ඒ කාලේ මිනිස්සුත් මතකබත් දානයක් බාහ්මණයන්ට දුන්නා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,650
    11,051
    113
    Colombo
    මතක බත් දානය යන කරුණ අපේ රටේත් තවමත් භාවිතා වෙනවා. කෙනෙක් මියගිය විට හත්දවසේ බණ කියවද්දි එයට කියන්නේ මතක බණ කියලයි. හත්දවසේ දානයට කියන්නේ මතකබත් දානය කියලයි. ඒ පැරණි වචනය තවමත් භාවිතා වෙනවා. 'මත' කියන්නේ 'මිය ගිය'යන තේරුමටයි. මියගිය කෙනා වෙනුවෙන් කියැවෙන බණ 'මතකබණ' යි. මිය ගියවුන් වෙනුවෙන් දෙන දානය 'මතකදානය' යි. දැන් කාලයේ කරන්නේ ඒ මියගියවුන් වෙනුවෙන් පිනක් ඉපදවෙන ආකරයේ උතුම් චාරිත්‍රයක යෙදීම යි. ඒ තුලින් මියගිය ඤාතීන් සැපවත් වෙනවා.

    නමුත් බුද්ධාකාලේ සැවත් නුවර තිබුනේ වෙන ක්‍රමයක්. මිය ගියවුන් උදෙසා ඒ කාලේ මිනිස්සුත් මතකබත් දානයක් බාහ්මණයන්ට දුන්නා. ඒ දානය වෙනුවෙන් ගොඩාක් එළුබැටලුවෝ මරණවා. ඒ සතුන් මරවලා ඒ මස් උයලයි දානය දුන්නේ..

    සැවැත්නුවර පිඬුසිඟා වැඩිය භික්ෂූන් වහන්සේලාට මේ මිනිස්සු සතුන් මරා මතකබත් දානයට සූදානම් වෙන ආකරය දැක ගන්නට ලැබුනා. ඒ භික්ෂූන් සවත් වරුවේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දැක වන්දනා කොට ඒ කාරණය විමසුවා.

    "ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ මිනිස්සු බොහෝ ප්‍රාණීන්ගේ ජීවිත වනසලා බ්‍රාහ්මණයන් කැඳවලා මියගිය අය වෙනුවෙන් මතකබතක් දෙනවා. මේ ක්‍රමයේ මතක බතකින් කිසියම් දියුණුවක් තියෙනවා ද?"

    "මහණෙනි, කිසි දියුණුවක් ලැබෙන්නේ නෑ. මතකබතක් දෙනවා කියලා ප්‍රාණඝාතයෙන් රැස්වෙන පවේ නම් දියුණුවක් වේවි. ඉස්සර කාලේ හිටපු නුවණැත්තෝ ආකාසේ වැඩහිඳගෙන බණ කියලා ඔය ආකරයේ මතක බතේ ඇති නපුරු විපාක පෙන්නා දුන්නා. එතකොටයි ඒ කාලේ දඹදිව මිනිස්සු සතුන් මරා දෙන මතක්බත් දානය අත්හැරියේ."

    එතකොට ඒ භීක්ෂූන් වහන්සේලා ඒ අතීත කතාව කියා දෙන ලෙස භාග්‍යවතුන් වහන්සේට ආයාචණා කළා..

    "මහණෙනි, ඉතා ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත කියල රජෙක් වාසය කළා. ඒ කාලෙ තුන්වේදයේ ම පරතෙරට පත් දිසාපාමොක් ආචර්ය වූ එක්තරා බ්‍රාහ්මණයෙකුට මතකබතක් දෙන්න ඕනා වුනා. ඔහු ඒ වෙනුවෙන් එළුවෙක් ගෙනාවා. තම ශිෂ්‍යයෙකුට කතා කරලා මෙහෙම කිව්වා.

    "දරුව... මේ එළුවා ගඟට ඇන්න ගොහින් හොඳ හැටියට නාවපන්.. ඊට පස්සේ බෙල්ලට මල් මාලයක් දාලා, ශුද්ධ අළුවලින් ඇඟිලි පහ ම හිටින්ට ඉරි ඇඳලා මෙහෙ ඇන්න වරෙන්'

    එතකොට ඒ ශිෂ්‍යයා අර එළුවාව ගඟට ගෙනෙහින් නෑව්වා. මල් මාලයක් පැලැන්දුවා. ඇගිලි පහම හිටින්ට ශුද්ධ අළුවලින් ඉරි සලකුණු තිබ්බා. ගංගා තිරයේ එළුවාව තිබ්බා.

    එළුවා දන්නවා දැන් එයාව මරන්නයි යන්නේ කියලා. මේ පෙර ආත්මේ කරපු කර්මයක්. මේ ආත්මේ ඒ කර්මය අවසන් වෙනවා කියලත් දැක්කා. දැකලා කළයක් බිඳින්නැහේ මහා හඬින් සිනහසුනා. ඊට පස්සෙ තමන්ව මරන බ්‍රාහ්මණයාට මොකක්ද වෙන්නේ කියලා බැලුවා. තමන්ට මෙතෙක් අත්වූ දුක්ඛිත ඉරණම මේ බමුණාටත් අත්වෙනවා නේද කියල ඔහු ගැන මහා දුකක් හටගත්තා. එතකොට එළුවා මහා දුක්ඛිත හඬකින් හැඬුවා.

    එතකොට ඒ බමුණා ගේ ශිෂ්‍ය පිරිස එළුවා වටකරගෙන ප්‍රශ්න කළා.. "මිත්‍ර එළුව.. ඇයි නුඹ මහා සද්දෙට හිනාවෙලා හිට ටික වෙලාවකින් හඬන්න පටන් ගත්තේ?"

    "අනේ.. ඔය කාරණය මගෙන් අහන්න ඕනා මෙතැන නොවේ. නුඹලා ගේ ආචාර්ය බ්‍රාහ්මණයා ළගට මාව එක්කරගෙන යන්න. එතැනදී මං කියඤ්ඤං"

    එතකොට ඔවුන් එළුවා රැගෙන ආචාර්ය බ්‍රාහ්මණයා ළගට ගියා. මේ සියලු විස්තර පවසා සිටියා. බ්‍රාහ්මණයා එළුවාට කතා කළා..

    "හරි.. එළුවෝ... දැන් කියාපන්... මහා හඬින් හිනාවුනේ ඇයි?... ඊට පස්සේ හඬාවැටුනේ ඇයි..?"

    "බ්‍රාහ්මණය.. මට මගේ පෙර ආත්මේ මතක් වුනා. මාත් පෙර ආත්මේ ඔහේ වගේම හොඳට වේදය ඉගෙන ගත්තු බ්‍රාහ්මණයෙක්. මාත් මතකබතක් දෙන්න ඕනා කියලා එළුවෙක් මැරුවා. දානෙත් දුන්නා. ඒ එක එළුවෙකු මරාපු පවෙන් හාරසිය අනූනව ආත්මයක් ම හිස ගැසුම් කෑවා. මේ පන්සිය වෙනි ආත්මේ. මේ ආත්මෙන් මගේ ඒ පාපෙ ඉවරයි. ඒ දුකෙන් මං නිදහස් වෙනවා නේද කියල සිතුනාම මට සන්තෝෂෙට හිනාගියා..

    ඊළඟට මට හැඬුනේ මේකට යි.. 'දැන් මේ බ්‍රාහ්මණයා මාව මරලා මං දුක් විඳිනවා වගේම පන්සියයක් ආත්ම හිසගැසුම් කන්න වෙනවා නේද ! මහා දුකකට පත්වෙනවා නේද ! ' කියලා හිතුනා. ආන්න ඒකටයි මට හඬුනේ ! "

    "ප්‍රිය එළුවා.. ඔබ භය ගන්ට කාරි නෑ. මං නුඹව මරන්නෙ නෑ"

    "බ්‍රාහ්මණය, ඔබ මොනවද මේ කියන්නේ? ඔබ මාව මැරුවත්, නොමැරුවත් අද සිදුවෙන මගේ මරණෙන් මාව මුදවන්ට සමත් කෙනෙක් නෑ"

    " නෑ... එළුව.. භය වෙන්ට එපා.. මං නුඹට ආරක්ෂාව දෙනවා. නුඹත් සමග ම හැසිරෙනවා."

    "නෑ බ්‍රාහ්මණය, මට ඔබෙන් ලැබෙන්නේ ස්වල්ප ආරක්ෂාවක්. නමුත් මා විසින් එදා කරපු පාපය ම යි මහා බරපතල"

    එතකොට බාහ්මණයා එළුවාට නිදහසේ ඉන්න හැරියා. මේ එළුවාව කාටවත් මරන්න දෙන්නේ නෑ කියල එළුවත් අරගෙන ශිෂ්‍ය පිරිසත් සමග පිටත් වුනා. එතකොට එළුවා ගල්තලාවක් මතට දිව්වා. එතැන තිබුණ පැලෑටි පඳුරකට නැගී බෙල්ල උස්සලා ඒ පැළෑටි වල කොළ කන්න පටන් ගත්තා. සැනින් ම අහස ගොරවලා අර ගල්තලාවට හෙණයක් පාත් වූනා. හෙනේ වැදුන තැනින් ගල් පතුරක් විසිවුනා.. කෙළින්ම ගිහින් එළුවා ගේ බෙල්ලට වැදිලා හිස කඳින් වෙන් වුනා ! මේ සිදුවීම බලන්න මිනිස්සු රැස්වුනා..

    මේ සිදුවීම බලාගෙන හිටියා එතන එක් රුක් දෙවියෙක්. ඒ රුක් දෙවියා වෙන කව් රුවත් නොවේ බෝධිසත්වයෝ, ඉතින් ඒ දෙවියා තමගේම දෙවානුභාවයෙක් මහජනයාට තමන්ව පේන්න සැලැස්සුවා. අහසේ පළඟක් බැඳගෙන වාඩිවුනා. මිහිරි සරින් මේ ගාථාව පැවසුවා..

    'ඉදින් දනිත් නම් ලෝවැස්සෝ
    ඉපිද මරෙන මේ දුක උපදින තැන
    නැති කිසිදා කිසි සතෙකු මරන්නේ
    සතුන් මරන්නා සොව ම ලබන්නේ'

    ඉතින් ඒ දෙවියා මහජනතාවට සතර අපායේ දුක ගැන කියාදුන්නා. භයානක නිරයේ වැටී අනත්ත දුක් විඳින සතුන් ගැන කියා දුන්නා. ඒ බණ ඇසු මිනිස්සු මතකබත් පිණිස සතුන් මැරීම අත්හැරියා. දානාදී පින්කම් කරන්න පටන් ගත්තා. ඒ කාලේ රුක් දෙවියා වෙලා සිටියේ මම යි..

    පින්වතුනේ, පින්වත් දරුවනේ,

    බලන්න එදා ඒ මිනිස්සු තමන්ට කරුණු පහදා දෙන්න කෙනෙක් හිටියේ නැති නිසා පව් කළේ නමුත් අපමහා බෝසත් දෙවිඳා බණ කියූ නිසා ඔවුන්ට පවේ භයානකකම වැටහුනා. පව් අත්හැරියා. පින් රැස්කළා. දැන් අපට ඒ මහාබෝසතුන් සම්බුදු බව ලබා බුදු කෙනෙකුන් හැටියට වදාළ ධර්මය තියෙනවා. ඒ ධර්මය ඉගෙන අපිත් පව් අත්හරිමු. පින් රැස්කරමු...

    උපුටා ගැනීම(ණුවණ වැඩෙන බෝසත් කථා - පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ



     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,513
    20,361
    113
    හාමුරුදුවරුන් විසින් දුප්පත් මිනිස්සුන්ට දාන දුන්න එව්වා නැද්ද ? ජාතක පොතේ
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    52,532
    134,334
    113
    එකමත් එක රටක
    හාමුරුදුවරුන් විසින් දුප්පත් මිනිස්සුන්ට දාන දුන්න එව්වා නැද්ද ? ජාතක පොතේ
    ඒවල කුසලය අඩුයි නේ. හාමුදුරු කෙනෙක්ට දෙනවා තරම් පින් හම්බෙන්නේ නෑ .
     
    • Haha
    Reactions: Candid-B

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,344
    1
    2,496
    113
    🙏

    ඒවල කුසලය අඩුයි නේ. හාමුදුරු කෙනෙක්ට දෙනවා තරම් පින් හම්බෙන්නේ නෑ .
    Ubta ශ්‍රද්ධාව ne neda poddak wath , uba budu dahama poddak wat wiswasa ne neda , uba mishra pawalaka parents la ge ekek neda
    ------ Post added on Apr 23, 2024 at 7:34 AM
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    52,532
    134,334
    113
    එකමත් එක රටක
    Ubta ශ්‍රද්ධාව ne neda poddak wath , uba budu dahama poddak wat wiswasa ne neda , uba mishra pawalaka parents la ge ekek neda
    ශ්‍රද්ධා ව කියන්නේ උබ වගේ අස්ලිය ගේ හැම ත්‍රෙඩ් එකටම "🙏 සාදු සාදු " කියලා දාන එකටද ?? 🥴

    මට ඒක නම් නෑ .

    දැන් මම ඔය උඩ කියලා තියන දේ හරිද වැරදි ද ?
    අස්ලියගෙන් අහපන් මම කියල තියන දේ හරිද වැරදිද කියල.
     
    • Love
    Reactions: Candid-B

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,344
    1
    2,496
    113
    ශ්‍රද්ධා ව කියන්නේ උබ වගේ අස්ලිය ගේ හැම ත්‍රෙඩ් එකටම "🙏 සාදු සාදු " කියලා දාන එකටද ?? 🥴

    මට ඒක නම් නෑ .

    දැන් මම ඔය උඩ කියලා තියන දේ හරිද වැරදි ද ?
    අස්ලියගෙන් අහපන් මම කියල තියන දේ හරිද වැරදිද කියල.
    Uda kiyapu eka hari yam taramakata , habai mata note wela tiyenne ශ්‍රද්ධාව nam ne poddak wath , budu dahama gana uba වෛර yen neda uba inne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    52,532
    134,334
    113
    එකමත් එක රටක
    Uda kiyapu eka hari yam taramakata , habai mata note wela tiyenne ශ්‍රද්ධාව nam ne poddak wath , budu dahama gana uba වෛර yen neda uba inne
    මට උබ ඔය කියන ශ්‍රද්දාව ඕන නෑ බන්. මම වෛරයෙන් නෙවෙයි ඉන්නේ. :rofl:
    උබල ඔය ශ්‍රද්ධාව කියලා වචනයක් දාගෙන මෝහයෙන් ඉන්නේ.
    ඒකයි සිවුරක් ඇද ගත්ත කෙනෙක් , තමන්ගේ ආගමේ කිව්වා කියලා කියන දෙයක් දැක්ක දැක්ක තැන සාදු සාදු විතරක් එලියට එන්නේ. වෙන මුකුත් කියන්න , අහන්න බයයි පව් සිද්ද වෙයි කියලා
    ශ්‍රද්දාව , විශ්වාසය , භක්තිය ඔක්කොම අන්දයි .
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,650
    11,051
    113
    Colombo
    ඒවල කුසලය අඩුයි නේ. හාමුදුරු කෙනෙක්ට දෙනවා තරම් පින් හම්බෙන්නේ නෑ .
    හාමුදුරු කෙනෙක්ට නෙමේ දනය දෙන්නේ මහා සංගරත්නයට, එතකොට කුසලය මහත් පලයි.

    හමුදුරු කෙනෙක් උනත් දෙනව නම් දෙන්න ඔනි එ වගෙ දානයක් තමයි. එක ඩිගටම අවුරුදු 12ක් කලොත් එක සාරාණීය වතක් වෙනවා


    🔹
    සාරාණීය වත කියන්නේ කුමක්ද?

    "සාරාණීය වත " යනු භික්ෂූණ් වහන්සේලාට දන් දීමේ කුසල කර්මය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල එක්තරා වත් ක්රමයකි. මෙම වත තරමක් දුෂ්කර වතකි.
    එය කෙසේදැයි විස්තර කරනවා නම්,
    යම් භික්ෂූණ් වහන්සේ නමක් පිණ්ඩපාතය කරගෙන නැවත විහාරයට වැඩම කල පසු ඒ ලැබුණු පිණ්ඩපාත කොටස පිණ්ඩපාත නොයන භික්ෂූණ් වහන්සේලාටත්, ගිලන් වූ භික්ෂූණ් වහන්සේලාටත් , මහලු භික්ෂූණ් වහන්සේලාටත් සහ ඒ මොහොතේ වැඩම කල ආගන්තුක භික්ෂූණ් වහන්සේලාටත් පූජා කිරීමයි.
    🔹
    මෙම වත සම්පූර්ණ කිරීමට ගත වන කාලය කොපමණද?
    මෙම වත සම්පූර්ණ වන්නේ මෙලෙසම එම වත හරියටම අවුරුදු 12ක් ආරක්ෂා කලොත් පමණි.මෙම අවුරුදු 12 ඇතුලත එක දවසක්වත් එම වත කැඩීම කල හොත් එය නැවත මුලසිටම අවුරුදු 12 ක් පිරිය යුතුයි.
    එම වත කැඩෙන ආකාර නම්...
    🔸
    තමන් පිණ්ඩපාතය කරගෙන එන දානය යම් හේතුවක් නිසා වෙනත් භික්ෂුවකට පූජා කිරීමට නොහැකි වීම.
    🔸
    පිණ්ඩපාත කරගෙන රැගෙන ආ එම ආහාර තමන්ටවත් ඉතිරි නැති වීම.
    අවු. 11 මාස 11 දින 29ක් වත නොකඩවා සම්පූර්ණ කල භික්ෂුවක් 29 වන දින වත කැඩුනොත් නැවතත් වත සම්පූර්ණ කිරීමට නම් මුල සිටම අවුරුදු 12ක් වත සම්පූර්ණ කලයුතුයි.
    ඒ තරමටම මෙම සාරාණිය වත ඉතාමත් දුෂ්කරවේ.
    භාග්යවතුන් වහන්සේ දේශනා කරනවා මෙම සාරාණීය වත හරියට අවුරුදු 12 ක් රැක්කොත් එම භික්ෂුවට සසරේ සිව්පස දානයෙන් අඩුවක් වෙන්නෙ නෑ කියලා. අති දුෂ්කර කාලෙක වුණත් , කාන්තාරයක වැඩම කලත්, මිනිසුන් නොමැති ස්ථානයකට ගියත් කවදාවත් සිවුපසයෙන් අඩුවක් වෙන්නෙ නෑ කියලා දේශනා කරනවා.
    🔹
    "සාරාණිය වත " සම්පූර්ණ කල භික්ෂුවක් ලබන ආනිසංශ මොනවාද?
    දවසක් එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතය සඳහා ගමකට වැඩම කරනවා. එහිදී භික්ෂූන් වහන්සේලා 50 නමක් වැඩ සිටියා. නමුත් මේ භික්ෂූන් වහන්සේලා හට පිණ්ඩපාත දානය නොලැබ එම ග්රාමයෙන් එලියට වැඩම කලා.
    උන්වහන්සේලාට එම ග්රාමයෙන් පිණ්ඩපාත නොලැබුණු නිසා "සාරාණීය වත"සම්පූර්ණ කල භික්ෂූන් වහන්සේ නමක් පසුව එම ග්රාමයටම වැඩම කලා. උන් වහ්න්සේට පාත්රය පිරෙන්නම දන් ලැබුණා. එම ලැබුණු දන් ප්රමාණය අර 50 නමටම බෙදා ගෙන වැලඳීමට ප්රමාණවත් වුණා.ඒ සාරාණීය වත සම්පූර්ණ කල භික්ෂුවකට ලැබෙන ආනිසංසයි.
    ලංකාවේද "සාරාණීය වත" සම්පූර්ණකල භික්ෂූන් වහන්සේලා සිටියා.
    ලක්දිව දවසක් එක්තරා රජකෙනෙක් භික්ෂූන් වහන්සේලාට දානයක් පූජා කරනවා. මෙම දානයට වැඩම කරනවා "සාරාණීය වත" සම්පූර්ණ කල තරුණ භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ දානය සංවිධානය කරන අමාත්යවරයා ලඟට පැමිණ විමසනවා මෙම දාන වස්තූන්ගෙන් තිබෙන වටිනාම පරිශ්කාරය කුමක්ද කියලා. අමාත්ය වරයා කියනවා ඉතා වටිනා සිවුරක් පෙන්නලා "ස්වාමීන් වහන්ස මෙම සිවුර තමයි මෙතන තිබෙන වටිනාම පරිශ්කාරය " කියලා. එවිට ස්වාමින් වහන්සේ කියනවා
    " එහෙනම් අමාත්ය තුමනි ඒ සිවුර මට ලැබෙයි" කියලා. ඉන්පසු ඒ භික්ෂුව දානය සඳහා යම් ආසනයක අසුන් ගත්තා.
    මෙම අමාත්යවරයා රජතුමාට මේ කාරණාව පැවසූ විට , තරුණ භික්ෂූන් වහන්සේලා ඔහොම ම තමයි හොඳම දේ ලැබෙයි කියලා තමයි හිතන්නෙ .. යැයි රජතුමා සිතින් හිතා ගත්තා. එවිට රජතුමා කියනවා "මේ වටිනා සිවුර උන්වහ්න්සේට ලැබෙන්නෙ නෑ. ඒක ලැබෙන්නේ ගරු කලයුතු සිල්වත් භික්ෂූන් වහන්සේටයි " යැයි පැවසුවා.
    ඉන් පසුව දාන පූජා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පරිශ්කාර පූජා කිරීමට පටන් ගත්තා.අර වටින සිවුරත් පරිශ්කාර ගොඩේ උඩින්ම තියෙනවා.
    අමාත්යවරු සියලු පරිශ්කාර රැගෙන රජතුමා පසු පස එන අතර තුර රජතුමාද අතට ලැබෙන ලැබෙන පරිශ්කාර පිලිවෙලින් භික්ෂූන් වහන්සේලාට පූජා කරනවා. ටික වෙලාවකින් අර වටිනාම සියුර අතට ආවා. අතට ගත් විගසම රජතුමා පිලිවෙලින් ඉදිරියෙන් සිටි භික්ෂූන් වහන්සේට පූජා කලා. එකවරම රජතුමා පූජා කල භික්ෂූන් වහන්සේගේ මුහුණ දෙස බලන විට ඒ අර කාරණාව කියපු තරුණ භික්ෂූන් වහන්සේමයි. එවිට රජතුමා සහ අර අමාත්ය වරයා මුහුණට මුහුණ බලමින් පුදුම වුණා. අවසානයේ රජතුමා දාන කටයුතු අවසන් වී මේ පිලිබඳ විමසන විට දැනගන්නට ලැබුණේ ඒ තරුණ භික්ෂුව " සාරාණීය වත" සම්පූර්ණ කල භික්ෂුවක් ලෙසය.
    ඒනම් මේ "සාරාණීය වත" සම්පූර්ණකල භික්ෂුවට යම් ස්ථානයකට වැඩම කලොත් එම ස්ථානයෙ තිබෙන හොඳම වටිනාම දේතමයි උන් වහන්සෙට ලැබෙන්නෙ. ඒ සාරාණීය වත සම්පූර්ණ කල භික්ෂුවකට ලැබෙන විශේෂ ආනිසංසයි.
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,344
    1
    2,496
    113
    චීවර dariyo hitiyata , apita පුළුවන් eayala maga හරින්න, නමුත් apita ශ්‍රද්ධා wa nattan kawadawath , දෙතිස් බෝධි පාක්ෂික ධර්ම , දස පාරමිතා wadala ,නිවන් අවබෝධ කරගන්නට be , අභි ධර්ම ye me gana tiye , @asliyanage