මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානයයි.
එය පුත්තලම, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වර්ග කිලෝමීටර් 1317 (හෙක්ටයාර 131693) පුරා විහිදේ. වනෝද්‍යානයේ බටහිර කොටස ශුෂ්ක කලාපීය වනාන්තරවලින් ද, නැගෙනහිර කොටස වියළි කලාපීය වනාන්තරවලින් ද සැදී ඇත.
දැන් වනාන්තරය තුලට පිවිසෙන ප්‍රධාන පිවිසුම වන්නේ පුත්තලම සහ අනුරාධපුර යා කරන A12 මාර්ගයේ විල්පත්තු හන්දියේ සිට කිලෝමීටර් 08ක් පමණ දුරින් පිහිටි හුණුවිල්ගම පිවිසුමයි. 1973 ට පෙර ප්‍රධාන පිවිසුම තිබුණේ විල්පත්තු හන්දියේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් මරදන්මඩුවේය.
විල්පත්තු හන්දියට පුත්තලමේ සිට කිලෝමීටර් 25 කි. ඇතුල්වීම සඳහා සියලුම අමුත්තන් ටිකට් පතක් මිලදී ගැනීමට අවශ්‍ය වේ. ඇතුල්වීමේ කාර්යාලය පෙරවරු 6.00 සිට සවස 4.30 දක්වා විවෘතව පවතී. කෙසේ වෙතත්, අමුත්තන් සවස 6.00 ට පෙර පිටත් විය යුතුය.
ප්‍රධාන ගේට්ටුව අසල සෆාරි වාහන කුලියට ගත හැකිය, නැතහොත් ඔබට ඔබේම 4x4 රථයක් පදවාගෙන යා හැකිය.
වැස්සෙන් පිරෙන කුඩා වැව් ගණනාවක් විල්පත්තුවේ ඇත. මේවාට කියන්නේ විල්ලු කියලා. ජාතික වනෝද්‍යානය වටා විල්ලු 60 කට වඩා සොයාගත හැකිය. විල්ලු සහිත ප්‍රදේශය යන නම පසුව විල්පත්තුව බවට පත් වූ බවයි විස්වාස කෙරෙන්නෙ . පර්සිබැඳි, මරදම්මඩුව, බොරුපන්, තිඹිරි, කුඹුක් සහ කොක්කරිය (විශාලතම) වනෝද්‍යානය තුළ දැකිය හැකි විල්ලු වේ.
තව කියවන්න - මෙතැනින් පිවිසෙන්න