ඒ කාලේ වැඩ

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    c98c2192dddc883fc2a7a860d9f32d7d.jpg


    ලස්සන ඇඳුමක් නේද ?;);)
    මු මේ මොන පයන්නක් කියනවද කියලා හිතුණද ?...:baffled:
    පහළට කියවන ගියා නම්:yes:

    උඩින් තියන ඇඳුම 1850 ට වගේ අයිති එකක්
    මේ කතාව ඇඳුම ගැන නම් නෙවෙයි
    ඇඳුම අලංකාරය කරලා තියන එම්බ්‍රොයිඩරි එක ගැන තමයි මේ

    මානව වර්ගයා ප්‍රාග්ඓතිහාසික යුගවල ඉඳන්ම තමන්ගෙ වස්ත්‍රාභරණ සකස් කිරීමට වැඩි වශයෙන් යොදා ගත්තේ සත්ව කොටස්. වර්තමානය වෙද්දි මේ භාවිතාවන් සීමීත වෙමින් කෘතිම අමුද්‍රව්‍ය වලට යොමුවුනත් වර්තමානයේදිත් සත්ව කොටස් භාවිතයෙන් නූතන වස්ත්‍රාභරණයන් හැඩගැන්වීම සිදුකෙරෙන අවස්ථා බොහොමයක් තියෙනවා. භාවිතාව අතින් එවැනි දුර්ලභ යොදාගැනීමක් තමයි මේ පහත ඡායාරූපවල තිබෙන්නේ.

    Wood boring beetles එහෙම නැත්තන් කඳන් විදින කෘමියන්, Sternocera ගනයට අයත් කෘමින්.මොවුන්ගෙ කයිටීනමය පිට සැකිල්ල වසර සියවස් ගනනාවක සිට වස්ත්‍රාභරණ සඳහා යොදාගෙන තිබෙනවා. නිල් කොල මිශ්‍ර ඉතාමත් විචිත්‍ර පැහැයක් සතු මේ පිට ආවරණය ඉතාමත් දීර්ඝ කාලයක් භාවිතා කරන්න පුළුවන් කල්පවතින ආවරණයක්.

    මේ කෘමීන්ගෙ ආයු කාලය ඉතාමත් කෙටී. වාරයකට මිය යන මිලියන ගනනක් කෘමීන්ගෙ පිට සැකිලි එකතු කිරීමෙන් මේ නිර්මාණ සඳහා අවශ්‍ය පිටසැකිලි සොයාගැනීම සිදුවෙනවා.ඒ නිසා මේක යම් විදිහකින් පරිසර හිතකාමී භාවිතාවක්.

    එකත කරගත් පිටසැකිලි විද විවිධ ඇඳුම් සැරසිලි කිරීම සිදු කෙරෙනවා. මේ වගේ ඇඳුම් 1850 පමණ සිට යුරෝපයේ ඉතාමත් ප්‍රචලිතව පැවති බව සටහන් වෙනවා. පහතින් තියෙන්නෙ කුරුමිණි සැකිලි එමබ්‍රොයිඩර් කල ඇඳුමක් හා තවත් චායරූප කිහිපයක්. Sternocera ගනයේ කඳන් විදින කෘමීන්ගෙ ආයු කාලය ඉතාමත් කෙටි වුනාට පිට සැකිල්ල දීර්ඝ කාලයක් භාවිතා වන්නෙ මෙලෙසින්.

    මිළත් වැඩිය නෑ £100,000 වගේ වෙන්නේ :shocked::shocked:

    f21424a67ce7494f53825825579df464.jpg


    10402812_638346596311409_2243387350496181882_n-e1433943756192.jpg


    6152693189_53643c1fba_z.jpg
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMPමේ වගේ එකක් හදන්න කොච්චර මහන්සියක් වෙලාවක් යනවා ඇද්ද, එතකොට £100,000 පාඩු නෑ