ඒ කේක් ගෙඩිය හාලි ඇල සුදු අයියාගේ
පසුගිය (24) රාත්‍රි ප්‍රවෘත්ති විකාශයන් හි ප්‍රචාරය වු ප්‍රවෘත්ති නිරීක්ෂණය කළ විට එහි පළ වු වැදගත් ප්‍රවෘත්තියක් දෙස අවධානය යොමු කිරීම වටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි චන්දිම වීරක්කොඩි මහතා විසින් පැවැත්වු එම මාධ්‍ය හමුවේදී මට ප්‍රශ්න දෙකක් මතුවිය.
එකක් නම් ඔහු ඇතුළු 16 දෙනෙක් දැන් අමාත්‍ය තනතුරුවලින් ඉවත්වී ගොස් හමාරය. ඔවුන් පුන පුනා පවසන්නේ තමන් විපක්ෂයට ගොස් වාඩිවන බවයි. අප දන්නා අයුරින් අපේ රටේ පාර්ලිමේන්තුව තුළ නිල වශයෙන් ඇත්තේ එක විපක්ෂයකි. ඒ සම්බන්ධන් මහතා නිල වශයෙන් විපක්ෂ නායකත්වයට පත්ව සිටින විට නිල විපක්ෂය වනුයේ දෙමළ ජාතික සන්ධානයයි.
මොවුන් 16 දෙනා විපක්ෂය වශයෙන් හඳුන්වන්නේ ටී එන්ඒ එක නොව , මහින්දලාගේ හොරු කල්ලිය විසින් ඔවුන්ගේ පැවැත්ම සඳහා ජනතා පළිහක් සකස් ගර ගැනීමට අටවා ගෙන සිටින ඒකාබද්ධ විපක්ෂය නැමැති කිසිදු නිතිමය පිලිගැනීමක් නැති ඊනියා විපක්ෂය විය හැකිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනයක් මෙම ඒකාබද්ධ විපක්ෂයට නැත. එසේනම් අපි විපක්ෂයේ වාඩි වෙනවා යැයි පාරම්බාන මේ 16 දෙනාගේ කල්ලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය තුළ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්නේ කෙසේද යන්න පැහැදිළිවම ගැටළුවකි.
ඒ එක් කරුණකි.
දෙවැන්න නම් එහිදී චන්දිම වීරක්කොඩි අපුරු කතාවක් කීවේය. ඒ ලන්ඩන් නුවරදී ඩිලාන්ගේ උපන් දිනය සැමරීමයි. ඒ ගැන චන්දිම කියන්නේ මෙවැනි කතාවකි.
"ඩිලාන් කියන්නේ ඇමැතිවරයෙක්. ඇමැතිවරයෙක් තමන්ගේ උපන්දිනයට ටී බනිස් එකක් වගේ පුංචි කේක් ගෙඩියක් සයිවර් කඩයක් වගේ පුංචි කඩයක් ලග කපා සැමරීම ඇත්තටම අපේ රටේ ජනතාවට දුක් සිතිය යිතු එකක්.. ඔයාලට දුක් හිතෙන්නේ නැද්ද ඒ වගේ ඇමතිවරු ගැන" යැයි විමසීය.
ගැටළුව ඇත්තේ එහි නොවේ. ටී බනිස් ගෙඩියක් වගේ පුංචි කේක් ගෙඩියක් කපන්නට ලන්ඩනයට යාමයි. ඩිලාන් ඒ කේක් ගෙඩිය හාලි ඇල සුදු අයියාගේ ගැරේජ් එක ලග කපලා කෑවා නම් අපිට ගැටලුවක් නැත. එහෙත් ඒක කපන්න ලන්ඩන්ම ගියේ ඇයි ද යන්නයි.
ඇත්තටම මොවුන් මේ අපහාස කරන්නේ මේ රටේ ජනතාවට නොවේද..? ලන්ඩන් යාමට ගුවන් ටිකට්පත්වලට ගෙව්වේ කව්ද? ඒවා ඔවුන්ගේ පුද්ගලික මුදලින් දැරුවාද? හෝටල් ගාස්තු ගෙව්වේ කව්ද,? ඔවුන් නැවතී සිටි තරු පහේ හෝටලය මොකක්ද, ? එහිදී කෑමබීමවලට වැය කළ මුදල කොපමණද? යන්නට මොවුන් පිළිතුරු දිය යුතුය.
මා දන්නා පරිදි තවමත් අපේ ගම්වල කොළඹ ඇහැට දැකලා නැති වැඩිහිටියෝ මෙන්ම ළමුන් ද සිටිති. තවත් සමහර ගම්වල මිනිස්සු කෝච්චියක් නැවක් හූනු ඇහැටවත් දැක නැත. අහසින් යන නිසා ගුවන් යානා පමණක් දැක නැත. අපේ සමහර රාජ්‍ය සේවකයින් අඩුම තරමින් වන්දනාවකටවත් ගුවන්යානයකින් ඉන්දියාවට හෝ ගොස් නැත. එසේ කර නැත්තේ ඊට ඔවුන්ට වත්කමක් නැති නිසාය.
නමුත් මොවුන් තමන්ගේ සතපහකට වැඩක් නැති උපන්දිනය සමරන්නේ මහජන මුදලිනි. එක්තරා දේශපාලඥයෙක් තමන්ගේ බිරිඳගේ උපන් දිනය සමරා ඒ සඳහා වැය වු ඩොලර් මිලියන ගණනක මුදල ගෙව්වේ මහජනතාවගේ මුදලිනි. අවසානයේ මේ දේශපාලඥයාට ඇප නැතිවම ගෙදර යැවීමට රටේ මිනිස්සු වැඩ සැලසුහ.
එසේ බලන විට ඩිලාන්ලා තමන්ගේ පුද්ගලික මුදලින් ලන්ඩනයේ නොව අඟහරු ලෝකයට හෝ ඉන් එහා ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සියට ගොස් උපන්දින සැමරුවත් අපිට කමක් නැත.
චන්දිම අපෙන් අහන්නේ අපිට දුක නැද්ද කියාය. අපිට දුක ඩිලාන් ගැන නොවේ. රටේ ජනතාව විසින් ඡන්දෙන් පරාජය කර ගෙදර යැවු මෙවැනි අඳ බාලයින් ජාතික ලැයිස්තුවෙන් පත් කර, ඔවුන් පොරවල් කර, හරියට මහලොකු දේශපාලඥයින් වගේ ජනතාවට ගෙම්බර් පෙන්වන්නට කතා කිරීමට අවස්ථාව දීම ගැනයි.
ඌවේ මිනිස්සු ඉතාමත් අහිංසක මිනිස්සු පිරිසකි. නමුත් විශාල අභිමානයක් ඔවුන්ට ඇත. ඌවේ අබිමානය රැකිය හැකි එකදු දේශපාලනඥයෙක් හෝ මෙතෙක් පත්වී නැත. ඌවේ මිනිස්සු තමන්ගේ නියෝජිතයා විදියට හැමදාම පත් කර ගත්තේ දේශපාලන ගොබ්බයින්ය.
වර්තමානයේ ඌවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින නියෝජිතයින් දෙස බලන විට ඒ බව මනාව පැහැදිළි වේ. නිමල් සිරිපාල, ඩිලාන්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජමු මෙන්ම ඔහුගේ පුතා ඇතුළු හිටපු නියෝජිතයින් දෙස බලන විට ඒ සියලු දෙනාම හාල් කෑලිය. හරින් ප්‍රනාන්දු මහතාත් මේ දේශපාලන ගොබ්බයින් පිරිසට වැටේදැයි කියන්නට තවමත් කල් වැඩිය.
මම මෙහිදී නිදසුන් කිහිපයක් ඔබට කියන්නම්. ලංකාවේ වැඩිම ජාතික පාසල් ප්‍රමාණයක් තියෙන දිස්ත්‍රික්කය කුමක්දැයි ඔබ දන්නවාද.? ලංකාවේ වැඩිම ජාතික පාසල් ප්‍රමාණයක් තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේය. හේතුව..? හේතුව අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් විජමු ලොකුබණ්ඩාර කටයුතු කළ කාලයේ ජාතික පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමට ඡන්ද දායකයෝ එන නිසා බදුල්ලේ තියෙන පාසල් වලින් බහුතරයක් ඔහු ජාතික පාසල් ලෙස නම් කළේය.
කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඒක හොඳ වැඩක් බව. නමුත් ගැටළුව තිබෙන්නේ මේ පාසල් සියල්ල ජාතික පාසල් වන්නේ බොඩ් ලෑල්ලෙන් පමණි. ඒවාට ගුරුවරු නැත. වෙනත් සම්පත් ද නැත. සමහර පාසල්වල අවශ්‍ය ප්‍රමාණයට ළමයින්ද නැත.
අනික් කාරණය නම් නිමල් සිරිපාලද සිල්වා මහතා යටතේ පුබුදමු වෙල්ලස්ස වැඩ සටහන ක්‍රියාත්මක කළේය. ඒ යටතේ රුපියල් කෝටි ගාණක මුදල් වැය කළේ බදුල්ලේ පාරවල් හැදීමටය. අඳෝමැයි? එකවැස්සකින් සියලු පාරවල් හෝදාගෙන ගියේ අන් කිසි හේතුවක් නිසා නොව බොරළු අතුරා ඊට උඩින් තාරතට්ටුවක් අළවා පාරවල් හැදීමේ නව තාක්ෂණයක් නිමල් සිරිපාල විසින් හඳුන්වා දුන් නිසාය.
අවසානයේ කෝටි ගණනක මුදල් වලින් ලැබුනු කොමිස් කුට්ටි ගියේ කාගේ සාක්කුවකටදැයි බදුල්ලේ ජනතාව දනී.
පසුගිය සතියේ බත්තරමුල්ල ප්‍ර දේශයේ සිටින එක් තරුණ දිලිසෙන වෛද්‍යවරියක් සතු කෝටි ගණනක දේපොළ පිළිබඳව ඒවා ලැබුනු ආකාරය ගැන විමර්ශනයක් අල්ලස් හා දූෂණ කොමිසම විසින් ආරම්භ කළේය. එම දේපොළ තමන් උපයා ගත් ආකාරය කියන්නට තවමත් එම වෛද්‍යවරියට හැකි වී නැත. අගමැතිවීමේ සිහිනයෙන් පසුගිය කාලය තුළ පෙළුනු එක් දේශපාලකයෙක් විහ්වාසභංගයට ඡන්දය පාවිචිච කිරිමට සහභාගි නොවී විදේශ ගත වුයේ තමන්ට දේපොළ සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා වලින් බේරිමට ඇති එකම ක්‍රමය ඇමැතිකමෙන් ඉවත් නොවී සිටිම බව දැන සිටි නිසාය.
ඉහත කී වෛද්‍යවරියගේ දේපොළ හා මෙම දේශපාලනඥයා අතර ඇත්තේ අනවරත සම්බන්ධයක් බව දේශපාලනික අංශවල කතා බහට ලක්වී තිබේ. මේ තවත් සිද්ධියකි.
හැම දේකටම රාහු කාලය බලා කටයුතු කරන, තමන් තරම් උපාසකයෙක් නැතැයි ලොවට පෙන්වන බදුල්ලේ එක් දේශපාලනඥයෙක් අපුරු කතාවක් කීවේය. ඒ 2001-2004 එක්සත් ජාතික පක්ෂ රජයේ මාධ්‍ය ලේකම්වරුන් සඳහා පැවැති දැනුම්වත් කිරීමේ වැඩ සටහනදීය.
ඔහු මෙසේ කීවේය.
"මම බදුල්ලෙන් දැන් අවුරුදු හතලිහක් තිස්සේ ඡන්දේ ඉල්ලනවා. මම මුලින්ම ඡන්ද ඉල්ලන කොට දුන්න පොරොන්දුව තමයි හපුතලේ ජනතාවගේ මුළික අවශ්‍යතාවයක් වෙච්ච පාළමක් මම බලයට ආපු ගමන් හදා දෙනවා තියන එක. දැනු අවුරුදු හතලිහක් ගිහින් . හදපු පාළමක් නෑ. හැබැයි මම තවමත් ඡන්දේ ගන්නේ ඒ පාළම හදනවා කියළයි. හපුතලේ එවුන් හරක් පට්ටිය වගේ මට ඡන්දෙ දෙනවා... ඒක තමයි ජනතාවගේ නාඩි අල්ලනවා කියන්නේ...."
මම උඩ බිම බැලීමි. මොහු මේ හරක් යැයි කියන්නේ කාටවත් නොවේ. ඔහුව පත් කර කවුන්සලේට එවු බදුල්ලේ ජනතාවටය.
මම මේ කතා සියල්ල කිව්වේ අන්කිසිවක් නිසා නොව ඩිලාන්ලාගේ උපන් බිම වන ඌවට ඔවුන් කළ විනාශයේ තරම පෙන්වීමටයි.
ලන්ඩනයට ගොස් ස්පන්චියක් තරම් උපන් දින කේක් ගෙඩියක් සයිවර් කඩයක් අසළ දී කපා උපන්දිනය සැමරීම ගැන වීරක්කොඩි කියන්නේ අපි පව් නැද්ද? කියායි.
නමුත් ඔහු හෙලිදරව් කළ යුත්තේ එය නොවේ. ලන්ඩනයේ ඇති Royal Lancaster හෝටලයේ කාමර වෙන් කරවාගෙන , ඉන් කා බී හොඳ පදමට රත් වී ඒවාට වැය කළ බිල ගෙව්වේ කව්ද ? කියායි.
මේ දිනවල ලංකාවේ රුපියල දිගට හරහට මස්තබාල්දු වෙමින් තිබෙන බව කේන්ස් සාමිවරයාට හා කෞටිල්‍යයටත් ආර්ථික විද්‍යාව ඉගැන්වීමට දැනුමක් ඇති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රටේ ජාතික ආදායමට රුපියලක්වත් එකතු නොකරන එවුන් , පිටරට සවාරි ගොස් තම සුඛ විහරණය සඳහා ඩොලර් මිලියන ගණනින් වැය කරන විට රටේ විදේශ සංචිත සිඳී යාම පැහැදිලි කර ගැනීමට මහා ආර්ථික විද්‍යා ඥානයක් අවශ්‍ය නැත.
වැඩට අත් දෙකයි - කන්ඩ කටවල් හයයි යැයි කියමනක් සිංහල ජනවහරේ එයි. රටට ආදායම් ඉපයීමට සුලු පිරිසක් කටයුතු කරද්දී තවත් පිරිසක් සාමාන්‍ය විදේශ සංචාරයකට 80කට වැඩි පිරිසක් ගෙනයමින් රටේ මුදල් කාබාසිනියා කිරීම රටක් දුප්පත් වන්නට හේතුවක් නොවන්නේද?
රනිල් වික්‍රමසිංහ මහතා කිසි දිනෙක සිය විදේශ සංචාරවල දී සහායකයින් පිරිවරාගෙන , විශාල වශයෙන් ජාතික ධනය වැය කරමින් කටයුතු කළේ නැත ඔහු තම සංචාරයන්හි දී හැකි තරම් රටට අවශ්‍ය ඵල නෙලා දුන්නේය. GSP+ හා ඇමරිකා එක්සත් ජනපදය විසින් GSP සහනය යලිත් 2020 තෙක් ලබා ගැනීමට හැකි වීම රනිල්ගේ ඔළුවේ ප්‍රතිපලයකි.
හැමෝම එක්වී අනින්නට හදන්නේත් එහෙව් එකාටය.
අපි අපෙන් ඇසිය යුතු ප්‍රශනයක් තිබ්බේ. ඒ වීරක්කොඩි ඇසුවා වැනි අපි වැනි ඇමැතිලා පව් නැද්ද? යන්න නොවේ..
මෙවන් කතා අසන්නට අපි පව් නැද්ද?යි ජනතාව තමන්ගෙන් ම විමසිය යුතුය.