පන්සල් වත්තෙ තණ කොළ කකා හිටපු එළදෙන රාත්තිරියෙ මැරිල.
ලොකු හාමුදුරුවො වැටුනෙ අලි අමාරුවක.
දැන් මොකද කරන්නෙ
උන්නාන්සෙ කල්පනා කලා.
හරි..!
පලාතෙ ප්රාදේශීය සභාවෙ මන්ත්රීට කතා කලා.
උත්තරයක් නෑ.
ප්රාදේශීය සභාවෙ සභාපතිට ගත්ත.
උත්තරයක් නෑ.
පලාත් සභාවෙ මන්ත්රී කෙනෙකුට ගත්ත.
උත්තරයක් නෑ.
කොහොම හරි අමාරුවෙන් පලාතෙ පාර්ලිමේන්තු මන්ත්රීතුමාව අල්ල ගත්ත.
" කවුරු හරි මෙහෙට එවන්න පුලුවන් නං ඉක්මනට " හාමුදුරුවො තමන්ගෙ දුක් ගැනවිල්ල කිව්ව.
" ඒත් ඉතිං ඔබවහන්සේටම පුලුවන්නෙ ඔය සතාගෙ අවසාන වතාවත් ටික කරන්න...වෙනදටත් ඔබවහන්සේලා කරන දේ නෙ .." මන්ත්රීතුමා පොඩි ජෝක් එකක් කලා.
හාමුදුරුවො ටිකක් කල්පනා කලා....
" ඔව්....ඒකත් එහෙමනං තමා...ඒත් ලඟම නෑයට දැනුං දෙන එක අපේ යුතුකමක් නොවැ.ඒකයි කතා කලේ..."
දඩස් ! හාමුදුරුවො පෝන් එක තිබ්බ.