්ටල් එකට යන්නෙ..... අම්මගෙ වදේටම මං හෝන්දු මාන්දුවෙන් වගේ නැගිට්ට... පුතේ මොනවද හදන්නෙ කෝපිද කිරිද?... අම්ම ඇහුවෙ නිදි කිරන මං දිහා හිනා වෙලා බලන ගමං.... කෝපි එකක් හදන්න අම්මෙ.. මං බාත් රූම් එකට ගිහින් එන්නං.. තාත්තව ඇහැරවන්න.... මං ඕනැවට එපාවට දත් මදින්න ගත්ත... මොන කරුමයක්ද මංද මේ ජීවිතේ.. ස්කෝලෙ වැඩම විතරයි කිසි ආතල් එකක් නෑනේ.. මේව කවද ඉවර වෙයිද මංද ..විනාඩි 5න් මං ඉක්මන්ට ලෑස්ති වෙල තාත්තත් එක්ක ටව්න් එකට ගියා... මං යනකොටත් බස් එක ඇවිත්...මං මැද සීට් එකක් අල්ලන් හොද නින්දක් ගහන්න පටන් ගත්ත...හොස්ටල් එකට යනකොට 5.30යි..මේ විකාර කාලසටහනක් තියෙන නිසා මහ වදයක්නෙ තියෙන්නෙ.. 6 වෙනකොට ලෑස්ති වෙල පාඩම් කරන්න යන්න ඕනෙ.... ඒත් අපේ එව්න් ටික හොදට බුදි.. මං උන් ටික ඇහැරෙව්ව... අපෝ පට්ටයා උදේම ඇවිත් නින්ද කෑව සික්.... ගිහානයා පොලොස්කොට්ටෝරුවෙක් වගේ මූනත් හදං... නින්දෙන්ම වගේ ටවල් එක පටල ගත්‍ත... හොස්ටල් එකේ ඩෝම් එකේ හිටියෙ 14යි.. මුං ඔක්කොම ඇහැරවන්න උන නිසා මට මල පැනල තිබ්බෙ.. යකෝ මුංට වෙලාවට ඇහැරෙන්න බැරි හැටි.. කොහොම හරි ඔහොම ඔහොම කාලසටහනටම ස්කෝලෙත් ගිහින් දවස ගෙවිල ගියා...

    වෙලාව රෑ 10..අපි 9 වසරෙ නිසා 10 වෙනකොට ඇදේ ඉන්න ඕනි.. ඒත් අපි හිටිය ශේප් එකේ ඕමි අතක් බලන ගමං.. දොරත් ලොක් කරල... මචං කුකුල එයිද දන්නෑ නේ.. ආවොත් දවස් තුනකට බඩ යන්න කෑමක් සෙට් වෙයි... කුශානය කිව්වෙ බයෙන් බයෙන් වගේ..කුකුල කිව්වෙ අපෙ වෝඩන්.. ඒ කිව්වෙ නේවාසික පරිපාලක තුමා... දැන් එන එකක් නෑ බං... මං කිව්වෙත් සැකමුසු ස්වරයෙන්.. ටික වෙලාවකින්.. කව්ද මහ හයියෙන් දොරට ගහන්න ගත්ත.. ශුවර් එකට කුකුල... මෙවනා කිව්වෙ ඇදේ නෙට් එක අස්සට පනින ගමං.. ඌට මොකෝ උගෙ ඇද උඩනෙ අපි හිටියෙ... මාත් සේපට පාත් වෙල ඇදට ගියෙ පට්ට ආමි මිෂන් එකක් ගහල... ටික වෙලාවකින් දොරට ගහන එක නතර උනා.. කුකුල හිතන්න ඇති මුං මොක්කුද වගේ නිදි ඇති කියලා.. ඇදට ගියාට මොකද නින්ද අහලකවත් නෑ... කොට්ටෙත් තුරුලු කරං පොඩි කලපනා පාරක් දාගෙන ඉන්නකොට තමා මතක් උනේ අද ස්කෝලෙදි කොල්ලෙක් දුන්න නවල් එක.... ඉක්මනට බෑග් එකෙන් පොත ගත්ත මං ඒක කියවන්න ගත්ත.. මරු නවල් එක..ලව් ස්ටෝරියක්... මල් සරාත් එබිකම් කරන කාලෙනෙ..මාව පොත ඇතුලට කිමිදුනා...

    වෙලාව 11.45 යි.. පොතත් මූන උඩ තියං නිදියං හිටිය මාව උඩ ගිහිල්ල ඇහැරුනෙ ආයෙත් මහ හයියෙන් දොරට ගහන සද්දෙට...කව්ද බොලේ මේ මහ රෑ දොරට තඩිබාන්නෙ... පොඩි එකෙක්ද දන්නෑ .. කන පැලෙන්න දෙන්න ඕනි කියල හිතන්..මං දොර ගාවට ගිහින් හිමීට දොර ඇරියා..මොකක්... මං අරිනකොටත් දොරට ගගහ හිටපු කෙනා තියා මැස්සෙක්වත් දොර ඉස්සරහ හිටියෙ නෑ... මගේ හිතට ආපු අමුතු හැගීම නිසා මං ඉක්මනට දොර වහල ඇදට ඇවිත් ඔලුවෙ ඉදං රෙද්දක් පොරව ගත්ත..

    වෙලාව 12.05 යි.. ඒ වෙනකොටත් නින්ද අහලකවත් තිබ්බෙ නෑ... මං ආයි පොත කියවන්න පටන් ගත්ත... වෙච්ච සිද්දියත් දැන් වැඩි ගානක් නෑ ....ඔහොම ඉන්නකොට මට අමුතු සද්දයක් ඇහෙන්න ගත්ත... නිකං බිම ඇතිල්ලෙන සද්දයක්... ඒක ඉක්මනින් ඉක්මනින්.. අපේ රූම් එක ගාවට ලං උනා.. එතකොටයි තේරුනෙ ඒක අඩි සද්දයක් කියලා...නිකං වයසක කෙනෙක් අද්ද අද්ද ඇවිදිනව වගේ...කව්ද මේ මහරෑ හක්කලං කරන්නෙ.. මං මටම කියාගත්තෙ... හිතට ආපු බය යටපත් කරගෙන... අඩි සද්දෙ මට දැන් හොදට ඇහෙනව.. ඒක අපේ රූම් එක ලගින් ගිහින් කොරිඩෝවෙ ඈතට ගියා...
    ටික වෙලාවකින් ආයෙම ඒ අඩි සද්දය අපේ රූම් එක පැත්තට ලං වෙලා.. කොරිඩෝවෙ අනෙක් කොනට ගියා.. මට පුදුම හිතුනා.. අපේ රූම් එක ඉස්සරහ කොරිඩෝ එක.. මීටරි පනහක් විතර දිගයි. ඒ දිගටම තිබුනෙ කොල්ලන්ගෙ ඩෝම්.. ඒත් අඩි සද්දෙ ගැන අවදානෙන් හිටපු මට තේරුනෙ... මේ යන පුද්ගලයා හරියටම තියන්නෙ අඩි හයයි කියන එක.... ඒ කියන්නෙ..මිනිහ.. මිනිහ මීටර් 50ක් විතර යන්නෙ පියවර 6කින්.. කොහොමද දෙයියනේ... එහෙම දෙයක් වෙන්නෙ..මාව දැන් නං හොදටම බයවෙලා තිබුනේ.එහා පැත්තෙ හිටිය නිර්මාලයව ඇහැරවන්න හිතුනත්.....පස්සෙ අදහස අත්ඇරල දැන්මෙ.. පසුවට එන විපාක ගැන හිතල.. මුං මාව මාසයක් විතර තියං බයිට් කරයි... ටික වෙලාවකින් ඒ සද්දෙත් නැති වෙලා ගියා.... මගේ බයත් ටික ටික අඩු උනා... තෙහෙට්ටුවටත් එක්ක මට නින්ද යන්නැති

    වෙලාව පාන්දර 1.25යි... මාව ආයෙම ඇහැරුනෙ ලොකු බඩේ රිදිල්ලක් එක්ක.. අප්පා රෑ කාපු කොත්තුවෙ පවර් එක තමයි... ඉන්නම බැරි නිසා.. මං ඇදෙන් නැගිට්ට... බඩේ තිබ්බ වේදනාව නිසා මට වෙච්ච දේවල් සේරම අමතක වෙලා තිබ්බෙ...ඉක්මනට සෙරෙප්පු දෙක හොයාගෙන දාගත්තෙ.. කොත්තුව.. වැසිකිලි වලට බාර කරන්න හිතාගෙන... අපේ හොස්‍ටල් එකේ තට්ටු තුනයි... අපි හිටියෙ තුන් වෙනි තට්ටුවෙ....ටොයිලට් තිබ්බෙ පහලම තට්ටුවෙ... ලොකු ගොඩනැගිල්ලක්...හිස් රූම් ගොඩක් තිබුනා... දොර ඇරගෙන මම රූම් එකෙන් එලියට ආවා... මුලු හොස්ටල් එකම අදුරුයි... හිතට අමුතු බයක් ආවත් බඩේ රිදිල්ල තිබ්බෙ ඒ හැමදේටම උඩින්... පුන්චි පෙන් ටෝච් කෑල්ලත් පත්තු කරගත්ත මං පඩි පෙල දිහාවට යන්න ගත්තා... යන්තම් එලිය විහිදුනු ටෝච් එකත් අල්ලන් හිමින් හිමින් ගිය මට කොරිඩෝව ඈත කෙලවරෙන් මට අමුතු චායාවක් පෙනිල නැති වෙලා ගියා... ඔලුවෙ මනස්ගාත.. මං මටමකියාගත්තෙ...හිතේ බය යටපත් කරන්..දැන් බඩේ වේදනාව ඉන්න බැරි තරං.. .. මං ඉක්මනින් ඉක්මනි පඩි පෙල ගාවට ආවා...ආයෙත් ඒ අඩි සද්දෙ...මගේ ඇගේ ලේ වතුර උනා.. බය උනු පාරට මම හයියෙන් පඩි පෙල දිගේ පහලට දිව්වා...

    මං බාත් රූම් එකට ආවේ ඇග පුරාම දාඩිය පෙරාගෙන.... මෙහෙම බයක් මට ජීවිතේට දැනිල තිබුනෙ නෑ....කොහොම නමුත් බඩේ අමාරුවෙ නං අඩුවක් නෑ... අදාල වැඩේ කරනකොටත් මං කල්පනාකලේ උඩදි වෙච්ච දේ ගැන... මගේ හිතේ මැවිච්ච් දෙයක් වෙන්න ඇති.. ඒම කියල මං හිත හදාගන්න හැදුවත් එතකොටම මගෙ හිතට ආවෙ හොස්ටල් එකේ කව්රුත් දන්න ඒ කතාව...

    "ඒ ලමයගෙ නම කෝදාගොඩ... එයා ගොඩක් අහින්සක ලමයෙක් උනත් අහින්සක කම නිසාම විහිලුවට පත් වෙච්ච කෙනෙක්...තමන්ගෙම ඩෝම් එකේ ලමයි එයාව... විහිලුවට ගත්ත වගේම හැම වැරැද්දකටම අහු කරල තියෙන්නෙ එයාව.... ඉස්සර හොස්ටල් එකේ දැං වගේ නීති තද නෑ...ඉතින් ලොකු එව්න්.. පොඩි එව්න්ට ඕනිම රැග් එකක් දුන්න... දවසක්... 12 වසරේ පොරක් සිගරට් බිබී ඉද්දි මේ කෝදාගොඩ ගිහින්.. වෝඩන්ව දැනුවත් කරල තියෙනව... මේ නිසා අදාල කෙනාව හොස්ටල් එකෙන් මාස දෙකකට සස්පෙන්ඩ් කරල තියෙනව.. ඉතින් මේ 12 වසරෙ කෙනා හිටියෙ කෝදාගොඩත් එක්ක පුදුම තරහකින්....ඊට පස්සෙ තමා ඌ කෝදාගොඩට ඒ කාලකන්නි දඩුවම දුන්නෙ.. එදා වෝඩන් ගමේ ගිහින්... මුලින්ම 12 වසරෙ එව්න් කලෙ කෝදාගොඩව අල්ලගෙන ඇදුම් ඔක්කොම ගලවල දාන එක.. ඉන් පස්සෙ කෝදාගොඩව.. ලෑල්ලක ගැට ගහල ප්‍රදර්ශනේට තියල තිබ්බෙ එයාව හොදටම අසරණ කරල... හොස්ටල් එකේ හැම එකාම(කොදාගොඩගෙ වයසෙ අය පවා) එයාට ගොඩක් නින්දා කලා... කෝදාගොඩ මේකෙන් ගැලවෙනකොට එයා හිටියෙ හොදටම මානසිකව වැටිල... එයා අඩ අඩ... පහලට දිව්වෙ මං උබලගෙන් පලි ගන්නව කියල... ඒත් කව්රුත් ගනන් අරන් නෑ... උදේ කෝදාගොඩව හොයාගෙන තියෙන්නෙ හොස්ටල් එක පිටිපස්සෙ අඹ ගහේ එල්ලිල මැරිල ඉද්දි... එදා ඉදල හොස්ටල් එකේ හැමෝම කෝදාගොඩ කියන නමට. බයයි...ඒක කොච්චරද කිව්වොත්... එයා පාඩම් කරපු කොටසයි නිදාගත්ත තැනයි වෙන් කරල තිබ්බෙ සිමෙන්තියෙන් වහල.."

    මල මගුලයි...මේ කලබල අස්සෙම මට කොදාගොඩයව මතක් උනනෙ දෙයියනේ... මං මටම කියාගත්තේ... අත හොදන ගමං... ඇත්තටම මේ කෝදාගොඩවත්ද....මගේ ඇගේ කොනක ඉදන් හිරිවැටෙන්න ගත්ත...

    වෙලාව 1.45යි... උඩට යන්නත් මොකක්ද වගේ... ඒත් මෙතන රෑ පහන් කරන්නත් බෑනෙ ගෙරි ගන්දස්සාරෙ... දන්නවනෙ හොස්ටල් එකේ ටොයිලට්...😂 හිතට දයිරිය අරන් මං බාත් රූම් එකෙන් එලියට ආවා.... ලොකු සීතලක් එක්ක... හුලගක්... හැමුවෙ.. හරියට උඩට යන්න එපා කියන්න වගේ....මම පඩියෙන් පඩිය පඩිපෙල නගින්න ගත්තා..පඩිපේලියෙ උඩ සුදු චායාවක් ඇති වෙලා නැති වෙලා ගියා...මාව ගල් ගැහුනා.... හිතේ බයත් එක්ක... මුලු ඇගම වෙව්ලන්න ගත්තෙ ඒ දෙවනත් උනු යටිගිරි හඩත් එක්ක... බයටම මාව උඩට දිවවුනා... ඒ ඉතිපිසෝ ගාතාව කියන ගමන්..එකපාරටම මගේ දිවිල්ල නැවතුනා.. අඩියක්වත් තියාගන්න බෑ... එතකොටම මගේ උරහිසට සීතල අතක් තියනව දැනුනා... බයටම මගේ කටත් ගොලු වෙලා... සීතල ස්පර්ශය ටිකෙන් ටික දැඩි වෙල... මගේ මුලු ඇගම පන නැතුව ගියා... එතකොටයි මං දැක්කෙ ඒ අමනුස්ස මූන... මූනෙන් ලේ බේරමින්...මං දිහා බලං හිටියෙ කෝදාගොඩ...

    මට සිහි නැති වෙන්නැති නැත්තං මායවක් වෙන්නැති කොහොම හරි මට සිහි එනකොට මම හිටියෙ... පාඩම් කරන පොත් මේසයක් උඩ...මං වටපිට බැලුව.. මේ අපෙ ස්ටඩි රූම් එක...ඒත් ...ඒත්... මං හිටිය මේසෙ ඇරෙන්න තිබ්බෙ.. තව එකම එක මේසයයි... එතන පොඩි ලමයෙක් හිටියා.... එයා හිටියේ.. පෑනකින් මේසයට තට්ටු කරමින්. මං කතාකලා.. මල්ලි? ....
    එකපාරටම ඔක්කොම අදුරු උනා... මට දැනුනා කලින් දැනුනු අර මරනීය සීතල මගේ බෙල්ල වටේ යනවා... ඒ ස්පර්ශය ටික ටික තද වෙන්න ගත්තා... දඩු අඩුවකට අහු උනා වගේ....මම මරලතෝනි දුන්නා....

    මට සිහි එනකොට මම හිටියෙ කුකුලගෙ රූම් එක ගාව....රූම් එකේ ලයිට් දාල... මගේ ඇගට ලේ ඉනුවෙ ඒක දැක්කට පස්සෙයි...මම දුවගෙන ගිහින්... දොරට ගහන්න ගත්ත... ලග පල්ලියෙ 2 කණිසම වැදුනෙ දැනුයි.... එක පාරටම දොර නිකංම ඇරුනා.... මං ඇතුලට ගියේ... උපුල් සර් කියල කතා කරන ගමන්... එකපාරට්ම දොර වැහුනා... කාමරේ තිබ්බ ලයිට් එකේ එලිය හිමින් හිමින් අඩු වෙලා කාමරේම අදුරින් වැහුනා... කාමරේ ඈත කොනක විතරක්...පුංචි එලියක් විහිදුනා... ඒ දිහාවට මම හිමින් හිමින් ලං උනේ.. බයෙන් හිත කීරි ගැහෙද්දි... එකපාරට කාමරේම එලිය උනා.. ඒත් කාමරේ තිබුනෙ එකම දෙයයි... ඒ.. ඒ.. බෙල්ල වැල දාගත්ත්ත කෝදාගොඩගෙ මිනිය....ඔලුවෙන් ආපු සීතලක් එක්ක මගේ මුලු ඇගම පණ නැතුව ගියා...මං එතනම පාත් උනේ.. බිත්තිය තදින් අල්ලගෙන ඊට පස්සෙ ආපු අමනුස්ස ලතෝනියත් එක්ක මාව සිහි නැති වෙන්න ඇති...

    මාව ආයි ඇහැරුනේ බෙල්ලෙ ලොකු වේදනාවක් එක්ක... මම වටපිට බැලුව...මම හිටියෙ හොස්ටල් එකෙන් එලියෙ... අඹ ගහ ගාව..... මට දැනුනෙ බෙල්ල හිරවෙනව වගේ.. දෙයියනේ... මගේ බෙල්ලෙ ලනුවක්...මාව එකපාරටම... අඹ ගහ දිගේ උඩට ඇදෙන්න ගත්තා.... දෙයියනේ... එපා... එපා.... මං මර ලතෝනි දුන්නත්... කිටි කිටියේ වෙලුනු ලනුවෙන් මගේ හුස්ම ටික ටික හිර වෙන්න ගත්ත....ටික ටික බොද වෙන්න ගත්ත ඇස් දෙකෙන් මං දැක්කෙ ලේ බෙරෙන කටෙන්... හයියෙන් හිනාවෙන කෝදාගොඩ....මට අන්තිමට ඇහුන ඒ වදන මගේ කනේ දෝකංකාර දෙන්න උනා....
    "මං කිව්වනෙ මං උබලගෙන් පලි ගන්නව කියල"👹

    ලංකාදීප:-අද අලුයම කොලඹ ප්‍රසිද්ද විද්‍යාලයක නේවාසිකාගාරයේ සිසුවෙක් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන ඇත....
    වෛද්‍ය පරීක්ශන අනුව මරනය සිතුව ඇත්තේ අලුයම 2ට පමණය...පුදුමයට කරුණ නම් මේ මරණය විද්‍යාල නේවාසිකයේ සිදු වූ 11 වැනි සියදිවි නසා ගැනීම වීම පමණක්ම නොව ඒවා සියල්ල අලුයම 2ට පමණ සිදු වී තිබීමය...

    සියදිවි නසා ගත් ශිෂ්‍යයින් පිලිවෙලින්:-

    A.T. කෝදාගොඩ 2002
    S.A. පියරත්න 2003
    M.T.සෙනෙවිරත්න 2004
    T.M.බන්ඩාර 2005
    S.M.සෙන්දනායක 2006
    A.R. සේනානායක 2007
    W.T.සමරවිතාන 2008
    M.N.ලොකුගේ 2009
    S.කොඩිකාර 2010
    E.R.වලිසිංහ 2011
    P.K.HD.ජයරත්න 2012

    (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
    -හසිදු දේවින්ද ජයරත්න
     
    • Like
    Reactions: Pan-X