දවස් කීපයකට පස්සේ බ්ලොග් එකට ලියන්න හිතුවා. ප්‍රදීප්ගේ පිටුවට පොඩි පොඩි වෙනස්කම් කීපයකුත් එකතු වෙලා කියලා ඔයාලට පේනවා ඇති. මොකද හුගදෙනෙක් කියපු දෙයක් තමයි යුනිකෝඩ් නැති කොම්පියුටර් වල ප්‍රදීප්ගේ පිටුව පේන්නේ නෑ කියන එක. දැන් ඕනම කොම්පියුටර් එකක ප්‍රදීප්ගේ පිටුවබලන්න පුළුවන්.
2011 ඒ ලෙවල් ප්‍රතිඵල නිකුත් ලගදී නිකුත් කරනවා කියලා ආරංචියක් ලැබුනා. A/L කියන්නේ ලොකු තරගයක්. අවුරුදු දෙකක් තිස්සේ දුවල දුවලා හැමකෙනෙක්ම බලාගෙන ඉන්නේ ප්‍රතිඵල එනකම්. අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියො, නෑදෑයො, හිතවත්තු වගේම තරහකාරයොත්.
ප්‍රතිඵලය හොදයිනම් අවුලක් නෑ. ටිකක් අප්සට්නම් මුළු ජීවිතෙන්ම වැඩක් නෑ කියලා වහ බොන අයත් ඉන්නවා. කැම්පස් යන්න බැරිනම් ආයෙත් කරන්න සමහර උදවිය ක්ලාස් යනවා. සමහර කොල්ලොනම් ප්‍රතිඵල බලන්න ඉස්කෝලෙ පැත්ත පළාතෙ යන්නේ නෑ. ඒ කොහොම වුනත් A/L ප්‍රතිඵලය දිහා මුළු ලංකාවම බලාගෙන ඉන්නවා.

ඒ ලෙවල් එහෙමත් නැත්නම් උසස්පෙළ කියන්නේ තීරණාත්මක විභාගයක් කියලයි ගොඩක් අය කියන්නේ. ඒකට හේතුව තමයි රස්සාවකට යන්නනම් A/L තියෙන්න ඕන කියන විශ්වාසය. ඒ නිසාම තමන්ගේ පුතාට, දුවට A/L වලට Scienceහරි Maths හරි කරන්න කියලා දෙමව්පියො බල කරන්නේ. අඩුම ගානේ Commerce වත් කරපන් පුතේ කියලයි එයාලා කියන්නේ. පුතා ඉංජිනේරුවරයෙක්, දුව වෛද්‍යවරියක් කරන්න තමයි හැමෝගෙම බලාපොරොත්තුව. එතකොට අළුතින් රැකියා හොයන්න වෙන්නේ නෑ කියලා දෙමව්පියො දන්නවා.
ඒත් ඒ තත්වය දක්වා ගමන් කරන්න පුළුවන් වෙන්නේ 1 වසරෙන් පාසලට ඇතුලත් වෙන දරුවන්ගෙන් 1% ටත් අඩු පිරිසකට විතරයි. ඒ දක්වා විවිධ මට්ටම් වලදී ශිෂ්‍යයින් පාසල් හැර යනවා. ඒ වගේම තවත් පිරිසක් රැකියා ඉලක්ක නොකළ විශ්වවිද්‍යාල පාඨමාළා හදාරලා රැකියා විරහිතව විශ්විද්‍යාලයෙන් පිටවෙනවා.ඒ කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු, ගුරු වෘත්තිය වගේ සමාජයේ පිළිගත් යැයි සම්මත රැකියා නොලබන විශාල පිරිසක් රැකියා වෙළදපොළට එකතුවෙනවා.
ඒ අයට රැකියා නැද්ද?
රැකියා විරහිත විශාල පිරිසක් ඉන්නවා වගේම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයකුත් තියෙනවා. ඉරිදා පත්තරවල රැකියා ඇබෑර්තු පිටු ගනන් පුරවලා තියෙනවා.
එහෙනම් ඇයි මේ විරැකියාව?
ඒකට හේතුව තමයි රැකියා සදහා අවශ්‍ය සුදුස්සන් නොමැතිවීම. ඒ කියන්නේ අපට රැකියාවකට යන්න සුදුසු මට්ටමේ කුසලතා නෑ කියන එක. ගොඩක් ආයතන ඉල්ලන්නේ උපාධිය නෙමෙයි. කාර්මික කුසලතා, සන්නිවේදන කුසලතා, කළමණාකරන කුසලතා, ඉංග්‍රීසි වගේ භාෂා දැනුම, පරිගණක දැනුම වගේ දේවල්. රැකියා සදහා A/L ප්‍රතිඵල එකම සුදුසුකම වුන යුගය අවසන්වෙමින් යනවා. රැකියා සපයන්නන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ හැකියාවන් විතරයි. සහතික නෙමෙයි.
ඒ නිසා ඒ ලෙවල් නැති නිසා ජීවිතෙන් වැඩක් නෑ කියලා හිතන්නේ නැතුව තමන්ගේ කුසලතා වර්ධනය කරගන්න උත්සාහ කරන්න. මොකද අපි ගාව විකුනන්න පුළුවන් කුසලතා තියෙනවානම් අපිව රැකියාවට ගන්න ඕනෑතරම් අය ඉන්නවා. මේ කතාව ඒ ලෙවල් අයට නෙමෙයි ඕනෑම කෙනෙකුට වැදගත්.
දැන් අපට ලියන්න, කියවන්න බැරිවුනත් එතන ඉදලා පටන්ගන්න පුළුවන්. 8 වසර සමත්නම් NAITA වගේ ආයතනවල පිළිගත් පාඨමාලා වලට බැදෙන්න පුළුවන්. තව ඒ වගේ ගොඩක් අවස්ථා තියෙනවා.
හොයලා බලන්නකෝ. කියලා තියෙනවානේ ‘සොයන්නාට සම්භවේ’ කියලා.
හැබැයි මම ඒකෙන් කියන්නේ නෑ කැම්පස් යන්න එපා කියලා. මේ ටික කිව්වේ එග්සෑම් ඇනෙන අයට.
Source:-http://pradeepot.blogspot.com/2011/12/results.html
Last edited: