තමනට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කොරෝනා ආසාදිත වු තම රියදුරාගෙන් වන්නට ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
හොදම වර්ගයේ මුව ආවර්ණක් පලදින තමන් එය ඉවත් කලේ නිල රථයේදී පමණක් යයිද ඒ මහතා පවසයි.
ඒ බව සදහන් කරමින් තම සමාජ ජාල ගණුමේ ඔහු විසින් තබා ඇත
හොදම වර්ගයේ මුව ආවර්ණක් පලදින තමන් එය ඉවත් කලේ නිල රථයේදී පමණක් යයිද ඒ මහතා පවසයි.
ඒ බව සදහන් කරමින් තම සමාජ ජාල ගණුමේ ඔහු විසින් තබා ඇත
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කරමින් ඉල්ලා ඇත්තේ ආසන්න කාලය තුළ තමන් සමග සමීපව කටයුතු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක්වන ලෙසයි.
ඊයේ පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායටද ගුණවර්ධන මහතා එක්ව සිටියේය.
ජනාධිපති, අගමැති, මුදල් ඇමති, සෞඛ්‍ය ඇමති, හමුදාපති, පොලිස්පති ඇතුළු බොහෝ පිරිසක් එම රැස්වීමට සහභාගී වී සිටි අතර ඔවුන් ගුණවර්ධන මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවට පත්වෙයි.