ඒක පුද්ගල ණය ලක්‍ෂ දහයයි.. කිරි දරුවාත් එම මුදලම ණයයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    nandasenage wipathmage wiyathun neda dan mehema kiyanne???????

    වියදම් අඩුකරගෙන ජනතාවට ආදර්ශයක් දෙනවා වෙනුවට අතුරු අයවැයෙන් ආන්ඩුව තම වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 600 කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරගෙන ඇතැයි නිදහස ජනතා සභාවේ ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

    ඒ මහතා එසේ පැවසූවේ නිදහස කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

    ‘මහ බැංකුව වාර්ථාකල විදියට පසුගිය අගෝස්තු මාසයේ උද්ධමනය 70.2% ක්. ඒ කියන්නේ මීට පෙර වසරේ අගෝස්තු මාසයේ තිබුන භාන්ඩ හා සේවා වල මිලට වඩා අද මිල 70% කට වඩා වැඩියි. ආහාර , ප්‍රවාහන වගේ ක්ෂේත්‍ර වෙන වෙනම ගත්තහම මිල ඊටත් වඩා වැඩිවෙලා. මේ මෑතදී හඳුන්වාදුන් අධික විදුලි මිල ඉහල දැමීම් හා සමාජ අරක්ෂක බද්ද වැනි අළුත් බදු වල බලපෑම නැතුව. ඒවත් එකතු උනාම සැප්තැම්බර්, ඔක්තෝබර් උද්ධමනය ඊටත් වඩා වැඩි වෙනවා. අධික ලෙස මිල ඉහල ගියාට ජනතාවගේ ආදායම වැඩි වෙලා නෑ. පවුලට වෙනදා ගත් ආහාර ප්‍රමාණයවත් ගන්න නැතුව දරුවන්ට පාසැල් යන්න ඇඳුම් පොත්පත් සපත්තු අරන්දෙන්න බැරුව ජනතාව අන්ත අසරණ වෙලා ඉන්නේ මේ නිසායි.

    උද්ධමනයට විසඳුම් හොයන්න නම් අපි මුලින්ම උද්ධමනයට හේතුව වටහා ගන්න ඕනේ. පහුගිය කාලේ සමහර ආර්ථික විශේෂඥයෝ උත්සාහ කලා අර්ථකතනය කරන්න මේ උද්ධමනය ඇතිවෙලා තිබෙන්නේ මුදල් සංසරණය වැඩිවෙලා ඉල්ලුම හා සැපයුම අතර සමතුලනය නැතිවෙලා කියලා. ඒකට පිළිතුරක් ලෙස මහ බැංකුව පොලී අනුපාතයන් අධික ලෙස ඉහල දැම්මා. නමුත් එය ප්‍රශ්ණය හරියාකාරව හඳුනාගෙන දුන් විසඳුමක් නොවන නිසා ඒ තීන්දුව පවා අද උද්ධමනයට වක්‍රාකාරව බලපාලා තිබෙනවා.

    ඇත්තෙන්ම කියනවා නම් උද්ධමනය වැඩිවෙලා තිබෙන්නේ මූලිකවම නිශ්පාදන පිරිවැය වැඩි වෙලා නිසායි. නිශ්පාදන පිරිවැය වැඩි වෙලා තිබෙන්නේ මූලිකවම ආනයනික භාන්ඩ වල මිල ඉහල යාම හා අධික පොලී අනුපාත නිසා ව්‍යාපාර කර ගෙන යාමේ වියදම වැඩි වීම වැනි කරුණු නිසායි. මේ කියපු කරුණු වලට හේතුව වෙලා තිබෙන්නේ රුපියල අවප්‍රමාණය වීමයි. රුපියල අවප්‍රමාණය වන්නට හේතුව පසුගිය කාලයේ අයවැය පරතරය පියවන්නට විශාල වශයෙන් මුදල් අච්චු ගැසීමයි. මුදල් අච්චු ගසන්නට හේතුව රටේ විදේශ ණයබර ඉහල ගොස් තව දුරටත් ණය ගැනීම අපහසු වීමයි. ඒ වගේම රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවී විදේශ සංචිත ක්ෂය වීමයි.

    ඉතින් මේ විදියට බැලුවාම මේ සියල්ල එකිනෙකට බැඳුණු ආර්ථික ගැටලු. මෙය සමස්ථයක් ලෙස සලකා විසඳුම් සෙව්වේ නැත්නම් මේ අර්බූධයෙන් ගොඩ එන්නට බෑ. එහෙනම් රජය මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය දිය යුත්තේ අපේ අයවැය පරතරය අඩු කර ගැනීමට හා විදේශ ආදායම් වැඩි කර ගැනීමටයි. නමුත් ආන්ඩුවට එවැනි වැඩ පිලිවෙලක් තිබෙනා බවක් අපට පෙනෙන්නට නෑ. මේ වෙලාවේ වියදම අඩුකරගැනීමට ප්‍රමුඛතාව දිය යුතු වුනත් ආන්ඩුව කරන්නේ තවත් වියදම් වැඩි කරගැනීමයි.

    නිශ්චිත වගකීම් නැති රාජ්‍ය ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් පත් කරලා. තව කැබිනට් ඇමති වරුත් පත් කරනවාලු. මේකද මේ වෙලාවේ රජය කල යුත්තේ. අපි කතා කලේ කුඩා කැබිනට් මන්ඩලයකින් සමන්විත අන්තර් කාලීන රජයක් සියළු පක්ෂවල සහභාගීත්වයෙන් පිහිටුවල ආර්ථිකය හසුරවන්න වුනත් අද වෙලා තියෙන්නේ ඇමති වරු විශාල ප්‍රමාණයක් පත් කරගෙන කිසිදු සැලස්මක් නැතුව කාලය කා දැමීමයි.

    පසුගිය අගෝස්තු 30 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මුදල් ඇමති විදියට ඉදිරිපත් කරපු අතුරු අයවැයෙන් අපි බලාපොරොත්තු වුනා වියදම් පාලනයට යම් ආදර්ශයක් දෙයි කියලා. නමුත් සිද්ධ වුනේ 2022 ට මුලින් ඇස්තමේන්තු කරලා තිබුන රුපියල් බිලියන 3851 ක වියදම අතුරු අයවැයෙන් රුපියල් බිලියන 4427 කින් වැඩි කර ගැනීමයි. රුපියල් බිලියන 576 කින් වියදම වැඩි වෙලා මේ ඇසතමේන්තුවේ. මේකද ආන්ඩුවේ විසඳුම.

    අනික් අතට ආන්ඩුව ගන්නා තීන්දු තීරණ වලිනුත් තැලෙන්නේ ජනතාවමයි. දැන් බලන්න පොලී අනුපාත වැඩි වුනාම එක පැත්තකින් ව්‍යාපාර කරගෙන යන්න බෑ. ඔවුන්ගේ වැඩි වෙන පිරිවැයත් ජනතාවට පැටවෙනවා. ණයට බඩු ගත්තොත් අධික පොලියක් ගෙවන්න වෙනවා. ඊලගට රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය කාලේ විශාල වශයෙන් බදු වැඩි කලා. මේ බදු වලින් බහුතරය වක්‍ර බදු ඒ කියන්නේ පාරිභෝගිකයා විසින් දැරිය යුතු බදු. එයිනුත් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවමයි.

    නාස්තිය අඩු කරගෙන ආදායම් වැඩි කරගන්න ක්‍රම හොයන්නේ නැතුව ආන්ඩුව උදේ ඉදන් රෑ වෙනකන් කතා කරන්නේ අලුතින් ණය ගන්න එක ගැනයි. IMF එකෙන් ඩොලර් බිලියන 2.9 ක් ලැබෙනවලු . හැබැයි ඒකට අවුරුදු 4 ක් ගත වෙනවා. මේ අය උත්සාහ කරන්නේ ඒ ණය පෙන්නලා ජපානය වැනි රටවලින් තවත් ණය ගන්නටයි. හැබැයි ඔය ගන්න ණය ගෙවන්න කිසිම සැලස්මක් රටට කියන්නේ නෑ. මෙතන තියන භයානක කම මේකයි අද මේ රටේ ආර්ථිකය කලමණාකරනය කරන්නේ 2015-2019 කාලේ රටේ ආර්ථිකය කලමණාකරනය කරපු අයමයි. ඒ අය තමයි අද මේ රටට ගෙවා ගන්න බැරුව දඟලන ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 සම්පූර්නයෙන්ම ගත්තේ. පසුගියදා රටේ වර්ථමාන විදේශ ණය ගැන වාර්ථාවක් එලියට ඇවිල්ලා තිබුනා ඒ අනුව අපිට ගෙවන්න තිබෙනවා ඇමෙරිකාණු ඩොලර් බිලියන 46.6 ක් ණය. ඉන් ඩොලර් බිලියන 37.9 ඍජුවම මධ්‍යම රජය ගත් ණය,ඩොලර් බිලියන 5.5 ක් රාජ්‍ය ආයතන විසින් ගත් ගෙවීමට රජය බැඳී සිටින ණය, ඩොලර් බිලියන 3.2 ක් මහ බංකුව ගත් ණය. එතකොට ඩොලර් බිලියන 12.5 ක ස්වෛරී බැඳුමකර කියන්නේ ආන්ඩුව ගත් ණය වලින් 32% පමන ඇරන් තිබෙන්නේ යහපාලන ආන්ඩුව කාලේ. ඒකෙත් වැදගත්ම කාරනය තමයි ඉන් බිලියන 6.5 ක් ම ලබාගෙන තිබෙන්නේ. ආන්ඩුවේ අවසාන අවුරුදු දෙකේ. ඒ කියන්නේ 2018,2019 කාලේ. එහෙනම් අපි අද මේ දුක් විඳින්නේ මේ අය ගත් ණය ගෙවා ගන්න බැරුව. දැන් ඒ තීන්දු ගත් අය ආයෙත් බලයට ඇවිත් තවත් රට ණය කරන්න කතා කරනවා. අද වන විට ඊයේ ඉපදිච්ච කිරි දරුවත් රුපියල් ලක්ෂ 10 කට ආසන්න ප්‍රමාණයක් ලෝකයට ණයයි. මේ රටේ ජනතාව තවදුරටත් ණය කරුවන් කරනා හැටි කියවන්නේ නැතුව ඒ ණය බරින් මුදවන හැටි දැන් වත් කියන්න කියල අපි ආන්ඩුවට කියනවා.
     

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    399
    404
    63
    Bump.

    Me naya gewaddi dollar eka 800th paniyi

    IMF ekenuth hambenne nayak ekath gewanna one kiyala godak modayo danne na.

    Lake pankawe higana sinhalu higakanna withrai danne.
    ------ Post added on Mar 11, 2023 at 2:33 PM