එළියකන්ද වධ කඳවුරේ බිහිසුණු මතක

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,510
    6,618
    113
    එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම්ගේ බිහිසුණු මතක

    අජිත් පැරකුම් ජයසිංහ නොහොත් පැරා ලේඛකයෙකි එසේම බ්ලොග් රචකයෙකි, සමාජ ක්‍රියාකාරිකයෙකි , ගුරුවරයෙකි. ඔහුගේ සමාජ අත්දැකීම් බහුලය.

    එළියකන්ද වද කඳවුර පිලිබඳ කතිකාව මුලින්ම ඇති වූයේ රෝහිත මුණසිංහ විසින් රචිත එළියකන්ද වද කඳවුර නම් කෘතිය මගිනි. එළියකන්ද වද කඳවුර නොහොත් කේ පොයින්ට් යනු අපගේ සමාජය එක් කාලයකදී ගමන් කරන ලද අඳුරු යුගයක් සනිටුහන් කරන ස්ථානයකි. මෙම අඳුරු යුගය ඇතිකිරිමේ ලා දේශපාලකයන් මෙන්ම කළා කරුවන් ද විසින් කරන ලද කාර්‍යභාරය තවමත් පූර්ණ ලෙස හෙළි දක්වා නැත. එම නිසා එළියකන්ද පිලිබඳ වගකීම හමුදාවට හෝ කැරලිකරුවන්ට පවරා නිදහස් වීමට නොහැක.

    Ajith%2BPerakum%2BJayasinghe.jpg

    අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු එළියකන්දේ පුරා වසරකුත් මාසයකුත් දිනක කාලයක් සිරගතව සිටියේය. මේ හැර ඔහු වෙනත් කඳවුරු වලද රඳවා තබන ලදි. මෙම කඳවුරු වලදී ඔහු බොහෝ බිහිසුණු දේවල් අත් දුටුවේය.

    හෙට්ටියාවල කඳවුරේද සිටි අජිත් හෙට්ටියාවල කඳවුරේ සිටි එක් සාජන්වරයෙකු ගැන පවසයි. ඔහු රූකාන්තගේ සින්දු වලට නටන නමුත් දක්ෂ ලෙස පිහියකින් රැඳවියන් ගේ බෙලි කපා මරා දැමූ පුද්ගලයෙකි. වරක් එලියකන්දේදී නවක සොල්දාදුවෙක් රැඳවියන් දෙදෙනෙකුට උදැල්ලකින් ගසා ගෙලවෙන් කර, එක් හිසක් වැටෙන් එහා පැත්තට විසි කර එය අජිත්ට ගේන්නට නියෝග කලේය. මේ සොල්දාදුවා හොරණ ප්‍රදේශයේ අවුරුදු 19ක් පමණ වූ තරුණයෙකි.

    එළියකන්ද තිබුණේ හමුදා බුද්ධි අංශය භාරයේයි. ඔහු එළියකන්දේ සිටි මුල් කාලයේ එය භාරව සිටි 4 වන කාලතුවක්කු හමුදාවේ කපිතාන්වරයා පසු කලෙක ඉතා ජ්‍යේෂ්ඨ තනතුරකට පත් වූ බව ඔහු සිතයි. ඔහු අජිත්ගේ ජීවිතය බේරා දීමට කටයුතු කලේය. ඔහු සිටි කාලයේත් එහිදී දරුණු වධ බන්ධන සිදු වූ මුත්, ඝාතන සිදු වුණේ නැත. 1989 මැද භාගයේදී පමණ ඔහු ගම්පහ ප්‍රදේශයේ බුද්ධි අංශය භාරව ගිය බව දැන ගන්නට ලැබුණි. මාතර දිස්ත්‍රික්කයේ බුද්ධි අංශය භාරව කලින් ගම්පහ බුද්ධි අංශය භාරව සිටි කණ්ඩායම පැමිණි අතර විශාල වෙනසක් සිදු වුණේ එතැන් සිටයි. එම කණ්ඩායම තරමක් බුද්ධි හීන අංශයක් වුණත්, තිරශ්චීන ලෙස වධ බන්ධන හා මිනිස් ඝාතන සිදු කරමින් ජවිපෙ මර්දනය කරන්නට සමත් බව ඔහු පවසයි. අජිත් ගේ මතකයට අනුව මේ කාලයේ මාතර සම්බන්ධීකරණ නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් සිරි පීරිස්.

    එළියකන්දේ සිටි ප්‍ර‍ධානියා දෙවන ලුති. නිමල් සිල්වා (6 කාලතුවක්කු) විය. එසේම සාජන් දිසානායක, බොම්බඩියර් සෙනෙවිරත්න, ලාන්ස් බොම්බඩියර්අමරසිරි, සිරිල්, කිත්සිරි, හරිශ්චන්ද්‍ර‍, වික්‍ර‍මසිංහ, උදයසිරි, නන්දසිරි, දයාරත්න ආදීන් හිටි බව ඔහුට මතකය.

    එළියකන්ද කඳවුර සහ එහි රැඳවියන් මගේ අධ්‍යන වලට ලක්වී තිබේ. මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුමහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න කිරීම් කරන්නෙකු මෙන්ම වදකයෙකු වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනාඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම් ක්‍රියාත්මක කිරීම ඔහු විසින් සිදුකරතිබේ. 2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථඅක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය.

    සාමාන්‍ය සෙබළ XX2 ආක්‍රාන්තිය, සිහිනෙන් බියවීම, භීතිකා, සමුද්දේශ පිලිබඳ අදහස්,මායාදර්ශණ හා කම්පනයට අදාළ විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනි. කේ පොයින්ට් කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලටඇබ්බැහිව සිටියේ ය. මේ අනුව වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුට ද අනර්ථයක් සිදුකරන දෙපැත්තම කැපෙන අසිපතකි. වධහිංසනය පමුණුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙළේ.

    වධ බන්දනයට ලක් වූවන් බොහෝ විට ප්ශ්චාත් ව්‍යසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ පෙන්වති. මෙම ක්ලමථ ලක්‍ෂණ අතර තදබල විශාදිය, හීන වූ ජීවිතආශාව, හැඟීම් නිර්වින්දනය දක්නට තිබේ එළියකන්ද කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ පුද්ගලයෝ තවමත් අනේක මානසික ව්‍යාධි වලින් පෙළෙති.

    මා දක්නා පරිදි අජිත් වධ බන්ධනයට ලක්වූ නමුදු බරපතල දුර්විපාකයන් ගෙන් තොරව සාර්ථකව සමාජගතවූ පුද්ගලයන් ස්වල්පය අතරින් කෙනෙකි. ඔහු ලේඛන කලාව මගින් තමා වටා තිබූ අයෝමය වලල්ල බිඳ දැමූ අයෙකු බව මට සිතේ. එසේම ඔහු තම දරුවන් කෙරෙහි දක්වන්නේ අපරිමිත ආදරයකි. ඔහු තුල සිටි මනුෂ්‍යයා ප්‍රබල විය. මේ අනුව එළියකන්ද වධ කඳවුරට අජිත්ව විනාශ කිරීමට නොහැකි විය.

    පහත දැක්වෙන්නේ එළියකන්ද ‘කේ පොයින්ට්’ වධකාගාරය සහ වධ බන්ධනය ගැන අජිත් පැරකුම් ජයසිංහ සමග මා විසින් කරන ලද සාකච්ඡාවයි.

    කැරලිකරුවෙකු වීම සඳහා ඔබට සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්

    මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණ. ඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්. ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. ජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍ය, නො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්, ගීත රචකයන්, ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණා. නම් ලැයිස්තුවක් කියනවා නම්, රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී , ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේ. තමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවා. අරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන් ඒ අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැ. මා අදත් කැරැලිකරුවෙක් තමයි. හැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්. මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැ. හේතුව, මා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.

    1988 / 89 කාලයේදී ඔබගේ ජීවිතය ගලා ගියේ කෙසේද ?

    1984 පමණ සිට මම ජවිපෙ දේශපාලනය කළා. ඉතා ඉක්මණින් ම ඒ වන විට මා කරමින් සිටිය විශේෂ ඉංජිනේරු ආධුනික පාඨමාලාව මගහරිමින් ජවිපෙ දේශපාලනයට වැඩිපුර යොමු වුණා. ජවිපෙ පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ මාස තුනක් රිමාන්ඩ් භාරයේ තබා නිදහස් කිරීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට යොමු වුණා. ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා.

    ඔබව අත් අඩංගුවට පත් වන්නේ කෙසේද?

    මාතරදී රාත්‍රිය නිදා ගැනීමට තැනක් සොයමින් යද්දී, වෙලක් මැද මාර්ගයකදී මග පෙන්වන්නන්ගේ වරදක් නිසා හමුදාවේ කොමාන්ඩෝ භට පිරිසකගේ අත්අඩංගුවට පත් වුණා.

    මුලින්ම ප්‍රශ්න කල පුද්ගලයා මතකද?

    මතකයි. අලුත බැඳුණු දෙවන ලුතිනන් කෙනෙක්. ඒවා ප්‍රශ්න කිරීම් නෙමෙයි. කට්ටියක් එක්ක එකතු වී නිකම් පහරදීම් විතරයි. දෙවනුව ප්‍රශ්න කිරීම් කළ ලුතිනන්වරයා පසුව මඩකලපුව පැත්තේ කොටි පාලන ප්‍රදේශයකට මුහුදෙන් ගොඩබැසීමේ ක්‍රියාන්විතයකදී කොටින්ගේ ප්‍රහාරයට ලක් වී බෝට්ටුවේ ම මිය ගොස් පසුව ඔහුගේ සගයන් විසින් මළ සිරුර මුහුදට දමනු ලැබූ බව දැනගන්නට ලැබුණා. ඔහු මට මානුෂික අන්දමින් සැලකුවා. එළියකන්දට භාර දෙනකල් ඔහුගේ සාජන් හැර වෙනත් අය මට පහර දුන්නේ නැහැ. මා එළියකන්දේ සිටිද්දීත් මාස ගණනකට පසුව වරක් ඔහු එහි පැමිණි විටෙක මගේ සුව දුක් ඇසුවා. එම භට පිරිස අතර සිටි මාතර පැත්තේ ම සාජන්වරයෙක් මා ඔවුන් යටතේ සිටි දින කීපයක කාලය අතරතුර වරින් වර පැමිණ මා උස්සා පොළවේ ගැසුවා. ඔහු බොහෝ වාර ගණනක් මා පොළවේ ගසන්නට ඇති. මේ සාජන් පසු කලෙක ජේ.ඕ.සී. බෝම්බයෙන් මිය ගිය බව ද ඔහුගේ මිනියවත් නො තිබුණු බව ද දැන ගන්නට ලැබුණා.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,510
    6,618
    113
    ප්‍රශ්න කිරීමේදී ඔවුන් යොදාගත් ක්‍රම මොනවාද?

    වැඩියෙන් ම කළේ විශාල මුගුරුවලින් දැඩිව පහර දීම. ඊට අමතරව, එළියකන්දේදී මගේ එක් කණක් පැලෙන්න ම පහර දුන්නා. ඒ කණෙන් ගොඩක් දවස් කුණු සැරව ගැලුවා. මාව මැද පෙළේ නායකයකු ලෙස හඳුනා ගැනීම හා මා සමග අසු වූ වෙනත් නායකයකු හමුදාව සමග සම්මුතියකට පැමිණීමත් නිසා මගෙන් දැඩි ලෙස වධ දී ප්‍රශ්න කිරීමක් වුණේ නැහැ. හැබැයි, ඔහු ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ලබා දුන්නා මිසක කිසිවකු පාවා දුන් බවක් මා දන්නේ නැහැ. ඔහු මා දිගු කලක සිට දැන සිටි අයෙක්. ඒ නිසා ඔහු මා පිළිබඳ සියලු තොරතුරු කියා තිබුණා. මා අසු වන විට (1989 මැයි) හදිසි නීතිය නො තිබුණු නිසාත්, මට හා මා සමග අසු වූ අනෙක් අයට රැඳවුම් නියෝග ලබා ගත් නිසාත්, ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා අසු වූ එක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු නිදහස් කිරීම නිසාත්, ඔහුගේ මැදිහත් වීමෙන් අප සම්බන්ධයෙන් හබයාස්කෝපුස් ගොනු කර තිබුණු නිසාත්, ඒ වකවානුවේ මාතර දිස්ත්‍රික්කයේ හමුදා බුද්ධි අංශය භාරව සිටි කැප්ටන් රත්නායක (4වන පාබල හමුදාව) දැඩි මර්දනයක් සිදු කළ අයෙකු නො වන නිසාත්, මේ වකවානුවේ එළියකන්දේ රඳවාගෙන සිටියේ සුළු පිරිසක් පමණක් නිසාත්, එහි ඒ වන විට එතරම් ම නරක තත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු ඇතුළු පිරිස මාරු වී ගිය පසු එළියකන්දේ තත්වය වෙනස් වුණා. එය හුදෙක් ම මිනිසුන් වධ දීම සඳහා හා මරණ තෙක් හෝ වෙනත් කඳවුරකට පිටත් කරන තෙක් රඳවා ගන්නා තැනක් බවට පත් වුණා.

    එලියකන්ද වෙත ඔබව ගෙනියන්නේ කවදාද?

    1989 මැයි 28 විතර.

    එලියකන්දේ ඔබ අත් දුටු සිද්ධීන් මොනවාද?

    එතන විධිමත් ප්‍රශ්න කිරීමක් සිදු වූ තැනක් නෙමෙයි. එතන කළේ මිනිසුන්ට සාමූහිකව වධ දීම, මිනිසුන් පහර දී මරා දැමීම හා මරා නො දමන අය රැඳවුම් කඳවුරකට යවන තෙක් රඳවා තබා ගැනීමයි. එහි සිරකරුවන් රඳවා ගැනීමේ කිසිදු ප්‍රමිතියක් තිබුණේ නැහැ. එකවර පැපොල රෝගීන් 70, 80 සිටියා. පාචනය වැළඳුණු රෝගීන් එළිමහනේ වැසිකිලි වල ළඟ දම්වැලක බැඳ දමා තිබුණා. රෝගීන් සංඛ්‍යාව කීයක් වුණත්, සියලු දෙනා ඒ අඩි 12ක් විතර දිග දම්වැලේ තමයි හිටියේ. සමහරු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව පාචනයෙන් මැරුණා. කඳවුරට මාතර කොටුවේ සිට කෑම ගෙන ඒම වැනි දේට පාවිච්චි කළ කහපාට ඩබල් කැබ් වාහනයෙන් ම රෑට මේ මළ මිනී අරගෙන ගියා. පසුව කාලෙක ඒවා වැසිකිළි වල එහා පැත්තේ වලක දමා පිළිස්සුවා.

    එලියකන්දේ සිටි නිලධාරීන් ඔබට මතකද?

    මතකයි. හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්‍රශ්නයේ වෙනස් විධියක ගොදුරු.

    ඔබ එලියකන්දේ සිටියදී එහි යොදාගත් වධ බන්ධනයන් මොනවාද?

    දෑතේ ඇඟිලිවලින් එල්ලීම, ෂොපිං කවර කීපයක් එකතු කර එය තුළට පෙට්‍රල් දමා ඒවා හිසට දමා හුස්ම හිර වන තුරු තැබීම, පුද්ගලයකු මොහොතකට සිහි විසඥව ඇද වැටෙන පරිදි බෙල්ලේ පිටුපසට පොල්ලකින් පහර දීම, හිස වතුර ටැංකියක එබීම, සීමාන්තිකව පහර දීම, අධික වෙහෙසින් මැරෙන තුරු ශාරීරික ව්‍යායාම කරවීම, වැසිකිළි යන්නට නො දීම, දිගු කාලයක් තිස්සේ නිදහසේ කෑම කෑමට නො දී කෙටි කාලයක් තුළ ආහාර ගිල්ලවීම, කෑම කන විට පොලුවලින් පහර දීම, එකපිට එකා නංවා පෑගවීම, නිවස තුළ වැසිකිළිවල දිගු කාලීනව සඟවා තැබීම, පිඹුරකු ඇඟට හෝ සිරකරු සිටින වැසිකිළියට දමා බිය වැද්දවීම, කිසිවකු සමග කතා කිරීමට නො දීම, මාස ගණන් ඇස් බැඳ තැබීම, හැම විට ම අත පයවලට මාංචු දමා තැබීම. හෙට්ටියාවල කඳවුරේ ලුතිනන් මීඩිං අමුතු වධ බන්ධන ක්‍රමයක් භාවිතා කළා. කුරුසෙ ගහනවා ය කියා හැඳින්වූ මෙහිදී පුවක් ගස් දෙකකින් හැදූ කුරුසයක සිරකරුවන් දවස් ගණනක් එල්ලා තැබුවා. ඒ සිරකරුවන්ගේ අත් මාස ගණනක් ම අක්‍රියවයි තිබුණේ. ඔවුන්ට බත් ටික අනා කටට ගෙන යන්නට හෝ බැරි වුණා. සිරකරුවන් හැමෝම මේ හැම එක වධයකට ම ලක් වුණේ නැහැ.

    ඔබ නිදහස් වූ ආකාරය ?

    1990 යුද්ධය පටන් ගත් විට හමුදා කඳවුරු වසා දමන ලදී. එවිට මා වීරවිල රැඳවුම් කඳවුරට යවන ලද අතර පොලිසියට භාර දුන් 40ක විතර පිරිස නිදහස් කර, පැහැරගෙන ගොස් මරා දැමුවා. මා ද මුලින් පොලිසියට භාර දීමට නියමිතව තිබුණ මුත්, මගේ ඉල්ලීම මත එහි සිටි නිලධාරීන් දෙදෙනෙකු වන කිත්සිරි හා දයාරත්න මට වීරවිලට යාමට ඉඩ සලස්වා දුන් නිසා මගේ ජීවිතය බේරුණා. හැබැයි දයාරත්න තමයි අර කපපු බෙල්ලක් වැටෙන් එහාට විසි කර මට එය ගෙනැවිත් දෙන්නැයි කියූ ඝාතකයා. වීරවිල සිට පොල්ගොල්ල, සේදවත්ත පන්සල, ගොඩිගමුව පන්සල, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානය වැනි පුනරුත්ථාපන කඳවුරුවල තබාගෙන තබාගෙන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය හරහා 1993දී නිදහස් කරන ලදී.

    වධ බන්ධනයන්බොහෝ මානසික පීඩා ඇති කලද ඔබට සමාජගත වීමට උපකාර වූයේ කවර දේවල් ද?

    විශේෂ උපකාර වීමක් තිබුණේ නැත. ඔය පුනරුත්ථාපන වැඩසටහන්වලින් නම් කිසිදු උපකාරයක් ලැබුණේ නැත. පොල්ගොල්ලේදී සැලසුම් ශිල්පය පාඨමාලාවක් කළෙමි. එහෙත්, වීරවිලදී අපි ඊට වඩා හොඳ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් අප විසින් ම සංවිධානය කර පවත්වන ලදී. මම බොහෝ අයට ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. සාක්ෂාරතාව පවා නැතිව කඳවුරුගතව සිටි මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණයෝ බොහෝ දෙනෙක් ලියන්නට කියවන්නට ඉගෙන ගත්තේ අප විසින් දියත් කළ ඒ වැඩසටහන්වලදීයි. වීරවිලදී මම ගෙලට අසිපත තබා ඇත දැන් නමින් දිග නාට්‍යයකුත්, කෙටි නාට්‍ය බොහෝ ගණනකුත් නිෂ්පාදනය කළා. සමනල සඳෙස නම් දිග කාව්‍යය ලිව්වා. එය ඇතුළේ හුවමාරු කරගෙන කියෙව්වා. මුද්‍රණය කළේ නැහැ. ඊට අමතරව අළු යට ගිනි නමින් ලියූ නවකතාවක් කඳවුරේ සිටියදී ම 1992දී පමණ දිවයින නවකතා තරගයට යැව්වා. එය අවසන් අත්පිටපත් දහය අතරට තේරී තිබුණත් පළමු, දෙවන, තුන්වන තැන් හිමි වුණේ නැහැ. එයත් පළ කළේ නැහැ. මම මුල් ම පරිවර්තනය ලෙස ජූල්ස් වර්න්ගේ ලොව වටා අසූ දිනකින් පොතේ තරමක් සරළ කළ පොතක් පරිවර්තනය කළේත් වීරවිලදීයි. මාස කීපයක් වෙහෙස වී මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය කර සමත් වුණා. මම ඉගෙන ගත්තේ මම කැමති විෂයන් වූ සිංහල, ඉංග්‍රීසි සාහිත්‍යය, දේශපාලන විද්‍යාව හා නාට්‍ය හා රංග කලාවයි. විභාගයට දින 10කට විතර පෙර මා පැලවත්ත කඳවුරට ගෙන ගියා. එහිදී මා මුහුණ දුන් ප්‍රශ්න නිසා මා පාඩම් කිරීම අතහැර දැම්මා. කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගත් ලකුණු මට්ටමට වඩා ලකුණු තුනයි මට අඩු වුණේ. ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් තනිව ම සෙමින් සමාජගත වුණා. නිදහස් වී ටික කලකින් තරග විභාගයක් සමත් වී ඉංග්‍රීසි ගුරු වෘත්තියට ඇතුළත් වීමත්, පදවිය ප්‍රදේශයේ රැකියාව කිරීම සමග අලුත් සමාජයක ඇසුරට පත් වීමත්, අලුත් මිතුරන් ඇති වීමත්, ජවිපෙ දේශපාලනයෙන් මුළුමනින් ම ඈත් වීමත් නිසා සමාජගත වීම පහසු වුණා.

    වින්දිතයන් බොහෝ දෙනෙකු විශාදය පශ්චාත් ව්‍යසන ක්ලමථය (PTSD) වැනි තත්වයන් වලට පත් වූවද ඔබ සාමාජීය වශයෙන් ක්‍රියාශීලී වීම සඳහා ඔබට ශක්තිය ලැබුනේ කෙසේද?

    පදවියේදී හමු වූ මිතුරන් සමග ආරම්භ කරන ලද අලුත් ජීවිතය හා පාසල් ළමයින් සමග ගත කළ ක්‍රියාකාරී ජීවිතය එහිදී ප්‍රධාන වුණා. පෙම්වතියන් ඇසුරත්, ඔවුන්ගේ ආදරය ලැබීමත් ප්‍රබල හේතු ලෙස සැලකිය හැකියි. ආදරය කළ හැමෝ එක්ක ම ගොඩක් දුර යන්නට බැරි වුණා. මට විවාහ වෙන්නට උවමනා කර තිබුණා. ඒ නිසා මම හෙව්වේ විවාහ වෙන්නට සුදුසු ආදරවන්තියක්. අවසානයේදී මට හොඳ බිරිඳක් ලැබුණා. අද ඉන්න මම ඇයට ගොඩක් ණයයි.

    එලියකන්ද ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක් ද?

    එය ජීවිතයේ කිසි කලෙක අමතක කළ නො හැකි නපුරු සිහිනයක් වැනි සමයකි. එහෙත්, එය ජීවිතය ගැන ගැඹුරු අත්දැකීමක් ලැබීමට අවස්ථාව ලබා දුන්නා. තිරිසන්කමට කිට්ටු ප්‍රාථමික තත්වයන්හිදී මිනිසුන්ගේ හැසිරීම් සාමාන්‍ය ශිෂ්ට සමාජයේ හැසිරීම්වලින් හාත්පසින් ම වෙනස්. එහෙත්, අවසානයේදී වධකයෝ ද ලෙයින් මසින් සැදි මිනිස්සු ය. එළියකන්දේ වධකයන් එක් අයෙක් හෝ දෙදෙනෙක් පසු කලෙක එහි සිට නිදහස් වූ ජවිපෙ සිරකරුවන්ගේ සොයුරියන් විවාහ කර ගත්තා. මේ ඇතැම් පවුල් ප්‍රදේශයේ ජවිපෙ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයන්ට සම්බන්ධ ඒවායි. එම ඉදිරි පෙළ ක්‍රියාකාරිකයන් මරා දමන ලදී. එහෙත්, ඒ පවුල්වල ගැහැනු පසු කලෙක එවැනි ඝාතකයන් විවාහ කර ගත්තා. ඉන් පසු ඔවුන් කුමන ආකාරයේ ජීවිත ගත කළා ද යන්න මම දන්නේ නැහැ.

    අනාගත පරම්පරාවට ඔබ දෙන පණිවිඩය කුමක් ද?

    නො ගැඹුරු වාමාංශික දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය වනාහි එකම වර්ගයේ පිටුදැකිය යුතු සමාජ පිළලයන් ය. බලය වෙනුවෙන් කෙටි මං සොයන අය තමන්ගේ අරමුණු වෙනුවෙන් ගිනි ඇවිළීමට පාවිච්චි කරන පිදුරු වන්නේ තරුණයන් ය. ලංකාවේ තරුණ පරම්පරා තුනක් මේ ව්‍යාජ විප්ලවවාදී හා ජාතිවාදී කැරැලි නිසා මහා පරිමාණයෙන් ජීවිත අහිමි කර ගත්තා. ඒ තරුණයන් ජීවත් වුණා නම් හා ඔවුන්ගේ හැකියාවන් වඩා ඵලදායී දේ වෙනුවෙන් යොදා ගත්තා නම් අපට මීට වඩා සොඳුරු ලෝකයක ජීවත් වන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තරුණයන් මේ අන්තවාදී ව්‍යාපාරවලින් මුදා ගැනීමට කටයුතු කිරීම බරපතල සමාජ වගකීමක්. ඒ වගේ ම තරුණයන්ට දේශපාලනයේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියේ නිමග්න වෙන්නට සාධාරණ අවස්ථා ලබා දීමට අප ක්‍රියා කළ යුතුයි. තරුණයන්ට තමන්ගේ ජවය තමන්ගේත්, සමාජයේත් යහපත වෙනුවෙන් උපරිමයෙන් පාවිච්චි කරන්නටත්, සතුටින් ජීවත් වන්නටත් අවස්ථාව ලබා දිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම අවශ්‍යයි.

    සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග
    ඉරුදින -
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,038
    113
    එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම්ගේ බිහිසුණු මතක

    අජිත් පැරකුම් ජයසිංහ නොහොත් පැරා ලේඛකයෙකි එසේම බ්ලොග් රචකයෙකි, සමාජ ක්‍රියාකාරිකයෙකි , ගුරුවරයෙකි. ඔහුගේ සමාජ අත්දැකීම් බහුලය.

    එළියකන්ද වද කඳවුර පිලිබඳ කතිකාව මුලින්ම ඇති වූයේ රෝහිත මුණසිංහ විසින් රචිත එළියකන්ද වද කඳවුර නම් කෘතිය මගිනි. එළියකන්ද වද කඳවුර නොහොත් කේ පොයින්ට් යනු අපගේ සමාජය එක් කාලයකදී ගමන් කරන ලද අඳුරු යුගයක් සනිටුහන් කරන ස්ථානයකි. මෙම අඳුරු යුගය ඇතිකිරිමේ ලා දේශපාලකයන් මෙන්ම කළා කරුවන් ද විසින් කරන ලද කාර්‍යභාරය තවමත් පූර්ණ ලෙස හෙළි දක්වා නැත. එම නිසා එළියකන්ද පිලිබඳ වගකීම හමුදාවට හෝ කැරලිකරුවන්ට පවරා නිදහස් වීමට නොහැක.

    Ajith%2BPerakum%2BJayasinghe.jpg

    අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු එළියකන්දේ පුරා වසරකුත් මාසයකුත් දිනක කාලයක් සිරගතව සිටියේය. මේ හැර ඔහු වෙනත් කඳවුරු වලද රඳවා තබන ලදි. මෙම කඳවුරු වලදී ඔහු බොහෝ බිහිසුණු දේවල් අත් දුටුවේය.

    හෙට්ටියාවල කඳවුරේද සිටි අජිත් හෙට්ටියාවල කඳවුරේ සිටි එක් සාජන්වරයෙකු ගැන පවසයි. ඔහු රූකාන්තගේ සින්දු වලට නටන නමුත් දක්ෂ ලෙස පිහියකින් රැඳවියන් ගේ බෙලි කපා මරා දැමූ පුද්ගලයෙකි. වරක් එලියකන්දේදී නවක සොල්දාදුවෙක් රැඳවියන් දෙදෙනෙකුට උදැල්ලකින් ගසා ගෙලවෙන් කර, එක් හිසක් වැටෙන් එහා පැත්තට විසි කර එය අජිත්ට ගේන්නට නියෝග කලේය. මේ සොල්දාදුවා හොරණ ප්‍රදේශයේ අවුරුදු 19ක් පමණ වූ තරුණයෙකි.

    එළියකන්ද තිබුණේ හමුදා බුද්ධි අංශය භාරයේයි. ඔහු එළියකන්දේ සිටි මුල් කාලයේ එය භාරව සිටි 4 වන කාලතුවක්කු හමුදාවේ කපිතාන්වරයා පසු කලෙක ඉතා ජ්‍යේෂ්ඨ තනතුරකට පත් වූ බව ඔහු සිතයි. ඔහු අජිත්ගේ ජීවිතය බේරා දීමට කටයුතු කලේය. ඔහු සිටි කාලයේත් එහිදී දරුණු වධ බන්ධන සිදු වූ මුත්, ඝාතන සිදු වුණේ නැත. 1989 මැද භාගයේදී පමණ ඔහු ගම්පහ ප්‍රදේශයේ බුද්ධි අංශය භාරව ගිය බව දැන ගන්නට ලැබුණි. මාතර දිස්ත්‍රික්කයේ බුද්ධි අංශය භාරව කලින් ගම්පහ බුද්ධි අංශය භාරව සිටි කණ්ඩායම පැමිණි අතර විශාල වෙනසක් සිදු වුණේ එතැන් සිටයි. එම කණ්ඩායම තරමක් බුද්ධි හීන අංශයක් වුණත්, තිරශ්චීන ලෙස වධ බන්ධන හා මිනිස් ඝාතන සිදු කරමින් ජවිපෙ මර්දනය කරන්නට සමත් බව ඔහු පවසයි. අජිත් ගේ මතකයට අනුව මේ කාලයේ මාතර සම්බන්ධීකරණ නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් සිරි පීරිස්.

    එළියකන්දේ සිටි ප්‍ර‍ධානියා දෙවන ලුති. නිමල් සිල්වා (6 කාලතුවක්කු) විය. එසේම සාජන් දිසානායක, බොම්බඩියර් සෙනෙවිරත්න, ලාන්ස් බොම්බඩියර්අමරසිරි, සිරිල්, කිත්සිරි, හරිශ්චන්ද්‍ර‍, වික්‍ර‍මසිංහ, උදයසිරි, නන්දසිරි, දයාරත්න ආදීන් හිටි බව ඔහුට මතකය.

    එළියකන්ද කඳවුර සහ එහි රැඳවියන් මගේ අධ්‍යන වලට ලක්වී තිබේ. මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුමහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න කිරීම් කරන්නෙකු මෙන්ම වදකයෙකු වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනාඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම් ක්‍රියාත්මක කිරීම ඔහු විසින් සිදුකරතිබේ. 2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථඅක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය.

    සාමාන්‍ය සෙබළ XX2 ආක්‍රාන්තිය, සිහිනෙන් බියවීම, භීතිකා, සමුද්දේශ පිලිබඳ අදහස්,මායාදර්ශණ හා කම්පනයට අදාළ විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනි. කේ පොයින්ට් කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලටඇබ්බැහිව සිටියේ ය. මේ අනුව වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුට ද අනර්ථයක් සිදුකරන දෙපැත්තම කැපෙන අසිපතකි. වධහිංසනය පමුණුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙළේ.

    වධ බන්දනයට ලක් වූවන් බොහෝ විට ප්ශ්චාත් ව්‍යසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ පෙන්වති. මෙම ක්ලමථ ලක්‍ෂණ අතර තදබල විශාදිය, හීන වූ ජීවිතආශාව, හැඟීම් නිර්වින්දනය දක්නට තිබේ එළියකන්ද කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ පුද්ගලයෝ තවමත් අනේක මානසික ව්‍යාධි වලින් පෙළෙති.

    මා දක්නා පරිදි අජිත් වධ බන්ධනයට ලක්වූ නමුදු බරපතල දුර්විපාකයන් ගෙන් තොරව සාර්ථකව සමාජගතවූ පුද්ගලයන් ස්වල්පය අතරින් කෙනෙකි. ඔහු ලේඛන කලාව මගින් තමා වටා තිබූ අයෝමය වලල්ල බිඳ දැමූ අයෙකු බව මට සිතේ. එසේම ඔහු තම දරුවන් කෙරෙහි දක්වන්නේ අපරිමිත ආදරයකි. ඔහු තුල සිටි මනුෂ්‍යයා ප්‍රබල විය. මේ අනුව එළියකන්ද වධ කඳවුරට අජිත්ව විනාශ කිරීමට නොහැකි විය.

    පහත දැක්වෙන්නේ එළියකන්ද ‘කේ පොයින්ට්’ වධකාගාරය සහ වධ බන්ධනය ගැන අජිත් පැරකුම් ජයසිංහ සමග මා විසින් කරන ලද සාකච්ඡාවයි.

    කැරලිකරුවෙකු වීම සඳහා ඔබට සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්

    මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණ. ඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්. ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. ජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍ය, නො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්, ගීත රචකයන්, ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණා. නම් ලැයිස්තුවක් කියනවා නම්, රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී , ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේ. තමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවා. අරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන් ඒ අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැ. මා අදත් කැරැලිකරුවෙක් තමයි. හැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්. මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැ. හේතුව, මා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.

    1988 / 89 කාලයේදී ඔබගේ ජීවිතය ගලා ගියේ කෙසේද ?

    1984 පමණ සිට මම ජවිපෙ දේශපාලනය කළා. ඉතා ඉක්මණින් ම ඒ වන විට මා කරමින් සිටිය විශේෂ ඉංජිනේරු ආධුනික පාඨමාලාව මගහරිමින් ජවිපෙ දේශපාලනයට වැඩිපුර යොමු වුණා. ජවිපෙ පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ මාස තුනක් රිමාන්ඩ් භාරයේ තබා නිදහස් කිරීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට යොමු වුණා. ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා.

    ඔබව අත් අඩංගුවට පත් වන්නේ කෙසේද?

    මාතරදී රාත්‍රිය නිදා ගැනීමට තැනක් සොයමින් යද්දී, වෙලක් මැද මාර්ගයකදී මග පෙන්වන්නන්ගේ වරදක් නිසා හමුදාවේ කොමාන්ඩෝ භට පිරිසකගේ අත්අඩංගුවට පත් වුණා.

    මුලින්ම ප්‍රශ්න කල පුද්ගලයා මතකද?

    මතකයි. අලුත බැඳුණු දෙවන ලුතිනන් කෙනෙක්. ඒවා ප්‍රශ්න කිරීම් නෙමෙයි. කට්ටියක් එක්ක එකතු වී නිකම් පහරදීම් විතරයි. දෙවනුව ප්‍රශ්න කිරීම් කළ ලුතිනන්වරයා පසුව මඩකලපුව පැත්තේ කොටි පාලන ප්‍රදේශයකට මුහුදෙන් ගොඩබැසීමේ ක්‍රියාන්විතයකදී කොටින්ගේ ප්‍රහාරයට ලක් වී බෝට්ටුවේ ම මිය ගොස් පසුව ඔහුගේ සගයන් විසින් මළ සිරුර මුහුදට දමනු ලැබූ බව දැනගන්නට ලැබුණා. ඔහු මට මානුෂික අන්දමින් සැලකුවා. එළියකන්දට භාර දෙනකල් ඔහුගේ සාජන් හැර වෙනත් අය මට පහර දුන්නේ නැහැ. මා එළියකන්දේ සිටිද්දීත් මාස ගණනකට පසුව වරක් ඔහු එහි පැමිණි විටෙක මගේ සුව දුක් ඇසුවා. එම භට පිරිස අතර සිටි මාතර පැත්තේ ම සාජන්වරයෙක් මා ඔවුන් යටතේ සිටි දින කීපයක කාලය අතරතුර වරින් වර පැමිණ මා උස්සා පොළවේ ගැසුවා. ඔහු බොහෝ වාර ගණනක් මා පොළවේ ගසන්නට ඇති. මේ සාජන් පසු කලෙක ජේ.ඕ.සී. බෝම්බයෙන් මිය ගිය බව ද ඔහුගේ මිනියවත් නො තිබුණු බව ද දැන ගන්නට ලැබුණා.
    එළියකන්ද බටලන්ද මිනීමරුවො ඇල්ලුවද බන්?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,864
    113
    @monson මෙහෙ වරෙන් පොන්නයෝ.. එලියකන්දේ වද කඳවුර කියලා එකක්‌ තිබුණේ නැහැ නේද රනිල්ට කඩේ යන අවජතකයෝ?
     
    Sen-lu

    Well-known member
  • 88/89 කාලේ අවුරුදු 4-5 ළමයි නිසා අපි බේරුණා. ඒ කාලේ අවුරුදු 20-25 වගේ හිටිය නම් වෙලහකට ටයර් එකක් ඇතුලේ පිච්චිලා
    ඒ උනාට පජාතන්නවාදය පාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හොඳටම රකින්නෙ රනිල් සෑර් ප්‍රමුඛ ගුපියො 🙄🙄
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,038
    113
    awlak na ponnayo. ayi umbata puke amaruwada meka gana?
    නෑ වේස බයියන්ට පුකේ අමාරුවනෙ පොන්නයෝ. දැන් පුකේ අමාරුව සනීප කරතෑකි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,651
    16,160
    113
    Auckland
    ජෙප්පො සාපය ඉවර කරපු එක නම් ලොකු දෙයක් නේද ඇත්තට :yes:
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    7,385
    1
    23,598
    113
    මොන තිරිසන්නුද බං මුං?

    වගේ වගක් නැතුව මිනී මරපු ජෙප්පන්ට නම් මෙහෙම වධ දීලා මැරුවට කමක් නෑ කියන්න පුලුවන්. ඒත් JVP මතය දැරුව උන්, JVP කියලා අල්ලගෙන ගියපු අහිංසක මිනිස්සු තමයි බහුතරයක් විදියට වධකාගාර වල මැරුවේ

    හමුදාවේ හිටපු මේ වගේ එවුන් නම් කොටි බෝම්බ වලින් කෑලි වෙලා ගියපු එකට පව් නෑ. ප්‍රේමදාස, රන්ජන් විජේරත්නට වගේ උන්ටත් බඩු හම්බ වුනා. බලමු රනිල්, රාජිත, ගාමිනී ලොකුගේ වගේ උන්ටත් රිටන් එක ලැබෙයිද කියලා
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,129
    113
    සෝමාලි මුහුදේ
    සින්හලයෝ කියන්නේ අමුම අමු කැ&රියො ඉස්සර ඉදන්ම..ආයේ ගෑවුනොත් ඉවරයි..දැනුත් එහෙමයි..ලෝකේ ඉන්න ජරාම ජාතියක්..ඉක්මනට වදවෙලා යන්න ඕනි ලෝකෙන්..ඔය පොත මාත් කියෙව්වා..මොකා රට පාලනය කරත් මේ රටවල් ගොඩ එන්නේ නෑ..මේකේ තියෙන්නේ දේශපාලකයන්ගේ වරද නෙමෙයි..මේ රටේ සාමාන්‍ය මිනිස්සු කියලා ඉන්න 95%ක්ම තක්කඩියෝ.දැක්කනේ තෙල් පෝලිම් කාලේ එහෙම.ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම එලවලා අලුතින් 225ක් ගෙනාවත් ඒත් ඔච්චර තමයි..තව දෙයක් දන්නවද ඔය 88/89න් පස්සේ තමයි ලන්කාවේ උන්ට ඔය යුරෝපය වගේ රටවල් වලට වීසා දුන්නේ නැත්තේ..අදටත් හොද රටකට විසිට් වීසා එකක්වත් සින්හලයෙකුට ලේසියෙන් ගන්න බැරි වෙලා තියෙන්නේ ඔය සීන් එකෙන් පස්සේ..ඔයිට කලින් ලේසියෙන් වීසා දීලා තියනවා ලන්කාවේ උන්ට හොද රටවල් වලට..සුද්දෝ දන්නවා සින්හලු කියන්නේ මොන තරම් බල්ලොද කියලා.
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    515
    93

    I don't think so, immigration laws were more lax back then in general, and then the 83 riots had already caused the country's reputation to go into freefall.
    The main reason Sri Lankans possess 3rd class passports today is directly due to bad diplomacy, which inturn was caused by the progressive politicisation of the foreign service. By the time the JVP insurrection had happened, Sri Lanka had not been stable for some time, except for the South which had been relatively quiet, but nobody cares for the differences between the north and south of a small Island except perhaps its own inhabitants. :D

    Do you have any sources/theories to substantiate your claim perhaps?
     
    Last edited:
    • Like
    Reactions: NRTG and ComradeR