Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොබොට් අයියගේ අදහස් දැක්වීමට පින් දෙන ගමන් ඕන් එහෙනම් තවත් දැනගත්ත අත්දැකීමක් කොටලා දාන්නයි මේ හදන්නේ.

මේ සිද්ධිය මට කිව්වේ මගේ අම්මා. මම කලිනුත් කිව්වා වගේ මේ භූත කොටුව නිසා මේ දේවල් ගැන හොයල බලන්න මට ආසාවක් ඇති උනා. ඒ හින්ද දන්නා කියන හැම කෙනෙක් එක්කම මේ ගැන පුළුවන් විදියට කතා කරලා බැලුව. එහෙම කතා කරද්දී මගේ ආදරණිය අම්මා මට කිව්වා මගේ අම්මාගේ අත්දැකීමක්. මගේ අම්මාගේ ගම මාතර.

මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු හතළිහක් විතර ඇති. අපේ ගමේ මහ ගෙදර ලඟම ඉන්නවා අපේ තවත් නෑදෑ පිරිසක්. නෑදෑකමේ හැටියට මම මේ කියන්න යන කතාවේ කතා නායකයා මට වෙන්නේ සීයා කෙනෙක්. මේකයි සිද්ධිය.

මේ සීයා ඉතාමත් හොඳ කෙනෙක්. හැම කෙනෙක්ටම උදව් කරගෙන ඉඳල තියෙනවා. මහ ලොකු සල්ලිකාරයෝ නොවුනත් ඒ කාලේ මිනිස්සු පුළුවන් විදියට අනිත් මිනිස්සුන්ට උදව්කරන් ඉන්න අයනේ. කොහොම හරි මේ සීයලාගේ ගෙදර තිබ්බ ඉඩම ඒ සීයටත් ඒ සීයාගේ සහෝදරියටත් බෙදල දීලයි තිබිල තියෙන්නේ. ඒ කියන්නේ ඉඩමේ තිබ්බ ගෙදරත් දෙකට මැදින් බෙදල තමයි දීල තියෙන්නේ. කොහොම හරි ටික කාලයක් ගත වෙද්දී මේ සීයාට කතා කරගන්න බැරුව ගිහිල්ල තියෙනවා. ඒ කියන්නේ ඒ සීයා කොච්චර කතා කරන්න උත්සහ කලත් වචන පිට වෙන්නේ නැතුව ගිහිල්ල. ගමේ හැම කෙනෙක්ම මේ ගැන දුක් වෙන අතරේ හැමෝම හිතල තියෙන්නේ ක්ෂය රෝගය නිසා මෙහෙම වෙන්න ඇති කියලයි. ඉතින් මේ සීයාව තංගල්ල පැත්තේ තිබ්බ හොස්පිටල් එකකටත් එක්කන් ගිහින් මාස හයක් නතර කරලා බෙහෙත් කරල තියෙනවා. කිසිම ගුණයක් නම් වෙලා නෑ. එන්න එන්නම තත්වය දරුණු අතට හැරුනලු. කොහොම හරි සෑහෙන්න බෙහෙත් බොන්න උන හින්ද සීයා ජිවිතේ එපා වෙලා ඉඳල තියෙන්නේ. කොහොම හරි මේ කිසිම බෙහෙතකින් ගුණයක් නොලැබෙන හින්ද අන්තිමට සීයා ගෙදර ගෙනල්ල.

මෙහෙම කාලයක් ගෙවිල ගිහිල්ල තියෙනවා. කොහොම හරි දවසක් මේ ගෙදර කෙනෙක්ට හමු වෙලා තියෙනවා ගමේ ඉන්න කට්ටඩි උන්නහෙව. ඒ කට්ටඩි උන්නැහේගේ නම පියවත්ත කියල තමයි දැනගන්න ලැබුනේ. අදටත් මාතර සමහර අය මේ කට්ටඩි උන්නැහේ ගැන අහල ඇති. දැන් නම් ඉන්නවද කියල නම් දන්නේ නෑ. කොහොම හරි මේ කට්ටඩි උන්නැහේ සීයාගේ ලෙඩේ තත්වේ ගැන අහල, කියල තියෙනවා වහාම අද අපේ ගෙවල් පැත්තට වරෙන් කියල. එහෙම එන්න කියල තියෙන්නේ හොඳ වැඩ දන්නා මලයාලි ගුරුකම් කරන කෙනෙක් ඒ වෙලාවේ එහෙට ඇවිත් ඉන්නවා කියලයි. කොහොම හරි එවෙලේම මේ සීයාවත් එක්කගෙන කට්ටිය ගිහින් තියෙනවා පියවත්ත කට්ටඩි මහත්මයාගේ ගෙදරට. ගුරුකම් කරන කෙනා කිව්වලු මේක හොඳ කරන්න පුළුවන් දෙයක් කියල.

කොහොම හරි එවෙලේම කියල තියෙනවා දැන්මම වැඩේ කරමු කියල. ඒ කලේ අද කලේ වගේ සල්ලි වලට නෙමෙයිනේ මුල් තැන දීල තියෙන්නේ. සාස්තරේ දැනගෙන හිටපු හොඳ අය ඒ සාස්තරේ බාවිතා කරලා තියෙන්නේ අනිත් අයට හොඳක් කරන්නයි. කොහොම හරි වැඩේ ගැන ආරංචි වෙලා මුළු ගමේම අය වත්ත වටේට රැස් වෙලා බලන් හිටියලු. දැන් මේ මලයාලි ගුරුකම් දන්න කට්ටඩි මහත්තය ගෙදර වත්තට ඇතුළු වෙන තැන ඉඳල මන්තර කියන්න පටන් ගත්තලු. ටිකකින් බිම පෙරලෙන්න පටන් ගත්තලු මන්තර කියන ගමන්ම. ඒ විදියට බිම පෙරලි පෙරලි මන්තර කියන ගමන් බිත්තර කඩ කඩ කට වටේ ගාන ගමන් පෙරලි පෙරලි ඉස්සරහට යනවලු. ඒ වත්ත ටිකක් බැවුම් සහිත වත්තක්. කොහොමහරි මේ කටුක පොළොවේ බිම දිගේ පෙරලි පෙරලි ඉස්සරහට යන ගමන් වත්තේ කෙළවරක තිබුන ටොයිලට් එක ගාව එක පාරටම නැවතිලා. ඊට පස්සේ එක පාරටම කිව්වලු මෙතන හාරපල්ලා කියල. වටේ හිටපු කට්ටියත් දනි පනී ගාල හාරන්න පටන් ගෙන. මෙන්න හාරගෙන යද්දී මතු උනාලු, අබ ඇටයක්. මේ අබ ඇටය කලින් දෙකට පළල දැන් අලවල තියෙන විදියටලු තිබ්බේ. ඒ අබ ඇටය අතට ගත්ත කට්ටඩි උන්නැහේ අර එකට අලවල තිබ්බ අබ ඇටය දෙපැත්තට කරලා තියෙනවා. එකේ ඇතුලේ තිබිල තියෙනවා යන්තරයක් වගේ දෙයක්. එක ගැට ගහල තියෙනවා නුලකින් වගේ දෙයකින්. ඒ පාර ඒ කෙනා ඇහුවලු මේක කපන්නද කියල. වට වෙලා හිටපු අය කියල තියෙනවා කපන්න කියල. පුදුමේ කියන්නේ එක කපල දැම්ම ගමන් අර අසරණ සීයා කතා කරන්න පටන් ගෙන. වැඩ ටික ඉවර උනාට පස්සේ කට්ටඩි උන්නැහේ කියල තියෙනවා මේ කරලා තිබිල තියෙන්නේ දිව ගොළු බන්ධනය කියන බලගතු බන්ධනය කියල. කොහොම හරි මේ දේ කරපු අය ඒ දේ කරලා ගෙනල්ල වළලලා තියෙන්නේ අර ටොයිලට් එකට යන තැනයි. මේක ඉස්සෙල්ලම පෑගිලා තියෙන්නේ මේ සීයටයි. එහෙම නැතුව ඒ ගෙදර වෙන කෙනෙක්ට පෑගුන නම් ඒ කෙනා තමයි මේ විදියට ගොළු වෙන්නේ කියලත් කියල තියෙනවා.

දැන් කාටත් ප්රශ්නේ වෙලා තියෙන්නේ කව්ද මේ වගේ නොහොබිනා වැඩක් කලේ කියන එකයි. ඒකට උත්තරය වැඩි වෙලාවක් යන්න කලින් එතන හිටපු කට්ටියටම දැන ගන්න ලැබිල තියෙනව. මම කලිනුත් කිව්වානේ මේ වත්තේ හිටියේ ඒ සියත් එයාගේ සහෝදරියත් කියල. අර බන්ධනය කපන වෙලාවේම ඒ සහෝදරියගේ පුතා පොල් ගහක් උඩින් බිමට වැටිලා තියෙනවා. එහෙම වැටිලා එක්තැන් උන ඒ කෙනා කාලයක් දුක් විඳලා මැරිලා ගිහින් තියෙනවා. ඒ වගේම සීයාගේ සහෝදරියත් ටික කාලෙකට පස්සේ කිසිම හේතුවක් නැතුව මැරිලා ගිහින්. මෙහෙම දෙයක් කරන්න හේතුව වෙලා තියෙන්නේ ඒ අයගේ ඉඩම් වල තිබුන පොල් ගස් බෙදාගන්න බැරුවයි. අදටත් ඒ සහෝදරිය හිටපු ගෙදර පාලුවට ගිහිල්ල ගස් වැවිල එහෙම තියෙනවා දකින්න පුළුවන්.

කතාව නම් ඉවරයි. ලියල තියෙන විදිය ඉන්ටරෙස්ටින් නැත්නම් තරහ වෙන්න එපා. කලබලෙන් කෙටුවේ භූත කොටුවට කතා අඩු මේ කාලේ කතාවක් දල සහයෝගයක් දෙන්න ඕන නිසාමයි.

අන්තිමට හැමෝටම කියන්න ඕන කාටවත්, අඩු තරමේ තමන්ගේ හතුරෙකුටවත් මේ වගේ පව් කාර වැඩ නම් කරන්න එපා.

ඒ වගේම මම කිව්වනේ මේ ගැන කීපදෙනෙක් එක්ක කතා කරලා දැනගත්ත කරුණු රැසක් තියෙනවා කියල. ඒ දේවලුත් ඉඩ ලැබෙන විදියට ඉදිරිපත් කරන්නම්. මේ ගැන හොයාගෙන යද්දී විශ්වාස කිරීමට පවා අපහසු චායා රුපයක් එහෙමත් දකින්නට ලැබුන. මට විස්තර ලබාදුන්න පුද්ගලයාගේ අවසරය ලැබුනොත් ඉදිරියට ඒ චායා රූපයත් ඔයාලා හැමකෙනෙකුටම බලන්න දාන්න උත්සහ කරන්නම්.

සැමට ජය!!

[QUOTE="TruthIsOutThere, post: 12176609, member: 390138"] [SIZE="4"]රොබොට් අයියගේ අදහස් දැක්වීමට පින් දෙන ගමන් ඕන් එහෙනම් තවත් දැනගත්ත අත්දැකීමක් කොටලා දාන්නයි මේ හදන්නේ. මේ සිද්ධිය මට කිව්වේ මගේ අම්මා. මම කලිනුත් කිව්වා වගේ මේ භූත කොටුව නිසා මේ දේවල් ගැන හොයල බලන්න මට ආසාවක් ඇති උනා. ඒ හින්ද දන්නා කියන හැම කෙනෙක් එක්කම මේ ගැන පුළුවන් විදියට කතා කරලා බැලුව. එහෙම කතා කරද්දී මගේ ආදරණිය අම්මා මට කිව්වා මගේ අම්මාගේ අත්දැකීමක්. මගේ අම්මාගේ ගම මාතර. මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු හතළිහක් විතර ඇති. අපේ ගමේ මහ ගෙදර ලඟම ඉන්නවා අපේ තවත් නෑදෑ පිරිසක්. නෑදෑකමේ හැටියට මම මේ කියන්න යන කතාවේ කතා නායකයා මට වෙන්නේ සීයා කෙනෙක්. මේකයි සිද්ධිය. මේ සීයා ඉතාමත් හොඳ කෙනෙක්. හැම කෙනෙක්ටම උදව් කරගෙන ඉඳල තියෙනවා. මහ ලොකු සල්ලිකාරයෝ නොවුනත් ඒ කාලේ මිනිස්සු පුළුවන් විදියට අනිත් මිනිස්සුන්ට උදව්කරන් ඉන්න අයනේ. කොහොම හරි මේ සීයලාගේ ගෙදර තිබ්බ ඉඩම ඒ සීයටත් ඒ සීයාගේ සහෝදරියටත් බෙදල දීලයි තිබිල තියෙන්නේ. ඒ කියන්නේ ඉඩමේ තිබ්බ ගෙදරත් දෙකට මැදින් බෙදල තමයි දීල තියෙන්නේ. කොහොම හරි ටික කාලයක් ගත වෙද්දී මේ සීයාට කතා කරගන්න බැරුව ගිහිල්ල තියෙනවා. ඒ කියන්නේ ඒ සීයා කොච්චර කතා කරන්න උත්සහ කලත් වචන පිට වෙන්නේ නැතුව ගිහිල්ල. ගමේ හැම කෙනෙක්ම මේ ගැන දුක් වෙන අතරේ හැමෝම හිතල තියෙන්නේ ක්ෂය රෝගය නිසා මෙහෙම වෙන්න ඇති කියලයි. ඉතින් මේ සීයාව තංගල්ල පැත්තේ තිබ්බ හොස්පිටල් එකකටත් එක්කන් ගිහින් මාස හයක් නතර කරලා බෙහෙත් කරල තියෙනවා. කිසිම ගුණයක් නම් වෙලා නෑ. එන්න එන්නම තත්වය දරුණු අතට හැරුනලු. කොහොම හරි සෑහෙන්න බෙහෙත් බොන්න උන හින්ද සීයා ජිවිතේ එපා වෙලා ඉඳල තියෙන්නේ. කොහොම හරි මේ කිසිම බෙහෙතකින් ගුණයක් නොලැබෙන හින්ද අන්තිමට සීයා ගෙදර ගෙනල්ල. මෙහෙම කාලයක් ගෙවිල ගිහිල්ල තියෙනවා. කොහොම හරි දවසක් මේ ගෙදර කෙනෙක්ට හමු වෙලා තියෙනවා ගමේ ඉන්න කට්ටඩි උන්නහෙව. ඒ කට්ටඩි උන්නැහේගේ නම පියවත්ත කියල තමයි දැනගන්න ලැබුනේ. අදටත් මාතර සමහර අය මේ කට්ටඩි උන්නැහේ ගැන අහල ඇති. දැන් නම් ඉන්නවද කියල නම් දන්නේ නෑ. කොහොම හරි මේ කට්ටඩි උන්නැහේ සීයාගේ ලෙඩේ තත්වේ ගැන අහල, කියල තියෙනවා වහාම අද අපේ ගෙවල් පැත්තට වරෙන් කියල. එහෙම එන්න කියල තියෙන්නේ හොඳ වැඩ දන්නා මලයාලි ගුරුකම් කරන කෙනෙක් ඒ වෙලාවේ එහෙට ඇවිත් ඉන්නවා කියලයි. කොහොම හරි එවෙලේම මේ සීයාවත් එක්කගෙන කට්ටිය ගිහින් තියෙනවා පියවත්ත කට්ටඩි මහත්මයාගේ ගෙදරට. ගුරුකම් කරන කෙනා කිව්වලු මේක හොඳ කරන්න පුළුවන් දෙයක් කියල. කොහොම හරි එවෙලේම කියල තියෙනවා දැන්මම වැඩේ කරමු කියල. ඒ කලේ අද කලේ වගේ සල්ලි වලට නෙමෙයිනේ මුල් තැන දීල තියෙන්නේ. සාස්තරේ දැනගෙන හිටපු හොඳ අය ඒ සාස්තරේ බාවිතා කරලා තියෙන්නේ අනිත් අයට හොඳක් කරන්නයි. කොහොම හරි වැඩේ ගැන ආරංචි වෙලා මුළු ගමේම අය වත්ත වටේට රැස් වෙලා බලන් හිටියලු. දැන් මේ මලයාලි ගුරුකම් දන්න කට්ටඩි මහත්තය ගෙදර වත්තට ඇතුළු වෙන තැන ඉඳල මන්තර කියන්න පටන් ගත්තලු. ටිකකින් බිම පෙරලෙන්න පටන් ගත්තලු මන්තර කියන ගමන්ම. ඒ විදියට බිම පෙරලි පෙරලි මන්තර කියන ගමන් බිත්තර කඩ කඩ කට වටේ ගාන ගමන් පෙරලි පෙරලි ඉස්සරහට යනවලු. ඒ වත්ත ටිකක් බැවුම් සහිත වත්තක්. කොහොමහරි මේ කටුක පොළොවේ බිම දිගේ පෙරලි පෙරලි ඉස්සරහට යන ගමන් වත්තේ කෙළවරක තිබුන ටොයිලට් එක ගාව එක පාරටම නැවතිලා. ඊට පස්සේ එක පාරටම කිව්වලු මෙතන හාරපල්ලා කියල. වටේ හිටපු කට්ටියත් දනි පනී ගාල හාරන්න පටන් ගෙන. මෙන්න හාරගෙන යද්දී මතු උනාලු, අබ ඇටයක්. මේ අබ ඇටය කලින් දෙකට පළල දැන් අලවල තියෙන විදියටලු තිබ්බේ. ඒ අබ ඇටය අතට ගත්ත කට්ටඩි උන්නැහේ අර එකට අලවල තිබ්බ අබ ඇටය දෙපැත්තට කරලා තියෙනවා. එකේ ඇතුලේ තිබිල තියෙනවා යන්තරයක් වගේ දෙයක්. එක ගැට ගහල තියෙනවා නුලකින් වගේ දෙයකින්. ඒ පාර ඒ කෙනා ඇහුවලු මේක කපන්නද කියල. වට වෙලා හිටපු අය කියල තියෙනවා කපන්න කියල. පුදුමේ කියන්නේ එක කපල දැම්ම ගමන් අර අසරණ සීයා කතා කරන්න පටන් ගෙන. වැඩ ටික ඉවර උනාට පස්සේ කට්ටඩි උන්නැහේ කියල තියෙනවා මේ කරලා තිබිල තියෙන්නේ දිව ගොළු බන්ධනය කියන බලගතු බන්ධනය කියල. කොහොම හරි මේ දේ කරපු අය ඒ දේ කරලා ගෙනල්ල වළලලා තියෙන්නේ අර ටොයිලට් එකට යන තැනයි. මේක ඉස්සෙල්ලම පෑගිලා තියෙන්නේ මේ සීයටයි. එහෙම නැතුව ඒ ගෙදර වෙන කෙනෙක්ට පෑගුන නම් ඒ කෙනා තමයි මේ විදියට ගොළු වෙන්නේ කියලත් කියල තියෙනවා. දැන් කාටත් ප්රශ්නේ වෙලා තියෙන්නේ කව්ද මේ වගේ නොහොබිනා වැඩක් කලේ කියන එකයි. ඒකට උත්තරය වැඩි වෙලාවක් යන්න කලින් එතන හිටපු කට්ටියටම දැන ගන්න ලැබිල තියෙනව. මම කලිනුත් කිව්වානේ මේ වත්තේ හිටියේ ඒ සියත් එයාගේ සහෝදරියත් කියල. අර බන්ධනය කපන වෙලාවේම ඒ සහෝදරියගේ පුතා පොල් ගහක් උඩින් බිමට වැටිලා තියෙනවා. එහෙම වැටිලා එක්තැන් උන ඒ කෙනා කාලයක් දුක් විඳලා මැරිලා ගිහින් තියෙනවා. ඒ වගේම සීයාගේ සහෝදරියත් ටික කාලෙකට පස්සේ කිසිම හේතුවක් නැතුව මැරිලා ගිහින්. මෙහෙම දෙයක් කරන්න හේතුව වෙලා තියෙන්නේ ඒ අයගේ ඉඩම් වල තිබුන පොල් ගස් බෙදාගන්න බැරුවයි. අදටත් ඒ සහෝදරිය හිටපු ගෙදර පාලුවට ගිහිල්ල ගස් වැවිල එහෙම තියෙනවා දකින්න පුළුවන්. කතාව නම් ඉවරයි. ලියල තියෙන විදිය ඉන්ටරෙස්ටින් නැත්නම් තරහ වෙන්න එපා. කලබලෙන් කෙටුවේ භූත කොටුවට කතා අඩු මේ කාලේ කතාවක් දල සහයෝගයක් දෙන්න ඕන නිසාමයි. අන්තිමට හැමෝටම කියන්න ඕන කාටවත්, අඩු තරමේ තමන්ගේ හතුරෙකුටවත් මේ වගේ පව් කාර වැඩ නම් කරන්න එපා. ඒ වගේම මම කිව්වනේ මේ ගැන කීපදෙනෙක් එක්ක කතා කරලා දැනගත්ත කරුණු රැසක් තියෙනවා කියල. ඒ දේවලුත් ඉඩ ලැබෙන විදියට ඉදිරිපත් කරන්නම්. මේ ගැන හොයාගෙන යද්දී විශ්වාස කිරීමට පවා අපහසු චායා රුපයක් එහෙමත් දකින්නට ලැබුන. මට විස්තර ලබාදුන්න පුද්ගලයාගේ අවසරය ලැබුනොත් ඉදිරියට ඒ චායා රූපයත් ඔයාලා හැමකෙනෙකුටම බලන්න දාන්න උත්සහ කරන්නම්. සැමට ජය!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom