Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ නම ජිනපාල,

මෙම සිදුවීම සිදුවන විට මා සේවය කලේ ඉදිකිරීම් සමාගමක ටිපර් රථ රියදුරෙක් ලෙසය. මා සේවය කල ටිපර් රථයද මාගේ මිතුරෙකු විසින් එම සමාගමේ සේවයට යොදවා තිබූ එකකි.

ත්රීකුණාමලය ප්රදේශයේ මාස ගනනක් තිස්සේ ඉදි කෙරෙමින් පැවති එම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු නියමිත කාලයටත් පෙර අවසන් වීම එහි සේවකයන් වූ අප සියලු දෙනාගේම සතුටට හේතු විය. අපගේ කළමණාකාර වරයා විසින් අපහට නියමිත වැටුප් ලබා දී දින 10ක නිවාඩු කාලයක්ද ලබා දුන්නේ ගම් රටවල් බලා ගොස් නැවත සේවයට පැමිණෙන ලෙස දන්වමිනි. සියල්ලෝම සතුට නිසා එදින සැන්දෑවේ මත්පැන් සාදයක් පැවත්වීමට තීරණය කලේ ගම්රටවල් බලා යාම පසුදාට කල් දමමිනි. මා හැර සියලුම දෙනා එයට සූදානම් වූ අතර මා සූදානම් වූයේ එදිනම ගමට පැමිණීමටය.

මාස ගනනකින් පුංචි පුතුගේ මුහුණ බලා ගැනීමට නොහැකි වූ නිසා ඉක්මනින්ම ගෙදර යාම මාගේ එකම අදහස විය.

සියල්ලන්ගෙන්ම සමු ගත් මා ටිපර් රථයත් රැගෙන එම ස්ථානයෙන් පිටත් වන විට රාත්රී 8:00පමණ විය.

ත්රීකුණාමලය ටවුමට පැමිණි මා රථයට අවශ්යය පමණට තෙල් ගසා එහි වූ රෑ කඩයකින් මස් කොත්තුවක් දමා ගෙන කෑවේ අධික කුස ගින්නක් දැනුණු නිසාමත් නොව ගමන් කිරීමට ඇති දුර අධික වීමත් අතර මග කඩ වල නතර නොකර යාමට ගත් තීරණයත් නිසාය. කෑමෙන් පසු රථයට ගොඩ වූ මා තරමක් වේගයෙන් රථය ධාවනය කලෙමි. කන්තලේ පසු කල මා හබරණ දෙසට පැමිණෙමින් සිටියෙමි.නාගරික ප්රදේශය අවසන් වූ නිසා තරමක පාලු ස්වභාවයක් මාර්ගය දෙපස පැවතුනි.ගෙවල් පැවතියේ ඉඳහිට තැනක පමණකි. මාර්ගය දෙපසම කැලෑව පැවති අතර මාර්ගයේ ගමන් කල වාහනයක් පවා හමු වූයේ ඉඳ හිටය. තනිකමත් ,පාලු ගතියත් නිසා වාහනයේ වේගය තවත් ටිකක් වැඩි කල මා රේඩියෝ යන්ත්රයද ක්රියාත්මක කර සිංදුවක් අසමින් පැමිණියෙමි.

එක් වරම වාහනයට මීටර් 50ක් පමණ දුරින් කලු පැහැති සත්වයෙක් පාරට පනිනු මා දුටුවේ එම අවස්ථාවේය. පාරට පැමිණි සතා පාර මැද නැවතී වාහනය දෙස බලා සිටින අතර ලයිට් එලියට උගේ ඇස් දිලිසෙමින් තිබුනි. මා තරමක් තදින් බ්රේක් කලේ එම සතා යටවීම වැලක්වීමටය. නමුත් වාහනයේ වේගය වැඩි නිසා ටයර් කෑ ගසමින් එය ඉදිරියටම ඇදී ගියේ මට කිසිවක් කර කියා ගත නොහැකි ලෙසය. ඉතාම ලං වන විට එම සතා වල් උරෙකු බව මට පෙනුනි. වාහනයේ සතා වැදුන අයුරැත් උ වාහනයට යට වන අයුරැත් මට ඉතා හොඳින් දැනුනි. කිසිම දිනක සතෙකුට වත් අනතුරක් මා අතින් සිදුව නොතිබුන අතර මෙය මට මහත් වේදනාවක් ගෙන දුන්නේය. වහාම නතරවූ වාහනයෙන් බැස ගත් මා සතා ට සිදුවූ දෙය බැලීමට පසු පසට දිව ගියෙමි. පුදුමයකි. එහි කිසිදු සතෙකු නොවීය. හොඳින් වට පිටාව බැලුවද මාර්ගයේ වාහනය ඇදී ආ ටයර් පාර මිස සතෙකුගේ ලකුණක් හෝ නොතිබුනි. වාහනයට යට වූ සතාට කැලයට පැන යාමටද නොහැකි බව හොඳින්ම දැනුණු මා මෙයින් තරමක් තිගැස්මට ලක් වූ අතර වහාම රථයට ගොඩ වී පෙරටත් වඩා වේගයෙන් එය පැදවූවෙමි.

මෙලෙස 5km පමණ පැමිණෙන විට මාර්ගයේ සිටි පුද්ගලයෙකු වාහනයට අත දමනු මා දුටුවෙමි. ඉතාම ලං වන විට ඔහු තරමක වයස අයෙකු බව පෙනුන අතර ඔහු අතේ යම් බෑගයක්ද ඇති බව පෙනුනි. තනිවම යනවාට වඩා කවුරැන් හෝ වාහනයේ සිටින්නේ නම් හොඳයයි මට සිතුනේ පෙර සිද්ධිය සිදුවූ මොහොතේමය. ඒ නිසා දෙපාරක් නොසිතා මා රථය නතර කලෙමි.වාහනය අසලට පැමිණි ඔහු "ඩ්රයිවර් මහත්තයා මට දඹුල්ලට යන්න පුළුවන් වෙයිද ?" කියා ඇසුවේය.

දඹුල්ලට තව බොහෝ දුර ඇති නිසාත් මා දඹුල්ල හරහා යන නිසාත් ඔහුව වාහනයට නංවා ගත්තේ කතා කරමින් හෝ යාමට ඇත්නම් හොඳයි සිතමිනි.

"අංකල් මේ රෑ වෙලා කොහේද යන්නේ?"යි මම ඇසුවේ ඔහුව කතාවට අල්ලා ගැනීමට මුල පුරමිනි.

"මං රස්සාවට කරන්නේ කොළඹ මේසන් වැඩ.හදිස්සියේ ගෙදර ඇවිත් වැඩට යන්න ආවේ. රෑ කොළඹ යන බස් එක අල්ලා ගන්ඩ බැරි උනා .ඉතිං ඒකයි පාරෙ යන වාහන වලට අත දැම්මේ. කවුරැවත් නැවත්තුවේ නෑනේ. දඹුල්ලට යා ගත්තොත් එතනින් කොළඹට යන බස් එකක් අල්ල ගන්න පුලුවන් වෙයි."ඔහු පිලිතුරැ දෙමින් පැවසීය.

එක් වරම වාහනය තුලට සීතල සුළං පහරක් ගලා ආවේය. එයින් මා හට මහත් අමුත්තක් දැනුණු අතර මා වහා වීදුරැව වසා ගත්තේ එයින් බේරෙනු පිණිසයි. නමුත් එය පිටතින් හමා එන්නක් නොව වාහනය ඇතුලතින් එන බවක් දැනුණු බැවින් මා අනෙක් පස හුන් තැනත්තා දෙස බැලුවෙමි. ඒ වන විටත් ඔහු තද නින්දකට වැටී ඇති ආකාරයක් පෙනෙන්නට විය.මමද ඔහුට බාධා නොකර පාඩුවේ වාහනය පදවන්නට වීමි. නමුත් එම සීතලත් සමග මහා අමුත්තක් මට දැනෙන්නට ගත්තේය. මාර්ගය දෙපසම වූයේ ගන කැලෑව පමණකි. කිසිදු වාහනයක් හෝ ගෙයක් දොරක් හෝ දක්නට නොමැත. ඇත්තේ මහ මූසල ස්වභාවයකින් පෙනෙන පාර පමණි.

මා හට කියා ගත නොහැකි නුහුරැ හැඟීමක් දැනුනි.වාහනයද අධික වෙගයෙන් ධාවනය වන බව දැණුනත් එය පාලනය කිරීමට හෝ මට හැඟීමක් නොමැති බව දැනේ. කොපමණ දුරක් එසේ ආවාදැයි මා නොදනිමි.

එක් වරම අනෙක් පස හුන් තැනත්තා අවධි වූ බව දැනුණු බැවින් මා එදෙස බැලුවෙමි.ඒ අවස්ථාවේ මා දුටු දසුන කිසිදා බලාපොරොත්තු නොවූ දෙයකි.මා අසල සිටියේ වාහනයට ගොඩ වූ පුද්ගලයා නොව සුදු පැහැති චායාවක් වැනි මිනිසෙකි.එලියට පැන්න දෑසත් මුහුණ පුරා තැවරී තිබූ ලේ පාරත් මා දුටුවේ අඩ අඳුරේමය.එය ඉතා බියකරැ ලෙස මා දෙසට යොමු වී තිබුනි.

ඇතිවූ බියටම මාහට කෑ ගැසුන අතර බ්රේක් එක වෙනුවට ඇක්සලේටරය තවත් තදින් පෑගුනි. එක් වරම මා වෙතට පැන්න ඔහු වාහනයේ සුක්කානම අල්ලා පාරෙන් පිටතට කර කැව්වේ මා හට සිතන්නට හෝ කාලයක් නොතබමිනි. මා ඔහුගේ අතට වේගයෙන් පහර දී නැවතත් පාරට හැරවීමට උත්සාහ කලද එය සෙලවීමටවත් නොහැකි ලෙස තද වී පැවතුනි .මට දැනුනේ ලොකු අයිස් කැටයකට ගැසුවා මෙන් දැඩි බවක් හා තද ශීතලකි. අධික වේගයත් ඇතිවූ කලබලයත් නිසා මාගේ පාලනයෙන් මිදුනු වාහනය වේගයෙන් පාරෙන් පිටත පැන ලඳු කැලෑවද කඩා ගෙන වනන්තරය තුලට ඇදී ගිය ආකාරයත් විශාල පිපිරැම් හඬක් සමඟ මාගේ දෑසම අන්ධකාරයක් තුල ගිලීයන අයුරැත් යාන්තමින් මට දැනුනි.

මා ඇස් හැර බලන විට මා වටා බොහෝ පිරිසක් වට වී සිටින අයුරැත්,මා ඇඳක් මත තබා තිබෙන අයුරැත් මට දැනුනි. හිස එසවීමට හැදුවත් දැඩි වේදනාවක් දැනුණු අතර දෑත් දෙපා බැන්ඩේජ් කර තිබෙන අයුරැත් දුටුවෙමි. පිරිස දෙපසට කරමින් මා ලඟට ආවේ මා නාඳුනන මැදිවියේ පුද්ගයෙකි.

"දැං කොහොමද ඔයාට..මොකද උනේ..?ඔහු මගෙන් ඇසුවේය.

ඉතා අපහසුතාවයක් දැනුනද පෙරදා සිදුවීම මගේ මතකයට ගලා ආවේ මෙවිටය.

මා ඔහුට එය පැවසූ අතර එය අසා සිටි ඔහු මට මෙසේ පිලිතුරැ දෙන්නට විය.

"ඔයා බේරිලා තියෙන්නේ පෙර පිනකට.ඔයාව ඉස්පිරිතාලෙ ගෙනාවෙ මං. මගේ පැල් කොටේ තියෙන්නේ ඔයා හැපිලා තිබුනු හරියට ටිකක් එහා.මං ඔය කැලේ සත්තුන්ට තුවක්කු බඳිනවා. එදා රෑ මට ඇහුනා තුවක්කුව පත්තු උන සද්දේ.ඒත් රෑට ඒ හරියේ අලි ඉන්න හින්දා මං තුවක්කු පත්තු උනාට රෑට ඇවිල්ලා බලන්නේ නෑ.මං උදේ පාන්දරම ආවා තුවක්කුව බැන්ද තැනට.

එතකොට මං දැක්කා කැලේ කඩාගෙන මොකක් හරි ලොකු දෙයක් ඇදගෙන ගියා වගේ පාරක්.මං හිතුවේ අලියෙකුටවත් වෙඩි වැදිලද කියලා කොයි එකටත් ටිකක් හෝදිස්සියෙන් යන කොට තමා කැලේ ඇතුලේ ලයිට් එලියක් දැක්කේ.තව ටිකක් ලඟට යන කොට තමා දැක්කේ ලොකු ලොරියක් මගේ තුවක්කුව තිබ්බ තැනත් යට කරගෙන ගිහිං ඉස්සරහ තිබ්බ මාර ගහේ වැදිලා තියෙනවා.මං ලඟට ගිහින් බලනකොට තමා ඔයා ඒකෙ ඇතුලේ හිර වෙලා ඉන්නවා දැක්කේ.ඒ ගමන් මං ගෙදර දුවලා ගමේ එවුන් අඬගහගෙන ඇවිත් ඔයාව එලියට අරන් ඉස්පිරිතාලෙ ගෙනාවේ. එතකොට ඔයාට සිහිය තිබුන. එක එක විකාර කියලා කෑ ගහ ගහ හිටියේ ඔයා. අපි පොලිසියටත් කිව්වා.ඉට පස්සේ පොලිසියෙන් ඇවිත් ලොරිය අරන් ගියා.ඔයා එදා දැකලා තියෙන්නේ ඇත්ත මනුස්සයෙක් නෙමේ. ඒ හොල්මනක්.ඒ මනුස්සයා දැනට අවුරැදු 3කට විතර කලින් ඔය හරියෙදි ලොරියක හැපිලා එතනම මලා. මිනිහා කොලඹ යන්න බස් එකක් එනකල් ඉන්නකොට තමා ලොරියට යට වෙලා තියෙන්නේ.ඉතිං එදා ඉඳන් හැම අවුරැද්දකම මිනිහා මැරැණු දවසට කාට හරි ලොරි කාරයෙකුට එයා පේනවා.ගොඩක් අය බය වෙලා තියෙනවා.වාහනේ නැවත්තුවොත් එයා කොහොම හරි ඒ වාහනේ හප්පනවා.ගිය අවුරැද්දෙත් මේ වගේම ලොරි යක් හප්පලා ඒ මනුස්සයා දවස් ගානක් ඉස්පිරිතාලෙ ඉඳලා මැරැණා.එයත් මැරෙන්න කලින් පොලිසියට කට උත්තර දීලා කියලා තියෙන්නෙත් ඔයා කියපු කතාවම තමා."යි ඔහු කතාව අවසන් කලේය.නැවතත් මගේ දෙනෙත් අන්ධකාරයක් තුල ගිලී යනවා මට දැනුනි.

-SHK

[QUOTE="IKL, post: 26576032, member: 567503"] [SIZE=6]මගෙ නම ජිනපාල, මෙම සිදුවීම සිදුවන විට මා සේවය කලේ ඉදිකිරීම් සමාගමක ටිපර් රථ රියදුරෙක් ලෙසය. මා සේවය කල ටිපර් රථයද මාගේ මිතුරෙකු විසින් එම සමාගමේ සේවයට යොදවා තිබූ එකකි. ත්රීකුණාමලය ප්රදේශයේ මාස ගනනක් තිස්සේ ඉදි කෙරෙමින් පැවති එම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු නියමිත කාලයටත් පෙර අවසන් වීම එහි සේවකයන් වූ අප සියලු දෙනාගේම සතුටට හේතු විය. අපගේ කළමණාකාර වරයා විසින් අපහට නියමිත වැටුප් ලබා දී දින 10ක නිවාඩු කාලයක්ද ලබා දුන්නේ ගම් රටවල් බලා ගොස් නැවත සේවයට පැමිණෙන ලෙස දන්වමිනි. සියල්ලෝම සතුට නිසා එදින සැන්දෑවේ මත්පැන් සාදයක් පැවත්වීමට තීරණය කලේ ගම්රටවල් බලා යාම පසුදාට කල් දමමිනි. මා හැර සියලුම දෙනා එයට සූදානම් වූ අතර මා සූදානම් වූයේ එදිනම ගමට පැමිණීමටය. මාස ගනනකින් පුංචි පුතුගේ මුහුණ බලා ගැනීමට නොහැකි වූ නිසා ඉක්මනින්ම ගෙදර යාම මාගේ එකම අදහස විය. සියල්ලන්ගෙන්ම සමු ගත් මා ටිපර් රථයත් රැගෙන එම ස්ථානයෙන් පිටත් වන විට රාත්රී 8:00පමණ විය. ත්රීකුණාමලය ටවුමට පැමිණි මා රථයට අවශ්යය පමණට තෙල් ගසා එහි වූ රෑ කඩයකින් මස් කොත්තුවක් දමා ගෙන කෑවේ අධික කුස ගින්නක් දැනුණු නිසාමත් නොව ගමන් කිරීමට ඇති දුර අධික වීමත් අතර මග කඩ වල නතර නොකර යාමට ගත් තීරණයත් නිසාය. කෑමෙන් පසු රථයට ගොඩ වූ මා තරමක් වේගයෙන් රථය ධාවනය කලෙමි. කන්තලේ පසු කල මා හබරණ දෙසට පැමිණෙමින් සිටියෙමි.නාගරික ප්රදේශය අවසන් වූ නිසා තරමක පාලු ස්වභාවයක් මාර්ගය දෙපස පැවතුනි.ගෙවල් පැවතියේ ඉඳහිට තැනක පමණකි. මාර්ගය දෙපසම කැලෑව පැවති අතර මාර්ගයේ ගමන් කල වාහනයක් පවා හමු වූයේ ඉඳ හිටය. තනිකමත් ,පාලු ගතියත් නිසා වාහනයේ වේගය තවත් ටිකක් වැඩි කල මා රේඩියෝ යන්ත්රයද ක්රියාත්මක කර සිංදුවක් අසමින් පැමිණියෙමි. එක් වරම වාහනයට මීටර් 50ක් පමණ දුරින් කලු පැහැති සත්වයෙක් පාරට පනිනු මා දුටුවේ එම අවස්ථාවේය. පාරට පැමිණි සතා පාර මැද නැවතී වාහනය දෙස බලා සිටින අතර ලයිට් එලියට උගේ ඇස් දිලිසෙමින් තිබුනි. මා තරමක් තදින් බ්රේක් කලේ එම සතා යටවීම වැලක්වීමටය. නමුත් වාහනයේ වේගය වැඩි නිසා ටයර් කෑ ගසමින් එය ඉදිරියටම ඇදී ගියේ මට කිසිවක් කර කියා ගත නොහැකි ලෙසය. ඉතාම ලං වන විට එම සතා වල් උරෙකු බව මට පෙනුනි. වාහනයේ සතා වැදුන අයුරැත් උ වාහනයට යට වන අයුරැත් මට ඉතා හොඳින් දැනුනි. කිසිම දිනක සතෙකුට වත් අනතුරක් මා අතින් සිදුව නොතිබුන අතර මෙය මට මහත් වේදනාවක් ගෙන දුන්නේය. වහාම නතරවූ වාහනයෙන් බැස ගත් මා සතා ට සිදුවූ දෙය බැලීමට පසු පසට දිව ගියෙමි. පුදුමයකි. එහි කිසිදු සතෙකු නොවීය. හොඳින් වට පිටාව බැලුවද මාර්ගයේ වාහනය ඇදී ආ ටයර් පාර මිස සතෙකුගේ ලකුණක් හෝ නොතිබුනි. වාහනයට යට වූ සතාට කැලයට පැන යාමටද නොහැකි බව හොඳින්ම දැනුණු මා මෙයින් තරමක් තිගැස්මට ලක් වූ අතර වහාම රථයට ගොඩ වී පෙරටත් වඩා වේගයෙන් එය පැදවූවෙමි. මෙලෙස 5km පමණ පැමිණෙන විට මාර්ගයේ සිටි පුද්ගලයෙකු වාහනයට අත දමනු මා දුටුවෙමි. ඉතාම ලං වන විට ඔහු තරමක වයස අයෙකු බව පෙනුන අතර ඔහු අතේ යම් බෑගයක්ද ඇති බව පෙනුනි. තනිවම යනවාට වඩා කවුරැන් හෝ වාහනයේ සිටින්නේ නම් හොඳයයි මට සිතුනේ පෙර සිද්ධිය සිදුවූ මොහොතේමය. ඒ නිසා දෙපාරක් නොසිතා මා රථය නතර කලෙමි.වාහනය අසලට පැමිණි ඔහු "ඩ්රයිවර් මහත්තයා මට දඹුල්ලට යන්න පුළුවන් වෙයිද ?" කියා ඇසුවේය. දඹුල්ලට තව බොහෝ දුර ඇති නිසාත් මා දඹුල්ල හරහා යන නිසාත් ඔහුව වාහනයට නංවා ගත්තේ කතා කරමින් හෝ යාමට ඇත්නම් හොඳයි සිතමිනි. "අංකල් මේ රෑ වෙලා කොහේද යන්නේ?"යි මම ඇසුවේ ඔහුව කතාවට අල්ලා ගැනීමට මුල පුරමිනි. "මං රස්සාවට කරන්නේ කොළඹ මේසන් වැඩ.හදිස්සියේ ගෙදර ඇවිත් වැඩට යන්න ආවේ. රෑ කොළඹ යන බස් එක අල්ලා ගන්ඩ බැරි උනා .ඉතිං ඒකයි පාරෙ යන වාහන වලට අත දැම්මේ. කවුරැවත් නැවත්තුවේ නෑනේ. දඹුල්ලට යා ගත්තොත් එතනින් කොළඹට යන බස් එකක් අල්ල ගන්න පුලුවන් වෙයි."ඔහු පිලිතුරැ දෙමින් පැවසීය. එක් වරම වාහනය තුලට සීතල සුළං පහරක් ගලා ආවේය. එයින් මා හට මහත් අමුත්තක් දැනුණු අතර මා වහා වීදුරැව වසා ගත්තේ එයින් බේරෙනු පිණිසයි. නමුත් එය පිටතින් හමා එන්නක් නොව වාහනය ඇතුලතින් එන බවක් දැනුණු බැවින් මා අනෙක් පස හුන් තැනත්තා දෙස බැලුවෙමි. ඒ වන විටත් ඔහු තද නින්දකට වැටී ඇති ආකාරයක් පෙනෙන්නට විය.මමද ඔහුට බාධා නොකර පාඩුවේ වාහනය පදවන්නට වීමි. නමුත් එම සීතලත් සමග මහා අමුත්තක් මට දැනෙන්නට ගත්තේය. මාර්ගය දෙපසම වූයේ ගන කැලෑව පමණකි. කිසිදු වාහනයක් හෝ ගෙයක් දොරක් හෝ දක්නට නොමැත. ඇත්තේ මහ මූසල ස්වභාවයකින් පෙනෙන පාර පමණි. [IMG]https://i.imgur.com/BIreSAI.jpg[/IMG] මා හට කියා ගත නොහැකි නුහුරැ හැඟීමක් දැනුනි.වාහනයද අධික වෙගයෙන් ධාවනය වන බව දැණුනත් එය පාලනය කිරීමට හෝ මට හැඟීමක් නොමැති බව දැනේ. කොපමණ දුරක් එසේ ආවාදැයි මා නොදනිමි. එක් වරම අනෙක් පස හුන් තැනත්තා අවධි වූ බව දැනුණු බැවින් මා එදෙස බැලුවෙමි.ඒ අවස්ථාවේ මා දුටු දසුන කිසිදා බලාපොරොත්තු නොවූ දෙයකි.මා අසල සිටියේ වාහනයට ගොඩ වූ පුද්ගලයා නොව සුදු පැහැති චායාවක් වැනි මිනිසෙකි.එලියට පැන්න දෑසත් මුහුණ පුරා තැවරී තිබූ ලේ පාරත් මා දුටුවේ අඩ අඳුරේමය.එය ඉතා බියකරැ ලෙස මා දෙසට යොමු වී තිබුනි. [IMG]https://i.imgur.com/5OWS2ZF.jpg[/IMG] ඇතිවූ බියටම මාහට කෑ ගැසුන අතර බ්රේක් එක වෙනුවට ඇක්සලේටරය තවත් තදින් පෑගුනි. එක් වරම මා වෙතට පැන්න ඔහු වාහනයේ සුක්කානම අල්ලා පාරෙන් පිටතට කර කැව්වේ මා හට සිතන්නට හෝ කාලයක් නොතබමිනි. මා ඔහුගේ අතට වේගයෙන් පහර දී නැවතත් පාරට හැරවීමට උත්සාහ කලද එය සෙලවීමටවත් නොහැකි ලෙස තද වී පැවතුනි .මට දැනුනේ ලොකු අයිස් කැටයකට ගැසුවා මෙන් දැඩි බවක් හා තද ශීතලකි. අධික වේගයත් ඇතිවූ කලබලයත් නිසා මාගේ පාලනයෙන් මිදුනු වාහනය වේගයෙන් පාරෙන් පිටත පැන ලඳු කැලෑවද කඩා ගෙන වනන්තරය තුලට ඇදී ගිය ආකාරයත් විශාල පිපිරැම් හඬක් සමඟ මාගේ දෑසම අන්ධකාරයක් තුල ගිලීයන අයුරැත් යාන්තමින් මට දැනුනි. මා ඇස් හැර බලන විට මා වටා බොහෝ පිරිසක් වට වී සිටින අයුරැත්,මා ඇඳක් මත තබා තිබෙන අයුරැත් මට දැනුනි. හිස එසවීමට හැදුවත් දැඩි වේදනාවක් දැනුණු අතර දෑත් දෙපා බැන්ඩේජ් කර තිබෙන අයුරැත් දුටුවෙමි. පිරිස දෙපසට කරමින් මා ලඟට ආවේ මා නාඳුනන මැදිවියේ පුද්ගයෙකි. "දැං කොහොමද ඔයාට..මොකද උනේ..?ඔහු මගෙන් ඇසුවේය. ඉතා අපහසුතාවයක් දැනුනද පෙරදා සිදුවීම මගේ මතකයට ගලා ආවේ මෙවිටය. මා ඔහුට එය පැවසූ අතර එය අසා සිටි ඔහු මට මෙසේ පිලිතුරැ දෙන්නට විය. "ඔයා බේරිලා තියෙන්නේ පෙර පිනකට.ඔයාව ඉස්පිරිතාලෙ ගෙනාවෙ මං. මගේ පැල් කොටේ තියෙන්නේ ඔයා හැපිලා තිබුනු හරියට ටිකක් එහා.මං ඔය කැලේ සත්තුන්ට තුවක්කු බඳිනවා. එදා රෑ මට ඇහුනා තුවක්කුව පත්තු උන සද්දේ.ඒත් රෑට ඒ හරියේ අලි ඉන්න හින්දා මං තුවක්කු පත්තු උනාට රෑට ඇවිල්ලා බලන්නේ නෑ.මං උදේ පාන්දරම ආවා තුවක්කුව බැන්ද තැනට. එතකොට මං දැක්කා කැලේ කඩාගෙන මොකක් හරි ලොකු දෙයක් ඇදගෙන ගියා වගේ පාරක්.මං හිතුවේ අලියෙකුටවත් වෙඩි වැදිලද කියලා කොයි එකටත් ටිකක් හෝදිස්සියෙන් යන කොට තමා කැලේ ඇතුලේ ලයිට් එලියක් දැක්කේ.තව ටිකක් ලඟට යන කොට තමා දැක්කේ ලොකු ලොරියක් මගේ තුවක්කුව තිබ්බ තැනත් යට කරගෙන ගිහිං ඉස්සරහ තිබ්බ මාර ගහේ වැදිලා තියෙනවා.මං ලඟට ගිහින් බලනකොට තමා ඔයා ඒකෙ ඇතුලේ හිර වෙලා ඉන්නවා දැක්කේ.ඒ ගමන් මං ගෙදර දුවලා ගමේ එවුන් අඬගහගෙන ඇවිත් ඔයාව එලියට අරන් ඉස්පිරිතාලෙ ගෙනාවේ. එතකොට ඔයාට සිහිය තිබුන. එක එක විකාර කියලා කෑ ගහ ගහ හිටියේ ඔයා. අපි පොලිසියටත් කිව්වා.ඉට පස්සේ පොලිසියෙන් ඇවිත් ලොරිය අරන් ගියා.ඔයා එදා දැකලා තියෙන්නේ ඇත්ත මනුස්සයෙක් නෙමේ. ඒ හොල්මනක්.ඒ මනුස්සයා දැනට අවුරැදු 3කට විතර කලින් ඔය හරියෙදි ලොරියක හැපිලා එතනම මලා. මිනිහා කොලඹ යන්න බස් එකක් එනකල් ඉන්නකොට තමා ලොරියට යට වෙලා තියෙන්නේ.ඉතිං එදා ඉඳන් හැම අවුරැද්දකම මිනිහා මැරැණු දවසට කාට හරි ලොරි කාරයෙකුට එයා පේනවා.ගොඩක් අය බය වෙලා තියෙනවා.වාහනේ නැවත්තුවොත් එයා කොහොම හරි ඒ වාහනේ හප්පනවා.ගිය අවුරැද්දෙත් මේ වගේම ලොරි යක් හප්පලා ඒ මනුස්සයා දවස් ගානක් ඉස්පිරිතාලෙ ඉඳලා මැරැණා.එයත් මැරෙන්න කලින් පොලිසියට කට උත්තර දීලා කියලා තියෙන්නෙත් ඔයා කියපු කතාවම තමා."යි ඔහු කතාව අවසන් කලේය.නැවතත් මගේ දෙනෙත් අන්ධකාරයක් තුල ගිලී යනවා මට දැනුනි. -[/SIZE][URL='https://www.facebook.com/groups/holmankatha/permalink/1329952567113852/'][SIZE=3]SHK[/SIZE][/URL] [SIZE=6][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom