එළකිරි භූත කොටුව.........

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    V7R1R1P.jpg

    මහනුවර දිස්ත‍්‍රික්කයේ ගඟ ඉහළ කෝරළයේ උඩුවැල්ල ග‍්‍රාම නිලධාරි වසමට අයත් අහුපිනිඇල්ල ඉහළ කොටසෙහි දහවල් කාලයට වරින් වර අද්භූත කාන්තා රුවක් දක්නට ලැබෙන බවට ප්‍රදේශ වාසින් පවසයි.

    j5wAq1B.jpg

    මේ සම්බන්ධ ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ 2016 මැයි 08 වන ඉරිදා ය.
    කොළඹ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ සිසුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ යහළු යෙහෙළියන්ගෙන් සමන්විත හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උඩුවැල්ල ප‍්‍රදේශය හරහා අහුපිනිඇල්ලේ ඉහළ කොටසට ගොස් තිබේ. එදින වැසිබර කාලගුණයකින් යුක්ත වූ බැවින් වැඩි පිරිසක් ඇල්ල නැරඹීමට පැමිණ නොසිටියහ. මේ අතර එදින දහවල් 1.00 ට පමණ එම පිරිස ඇල්ලට පහළින් ඇති නැරඹුම් කුටියෙහි සිටිය දී ඔවුන්ට කාන්තාවකගේ විලාප හඬක් ඇසී ඇත. එය කිසියම් කාන්තාවකට සිදු වූ විපතක් හඟවන්නක් බැවින් ඒ පිරිස එම හඬ ඇසුණු දිසාව කෙරෙහි අවධානය යොමුකොට තිබේ. මඳ වේලාවකට පසු එම කණ්ඩායමේ සිටි තරුණියක් සිහිසන් නොමැතිව ඇදවැටී තිබේ. එවිට සියලූ දෙනා එක්ව ඇයට ප‍්‍රථමාධාර ලබා දී ඇති අතර සිහිය ලද ඇය මහත් බියට පත්ව සිටි අතර වහාම එතැනින් ඉවත්ව යා යුතු බව පිරිසට පවසා තිබේ.

    ඇගේ ඉල්ලීමට අවනත වෙමින ඒ කණ්ඩායම එම ස්ථානයට මීටර් 500 ක් පමණ දුරින් නවතා තිබූ ඔවුන් පැමිණි වෑන් රථයේ නැගී ආපසු ගමන ආරම්භ කොට තිබේ. ඒ අතරමඟ දී ඇය කියා සිටියේ එම විලාප හඬ ඇසීමෙන් පසු ඇල්ලට පහළින් තිබූ අඩි පාරක් දිගේ සුදු පැහැති කාන්තාවකගේ රුවක් තමන් සිටි තැනට එමින් සිටිනු දුටු බව ය. එම පැමිණීම ඇය විස්තර කොට තිබුණේ ‘‘වළාකුළක් පාවෙනවා වගේ ’’ යනුවෙනි. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීම් හඳුන්වනුයේ යම් යම් පුද්ගලයන්ගේ යටි සිතේ ක‍්‍රියාකාරිත්වය තුළින් පැන නඟින ව්‍යාජ භ‍්‍රාන්ති ( Pseudo hallucination ) ලෙසිනි.

    K7g6m6o.jpg

    අහුපිනිඇල්ල සුරැකීමේ පරිසර කමිටුවේ සභාපති ආර්. ජී. රෝහණ රංජන් අබේරත්න මහතා පවසන අන්දමට සුදු පැහැති අද්භූත කාන්තාවකගේ රූපයක් එම අහුපිනිඇල්ලේ ඉහළ කොටසේ විවිධ ස්ථානවලින් මතුවීම බොහෝ ගැමියන් නිතර අත්දකින තත්ත්වයක් බව ය.

    lCJjNAL.jpg

    මීට කලකට පෙර තමන් තම බිරිඳ ද සමඟ දහවලක මෙම අහුපිනිඇල්ල ආසන්නයෙන් වැටී ඇති වනගත මංපෙතක් ඔස්සේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අරණායක දෙසට පා ගමනින් යන අතර ‘‘අර ඉස්සරහින් යන ගෑණුකෙනා කවුද?’’ යි තම බිරිඳ කිහිප වරක්ම තමාගෙන් ඇසූ බවත් තමන් එවැන්නියක නොදුටුව ද මෙම අද්භූත කාන්තාව පිළිබඳව මීට පෙර අසා තිබූ බැවින් ‘‘ඒ මේ පහළ ගමක ගෑණුකෙනෙක්’’ යැයි පවසා ඉන්පසු ඇගේ අවධානය වෙනතකට යොමු කළ බවත් පැවසීය.

    උඩුවැල්ලේ පදිංචි නිමල් රාජපක්ෂ මහතා ද මෙම අද්භූත කාන්තාව දැක තිබූ අතර ඔහු එම සිද්ධිය විස්තර කලේ මෙලෙසිනි.

    uhi7Vfo.jpg

    ‘‘මීට අවුරුදු කිහිපයකට කලින් මම යාළුවො දෙන්නෙකුත් එක්ක විනෝදෙට මාළු අල්ලන්න ඔය ඇල්ලේ පහළට ගියා. එතකොට මම දැක්කා එක පාරටම ඔය ඇල්ලෙ ගල් පර්වත දෙකක් අස්සෙන් ලස්සන ගෑණු ළමයෙක් මතු වෙනවා. මට ඇස් අදහා ගන්න බැරුව ගියා. මම හිතුවෙ ඒ අතරමං වුණ හරි දිවි නසාගන්න හරි ආපු ගෑණු ළමයෙක් කියල. මම ඒ මොහොතෙම ඒ බව යාලූවන්ට කිව්වා. නමුත් ඒ අය මේ ගෑනු ළමයව දැක්කෙ නෑ. මේ සිද්ධියෙන් අපේ හිත් කලබල වුණු හින්ද අපි ඉක්මනට ඇල්ලෙන් උඩට ඇවිත් අපේ ගමේ හැමෝටම වගේ මේ සිද්ධිය කිව්වා. ඊට පස්සෙ ගමේ සෑහෙන පිරිසක් ඇල්ල පහළට ගිහින් ඔය කියන හරියෙ හැම තැනම හෝදිසි කළා. නමුත් ගෑනු ළමයෙක්වත් ගෑනු ළමයෙක්ගෙ මිනියක්වත් හම්බ වුණේ නෑ’’

    NjM5pCR.jpg

    -
    SHK

    Patta mcn dgtama danna katha tika
     
    • Like
    Reactions: IKL

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    madushanka345 said:
    මහ නුවර මහියංගනය පාරේ හමුවූ හොල්මන් කාන්තාව..
    මේ සිද්දිය සිද්ද උනේ 1998 -99 කියන වර්ෂ දෙකෙන් එකක කියලයි මතක..මම ඒ කලේ වැඩකරේ ලංකාවට Dental / Medical machine import කරන කොම්පැනි එකක . මම තමයි කොම්පැනියේ චීෆ් ටෙක්නිශියන් . එදා දවස සිකුරාදා දවසක් මට මතක හැටියට. මම හෝමාගම අවිස්සාවේල්ලත් අතර තියෙන ග්‍රාමීය රෝහලක කැඩිච්ච මැෂිමක් අමාරුවෙන් ගොඩ දාල හවස 2 වෙද්දී ඔෆිස් එකට ආව රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න . සිකුරාදා දවස හවස් වෙනකොට ගතට දැනෙන ආතල් එක ඉතින් ජොබ් කරන හැමදෙනාම දන්නවනේ. ඔන්න ඉතින් ඔෆිස් එකට ඇවිත් මැනේජර් එක්ක පොඩි ආතල් කයියක් දැම්ම සෙනසුරාදා දවස රවුමක් ගහන්න ශේප් නියායෙන් ගෙදර ඉන්න බලාගෙන. අපේ මැනේජර් පෙන්ෂන් ගියපු ඉන්ග්ලිෂ් medium ඉගෙනගත්තු සුද්දගේ ඉන්ග්ලිෂ් කතාකරන එල පොරක් . ඔන්න ඒ වෙලාවේ අපේ සේල්ස් කරන සමන්ත ආව වැඩ ඉවර කරලා රුහුණු කුමරියේම ගෙදර පනින්න. ඒ වෙද්දී සමන්ත යාළුවෙලා උන්න කෙල්ල (දැන් උගේ ආදරණීය බිරිඳ ) යන්නෙත් රුහුණු කුමරියේ නිසා ලංකාවේ කොයි කොනක සේල්ස් කරත් හයි ස්පීඩ් දඩ 100ක් කාගෙන හරි සිකුරාදා රුහුණු කුමරිය අල්ලන්න කොළඹ එනවා. අපි දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ උසස්පෙළ කරේ. ඒ දවස්වල වගේම අදත් අපි මැන්ගෝ යාලුවෝ.
    ඔන්න ඉතින් අපි දෙන්නම අපේ මැනේජර් ටියුන් කරනවා සෙනසුරාදා ඔෆිස් එන්නේ නැතුව ඉන්න. මේක ඉතින් එදා විතරක් නෙවෙයි අපි හැමදාම සිකුරාදාට කරන වැඩක්. ඔන්න ඉතින් අපි කයිය ගෙන ඉන්නකොට ෆෝන් එක රින්ග් උනා . ගෙදර යන්න ඔන්න මෙන්න තියල ෆෝන් එක රින්ග් වෙනකොට ඉතින් පපුව සීතල වෙනවා ඉතින්. මොකද බොසා කෝල් කරලා හදිසි රාජකාරි පටවනවා. ඒවා ඉතින් පරිප්පු නැවු පිටින් බාන්න වෙන වැඩ . නැත්තම් වෙන්නේ බොසාගේ වයිෆ්ට driver කෙනෙක් නැති උනාම පොඩ්ඩකට මරදානට පිටකොටුවට හරි යන්න කියලා මාව එවන්න කියනවා. ඉතින් රාත්‍රී 10 / 11 වෙනකම් රියදුරු රස්සාව කරන්න වෙනවා. එත් මේ ආපු කෝල් එක අවේ නුවර මහියංගනය පාරේ 18 වංගුවට ආසන්නයේ තියෙන රෝහලකින්. එයාලගේ මැෂින් එකක් කැඩිලා දැන් දවස් ගානක්, අද ටෙක්නිශියන් එවනවා කීවට ඇයි නාවේ අද නාවොත් හෙට උදේට මිනිස්ට්‍රියට පැමිණිලි කරනවා කියල. දැන් ඉතින් කාපන්කෝ පරිප්පුව. අපේ සුදු මැනේජර් හැරුන තැපෑලෙන් බොස්ට කෝල් කරලා කිව. අනේ ඉතින් අපේ බොස් කිව මේ දැන්ම මාව යවන්න කියල. සමන්ත යවන්න කිව හෙල්ප් එකට . ඒ වෙනකොට අපේ රියදුරත් යතුරු බාරදීලා ගෙදර මාරු වෙලා . අපේ මැනේජර් එහෙට කෝල් කරලා කීවා, ටෙක්නිශියන් දැන් කොළඹින් පිටත් වෙනවා, ඔහෙට එනකොට පැය 5ක් විතර යාවි කියල. දොස්තර කිවා, එයාගේ නිල නිවාසෙට එන්න කියන්න, එයත් එක්ක ඇවිත් මැෂින් එක හදවන්නම් කියල. දැන් ඉතින් වැඩේ සෙට්. ඔන්න ඉතින් අපි දෙන්න යන්න පිටත් උනා.
    මට තමයි වාහනේ එලවන්න උනේ ඉතින්. ඒ වෙද්දී සමන්තට එලවන්න පුළුවන් උනාට ලයිසන් තිබුනේ නෑ මට මතක විදිහට. අපි නුවරට යද්දී 6.30 වගේ වෙන්න ඇති. අපි ඉතින් නුවර ගියොත් නවතින්නේ Y .M .B ඒකෙ තමයි. මොකද ඒකෙ තමයි කාමර ගණන් අඩුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ආපහු එනකොට රෑ 12 වගේ වෙන හින්ද අපි යනගමන්ම කාමරයක් වෙන් කරලා සල්ලි ගෙව්වා . අපිව නිතර එන හින්ද කීය උනත් අවුලක් නැ ගේට්ටුව අරිනවා අපිට. ඔන්න ඉතින් අපි 8 විතර වෙද්දී ගියා අදාල තැනට. ගිහින් දොස්තර (ලස්සන නෝනා කෙනෙක් හරිද) එක්ක ඇවිත් මැෂින් එක ගොඩ දැම්ම. සමන්තයත් ඉතින් ඕනෑම වැඩකට ලාම්පුව අල්ලන්න කියපු බඩුව. ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව. හදල ඉවර වෙලා එන්න ලෑස්තිවෙනකොට අර කරුණාවන්ත ලස්සන තරුණ දොස්තර නෝනා කොහෙද නවතින්නේ කියල හෙම විස්තර අහල වොෂ් එකක් දානවනම් එයාගේ නිල නිවසේ බාත්රූම් එකෙන් දාන්න කිව. අපිට ඉතින් දෙය්යෝ බැලුව වගේ අපි දෙන්නම ගොඩක් වෙහෙසෙන් හිටියේ. අපි දෙන්නම රට වටේම යන නිසා අපේ ඇඳුම් බෑග් දෙක කොයි වෙලාවෙත් අපේ වාහනේ තියෙනවා.
    ඔන්න ඉතින් අපි දෙන්නම දෙය්යනේ කියල වොෂ් එකක් දාල සරොන් දෙකටම බැහැල ආතෙල් පහට දුමකුත් දාගෙන දැන් එනවා නුවර බලා . අපි ගියේ සමන්ත සේල්ස් ගිහින් ආපු van එකේ . ඒක ටොයෝටා ලයිට් ඒස් වාහනයක්. හැමදාම සේල්ස් යන වාහනේ හින්ද මුන් කවදාවත් බඩු බාන්නේ නැ. ඉතින් දැන් අපේ ඇඳුම් බැග්, සල්ලි ඔක්කොම වාහනේ පිටිපස්සේ සීට් එක උඩ. දැන් ඉතින් අපි දෙන්න එනවා 18 වංගුව පැත්තේ ඉඳන් නුවර එන්න. මම බොහොම හෙමින් ඩ්‍රයිව් කරේ . දන්නා අය දන්නවා මේ පාර පට්ට පාලුයි . අපි දෙන්නට හොඳටෝම බඩගිනිය්. ගොඩක් රැ වෙලා හින්ද කඩවල් වහලා. ඔන්න ඉතින් හෙමින් හෙමින් එනකොට එක කඩයක් වහගෙන යනවා. අපි නවත්තල ඇහුව කන්න දෙයක් තියෙනවද කියල. මුදලාලි වයසක මනුස්සයෙක්. වඩේ වගයක්නම් තියෙනවා එත් බොන්න තේ නම් නැහැ ලිප නිවලලු. අපි ඉතින් දෙය්යෝ දුන්න වඩේ ටිකත් කන ගමන් දුමකුත් දාගෙන හෙමින් හෙමින් එනවා . කොහොමහරි දැන් වෙලාව රැ 12 පහු . තෙල්දෙණියට 10 km වගේ තියෙද්දී පට්ට පාලුයි .එක පැත්තකින් වික්ටෝරියා dam එක අනික් පැත්තෙන් පට්ට වනන්තරේ
    .
    මේක කියවන ඔයාල විස්වාස කරයිද මන්ද මේක. දැනුත් මේක ලියන මොහොතේත් මේක මතක් වෙනකොට මට ඒ සිදුවීම මැවිලා පේනවා වගේ. එක පාරටම dam එක පැත්තෙන් පාරට ගොඩ උනා ලස්සන කෙල්ලෙක්. පාරට ආපු ගමන්ම කෙල්ල ආවා පාර මැද්දට. ඇවිත් වාහනේට අත දැම්ම. කෙල්ල දැන් හරියටම පාර මැද්දේ. ඉස්සරහට ගියොත් හැප්පෙනවා. ලස්සන කෙල්ලෙක් . ඔලුවෙන් ඇග පුරහම ලේ බේරෙනවා. මෙයා පාරට අවේ මට මීටර් 20 ක් 30 ක් ඉස්සරහින්. තත්පර කීපයයි මම වාහනේ නැවැත්තුවේ නැත්තම් කෙල්ල වදිනවා මගේ වාහනේ . මම ක්ෂණිකව නවත්තගත්තා හෙමින් අපු හින්ද. නවත්තපු ගමන් මේ කෙල්ල ආවා සමන්තගේ දොර ගාවට . ඇවිත් කීවා එයාට මස්සිනා ගැහුවා කන්දකින් පහලට තල්ලු කරා, එයාව තෙල්දෙණියේ පොලිසියට දාන්න කියලා . මම කීවා පිටිපස්සෙන් නගින්න කියලා. ඒත් ඒ එක්කම මට මතක් උනා අපේ සල්ලි ඇඳුම් සීට් එක උඩ නේද කියල. ඒ හින්ද මම කීවා නෑ ඉස්සරහින් නගින්න කියලා . මට නිකමට හිතුන අපිව සුද්ද කරන්න හදනවද දන්නේ නැ කියලා මේ වනන්තරේ මැද්දේ. සමන්ත දොර ඇරිය ගමන් කෙල්ල නැගල වාඩි උනා සමන්තගේ සීට් එකේම අයිනෙන්.
    මේ කියන වාහන මොඩ්ල් එකේ ඉස්සරහ තියෙන්නේ සීට් දෙක විතරයි. මැද්දේ සීට් එකක් නැහැ. කෙල්ල පෙනුමේ හැටියට අඩුම තරමේ කිලෝ 50 ක් වත් බර ඇති. සාමාන්යෙන් ඩ්‍රයිව් කරන කෙනාට තේරෙනවා පොඩි වාහනේක ඉස්සරහ සීට් එකේ දෙන්නෙක් නැග්ගම ඒ පැත්ත බර වැඩි ගතිය. ඒත් මම වාහනේ අදිනකොටම තේරුණා මොකක් නමුත් අමුත්තක්. ඒ එක්කම මට නිකම් බයක් වගේ දෙයක් දැනුන. මෙච්චර දුරක් 40 ට වගේ අපු මම ඩ්‍රයිව් කරන්න ගත්ත 100 පන්නල. විනාඩි 5 ක් වගේ එද්දී මේ කෙල්ල කීවා අයියේ මෙතන ඉඩ මදියි මම බිමින් වාඩිවෙන්නම් කියල. ඒ කෙල්ල සමන්තගේ කකුල් දෙක ගාව බිම වාඩි උනා. ටොයෝටා ලයිට් එස් එකේ ඉස්සරහ සීට් එක ගාව බිම වැඩුන මනුස්සයෙකුට වාඩිවෙලා යන්න තරම් ලෙග් ස්පේස් නැහැ. ඒත් මේ කෙල්ල මෙතන වාඩි උනා. සමන්ත එක්ක විස්තර කතා කරා එයාගේ. ඒත් ඒ කිසිම දෙයක් මගේ කනට වැටුනේ නැහැ. මොකද මම හිටියේ ගොඩක් බයවෙලා. මම මාරාන්තික වංගු සියල්ලම 120 ට විතර ආවා . තෙල්දෙණියේ පොලිසිය ලන්වෙනකොට මම කීවා අක්කේ මම ඔයාව තෙල්දෙණියේ පොලිසිය පහුකරලා බස්සන්නම් කියලා. මොකද මේ පරිප්පු නැව අපිට බාන්න උනොත් කියන බයත් මට දැනුන. හරියටම පොලිසිය ඉස්සරහින් රාළහාමි කෙනෙකුත් වාහනේට අත දැම්ම ගෙදර යන්න වෙන්න ඕන. මම එයාට නැවත්තුවෙත් නැහැ. පොලිසිය පහුකරලා මීටර් 100 ක් වගේ ගිහින් මම නැවැත්තුව. මෙයාට බහින්නනම් සමන්ත බහින්න ඕන. ඒත් සමන්ත දොර ඇරපු ගමන් කෙල්ල බැස්ස, මල්ලිලට බුදු සරණයි කියලා පාවෙලා වගේ පොලිසිය පැත්තට ගියා. මම side mirror එකෙන් බැලුව, කව්රුත් නෑ.
    මම ආයේ ගමන පටන් ගත්ත. අයෙත් 100 පැනල යනවා. සමන්තය මට අම්ම මෝ නැතුව බනිනවා කෙල්ල නැගපු වෙලාවේ හිටන් හය්යෙන් ආවා කියලා. මම එක වචනයක්වත් කතා කරේ නෑ. නුවර ලං වෙනකොට තියෙනවා ඔරලෝසු කණුවක් එක්ක junction එකක්. එක පැත්තක් නුවර. අනෙක් පැත්ත මහියංගනය. අනික් පැත්ත හඟුරන්කෙත . එතන තිබුන ඒ කලේ චෙක් පොයින්ට් එකක් අනිවාර්යෙන් නවත්තන්න ඕන. මම උන්නේ කල්පනාවෙන් නෙවෙයි. තව පොඩ්ඩෙන් එතන නවත්තන්නේ නැතුව ඇවිත් වෙඩි කනවා. කොහොම හරි YMB එකට ඇවිත් මම නොකර කතා සමන්තට වාහනේ යතුර දීල උඹ කන්න ඕනෙනම් ගිහින් කාල වරෙන් මම නිදාගන්නවා කියලා නිදාගත්තා. සමන්තත් මට අම්ම මෝ නැතුව සිංහල කියව කියව නිදාගත්තා. කිසිම කතාවක් නැතුව මට උදේ 7 වෙනකම් නින්ද ගියා.
    උදේ මට ඇහැරුනා ගමන් එහා ඇඳේ නිදාගෙන ඉන්න සමන්තට ඇන්න පයින්, සමන්ත ඇහැරවල ඇහුව ඊයේ අපි එක්ක අවේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියලා. උදේ පාන්දරම සමන්තයගේ ඇස් දෙක පැන්න එලියට . කට ඇරගෙන බලන් ඉන්නවා බයවෙලා. අපි මුණ නොහෝදම ගියා තෙල්දෙණියේ පොලිසියට. ගිහින් කිව්වා රිසව් එකේ උන්නු රාළහාමිගෙන් ඊයේ රැ මෙහෙම දෙයක් උනා මොකක්හරි පැමිණිල්ලක් දාලද කියලා. එයා පැමිණිලි පොත බලල කීවා එහෙම දෙයක් නෑ කියලා. ලේ බේරී බේරී වාහනේට නැගල බිම වැඩිවෙලා ආවට එක ලේ බිඳක්වත් වාහනේවත් සමන්තගේ ඇඳුමකවත් තිබුනේ නැ.
    එයින් පස්සේ අපි දෙන්නම හවස 6 න් පස්සේ නුවර මහියංගන පරේනම් ගමන් කරේ නැත. එයින් පසු කවදාකවත් බිම් කරුවල වැටුනාම පාරෙ අත දැම්ම කිසිම මනුස්සයෙකුට මම වහනේනම් නවත්තන්නේ නැත. එදා බය උනා බයවිල්ල අදත් පපුවට දැනෙනවා.
    පස්සේ කලෙක මට ආරංචි උනා ඒ හරියේ එහෙම දෙයක් තියෙනවා කියලා. මේක කියවන නුවර පැත්තේ ඉන්න යාලුවන්ගෙන් මම දැනගන්න කැමතියි මේ පාරේ මෙහෙම දෙයක් ආයේ ආයේ සිද්දවෙනවද කියලා.
    (උපුටා ගැනීම

    Source :- FB

    mama mea pare danta 8 years daily yanwa enwa(dawlta habai)mata mea kiyana kenage,, vehical ekaka dash cam ekaka ahmben record unu video ekakuth hambuna,mea case eka thwath thiyanwa
    me video ekath dapanko thiyenavanm
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    දින කිහිපයක සිට වෙනදා නොදැනෙන කුමක් හෝ අමුත්තක් සිදුවෙමින් පවතින බව වරින්වර ඇගේ සිතට දැනුණි. එහෙත් සිදුවන්නේ කුමක්දැයි කියා අවබෝධයක් ඇයට නැත. සිතේ පැවතියේද මහා මූසල ගතියකි. අගනගරයේ සරසවියක ඉගෙනුම ලබන නිෂාදි රූපයෙන් මෙන්ම දක්‍ෂතාවලින්ද සපිරුණු ශිෂ්‍යාවකි. නගරයට ආසන්නයේ ඇගේ බෝඩිම පිහිටියද එයට යාමට ප‍්‍රධාන මාර්ගයේ සිට මීටර් තුන්සියයක් පමණ ඇතුළට යායුතු විය. එදිනද ඇය කල්පනාවක නිමග්නව හිමින් හිමින් පැමිණෙමින් සිටියාය. වේලාව රාත‍්‍රී අටට පමණ ඇත. සිහින් පොදයක් සමග වෙනදාට වඩා වැඩි අඳුරකින් පරිසරය වෙලී පැවතුණි. මහා වැස්සක ඉඟි හතරවටින් මතුවෙමින් පැවතුණි.

    ටික... ටික්... ටික්....

    HUp3f3z.jpg

    පිටුපසින් ඇසෙනා අඩි ශබ්දයෙන් ඇයගේ කල්පනාව බිඳවැටුණි. නිකමට මෙන් ඇය පිටුපස හැරී බැලූවාය. ඇයගේ පපුවේ වේගය ටිකෙන් ටික වැඩිවන්නට විය. කිසිවෙකුත් ඇයට පසුපසින් පැමිණෙමින් සිටියේ නැත. එසේනම් ඇසුණේ අඩි ශබ්දයක්මද? ඇය සිතමින්ම අඩි ඉක්මන් කළාය. ඇයට යාහැකි වූයේ පියවර කිහිපයකි. යළිත් පසුපසින් අඩි ශබ්දයක් ඇසුණේය. ඇය එක්වරම පසුපස හැරී බැලූවාය. යමකු ඇයව බියකිරීමට උත්සහ ගන්නේදැයි ඇයට සිතුණි. එහෙත් කිසිවකු හෝ පෙනෙන්නට නැත. එවර නම් ඇයගේ සිතට දැනුණේ දැඩි බියකි. සෙරෙප්පු දෙක ගලවා අතට ගෙන බෝඩිම දක්වාම ඇය දිවගියාය. ගේට්ටුව අසලදී මොහොතක් හති ඇරීම උදෙසා නතර වුවත් සිතේ බිය පහව ගොස් තිබුණේ නැත. ගේට්ටුව අසලදී තද සීතලකින් ඇයව එතීයන්නා සේ ඇයට දැනුණි. එය වැහි සීතලට වඩා වැඩි සීතලකි. ගේට්ටුව ඇරගෙන බෝඩිමට ගිය නිෂාදි මඳ වේලාවක් ඇඳ උඩ වාඩිවී කල්පනා කළාය.

    ටික වේලාවකින් එය එක් සිදුවීමක් ලෙස සිතූ ඇය නාන කාමරයට පිවිස ඇඳුම් උනාදමා වතුර මල යට සිටගත්තාය. දවසේ මහන්සිය නිමවන තුරු වතුර මල යට වැඩි වේලාවක් සිටීම නිෂාදිගේ පුරුද්දකි.

    ntqLD8P.jpg

    එදිනද නිදහසේ ඇය ටික වේලාවක් වතුර මල යටටවී සිටියාය. නාන කාමරයේ වා කවුළුව පිහිටා තිබුණේ ඇයට පිටුපසිනි. වතුර මලේ කරාමය වසා දැමූ ඇය ඇඟ පිසදා ගැනීමට තුවාය අතට ගත්තාය. හැරදමා ඇති වා කවුළුව අසල කුමක් හෝ ඡුායාවක් ඇතිබව ඇය එක්වරම දුටුවාය. ඒ මිනිස් ඔළුවකි. තමා නාන දෙස කිසිවකු හෝ බලාසිට ඇත. ඇය මොහොතකට ගල්ගැසී ගියාය. ඉන්පසු මුවින් පිටවූයේ ගෙය දෙදරවන කෑගැසීමකි.

    කෑගසමින්ම තුවාය ඇඟ වටා දවටාගත් ඇය නාන කාමරයෙන් එළියට පැන්නාය. ඇය නතරවී සිටියේ නිවසක කාමරයකය. ඇයගේ කෑගැසීමේ ශබ්දයට නිවසේ සියල්ලෝම ඇගේ කාමරය අසලට දිවආහ.

    ඩික්... ඩික්.... ඩික්....
    දොරට ගසන හඩින් ඇය තිගැස්සී ගියාය.
    ‘දුව... ඇයි... මේ දොර අරින්ඩ’
    ‘බාත් රූම් එකේ ජනේලයෙන් කවුද එබිලා බලන් හිටියා’

    FfC9Pmk.jpg

    නිවැසියෝ වහ වහා ගේ වටේ පරික්‍ෂා කර බැලූවද කිසිවකුත් දැකගත හැකි වූයේ නැත. නිවස වටා ඇති තාප්පයෙන් පැනීමෙන් මිස ගේ තුළට කිසිවකුටවත් ඇතුළු විය නොහැකිය. එසේම යම් කෙනකු නාන කාමරයට එබුණා නම් ඔහු පිටව ගොස් ඇත්තේද තාප්පයෙන් පැනීමෙනි. මධ්‍යම රාත‍්‍රිය කිට්ටුවන තුරුම නිවැසියෝ කතා කරමින් සිට නින්දට ගියහ. එදින නිෂාදි රැය පහන් කළේ නින්දත් නොනින්දත් අතරය.

    දින කිහිපයක් ගෙවී ගියේය. එක් දිනක් ඇය රාත‍්‍රියේ එක්වරම නින්දෙන් ඇහැරුණේ ශරීරය පුරා ඇදීයන සීතලක් හේතුවෙනි. ඇය පුරුද්දෙන්ම කාමරයේ විදුලි පහන් නිවාදමා නිදාගැනීමට හුරුවී සිටියාය. කාමරයේ අඳුරත් එළියේ සඳ එළියත් හේතුවෙන් ජනෙල්වලට ඉහළින් සවිකර තිබූ කම්බි කූරු අතරින් යමෙක් තමා දෙස බලා සිටිනා අයුරු පැහැදිලිවම ඇයට දැකගත හැකි විය. අන්ධකාරය තුළ හඳුනාගත නොහැකි වුවත් එය පැහැදිලිවම මිනිස් රුවකි.

    FZSSIns.jpg

    ‘අම්මෝ.... මෙන්න හොරේක්...’
    ඇය වේගයෙන් ඇඳෙන් පැන විදුලි බුබුළ දැල්වූවාය.
    ‘ඇන්ටි හොරේක්... හොරේක්...’
    ‘ඇයි දුව ඇයි....?’
    ‘කවුද ජනේලෙ උඩින් බලන් හිටියා....’
    ‘දුව හොඳටම දැක්කද?’
    ‘ඔව්... ඔළුව මම හොඳටම දැක්කා...’

    නිවසේ අවට බැලූවද කිසිවකු හෝ සොයා ගැනීමට හැකිවූයේ නැත. මේ සිදුවනුයේ කුමක්දැයි කිසිවෙකුට හෝ සිතාගත නොහැකි විය. නිෂාදි කිසිවකට හෝ බොරුවට බියවී ඇතැයි නිවැසියෝ පවසන්නට වූහ. වේලාව කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඇය සිටියේ තද නින්දේය. ගත පුරා ඇදී ගිය සීතල නිසා ඇය එක්වරම අවදි වූවාය.

    zzk2RqU.jpg

    නමුත් ඇය එක්වරම ඇස් හැරියේ නැත. පසුගිය සිදුවීම් දෙක එකවර ඇයගේ සිතට පැමිණීමත් සමග ඇය ඇස් කිටි කිටියේ තද කරගනිමින් නිදි විලසම සිටියාය. ඇයගේ සිරුර පුරා ඒ මේ අතට ඇදීයන සීතල ඇයට හොඳින්ම දැනෙයි. ඇයගේ සිරුරේ රහස් තැන්වලින් පවා ඇදීයන සීතල ගැන එක්වරම වෙනස් ආකාරයේ බියක් ඇති විය. කිසිවකු හෝ කාමරයට ඇතුළුවී ඇතිදැයි සිතා ඇය වහා ඇස් හැරියාය. ඇයගේ සිරුරට පහත්වී සිරුර සිපගන්නා අඳුරු ඡායාවක් ඇය හොඳින්ම දුටුවාය.

    SEbTebV.jpg

    ‘බුදු අම්මෝ....’

    ඇය දෙඇස් ඇරි සැණින් එම රුව අතුරුදන්වී ගියේය. ඇය ඇඳෙන් බහින්නට උත්සහ දරනවිට ඈ සිටියේ සම්පූර්ණ නිරුවතිනි. ඈ හැඳ සිටි ? ගවුම බෙල්ල ළඟටම ඔසවා ඇත.

    48O1oJ1.jpg

    මෙය ඉබේ සිදුවන්නක් යැයි කිසිසේත් සිතිය නොහැකිය. මෙයට පෙර කිසිම දිනක මෙවැන්නක් සිදුවී නැත. මේ සිදුවීමෙන් පසු ඇය අධික ලෙස බියවී සිටියාය.

    නිෂාදිගේ ගේ දෙමාපියෝ මේ පිළිබව ගුරුන්නාන්සේ කෙනෙකුට දැනුවත් කරන්නේ ඉන් අනතුරුවය....

    ගුරා නිෂාදිගේ ගේ දෙමාපියෝ ඉස්සරහම,

    ‘කවුද උබත් එක්ක එහේ මෙහේ යන අර උස කෙට්ටු පිරිමි ලමයා’
    ‘කොණ්ඩෙ දෙකට බෙදපු ’
    නිෂාදි ඇයගේ ප්‍රේම සබඳතාව ගැන කිසිවක් නිවසට කියා තිබුණේ නැත. ඇයට කරකියාගත හැකි දෙයක් නොවීය. මේ අසන්නේ ඇයගේ පෙම්වතා පිළිබඳවය.

    ‘ඒ අපේ කැම්පස් එකේ ළමයෙක්...’
    ’එයත් එක්ක වැව් ගාණේ කරක්ගහන්නේ මොකටද?’
    ‘නෑ...’
    ‘නෑ... වැව් ගාණේ ගියාට කමක් නෑ. වැව් පිටියේ පඳුරු අස්සේ රිංගන්නේ මොකටද?’

    නිෂාදිට කරකියාගත හැකි දෙයක් නොවීය. මවුපියන් ඉදිරියේ සියල්ල හෙළිවෙමින් පවතී. ඇය බිම බලාගෙනම සිටින්නට විය.

    ‘කාමර ඇතුලේ වෙන්ඩ ඕනේ දේවල් කැලෑවල් අස්සේ වෙනකොට මේ වගේ දෝස ඇතිවෙනවා තමයි. ආසාවල් හිරකරගෙන අකාලේ වැව් පිටිවල මැරිච්ච එවුන් ඕන තරම් ඉන්නවා. ගෑනු ඇඟක් දැක්කම උන් ඒකට කෙළ හළනවා. තමුන්ට වෙලා තියෙන්නෙත් ඒකම තමයි. තමන්ගේ ඇඟට වශීවෙච්ච මළ පෙරේතයෙක් තමුන්ගේ පස්සේ එනවා.

    w5CTPhl.jpg

    මීට පස්සෙවත් පඳුරු අස්සේ රිංගන්නේ නැතිව හිටියනම් හොඳයි’ මෙන්න මේ ආකාරයෙන් ලවණ ශෝදනය සිදුකරන්න එ හරහා ඔය ආත්මය ඉවත් වෙයි . තොවිල් පවිලි නටන්න අවශ්‍ය නෑ.

    නිෂාදි බිම බලාගෙන ආශ‍්‍රමයෙන් එළියට පැමිණියාය. තමා කළ වරදේ ප‍්‍රතිඵලය කොතරම් දරුණුද යන්න ඇයට තේරුම් ගියේ එවිටය...

    -SHK
     
    • Wow
    Reactions: lgayyamp

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මගෙ නම ජිනපාල,

    මෙම සිදුවීම සිදුවන විට මා සේවය කලේ ඉදිකිරීම් සමාගමක ටිපර් රථ රියදුරෙක් ලෙසය. මා සේවය කල ටිපර් රථයද මාගේ මිතුරෙකු විසින් එම සමාගමේ සේවයට යොදවා තිබූ එකකි.
    ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මාස ගනනක් තිස්සේ ඉදි කෙරෙමින් පැවති එම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු නියමිත කාලයටත් පෙර අවසන් වීම එහි සේවකයන් වූ අප සියලු දෙනාගේම සතුටට හේතු විය. අපගේ කළමණාකාර වරයා විසින් අපහට නියමිත වැටුප් ලබා දී දින 10ක නිවාඩු කාලයක්ද ලබා දුන්නේ ගම් රටවල් බලා ගොස් නැවත සේවයට පැමිණෙන ලෙස දන්වමිනි. සියල්ලෝම සතුට නිසා එදින සැන්දෑවේ මත්පැන් සාදයක් පැවත්වීමට තීරණය කලේ ගම්රටවල් බලා යාම පසුදාට කල් දමමිනි. මා හැර සියලුම දෙනා එයට සූදානම් වූ අතර මා සූදානම් වූයේ එදිනම ගමට පැමිණීමටය.
    මාස ගනනකින් පුංචි පුතුගේ මුහුණ බලා ගැනීමට නොහැකි වූ නිසා ඉක්මනින්ම ගෙදර යාම මාගේ එකම අදහස විය.
    සියල්ලන්ගෙන්ම සමු ගත් මා ටිපර් රථයත් රැගෙන එම ස්ථානයෙන් පිටත් වන විට රාත්‍රී 8:00පමණ විය.

    ත්‍රීකුණාමලය ටවුමට පැමිණි මා රථයට අවශ්‍යය පමණට තෙල් ගසා එහි වූ රෑ කඩයකින් මස් කොත්තුවක් දමා ගෙන කෑවේ අධික කුස ගින්නක් දැනුණු නිසාමත් නොව ගමන් කිරීමට ඇති දුර අධික වීමත් අතර මග කඩ වල නතර නොකර යාමට ගත් තීරණයත් නිසාය. කෑමෙන් පසු රථයට ගොඩ වූ මා තරමක් වේගයෙන් රථය ධාවනය කලෙමි. කන්තලේ පසු කල මා හබරණ දෙසට පැමිණෙමින් සිටියෙමි.නාගරික ප්‍රදේශය අවසන් වූ නිසා තරමක පාලු ස්වභාවයක් මාර්ගය දෙපස පැවතුනි.ගෙවල් පැවතියේ ඉඳහිට තැනක පමණකි. මාර්ගය දෙපසම කැලෑව පැවති අතර මාර්ගයේ ගමන් කල වාහනයක් පවා හමු වූයේ ඉඳ හිටය. තනිකමත් ,පාලු ගතියත් නිසා වාහනයේ වේගය තවත් ටිකක් වැඩි කල මා රේඩියෝ යන්ත්‍රයද ක්‍රියාත්මක කර සිංදුවක් අසමින් පැමිණියෙමි.

    එක් වරම වාහනයට මීටර් 50ක් පමණ දුරින් කලු පැහැති සත්වයෙක් පාරට පනිනු මා දුටුවේ එම අවස්ථාවේය. පාරට පැමිණි සතා පාර මැද නැවතී වාහනය දෙස බලා සිටින අතර ලයිට් එලියට උගේ ඇස් දිලිසෙමින් තිබුනි. මා තරමක් තදින් බ්‍රේක් කලේ එම සතා යටවීම වැලක්වීමටය. නමුත් වාහනයේ වේගය වැඩි නිසා ටයර් කෑ ගසමින් එය ඉදිරියටම ඇදී ගියේ මට කිසිවක් කර කියා ගත නොහැකි ලෙසය. ඉතාම ලං වන විට එම සතා වල් උරෙකු බව මට පෙනුනි. වාහනයේ සතා වැදුන අයුරැත් උ වාහනයට යට වන අයුරැත් මට ඉතා හොඳින් දැනුනි. කිසිම දිනක සතෙකුට වත් අනතුරක් මා අතින් සිදුව නොතිබුන අතර මෙය මට මහත් වේදනාවක් ගෙන දුන්නේය. වහාම නතරවූ වාහනයෙන් බැස ගත් මා සතා ට සිදුවූ දෙය බැලීමට පසු පසට දිව ගියෙමි. පුදුමයකි. එහි කිසිදු සතෙකු නොවීය. හොඳින් වට පිටාව බැලුවද මාර්ගයේ වාහනය ඇදී ආ ටයර් පාර මිස සතෙකුගේ ලකුණක් හෝ නොතිබුනි. වාහනයට යට වූ සතාට කැලයට පැන යාමටද නොහැකි බව හොඳින්ම දැනුණු මා මෙයින් තරමක් තිගැස්මට ලක් වූ අතර වහාම රථයට ගොඩ වී පෙරටත් වඩා වේගයෙන් එය පැදවූවෙමි.

    මෙලෙස 5km පමණ පැමිණෙන විට මාර්ගයේ සිටි පුද්ගලයෙකු වාහනයට අත දමනු මා දුටුවෙමි. ඉතාම ලං වන විට ඔහු තරමක වයස අයෙකු බව පෙනුන අතර ඔහු අතේ යම් බෑගයක්ද ඇති බව පෙනුනි. තනිවම යනවාට වඩා කවුරැන් හෝ වාහනයේ සිටින්නේ නම් හොඳයයි මට සිතුනේ පෙර සිද්ධිය සිදුවූ මොහොතේමය. ඒ නිසා දෙපාරක් නොසිතා මා රථය නතර කලෙමි.වාහනය අසලට පැමිණි ඔහු "ඩ්‍රයිවර් මහත්තයා මට දඹුල්ලට යන්න පුළුවන් වෙයිද ?" කියා ඇසුවේය.

    දඹුල්ලට තව බොහෝ දුර ඇති නිසාත් මා දඹුල්ල හරහා යන නිසාත් ඔහුව වාහනයට නංවා ගත්තේ කතා කරමින් හෝ යාමට ඇත්නම් හොඳයි සිතමිනි.
    "අංකල් මේ රෑ වෙලා කොහේද යන්නේ?"යි මම ඇසුවේ ඔහුව කතාවට අල්ලා ගැනීමට මුල පුරමිනි.
    "මං රස්සාවට කරන්නේ කොළඹ මේසන් වැඩ.හදිස්සියේ ගෙදර ඇවිත් වැඩට යන්න ආවේ. රෑ කොළඹ යන බස් එක අල්ලා ගන්ඩ බැරි උනා .ඉතිං ඒකයි පාරෙ යන වාහන වලට අත දැම්මේ. කවුරැවත් නැවත්තුවේ නෑනේ. දඹුල්ලට යා ගත්තොත් එතනින් කොළඹට යන බස් එකක් අල්ල ගන්න පුලුවන් වෙයි."ඔහු පිලිතුරැ දෙමින් පැවසීය.

    එක් වරම වාහනය තුලට සීතල සුළං පහරක් ගලා ආවේය. එයින් මා හට මහත් අමුත්තක් දැනුණු අතර මා වහා වීදුරැව වසා ගත්තේ එයින් ‍බේරෙනු පිණිසයි. නමුත් එය පිටතින් හමා එන්නක් නොව වාහනය ඇතුලතින් එන බවක් දැනුණු බැවින් මා අනෙක් පස හුන් තැනත්තා දෙස බැලුවෙමි. ඒ වන විටත් ඔහු තද නින්දකට වැටී ඇති ආකාරයක් පෙනෙන්නට විය.මමද ඔහුට බාධා නොකර පාඩුවේ වාහනය පදවන්නට වීමි. නමුත් එම සීතලත් සමග මහා අමුත්තක් මට දැනෙන්නට ගත්තේය. මාර්ගය දෙපසම වූයේ ගන කැලෑව පමණකි. කිසිදු වාහනයක් හෝ ගෙයක් දොරක් හෝ දක්නට නොමැත. ඇත්තේ මහ මූසල ස්වභාවයකින් පෙනෙන පාර පමණි.

    BIreSAI.jpg

    මා හට කියා ගත නොහැකි නුහුරැ හැඟීමක් දැනුනි.වාහනයද අධික වෙගයෙන් ධාවනය වන බව දැණුනත් එය පාලනය කිරීමට හෝ මට හැඟීමක් නොමැති බව දැනේ. කොපමණ දුරක් එසේ ආවාදැයි මා නොදනිමි.

    එක් වරම අනෙක් පස හුන් තැනත්තා අවධි වූ බව දැනුණු බැවින් මා එදෙස බැලුවෙමි.ඒ අවස්ථාවේ මා දුටු දසුන කිසිදා බලාපොරොත්තු නොවූ දෙයකි.මා අසල සිටියේ වාහනයට ගොඩ වූ පුද්ගලයා නොව සුදු පැහැති චායාවක් වැනි මිනිසෙකි.එලියට පැන්න දෑසත් මුහුණ පුරා තැවරී තිබූ ලේ පාරත් මා දුටුවේ අඩ අඳුරේමය.එය ඉතා බියකරැ ලෙස මා දෙසට යොමු වී තිබුනි.

    5OWS2ZF.jpg

    ඇතිවූ බියටම මාහට කෑ ගැසුන අතර බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටරය තවත් තදින් පෑගුනි. එක් වරම මා වෙතට පැන්න ඔහු වාහනයේ සුක්කානම අල්ලා පාරෙන් පිටතට කර කැව්වේ මා හට සිතන්නට හෝ කාලයක් නොතබමිනි. මා ඔහුගේ අතට වේගයෙන් පහර දී නැවතත් පාරට හැරවීමට උත්සාහ කලද එය සෙලවීමටවත් නොහැකි ලෙස තද වී පැවතුනි .මට දැනුනේ ලොකු අයිස් කැටයකට ගැසුවා මෙන් දැඩි බවක් හා තද ශීතලකි. අධික වේගයත් ඇතිවූ කලබලයත් නිසා මාගේ පාලනයෙන් මිදුනු වාහනය වේගයෙන් පාරෙන් පිටත පැන ලඳු කැලෑවද කඩා ගෙන වනන්තරය තුලට ඇදී ගිය ආකාරයත් විශාල පිපිරැම් හඬක් සමඟ මාගේ දෑසම අන්ධකාරයක් තුල ගිලීයන අයුරැත් යාන්තමින් මට දැනුනි.

    මා ඇස් හැර බලන විට මා වටා බොහෝ පිරිසක් වට වී සිටින අයුරැත්,මා ඇඳක් මත තබා තිබෙන අයුරැත් මට දැනුනි. හිස එසවීමට හැදුවත් දැඩි වේදනාවක් දැනුණු අතර දෑත් දෙපා බැන්ඩේජ් කර තිබෙන අයුරැත් දුටුවෙමි. පිරිස දෙපසට කරමින් මා ලඟට ආවේ මා නාඳුනන මැදිවියේ පුද්ගයෙකි.
    "දැං කොහොමද ඔයාට..මොකද උනේ..?ඔහු මගෙන් ඇසුවේය.
    ඉතා අපහසුතාවයක් දැනුනද පෙරදා සිදුවීම මගේ මතකයට ගලා ආවේ මෙවිටය.
    මා ඔහුට එය පැවසූ අතර එය අසා සිටි ඔහු මට මෙසේ පිලිතුරැ දෙන්නට විය.
    "ඔයා බේරිලා තියෙන්නේ පෙර පිනකට.ඔයාව ඉස්පිරිතාලෙ ගෙනාවෙ මං. මගේ පැල් කොටේ තියෙන්නේ ඔයා හැපිලා තිබුනු හරියට ටිකක් එහා.මං ඔය කැලේ සත්තුන්ට තුවක්කු බඳිනවා. එදා රෑ මට ඇහුනා තුවක්කුව පත්තු උන සද්දේ.ඒත් රෑට ඒ හරියේ අලි ඉන්න හින්දා මං තුවක්කු පත්තු උනාට රෑට ඇවිල්ලා බලන්නේ නෑ.මං උදේ පාන්දරම ආවා තුවක්කුව බැන්ද තැනට.

    එතකොට මං දැක්කා කැලේ කඩාගෙන මොකක් හරි ලොකු දෙයක් ඇදගෙන ගියා වගේ පාරක්.මං හිතුවේ අලියෙකුටවත් වෙඩි වැදිලද කියලා කොයි එකටත් ටිකක් හෝදිස්සියෙන් යන කොට තමා කැලේ ඇතුලේ ලයිට් එලියක් දැක්කේ.තව ටිකක් ලඟට යන කොට තමා දැක්කේ ලොකු ලොරියක් මගේ තුවක්කුව තිබ්බ තැනත් යට කරගෙන ගිහිං ඉස්සරහ තිබ්බ මාර ගහේ වැදිලා තියෙනවා.මං ලඟට ගිහින් බලනකොට තමා ඔයා ඒකෙ ඇතුලේ හිර වෙලා ඉන්නවා දැක්කේ.ඒ ගමන් මං ගෙදර දුවලා ගමේ එවුන් අඬගහගෙන ඇවිත් ඔයාව එලියට අරන් ඉස්පිරිතාලෙ ගෙනාවේ. එතකොට ඔයාට සිහිය තිබුන. එක එක විකාර කියලා කෑ ගහ ගහ හිටියේ ඔයා. අපි පොලිසියටත් කිව්වා.ඉට පස්සේ පොලිසියෙන් ඇවිත් ලොරිය අරන් ගියා.ඔයා එදා දැකලා තියෙන්නේ ඇත්ත මනුස්සයෙක් නෙමේ. ඒ හොල්මනක්.ඒ මනුස්සයා දැනට අවුරැදු 3කට විතර කලින් ඔය හරියෙදි ලොරියක හැපිලා එතනම මලා. මිනිහා කොලඹ යන්න බස් එකක් එනකල් ඉන්නකොට තමා ලොරියට යට වෙලා තියෙන්නේ.ඉතිං එදා ඉඳන් හැම අවුරැද්දකම මිනිහා මැරැණු දවසට කාට හරි ලොරි කාරයෙකුට එයා පේනවා.ගොඩක් අය බය වෙලා තියෙනවා.වාහනේ නැවත්තුවොත් එයා කොහොම හරි ඒ වාහනේ හප්පනවා.ගිය අවුරැද්දෙත් මේ වගේම ලොරි යක් හප්පලා ඒ මනුස්සයා දවස් ගානක් ඉස්පිරිතාලෙ ඉඳලා මැරැණා.එයත් මැරෙන්න කලින් පොලිසියට කට උත්තර දීලා කියලා තියෙන්නෙත් ඔයා කියපු කතාවම තමා."යි ඔහු කතාව අවසන් කලේය.නැවතත් මගේ දෙනෙත් අන්ධකාරයක් තුල ගිලී යනවා මට දැනුනි.

    -
    SHK
     
    • Like
    Reactions: Dubairox and GayanX

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මගෙ නම මහේෂ්,

    මේ සිද්දිය උනේ හරියටම අගුනකොලපැලැස්ස. මුලනගොඩ කියන ප්‍රදේශයෙදී.

    එදා රෑ අපේ ගෙදර උයපු එලවලු මට හරි ගියේ නැති නිසා මට මතක විදියට රෑ 9 ත් 10ත් අතර වගේ මම ටවුන් එකට ගියා මොනවා හරි රෑට කන්න කියලා.

    34J2nSo.jpg

    ටවුන් එකට ගියාට ඒ ටයිම් එකට එක කැම කඩයක් වත් ඇරලා තිබුනේ නෑ. අගුනකොලේ ඉදලා කිලෝමීටර 3ක් වගේ හුංගම පැත්තට ගියාම මුලනගොඩ කියල ගමක් හමුවෙනවා. එහේ නන් නයිට් කඩයක් තියෙනවා රෑ 10 විතර වෙනකන් ඇරලා.

    ඉතින් මම බයික් එකෙන් පට ගාලා ගියා කඩේ වහන්න කලින්. යාන්තන් ඇති කඩේ ඇරලා. රයිස් තියෙනවද ඇහුවාම රයිස් නෑ. ෂෝටීස් නම් තියෙනවා කියල කඩේ මුදලාලි කිව්වා. මොනවා කරන්නද ඉතින් රොල්ස් 3ක් කාලා බීම එකකුත් බීලා. දුමකුත් පත්තු කරගෙන යන්න ආවා.

    ටිකක් දුර එනකොට පාර අයිනේ කලු පාට ශර්ට් එකක් ඇදගත්ත මිටි පොරක් බයික් එකට අත දැම්මා. මං ඉතින් මොකෙක් උනත් කොල්ලෙක් නේ කියලා මීටර 3ක් 4ක් විතර ඉස්සර කරලා බයික් එක නැවැත්තුවා.

    uvKFuv6.jpg

    මං ඇහුවා ''අයියේ මොකද්ද අවුල''
    ඌ කිව්වා '' මල්ලි අගුනුකොලේට යනවා නන් මාවත් දාගෙන යන්න පුලුවන්ද?'' කියලා
    මං කිව්වා '' හරි අවුලක් නෑ නැගපන්කෝ'' කියලා.

    මුගේ මූන මට පැහැදිලි නෑ. මොකද මූ පාරෙ අයිනෙන්මයි මගේ බයික් එක ලගට අවේ. පොර බයික් එකට නැග්ගා. එත් මට මොකක්දෝ අමුත්තක් වගෙ දැනුනා, මොකද බයික් එකට අරූ නැග්ගට වැඩිය බරක් දැනුනේ නෑ. මං ඉතින් වැඩිය ඒ ගැන හිතන්නේ නැතිව ආවා. මං අවෙත් ඌත් එක්ක කතා කරකර. මට එත් සැකයි මම කතා කලාට මූ වැඩිය කතා කරන්නේ නෑ. මම අහන දේට ඔව්. කියනවා විතරයි.

    8w76qdm.jpg

    ටික දුරක් ඔහොම අවා මේන් රෝඩ් එකෙම වෙල් යාය පාස් කරනකන්. පුදුම වැඩේ කියන්නේ මූ බයික් එකේ හිටියට නිකමටවත් මගේ ඇගේ ගෑවෙන්නේ නෑ කියපන්කො. නිකමට වලටක වැටුනට මුගේ අතක් වත් වදින්නේ නෑ. මම ඒ වෙලාවේ ටිකක් වගේ බය උනා,

    මම බය වැඩි කමටම ඌත් එක්ක කතාකර කර ගියා. '' අයියේ පොලිසියේ එවුන් හිතියොත් හෙල්මට් අව්ල් යන නිසා හදිස්සියෙන් පොලිසිය හිටියොත් මම මෙහයින් නතර කරන්නන් උබට පොඩ්ඩක් බහින්න පුලුවන්නේහ්.'' කියලා
    ඌ කිව්වා '' හරි'' කියලා.

    ඔහොමම අපි දෙන්නා යනවා. මගේ බයික් එක පිටිපස්සෙන් ආපු ලොරිය හෙඩ් ලයිට් පාර නිසා මම සයිඩ් කණ්ණඩිය බලුවා. යකෝ පුදුම වැඩේ කියන්නේ මූව සයිඩ් කණ්ණඩියෙන් පෙන්නේ නැනේ බං. මම හොදටම බය උනා. මම නිකමට වගේ අපි බයික් එකට වාඩි උනාම කකුල තියෙන ෆුට් රැක් එක දිහා බැලුවා..... එතනදි මම කිසිම කකුලක් දැක්කේ නෑ.. බයික් එක පිටිපස්ස බැලුවා විතරයි හිටපු කොල්ල පිටිපස්සේ ශීට් එකේ දැන් නෑ....

    06RcrhX.jpg

    මම ඒ වෙලාවෙදි බය උන තරම මට හිතා ගන්නවත් බෑ. මොකද පිටි පස්සේ වාඩි වෙලා අපු කාටවත් පනින්නවත් බහින්නවත් බෑ. මොකද මම ඌත් එක්ක අවෙත් 50ට 55 විතර.

    අරූ අතුරුදහන් උනා විතරයි මම 100ට විතර ගියා.... මගේ හිත කිසිම සන්සුන් නෑ. මට බයයි බයික් එකෙන් මාව වැටේදෝ කියලත්... එනවා එනවා කඩෙයක් වත් ගෙයක් වත් නෑ... අනේ වාසනාවන් වෙලාවට ගෙදරක දොරවල් ඇරලා. මම එහෙන්මම බයික් එක ගෙදරට දැම්මා... ඒ ගෙදර මාමාට මම ඇවිත් මට වතුර බොන්න දීලා වතුර මූනේ ගාලා තත්වෙකට ගත්තා ඉතින් සේරම විස්තරේ කිව්වා.

    ඒ මාමා ඇහුවේ එක දෙයයි '' මොකද තෙල් ජාති කාලා මේ වගේ පාරක අවිත් කෙනෙක් අත දැම්මට නැවැත්තුවේ ඇයි කියලා. '' සිද්දිය ඔක්කොම කියලා මම ගෙදර එන්න ආවා. ඇවිත් මම අම්මට කිව්වේ නෑ වෙච්ච දේවල්.

    දත් මැදලා නිදාගත්තා. නිදාගත්තට මට නින්ද යන්නේම නෑ අර සිද්දිය මතක් වෙනවා. බල්ලෝ එකදිගටම බුරනවා ඇහෙනවා. වෙනදා වගේ නෙවේයි. නරි හූ කියනවා වගේ මහ මූසල සද්ද ඇහෙනවා....... එහෙමම මට නින්ද ගියා...

    මම උදේ ගියා අර මාමා හම්බවෙන්න ඒ මමා කිව්වා මේ පාරේ එහෙම අත්භූත සිද්දි තියෙනවලු.
    *ජේ.වී.පී කාලේ මරපු මිනිස්සු ඒ පාරේ ලිදකට දාලා තියෙනවා. ඒවලු මේ හොල්මන් කරන්නේ.

    EW4yAGF.jpg

    මං තව විස්තර හෙව්වාම මේ දේ වෙලා තියෙන්නේ මට විතරක් නෙවෙයි. තව ගොඩක් අයට මේ පාරෙදි වාහන වලට අත දාලා අතුරුදහන් වෙලා තියේනවලු. එදා ඉදලා තනියම මම කවදාවත් රෑට ඒ පාරේ ගියේ නෑ.

    -FB

    *
    GhXF4Im.jpg
     
    • Haha
    Reactions: pathaleiretta

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    madushanka345 said:
    මහ නුවර මහියංගනය පාරේ හමුවූ හොල්මන් කාන්තාව..
    මේ සිද්දිය සිද්ද උනේ 1998 -99 කියන වර්ෂ දෙකෙන් එකක කියලයි මතක..මම ඒ කලේ වැඩකරේ ලංකාවට Dental / Medical machine import කරන කොම්පැනි එකක . මම තමයි කොම්පැනියේ චීෆ් ටෙක්නිශියන් . එදා දවස සිකුරාදා දවසක් මට මතක හැටියට. මම හෝමාගම අවිස්සාවේල්ලත් අතර තියෙන ග්‍රාමීය රෝහලක කැඩිච්ච මැෂිමක් අමාරුවෙන් ගොඩ දාල හවස 2 වෙද්දී ඔෆිස් එකට ආව රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න . සිකුරාදා දවස හවස් වෙනකොට ගතට දැනෙන ආතල් එක ඉතින් ජොබ් කරන හැමදෙනාම දන්නවනේ. ඔන්න ඉතින් ඔෆිස් එකට ඇවිත් මැනේජර් එක්ක පොඩි ආතල් කයියක් දැම්ම සෙනසුරාදා දවස රවුමක් ගහන්න ශේප් නියායෙන් ගෙදර ඉන්න බලාගෙන. අපේ මැනේජර් පෙන්ෂන් ගියපු ඉන්ග්ලිෂ් medium ඉගෙනගත්තු සුද්දගේ ඉන්ග්ලිෂ් කතාකරන එල පොරක් . ඔන්න ඒ වෙලාවේ අපේ සේල්ස් කරන සමන්ත ආව වැඩ ඉවර කරලා රුහුණු කුමරියේම ගෙදර පනින්න. ඒ වෙද්දී සමන්ත යාළුවෙලා උන්න කෙල්ල (දැන් උගේ ආදරණීය බිරිඳ ) යන්නෙත් රුහුණු කුමරියේ නිසා ලංකාවේ කොයි කොනක සේල්ස් කරත් හයි ස්පීඩ් දඩ 100ක් කාගෙන හරි සිකුරාදා රුහුණු කුමරිය අල්ලන්න කොළඹ එනවා. අපි දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ උසස්පෙළ කරේ. ඒ දවස්වල වගේම අදත් අපි මැන්ගෝ යාලුවෝ.
    ඔන්න ඉතින් අපි දෙන්නම අපේ මැනේජර් ටියුන් කරනවා සෙනසුරාදා ඔෆිස් එන්නේ නැතුව ඉන්න. මේක ඉතින් එදා විතරක් නෙවෙයි අපි හැමදාම සිකුරාදාට කරන වැඩක්. ඔන්න ඉතින් අපි කයිය ගෙන ඉන්නකොට ෆෝන් එක රින්ග් උනා . ගෙදර යන්න ඔන්න මෙන්න තියල ෆෝන් එක රින්ග් වෙනකොට ඉතින් පපුව සීතල වෙනවා ඉතින්. මොකද බොසා කෝල් කරලා හදිසි රාජකාරි පටවනවා. ඒවා ඉතින් පරිප්පු නැවු පිටින් බාන්න වෙන වැඩ . නැත්තම් වෙන්නේ බොසාගේ වයිෆ්ට driver කෙනෙක් නැති උනාම පොඩ්ඩකට මරදානට පිටකොටුවට හරි යන්න කියලා මාව එවන්න කියනවා. ඉතින් රාත්‍රී 10 / 11 වෙනකම් රියදුරු රස්සාව කරන්න වෙනවා. එත් මේ ආපු කෝල් එක අවේ නුවර මහියංගනය පාරේ 18 වංගුවට ආසන්නයේ තියෙන රෝහලකින්. එයාලගේ මැෂින් එකක් කැඩිලා දැන් දවස් ගානක්, අද ටෙක්නිශියන් එවනවා කීවට ඇයි නාවේ අද නාවොත් හෙට උදේට මිනිස්ට්‍රියට පැමිණිලි කරනවා කියල. දැන් ඉතින් කාපන්කෝ පරිප්පුව. අපේ සුදු මැනේජර් හැරුන තැපෑලෙන් බොස්ට කෝල් කරලා කිව. අනේ ඉතින් අපේ බොස් කිව මේ දැන්ම මාව යවන්න කියල. සමන්ත යවන්න කිව හෙල්ප් එකට . ඒ වෙනකොට අපේ රියදුරත් යතුරු බාරදීලා ගෙදර මාරු වෙලා . අපේ මැනේජර් එහෙට කෝල් කරලා කීවා, ටෙක්නිශියන් දැන් කොළඹින් පිටත් වෙනවා, ඔහෙට එනකොට පැය 5ක් විතර යාවි කියල. දොස්තර කිවා, එයාගේ නිල නිවාසෙට එන්න කියන්න, එයත් එක්ක ඇවිත් මැෂින් එක හදවන්නම් කියල. දැන් ඉතින් වැඩේ සෙට්. ඔන්න ඉතින් අපි දෙන්න යන්න පිටත් උනා.
    මට තමයි වාහනේ එලවන්න උනේ ඉතින්. ඒ වෙද්දී සමන්තට එලවන්න පුළුවන් උනාට ලයිසන් තිබුනේ නෑ මට මතක විදිහට. අපි නුවරට යද්දී 6.30 වගේ වෙන්න ඇති. අපි ඉතින් නුවර ගියොත් නවතින්නේ Y .M .B ඒකෙ තමයි. මොකද ඒකෙ තමයි කාමර ගණන් අඩුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ආපහු එනකොට රෑ 12 වගේ වෙන හින්ද අපි යනගමන්ම කාමරයක් වෙන් කරලා සල්ලි ගෙව්වා . අපිව නිතර එන හින්ද කීය උනත් අවුලක් නැ ගේට්ටුව අරිනවා අපිට. ඔන්න ඉතින් අපි 8 විතර වෙද්දී ගියා අදාල තැනට. ගිහින් දොස්තර (ලස්සන නෝනා කෙනෙක් හරිද) එක්ක ඇවිත් මැෂින් එක ගොඩ දැම්ම. සමන්තයත් ඉතින් ඕනෑම වැඩකට ලාම්පුව අල්ලන්න කියපු බඩුව. ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව. හදල ඉවර වෙලා එන්න ලෑස්තිවෙනකොට අර කරුණාවන්ත ලස්සන තරුණ දොස්තර නෝනා කොහෙද නවතින්නේ කියල හෙම විස්තර අහල වොෂ් එකක් දානවනම් එයාගේ නිල නිවසේ බාත්රූම් එකෙන් දාන්න කිව. අපිට ඉතින් දෙය්යෝ බැලුව වගේ අපි දෙන්නම ගොඩක් වෙහෙසෙන් හිටියේ. අපි දෙන්නම රට වටේම යන නිසා අපේ ඇඳුම් බෑග් දෙක කොයි වෙලාවෙත් අපේ වාහනේ තියෙනවා.
    ඔන්න ඉතින් අපි දෙන්නම දෙය්යනේ කියල වොෂ් එකක් දාල සරොන් දෙකටම බැහැල ආතෙල් පහට දුමකුත් දාගෙන දැන් එනවා නුවර බලා . අපි ගියේ සමන්ත සේල්ස් ගිහින් ආපු van එකේ . ඒක ටොයෝටා ලයිට් ඒස් වාහනයක්. හැමදාම සේල්ස් යන වාහනේ හින්ද මුන් කවදාවත් බඩු බාන්නේ නැ. ඉතින් දැන් අපේ ඇඳුම් බැග්, සල්ලි ඔක්කොම වාහනේ පිටිපස්සේ සීට් එක උඩ. දැන් ඉතින් අපි දෙන්න එනවා 18 වංගුව පැත්තේ ඉඳන් නුවර එන්න. මම බොහොම හෙමින් ඩ්‍රයිව් කරේ . දන්නා අය දන්නවා මේ පාර පට්ට පාලුයි . අපි දෙන්නට හොඳටෝම බඩගිනිය්. ගොඩක් රැ වෙලා හින්ද කඩවල් වහලා. ඔන්න ඉතින් හෙමින් හෙමින් එනකොට එක කඩයක් වහගෙන යනවා. අපි නවත්තල ඇහුව කන්න දෙයක් තියෙනවද කියල. මුදලාලි වයසක මනුස්සයෙක්. වඩේ වගයක්නම් තියෙනවා එත් බොන්න තේ නම් නැහැ ලිප නිවලලු. අපි ඉතින් දෙය්යෝ දුන්න වඩේ ටිකත් කන ගමන් දුමකුත් දාගෙන හෙමින් හෙමින් එනවා . කොහොමහරි දැන් වෙලාව රැ 12 පහු . තෙල්දෙණියට 10 km වගේ තියෙද්දී පට්ට පාලුයි .එක පැත්තකින් වික්ටෝරියා dam එක අනික් පැත්තෙන් පට්ට වනන්තරේ
    .
    මේක කියවන ඔයාල විස්වාස කරයිද මන්ද මේක. දැනුත් මේක ලියන මොහොතේත් මේක මතක් වෙනකොට මට ඒ සිදුවීම මැවිලා පේනවා වගේ. එක පාරටම dam එක පැත්තෙන් පාරට ගොඩ උනා ලස්සන කෙල්ලෙක්. පාරට ආපු ගමන්ම කෙල්ල ආවා පාර මැද්දට. ඇවිත් වාහනේට අත දැම්ම. කෙල්ල දැන් හරියටම පාර මැද්දේ. ඉස්සරහට ගියොත් හැප්පෙනවා. ලස්සන කෙල්ලෙක් . ඔලුවෙන් ඇග පුරහම ලේ බේරෙනවා. මෙයා පාරට අවේ මට මීටර් 20 ක් 30 ක් ඉස්සරහින්. තත්පර කීපයයි මම වාහනේ නැවැත්තුවේ නැත්තම් කෙල්ල වදිනවා මගේ වාහනේ . මම ක්ෂණිකව නවත්තගත්තා හෙමින් අපු හින්ද. නවත්තපු ගමන් මේ කෙල්ල ආවා සමන්තගේ දොර ගාවට . ඇවිත් කීවා එයාට මස්සිනා ගැහුවා කන්දකින් පහලට තල්ලු කරා, එයාව තෙල්දෙණියේ පොලිසියට දාන්න කියලා . මම කීවා පිටිපස්සෙන් නගින්න කියලා. ඒත් ඒ එක්කම මට මතක් උනා අපේ සල්ලි ඇඳුම් සීට් එක උඩ නේද කියල. ඒ හින්ද මම කීවා නෑ ඉස්සරහින් නගින්න කියලා . මට නිකමට හිතුන අපිව සුද්ද කරන්න හදනවද දන්නේ නැ කියලා මේ වනන්තරේ මැද්දේ. සමන්ත දොර ඇරිය ගමන් කෙල්ල නැගල වාඩි උනා සමන්තගේ සීට් එකේම අයිනෙන්.
    මේ කියන වාහන මොඩ්ල් එකේ ඉස්සරහ තියෙන්නේ සීට් දෙක විතරයි. මැද්දේ සීට් එකක් නැහැ. කෙල්ල පෙනුමේ හැටියට අඩුම තරමේ කිලෝ 50 ක් වත් බර ඇති. සාමාන්යෙන් ඩ්‍රයිව් කරන කෙනාට තේරෙනවා පොඩි වාහනේක ඉස්සරහ සීට් එකේ දෙන්නෙක් නැග්ගම ඒ පැත්ත බර වැඩි ගතිය. ඒත් මම වාහනේ අදිනකොටම තේරුණා මොකක් නමුත් අමුත්තක්. ඒ එක්කම මට නිකම් බයක් වගේ දෙයක් දැනුන. මෙච්චර දුරක් 40 ට වගේ අපු මම ඩ්‍රයිව් කරන්න ගත්ත 100 පන්නල. විනාඩි 5 ක් වගේ එද්දී මේ කෙල්ල කීවා අයියේ මෙතන ඉඩ මදියි මම බිමින් වාඩිවෙන්නම් කියල. ඒ කෙල්ල සමන්තගේ කකුල් දෙක ගාව බිම වාඩි උනා. ටොයෝටා ලයිට් එස් එකේ ඉස්සරහ සීට් එක ගාව බිම වැඩුන මනුස්සයෙකුට වාඩිවෙලා යන්න තරම් ලෙග් ස්පේස් නැහැ. ඒත් මේ කෙල්ල මෙතන වාඩි උනා. සමන්ත එක්ක විස්තර කතා කරා එයාගේ. ඒත් ඒ කිසිම දෙයක් මගේ කනට වැටුනේ නැහැ. මොකද මම හිටියේ ගොඩක් බයවෙලා. මම මාරාන්තික වංගු සියල්ලම 120 ට විතර ආවා . තෙල්දෙණියේ පොලිසිය ලන්වෙනකොට මම කීවා අක්කේ මම ඔයාව තෙල්දෙණියේ පොලිසිය පහුකරලා බස්සන්නම් කියලා. මොකද මේ පරිප්පු නැව අපිට බාන්න උනොත් කියන බයත් මට දැනුන. හරියටම පොලිසිය ඉස්සරහින් රාළහාමි කෙනෙකුත් වාහනේට අත දැම්ම ගෙදර යන්න වෙන්න ඕන. මම එයාට නැවත්තුවෙත් නැහැ. පොලිසිය පහුකරලා මීටර් 100 ක් වගේ ගිහින් මම නැවැත්තුව. මෙයාට බහින්නනම් සමන්ත බහින්න ඕන. ඒත් සමන්ත දොර ඇරපු ගමන් කෙල්ල බැස්ස, මල්ලිලට බුදු සරණයි කියලා පාවෙලා වගේ පොලිසිය පැත්තට ගියා. මම side mirror එකෙන් බැලුව, කව්රුත් නෑ.
    මම ආයේ ගමන පටන් ගත්ත. අයෙත් 100 පැනල යනවා. සමන්තය මට අම්ම මෝ නැතුව බනිනවා කෙල්ල නැගපු වෙලාවේ හිටන් හය්යෙන් ආවා කියලා. මම එක වචනයක්වත් කතා කරේ නෑ. නුවර ලං වෙනකොට තියෙනවා ඔරලෝසු කණුවක් එක්ක junction එකක්. එක පැත්තක් නුවර. අනෙක් පැත්ත මහියංගනය. අනික් පැත්ත හඟුරන්කෙත . එතන තිබුන ඒ කලේ චෙක් පොයින්ට් එකක් අනිවාර්යෙන් නවත්තන්න ඕන. මම උන්නේ කල්පනාවෙන් නෙවෙයි. තව පොඩ්ඩෙන් එතන නවත්තන්නේ නැතුව ඇවිත් වෙඩි කනවා. කොහොම හරි YMB එකට ඇවිත් මම නොකර කතා සමන්තට වාහනේ යතුර දීල උඹ කන්න ඕනෙනම් ගිහින් කාල වරෙන් මම නිදාගන්නවා කියලා නිදාගත්තා. සමන්තත් මට අම්ම මෝ නැතුව සිංහල කියව කියව නිදාගත්තා. කිසිම කතාවක් නැතුව මට උදේ 7 වෙනකම් නින්ද ගියා.
    උදේ මට ඇහැරුනා ගමන් එහා ඇඳේ නිදාගෙන ඉන්න සමන්තට ඇන්න පයින්, සමන්ත ඇහැරවල ඇහුව ඊයේ අපි එක්ක අවේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියලා. උදේ පාන්දරම සමන්තයගේ ඇස් දෙක පැන්න එලියට . කට ඇරගෙන බලන් ඉන්නවා බයවෙලා. අපි මුණ නොහෝදම ගියා තෙල්දෙණියේ පොලිසියට. ගිහින් කිව්වා රිසව් එකේ උන්නු රාළහාමිගෙන් ඊයේ රැ මෙහෙම දෙයක් උනා මොකක්හරි පැමිණිල්ලක් දාලද කියලා. එයා පැමිණිලි පොත බලල කීවා එහෙම දෙයක් නෑ කියලා. ලේ බේරී බේරී වාහනේට නැගල බිම වැඩිවෙලා ආවට එක ලේ බිඳක්වත් වාහනේවත් සමන්තගේ ඇඳුමකවත් තිබුනේ නැ.
    එයින් පස්සේ අපි දෙන්නම හවස 6 න් පස්සේ නුවර මහියංගන පරේනම් ගමන් කරේ නැත. එයින් පසු කවදාකවත් බිම් කරුවල වැටුනාම පාරෙ අත දැම්ම කිසිම මනුස්සයෙකුට මම වහනේනම් නවත්තන්නේ නැත. එදා බය උනා බයවිල්ල අදත් පපුවට දැනෙනවා.
    පස්සේ කලෙක මට ආරංචි උනා ඒ හරියේ එහෙම දෙයක් තියෙනවා කියලා. මේක කියවන නුවර පැත්තේ ඉන්න යාලුවන්ගෙන් මම දැනගන්න කැමතියි මේ පාරේ මෙහෙම දෙයක් ආයේ ආයේ සිද්දවෙනවද කියලා.
    (උපුටා ගැනීම

    Source :- FB

    meka wena kenek dapu parana kathawak eke video eka meka
    kandy 18 bend road video
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේකෙ කතාවක් තිබ්බ ගේ ඇතුලෙදි නිල් පාට කොට මිනිහෙක් දැකපු සීන් එකෙක් ඒකට නම් සිරාවටම බය හිතුන.ආයෙත් ඒ කතාව කියවන්න කියල හෙව්වට හොයා ගන්න බැරි උනා