විල්පත්තුව ‘‘ ශ්‍රී රාමා ස්වාමී‘‘ අභය භූමිය ව&

chathuramk

Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    විල්පත්තුවේ නම වෙනස් වෙයි

    අපේ රටේ ප්‍රධාන වනෝද්‍යාන දෙකක සහ අභය භූමියකට Google Map හරන අලුත් නම් තුනක් ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව විල්පත්තුව අභය භූමිය Lord Shrirama Swami Wilpattu National Wildlife Park ලෙසත්, අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය Shri Virashrwa Angammedilla National Park ලෙසත්, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය Shri Vibhishan Horton Plains National Park ලෙසත් නම් කර තිබෙනවා.
    කෙසේ වෙතත් මෙලෙස Google Map හි පෙර තිබූ නම් වෙනුවට අලුත් නම් එකතු කිරීමේ අරමුණ කුමක්ද සහ එය කාගේ උවමනාවකට සිදුකල දෙයක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ. කෙසේ නමුත් මෙය කිසියම් අන්තවාදී කණ්ඩායමක් විසින් Google සමාගමෙන් කල ඉල්ලීමකට අනුව මෙම උද්‍යාන සඳහා අලුත් නම් ඇතුලත් කර ඇති බවට ඇතමුන් මත පල කරනවා.
    1938 පෙබරවාරි 25 වන දින ආරම්භ කල විල්පත්තු අභය භූමියට එහි ඇති විල්ලු නිසා විල්පත්තුව යන නම ලැබී ඇති බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. විල්පත්තු අභය භූමිය තුල විශාල විල්ලු 27ක් සමඟ විල්ලු 40 ක් ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ පැවත ආ විල්පත්තුව යන නාමය Lord Shrirama Swami Wilpattu ලෙස වෙනස් කලේ ඇයිද යන්න සොයා බැලීම වගකිව යුත්තන්ගේ අවධානයට ලක්විය යුතු වනවා.
    එසේම මින්නේරිය-ගිරිතලේ වනෝද්‍යානයේ කොටසක්ව පැවැති අංගමැඬිල්ල උද්‍යානයද 2006 ජුනි මස 06 වැනි දා සිට ජාතික වනෝද්‍යානයක් ලෙස නම්කර තිබෙනවා. කෙසේ නමුත් වර්තමාන ගූගල් සිතියමෙහි එම නම Shri Virashrwa Angammedilla ලෙස වෙනස් කර තිබෙනවා.
    1969 වස‍රේදී ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලද හෝර්ටන් තැන්නටද එම නම ලැබී ඇත්තේ මෙරට ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකරවරයාගේ සංචාරයකින් පසුව බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. පුරා විද්‍යාත්මක මෙන්ම ජෛව විවිධත්ව වටිනාකමක්ද ඇති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයද ගූගල් සිතියමට අනුව Vibhishan Horton Plains National Park ලෙස වෙනස් කර තිබෙනවා.


    Source : http://www.nethgossip.lk/article/30088
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ELA ELA ME JATHIWADI WADA GANA AMATHILA KATA WAHAGENA ,

    YAPANE PATHTHE GAMAKATA SIHALA NAMAK DALA THIBBA NAM BALANNA THIBBA YAHAPALANA AMATHILAAGE MADDYA SANDARSHANA