Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
එළියකන්ද වධ කඳවුරේ බිහිසුණු මතක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රශ්න කිරීමේදී ඔවුන් යොදාගත් ක්‍රම මොනවාද?

වැඩියෙන් ම කළේ විශාල මුගුරුවලින් දැඩිව පහර දීම. ඊට අමතරව, එළියකන්දේදී මගේ එක් කණක් පැලෙන්න ම පහර දුන්නා. ඒ කණෙන් ගොඩක් දවස් කුණු සැරව ගැලුවා. මාව මැද පෙළේ නායකයකු ලෙස හඳුනා ගැනීම හා මා සමග අසු වූ වෙනත් නායකයකු හමුදාව සමග සම්මුතියකට පැමිණීමත් නිසා මගෙන් දැඩි ලෙස වධ දී ප්‍රශ්න කිරීමක් වුණේ නැහැ. හැබැයි, ඔහු ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ලබා දුන්නා මිසක කිසිවකු පාවා දුන් බවක් මා දන්නේ නැහැ. ඔහු මා දිගු කලක සිට දැන සිටි අයෙක්. ඒ නිසා ඔහු මා පිළිබඳ සියලු තොරතුරු කියා තිබුණා. මා අසු වන විට (1989 මැයි) හදිසි නීතිය නො තිබුණු නිසාත්, මට හා මා සමග අසු වූ අනෙක් අයට රැඳවුම් නියෝග ලබා ගත් නිසාත්, ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා අසු වූ එක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු නිදහස් කිරීම නිසාත්, ඔහුගේ මැදිහත් වීමෙන් අප සම්බන්ධයෙන් හබයාස්කෝපුස් ගොනු කර තිබුණු නිසාත්, ඒ වකවානුවේ මාතර දිස්ත්‍රික්කයේ හමුදා බුද්ධි අංශය භාරව සිටි කැප්ටන් රත්නායක (4වන පාබල හමුදාව) දැඩි මර්දනයක් සිදු කළ අයෙකු නො වන නිසාත්, මේ වකවානුවේ එළියකන්දේ රඳවාගෙන සිටියේ සුළු පිරිසක් පමණක් නිසාත්, එහි ඒ වන විට එතරම් ම නරක තත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු ඇතුළු පිරිස මාරු වී ගිය පසු එළියකන්දේ තත්වය වෙනස් වුණා. එය හුදෙක් ම මිනිසුන් වධ දීම සඳහා හා මරණ තෙක් හෝ වෙනත් කඳවුරකට පිටත් කරන තෙක් රඳවා ගන්නා තැනක් බවට පත් වුණා.

එලියකන්ද වෙත ඔබව ගෙනියන්නේ කවදාද?

1989 මැයි 28 විතර.

එලියකන්දේ ඔබ අත් දුටු සිද්ධීන් මොනවාද?

එතන විධිමත් ප්‍රශ්න කිරීමක් සිදු වූ තැනක් නෙමෙයි. එතන කළේ මිනිසුන්ට සාමූහිකව වධ දීම, මිනිසුන් පහර දී මරා දැමීම හා මරා නො දමන අය රැඳවුම් කඳවුරකට යවන තෙක් රඳවා තබා ගැනීමයි. එහි සිරකරුවන් රඳවා ගැනීමේ කිසිදු ප්‍රමිතියක් තිබුණේ නැහැ. එකවර පැපොල රෝගීන් 70, 80 සිටියා. පාචනය වැළඳුණු රෝගීන් එළිමහනේ වැසිකිලි වල ළඟ දම්වැලක බැඳ දමා තිබුණා. රෝගීන් සංඛ්‍යාව කීයක් වුණත්, සියලු දෙනා ඒ අඩි 12ක් විතර දිග දම්වැලේ තමයි හිටියේ. සමහරු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව පාචනයෙන් මැරුණා. කඳවුරට මාතර කොටුවේ සිට කෑම ගෙන ඒම වැනි දේට පාවිච්චි කළ කහපාට ඩබල් කැබ් වාහනයෙන් ම රෑට මේ මළ මිනී අරගෙන ගියා. පසුව කාලෙක ඒවා වැසිකිළි වල එහා පැත්තේ වලක දමා පිළිස්සුවා.

එලියකන්දේ සිටි නිලධාරීන් ඔබට මතකද?

මතකයි. හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්රශ්නයේ වෙනස් විධියක ගොදුරු.

ඔබ එලියකන්දේ සිටියදී එහි යොදාගත් වධ බන්ධනයන් මොනවාද?

දෑතේ ඇඟිලිවලින් එල්ලීම, ෂොපිං කවර කීපයක් එකතු කර එය තුළට පෙට්‍රල් දමා ඒවා හිසට දමා හුස්ම හිර වන තුරු තැබීම, පුද්ගලයකු මොහොතකට සිහි විසඥව ඇද වැටෙන පරිදි බෙල්ලේ පිටුපසට පොල්ලකින් පහර දීම, හිස වතුර ටැංකියක එබීම, සීමාන්තිකව පහර දීම, අධික වෙහෙසින් මැරෙන තුරු ශාරීරික ව්‍යායාම කරවීම, වැසිකිළි යන්නට නො දීම, දිගු කාලයක් තිස්සේ නිදහසේ කෑම කෑමට නො දී කෙටි කාලයක් තුළ ආහාර ගිල්ලවීම, කෑම කන විට පොලුවලින් පහර දීම, එකපිට එකා නංවා පෑගවීම, නිවස තුළ වැසිකිළිවල දිගු කාලීනව සඟවා තැබීම, පිඹුරකු ඇඟට හෝ සිරකරු සිටින වැසිකිළියට දමා බිය වැද්දවීම, කිසිවකු සමග කතා කිරීමට නො දීම, මාස ගණන් ඇස් බැඳ තැබීම, හැම විට ම අත පයවලට මාංචු දමා තැබීම. හෙට්ටියාවල කඳවුරේ ලුතිනන් මීඩිං අමුතු වධ බන්ධන ක්‍රමයක් භාවිතා කළා. කුරුසෙ ගහනවා ය කියා හැඳින්වූ මෙහිදී පුවක් ගස් දෙකකින් හැදූ කුරුසයක සිරකරුවන් දවස් ගණනක් එල්ලා තැබුවා. ඒ සිරකරුවන්ගේ අත් මාස ගණනක් ම අක්‍රියවයි තිබුණේ. ඔවුන්ට බත් ටික අනා කටට ගෙන යන්නට හෝ බැරි වුණා. සිරකරුවන් හැමෝම මේ හැම එක වධයකට ම ලක් වුණේ නැහැ.

ඔබ නිදහස් වූ ආකාරය ?

1990 යුද්ධය පටන් ගත් විට හමුදා කඳවුරු වසා දමන ලදී. එවිට මා වීරවිල රැඳවුම් කඳවුරට යවන ලද අතර පොලිසියට භාර දුන් 40ක විතර පිරිස නිදහස් කර, පැහැරගෙන ගොස් මරා දැමුවා. මා ද මුලින් පොලිසියට භාර දීමට නියමිතව තිබුණ මුත්, මගේ ඉල්ලීම මත එහි සිටි නිලධාරීන් දෙදෙනෙකු වන කිත්සිරි හා දයාරත්න මට වීරවිලට යාමට ඉඩ සලස්වා දුන් නිසා මගේ ජීවිතය බේරුණා. හැබැයි දයාරත්න තමයි අර කපපු බෙල්ලක් වැටෙන් එහාට විසි කර මට එය ගෙනැවිත් දෙන්නැයි කියූ ඝාතකයා. වීරවිල සිට පොල්ගොල්ල, සේදවත්ත පන්සල, ගොඩිගමුව පන්සල, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානය වැනි පුනරුත්ථාපන කඳවුරුවල තබාගෙන තබාගෙන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය හරහා 1993දී නිදහස් කරන ලදී.

වධ බන්ධනයන්බොහෝ මානසික පීඩා ඇති කලද ඔබට සමාජගත වීමට උපකාර වූයේ කවර දේවල් ද?

විශේෂ උපකාර වීමක් තිබුණේ නැත. ඔය පුනරුත්ථාපන වැඩසටහන්වලින් නම් කිසිදු උපකාරයක් ලැබුණේ නැත. පොල්ගොල්ලේදී සැලසුම් ශිල්පය පාඨමාලාවක් කළෙමි. එහෙත්, වීරවිලදී අපි ඊට වඩා හොඳ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් අප විසින් ම සංවිධානය කර පවත්වන ලදී. මම බොහෝ අයට ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. සාක්ෂාරතාව පවා නැතිව කඳවුරුගතව සිටි මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණයෝ බොහෝ දෙනෙක් ලියන්නට කියවන්නට ඉගෙන ගත්තේ අප විසින් දියත් කළ ඒ වැඩසටහන්වලදීයි. වීරවිලදී මම ගෙලට අසිපත තබා ඇත දැන් නමින් දිග නාට්‍යයකුත්, කෙටි නාට්‍ය බොහෝ ගණනකුත් නිෂ්පාදනය කළා. සමනල සඳෙස නම් දිග කාව්‍යය ලිව්වා. එය ඇතුළේ හුවමාරු කරගෙන කියෙව්වා. මුද්‍රණය කළේ නැහැ. ඊට අමතරව අළු යට ගිනි නමින් ලියූ නවකතාවක් කඳවුරේ සිටියදී ම 1992දී පමණ දිවයින නවකතා තරගයට යැව්වා. එය අවසන් අත්පිටපත් දහය අතරට තේරී තිබුණත් පළමු, දෙවන, තුන්වන තැන් හිමි වුණේ නැහැ. එයත් පළ කළේ නැහැ. මම මුල් ම පරිවර්තනය ලෙස ජූල්ස් වර්න්ගේ ලොව වටා අසූ දිනකින් පොතේ තරමක් සරළ කළ පොතක් පරිවර්තනය කළේත් වීරවිලදීයි. මාස කීපයක් වෙහෙස වී මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය කර සමත් වුණා. මම ඉගෙන ගත්තේ මම කැමති විෂයන් වූ සිංහල, ඉංග්‍රීසි සාහිත්‍යය, දේශපාලන විද්‍යාව හා නාට්‍ය හා රංග කලාවයි. විභාගයට දින 10කට විතර පෙර මා පැලවත්ත කඳවුරට ගෙන ගියා. එහිදී මා මුහුණ දුන් ප්‍රශ්න නිසා මා පාඩම් කිරීම අතහැර දැම්මා. කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගත් ලකුණු මට්ටමට වඩා ලකුණු තුනයි මට අඩු වුණේ. ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් තනිව ම සෙමින් සමාජගත වුණා. නිදහස් වී ටික කලකින් තරග විභාගයක් සමත් වී ඉංග්‍රීසි ගුරු වෘත්තියට ඇතුළත් වීමත්, පදවිය ප්‍රදේශයේ රැකියාව කිරීම සමග අලුත් සමාජයක ඇසුරට පත් වීමත්, අලුත් මිතුරන් ඇති වීමත්, ජවිපෙ දේශපාලනයෙන් මුළුමනින් ම ඈත් වීමත් නිසා සමාජගත වීම පහසු වුණා.

වින්දිතයන් බොහෝ දෙනෙකු විශාදය පශ්චාත් ව්‍යසන ක්ලමථය (PTSD) වැනි තත්වයන් වලට පත් වූවද ඔබ සාමාජීය වශයෙන් ක්‍රියාශීලී වීම සඳහා ඔබට ශක්තිය ලැබුනේ කෙසේද?

පදවියේදී හමු වූ මිතුරන් සමග ආරම්භ කරන ලද අලුත් ජීවිතය හා පාසල් ළමයින් සමග ගත කළ ක්‍රියාකාරී ජීවිතය එහිදී ප්‍රධාන වුණා. පෙම්වතියන් ඇසුරත්, ඔවුන්ගේ ආදරය ලැබීමත් ප්‍රබල හේතු ලෙස සැලකිය හැකියි. ආදරය කළ හැමෝ එක්ක ම ගොඩක් දුර යන්නට බැරි වුණා. මට විවාහ වෙන්නට උවමනා කර තිබුණා. ඒ නිසා මම හෙව්වේ විවාහ වෙන්නට සුදුසු ආදරවන්තියක්. අවසානයේදී මට හොඳ බිරිඳක් ලැබුණා. අද ඉන්න මම ඇයට ගොඩක් ණයයි.

එලියකන්ද ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක් ද?

එය ජීවිතයේ කිසි කලෙක අමතක කළ නො හැකි නපුරු සිහිනයක් වැනි සමයකි. එහෙත්, එය ජීවිතය ගැන ගැඹුරු අත්දැකීමක් ලැබීමට අවස්ථාව ලබා දුන්නා. තිරිසන්කමට කිට්ටු ප්‍රාථමික තත්වයන්හිදී මිනිසුන්ගේ හැසිරීම් සාමාන්‍ය ශිෂ්ට සමාජයේ හැසිරීම්වලින් හාත්පසින් ම වෙනස්. එහෙත්, අවසානයේදී වධකයෝ ද ලෙයින් මසින් සැදි මිනිස්සු ය. එළියකන්දේ වධකයන් එක් අයෙක් හෝ දෙදෙනෙක් පසු කලෙක එහි සිට නිදහස් වූ ජවිපෙ සිරකරුවන්ගේ සොයුරියන් විවාහ කර ගත්තා. මේ ඇතැම් පවුල් ප්‍රදේශයේ ජවිපෙ ඉදිරි පෙළ ක්රියාකාරිකයන්ට සම්බන්ධ ඒවායි. එම ඉදිරි පෙළ ක්රියාකාරිකයන් මරා දමන ලදී. එහෙත්, ඒ පවුල්වල ගැහැනු පසු කලෙක එවැනි ඝාතකයන් විවාහ කර ගත්තා. ඉන් පසු ඔවුන් කුමන ආකාරයේ ජීවිත ගත කළා ද යන්න මම දන්නේ නැහැ.

අනාගත පරම්පරාවට ඔබ දෙන පණිවිඩය කුමක් ද?

නො ගැඹුරු වාමාංශික දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය වනාහි එකම වර්ගයේ පිටුදැකිය යුතු සමාජ පිළලයන් ය. බලය වෙනුවෙන් කෙටි මං සොයන අය තමන්ගේ අරමුණු වෙනුවෙන් ගිනි ඇවිළීමට පාවිච්චි කරන පිදුරු වන්නේ තරුණයන් ය. ලංකාවේ තරුණ පරම්පරා තුනක් මේ ව්‍යාජ විප්ලවවාදී හා ජාතිවාදී කැරැලි නිසා මහා පරිමාණයෙන් ජීවිත අහිමි කර ගත්තා. ඒ තරුණයන් ජීවත් වුණා නම් හා ඔවුන්ගේ හැකියාවන් වඩා ඵලදායී දේ වෙනුවෙන් යොදා ගත්තා නම් අපට මීට වඩා සොඳුරු ලෝකයක ජීවත් වන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තරුණයන් මේ අන්තවාදී ව්‍යාපාරවලින් මුදා ගැනීමට කටයුතු කිරීම බරපතල සමාජ වගකීමක්. ඒ වගේ ම තරුණයන්ට දේශපාලනයේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියේ නිමග්න වෙන්නට සාධාරණ අවස්ථා ලබා දීමට අප ක්‍රියා කළ යුතුයි. තරුණයන්ට තමන්ගේ ජවය තමන්ගේත්, සමාජයේත් යහපත වෙනුවෙන් උපරිමයෙන් පාවිච්චි කරන්නටත්, සතුටින් ජීවත් වන්නටත් අවස්ථාව ලබා දිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම අවශ්‍යයි.

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඉරුදින -

[QUOTE="Dead Cupid, post: 28585886, member: 118969"] [B][I]ප්‍රශ්න කිරීමේදී ඔවුන් යොදාගත් ක්‍රම මොනවාද?[/I][/B] වැඩියෙන් ම කළේ විශාල මුගුරුවලින් දැඩිව පහර දීම. ඊට අමතරව, එළියකන්දේදී මගේ එක් කණක් පැලෙන්න ම පහර දුන්නා. ඒ කණෙන් ගොඩක් දවස් කුණු සැරව ගැලුවා. මාව මැද පෙළේ නායකයකු ලෙස හඳුනා ගැනීම හා මා සමග අසු වූ වෙනත් නායකයකු හමුදාව සමග සම්මුතියකට පැමිණීමත් නිසා මගෙන් දැඩි ලෙස වධ දී ප්‍රශ්න කිරීමක් වුණේ නැහැ. හැබැයි, ඔහු ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ලබා දුන්නා මිසක කිසිවකු පාවා දුන් බවක් මා දන්නේ නැහැ. ඔහු මා දිගු කලක සිට දැන සිටි අයෙක්. ඒ නිසා ඔහු මා පිළිබඳ සියලු තොරතුරු කියා තිබුණා. මා අසු වන විට (1989 මැයි) හදිසි නීතිය නො තිබුණු නිසාත්, මට හා මා සමග අසු වූ අනෙක් අයට රැඳවුම් නියෝග ලබා ගත් නිසාත්, ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා අසු වූ එක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු නිදහස් කිරීම නිසාත්, ඔහුගේ මැදිහත් වීමෙන් අප සම්බන්ධයෙන් හබයාස්කෝපුස් ගොනු කර තිබුණු නිසාත්, ඒ වකවානුවේ මාතර දිස්ත්‍රික්කයේ හමුදා බුද්ධි අංශය භාරව සිටි කැප්ටන් රත්නායක (4වන පාබල හමුදාව) දැඩි මර්දනයක් සිදු කළ අයෙකු නො වන නිසාත්, මේ වකවානුවේ එළියකන්දේ රඳවාගෙන සිටියේ සුළු පිරිසක් පමණක් නිසාත්, එහි ඒ වන විට එතරම් ම නරක තත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු ඇතුළු පිරිස මාරු වී ගිය පසු එළියකන්දේ තත්වය වෙනස් වුණා. එය හුදෙක් ම මිනිසුන් වධ දීම සඳහා හා මරණ තෙක් හෝ වෙනත් කඳවුරකට පිටත් කරන තෙක් රඳවා ගන්නා තැනක් බවට පත් වුණා. [B][I]එලියකන්ද වෙත ඔබව ගෙනියන්නේ කවදාද?[/I][/B] 1989 මැයි 28 විතර. [B][I]එලියකන්දේ ඔබ අත් දුටු සිද්ධීන් මොනවාද?[/I][/B] එතන විධිමත් ප්‍රශ්න කිරීමක් සිදු වූ තැනක් නෙමෙයි. එතන කළේ මිනිසුන්ට සාමූහිකව වධ දීම, මිනිසුන් පහර දී මරා දැමීම හා මරා නො දමන අය රැඳවුම් කඳවුරකට යවන තෙක් රඳවා තබා ගැනීමයි. එහි සිරකරුවන් රඳවා ගැනීමේ කිසිදු ප්‍රමිතියක් තිබුණේ නැහැ. එකවර පැපොල රෝගීන් 70, 80 සිටියා. පාචනය වැළඳුණු රෝගීන් එළිමහනේ වැසිකිලි වල ළඟ දම්වැලක බැඳ දමා තිබුණා. රෝගීන් සංඛ්‍යාව කීයක් වුණත්, සියලු දෙනා ඒ අඩි 12ක් විතර දිග දම්වැලේ තමයි හිටියේ. සමහරු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව පාචනයෙන් මැරුණා. කඳවුරට මාතර කොටුවේ සිට කෑම ගෙන ඒම වැනි දේට පාවිච්චි කළ කහපාට ඩබල් කැබ් වාහනයෙන් ම රෑට මේ මළ මිනී අරගෙන ගියා. පසුව කාලෙක ඒවා වැසිකිළි වල එහා පැත්තේ වලක දමා පිළිස්සුවා. [B][I]එලියකන්දේ සිටි නිලධාරීන් ඔබට මතකද?[/I][/B] මතකයි. හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්රශ්නයේ වෙනස් විධියක ගොදුරු. [B][I]ඔබ එලියකන්දේ සිටියදී එහි යොදාගත් වධ බන්ධනයන් මොනවාද?[/I][/B] දෑතේ ඇඟිලිවලින් එල්ලීම, ෂොපිං කවර කීපයක් එකතු කර එය තුළට පෙට්‍රල් දමා ඒවා හිසට දමා හුස්ම හිර වන තුරු තැබීම, පුද්ගලයකු මොහොතකට සිහි විසඥව ඇද වැටෙන පරිදි බෙල්ලේ පිටුපසට පොල්ලකින් පහර දීම, හිස වතුර ටැංකියක එබීම, සීමාන්තිකව පහර දීම, අධික වෙහෙසින් මැරෙන තුරු ශාරීරික ව්‍යායාම කරවීම, වැසිකිළි යන්නට නො දීම, දිගු කාලයක් තිස්සේ නිදහසේ කෑම කෑමට නො දී කෙටි කාලයක් තුළ ආහාර ගිල්ලවීම, කෑම කන විට පොලුවලින් පහර දීම, එකපිට එකා නංවා පෑගවීම, නිවස තුළ වැසිකිළිවල දිගු කාලීනව සඟවා තැබීම, පිඹුරකු ඇඟට හෝ සිරකරු සිටින වැසිකිළියට දමා බිය වැද්දවීම, කිසිවකු සමග කතා කිරීමට නො දීම, මාස ගණන් ඇස් බැඳ තැබීම, හැම විට ම අත පයවලට මාංචු දමා තැබීම. හෙට්ටියාවල කඳවුරේ ලුතිනන් මීඩිං අමුතු වධ බන්ධන ක්‍රමයක් භාවිතා කළා. කුරුසෙ ගහනවා ය කියා හැඳින්වූ මෙහිදී පුවක් ගස් දෙකකින් හැදූ කුරුසයක සිරකරුවන් දවස් ගණනක් එල්ලා තැබුවා. ඒ සිරකරුවන්ගේ අත් මාස ගණනක් ම අක්‍රියවයි තිබුණේ. ඔවුන්ට බත් ටික අනා කටට ගෙන යන්නට හෝ බැරි වුණා. සිරකරුවන් හැමෝම මේ හැම එක වධයකට ම ලක් වුණේ නැහැ. [B][I]ඔබ නිදහස් වූ ආකාරය ?[/I][/B] 1990 යුද්ධය පටන් ගත් විට හමුදා කඳවුරු වසා දමන ලදී. එවිට මා වීරවිල රැඳවුම් කඳවුරට යවන ලද අතර පොලිසියට භාර දුන් 40ක විතර පිරිස නිදහස් කර, පැහැරගෙන ගොස් මරා දැමුවා. මා ද මුලින් පොලිසියට භාර දීමට නියමිතව තිබුණ මුත්, මගේ ඉල්ලීම මත එහි සිටි නිලධාරීන් දෙදෙනෙකු වන කිත්සිරි හා දයාරත්න මට වීරවිලට යාමට ඉඩ සලස්වා දුන් නිසා මගේ ජීවිතය බේරුණා. හැබැයි දයාරත්න තමයි අර කපපු බෙල්ලක් වැටෙන් එහාට විසි කර මට එය ගෙනැවිත් දෙන්නැයි කියූ ඝාතකයා. වීරවිල සිට පොල්ගොල්ල, සේදවත්ත පන්සල, ගොඩිගමුව පන්සල, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානය වැනි පුනරුත්ථාපන කඳවුරුවල තබාගෙන තබාගෙන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය හරහා 1993දී නිදහස් කරන ලදී. [B][I]වධ බන්ධනයන්බොහෝ මානසික පීඩා ඇති කලද ඔබට සමාජගත වීමට උපකාර වූයේ කවර දේවල් ද?[/I][/B] විශේෂ උපකාර වීමක් තිබුණේ නැත. ඔය පුනරුත්ථාපන වැඩසටහන්වලින් නම් කිසිදු උපකාරයක් ලැබුණේ නැත. පොල්ගොල්ලේදී සැලසුම් ශිල්පය පාඨමාලාවක් කළෙමි. එහෙත්, වීරවිලදී අපි ඊට වඩා හොඳ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් අප විසින් ම සංවිධානය කර පවත්වන ලදී. මම බොහෝ අයට ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. සාක්ෂාරතාව පවා නැතිව කඳවුරුගතව සිටි මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණයෝ බොහෝ දෙනෙක් ලියන්නට කියවන්නට ඉගෙන ගත්තේ අප විසින් දියත් කළ ඒ වැඩසටහන්වලදීයි. වීරවිලදී මම ගෙලට අසිපත තබා ඇත දැන් නමින් දිග නාට්‍යයකුත්, කෙටි නාට්‍ය බොහෝ ගණනකුත් නිෂ්පාදනය කළා. සමනල සඳෙස නම් දිග කාව්‍යය ලිව්වා. එය ඇතුළේ හුවමාරු කරගෙන කියෙව්වා. මුද්‍රණය කළේ නැහැ. ඊට අමතරව අළු යට ගිනි නමින් ලියූ නවකතාවක් කඳවුරේ සිටියදී ම 1992දී පමණ දිවයින නවකතා තරගයට යැව්වා. එය අවසන් අත්පිටපත් දහය අතරට තේරී තිබුණත් පළමු, දෙවන, තුන්වන තැන් හිමි වුණේ නැහැ. එයත් පළ කළේ නැහැ. මම මුල් ම පරිවර්තනය ලෙස ජූල්ස් වර්න්ගේ ලොව වටා අසූ දිනකින් පොතේ තරමක් සරළ කළ පොතක් පරිවර්තනය කළේත් වීරවිලදීයි. මාස කීපයක් වෙහෙස වී මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය කර සමත් වුණා. මම ඉගෙන ගත්තේ මම කැමති විෂයන් වූ සිංහල, ඉංග්‍රීසි සාහිත්‍යය, දේශපාලන විද්‍යාව හා නාට්‍ය හා රංග කලාවයි. විභාගයට දින 10කට විතර පෙර මා පැලවත්ත කඳවුරට ගෙන ගියා. එහිදී මා මුහුණ දුන් ප්‍රශ්න නිසා මා පාඩම් කිරීම අතහැර දැම්මා. කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගත් ලකුණු මට්ටමට වඩා ලකුණු තුනයි මට අඩු වුණේ. ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් තනිව ම සෙමින් සමාජගත වුණා. නිදහස් වී ටික කලකින් තරග විභාගයක් සමත් වී ඉංග්‍රීසි ගුරු වෘත්තියට ඇතුළත් වීමත්, පදවිය ප්‍රදේශයේ රැකියාව කිරීම සමග අලුත් සමාජයක ඇසුරට පත් වීමත්, අලුත් මිතුරන් ඇති වීමත්, ජවිපෙ දේශපාලනයෙන් මුළුමනින් ම ඈත් වීමත් නිසා සමාජගත වීම පහසු වුණා. [I][B]වින්දිතයන් බොහෝ දෙනෙකු විශාදය පශ්චාත් ව්‍යසන ක්ලමථය (PTSD) වැනි තත්වයන් වලට පත් වූවද ඔබ සාමාජීය වශයෙන් ක්‍රියාශීලී වීම සඳහා ඔබට ශක්තිය ලැබුනේ කෙසේද?[/B][/I] පදවියේදී හමු වූ මිතුරන් සමග ආරම්භ කරන ලද අලුත් ජීවිතය හා පාසල් ළමයින් සමග ගත කළ ක්‍රියාකාරී ජීවිතය එහිදී ප්‍රධාන වුණා. පෙම්වතියන් ඇසුරත්, ඔවුන්ගේ ආදරය ලැබීමත් ප්‍රබල හේතු ලෙස සැලකිය හැකියි. ආදරය කළ හැමෝ එක්ක ම ගොඩක් දුර යන්නට බැරි වුණා. මට විවාහ වෙන්නට උවමනා කර තිබුණා. ඒ නිසා මම හෙව්වේ විවාහ වෙන්නට සුදුසු ආදරවන්තියක්. අවසානයේදී මට හොඳ බිරිඳක් ලැබුණා. අද ඉන්න මම ඇයට ගොඩක් ණයයි. [B][I]එලියකන්ද ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක් ද?[/I][/B] එය ජීවිතයේ කිසි කලෙක අමතක කළ නො හැකි නපුරු සිහිනයක් වැනි සමයකි. එහෙත්, එය ජීවිතය ගැන ගැඹුරු අත්දැකීමක් ලැබීමට අවස්ථාව ලබා දුන්නා. තිරිසන්කමට කිට්ටු ප්‍රාථමික තත්වයන්හිදී මිනිසුන්ගේ හැසිරීම් සාමාන්‍ය ශිෂ්ට සමාජයේ හැසිරීම්වලින් හාත්පසින් ම වෙනස්. එහෙත්, අවසානයේදී වධකයෝ ද ලෙයින් මසින් සැදි මිනිස්සු ය. එළියකන්දේ වධකයන් එක් අයෙක් හෝ දෙදෙනෙක් පසු කලෙක එහි සිට නිදහස් වූ ජවිපෙ සිරකරුවන්ගේ සොයුරියන් විවාහ කර ගත්තා. මේ ඇතැම් පවුල් ප්‍රදේශයේ ජවිපෙ ඉදිරි පෙළ ක්රියාකාරිකයන්ට සම්බන්ධ ඒවායි. එම ඉදිරි පෙළ ක්රියාකාරිකයන් මරා දමන ලදී. එහෙත්, ඒ පවුල්වල ගැහැනු පසු කලෙක එවැනි ඝාතකයන් විවාහ කර ගත්තා. ඉන් පසු ඔවුන් කුමන ආකාරයේ ජීවිත ගත කළා ද යන්න මම දන්නේ නැහැ. [B][I]අනාගත පරම්පරාවට ඔබ දෙන පණිවිඩය කුමක් ද?[/I][/B] නො ගැඹුරු වාමාංශික දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය වනාහි එකම වර්ගයේ පිටුදැකිය යුතු සමාජ පිළලයන් ය. බලය වෙනුවෙන් කෙටි මං සොයන අය තමන්ගේ අරමුණු වෙනුවෙන් ගිනි ඇවිළීමට පාවිච්චි කරන පිදුරු වන්නේ තරුණයන් ය. ලංකාවේ තරුණ පරම්පරා තුනක් මේ ව්‍යාජ විප්ලවවාදී හා ජාතිවාදී කැරැලි නිසා මහා පරිමාණයෙන් ජීවිත අහිමි කර ගත්තා. ඒ තරුණයන් ජීවත් වුණා නම් හා ඔවුන්ගේ හැකියාවන් වඩා ඵලදායී දේ වෙනුවෙන් යොදා ගත්තා නම් අපට මීට වඩා සොඳුරු ලෝකයක ජීවත් වන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තරුණයන් මේ අන්තවාදී ව්‍යාපාරවලින් මුදා ගැනීමට කටයුතු කිරීම බරපතල සමාජ වගකීමක්. ඒ වගේ ම තරුණයන්ට දේශපාලනයේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියේ නිමග්න වෙන්නට සාධාරණ අවස්ථා ලබා දීමට අප ක්‍රියා කළ යුතුයි. තරුණයන්ට තමන්ගේ ජවය තමන්ගේත්, සමාජයේත් යහපත වෙනුවෙන් උපරිමයෙන් පාවිච්චි කරන්නටත්, සතුටින් ජීවත් වන්නටත් අවස්ථාව ලබා දිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම අවශ්‍යයි. [B][SIZE=6]සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග ඉරුදින - [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom