ඒක පුද්ගල ආදායම වැඩි වුණා කියා ආඩම්බර විය #
ඒක පුද්ගල ආදායම වැඩි වුණා කියා ආඩම්බර විය හැකිද?
ඒ අනුව ගත් කල ලංකාවේ බාල මහළු සෑම පුරවැසියකුගේ ම වාර්ෂික ආදායම රු. 240,000ක් පමණ විය යුතුය. එනම්, මාසික ආදායම රු. 20,000ක් පමණ විය යුතුය.
පස්දෙනෙකු ජීවත් වන පවුලක මාසික ආදායම රු. ලක්ෂයක්වත් විය යුතුය.
එසේ සිදු වන්නේ විෂමතාවකින් සම්පූර්ණයෙන් තොරව ආදායම් සර්ව සාධාරණ ලෙසින් බෙදී යන්නේ නම් පමණි.
ඒක පුද්ගල දළ ජාතික ආදායම වැඩි වීම පමණක් නොව ආදායම් විෂමතාව අවම වීම ද සංවර්ධනයේ ලක්ෂණයකි. නොඑසේ නම් සිදු වන්නේ ඉහළ යන ජාතික ආදායම ධනවතුන් සීමිත පිරිසක් විසින් සූරාකෑම නිසා ඔවුන් ධනවත් වද්දී සමාජයේ බහුතර පිරිසක් වැඩි වැඩියෙන් දුප්පත් වීමයි.
කිසිදු ආදායමක් ඉපැයිය නො හැකිය යන පදනමින් ලබා දෙන සමාජ ආරක්ෂණ දීමනාව හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින අන්දමට නම් පිං පඩි ලබන 350,000ක් දෙනා රට පුරා විසිරී සිටින බව සමාජ ආරක්ෂණ හා සමාජ සුබසාධන අමාත්‍යංශ දත්ත පෙන්වා දෙයි.
මෙම පිරිස දිවයින පුරා විසිර සිටිති. ඔවුන්ගේ මාසික දීමනාව රු. 1000 දක්වා වැඩි කිරීමට රජය අයවැයෙන් යෝජනා කරන බව ඇමති ලයනල් ප්‍රේමසිරි පවසයි. දිනකට රු. 30ක පමණ ආදායමක් උපයන මොවුන් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවෙන් බොහෝ පහත ජීවන මට්ටමකයි.
2008දී 1,672,159ක් හෙවත් ලක්ෂ දාසය හමාරකට වැඩි සමෘද්ධිලාභීන් පිරිසක් ලංකාවේ සිටි බව රාජ්‍ය ආදායම් හා මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා 2009 මැයි 05දා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2006/2007 වර්ෂවල ආදායම රු.6283/-ට වඩා අඩු පවුල් සංඛ්‍යාව 452,000ක් වූ බව ද සියඹලාපිටිය මහතා පැවසීය
Source - http://w3lanka.blogspot.com/2010/02/blog-post_23.html

2008 වන විට ඩොලර් 2200ක් වී තිබුණු ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම 2009 වන විට ඩොලර් 2300ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජය පවසයි.