ඔක්තෝබර් 1වෙනිදා සිට ක්‍රියාත්මක වන ත්‍ර&#3539

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
ඔක්තෝබර් 1වෙනිදා සිට ක්‍රියාත්මක වන ත්‍ර&#3539

2017 සැප්තැම්බර් මස 01 වැනිදා ප්‍රකාශයට පත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන්ව ඇති
ත්‍රිරෝද රථ සඳහා 2017 ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වන නීති සරළ බසින්...

1. මගීන් ගමන් ගන්නා කොටසේ දකුණු පස දොරටුව ස්ථිරවම වසා තිබිය යුතුයි (ත්‍රිරෝද රථයක දකුණු පැත්තෙන් ඇතුළුවීම හෝ පිටවීම නොකළ යුතුයි)

2. රියදුරු හැර වෙනත් කිසිවෙකු ඉදිරිපස කොටසේ (රියදුරු අසුනේ) ගමන් නොකළ යුතුයි.

3. ගමන් කල හැකි උපරිම වේග සීමාව පැයට කිලෝමීටර 40 ක් වේ.

4. මාර්ගයේ ගමන් කරන අතරතුර රියදුරු විසින් දැන්වීම් පත්‍රිකා බෙදීම නොකළ යුතුයි.

5. ගෙන යනු ලබන භාණ්ඩ වාහනයෙන් පිටතට ඒමෙන් වැලකිය යුතුයි.

6. ධාවනයේදී හෝ නවතා තැබීමේදී අන් අයට පීඩා වන අන්දමින් ශබිද ඇති නොකළ යුතුයි. (ශබිදය වාහනය තුලට පමණක් ඇසෙන පරිදි සීමා විය යුතුය)

7. වාහනයේ Speedometer එක සහ Wiper එක නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි.

8. Spare Wheel එක සහ Jack / Wheel Brace වාහනය තුළ තිබිය යුතුයි.

9. මගීන්ට වැස්සෙන් ආරක්ෂාට වීම සඳහා හොඳ තත්වයේ වැසි ආවරණ කට්ටල (Side Curtains) සවිකර තිබිය යුතුයි.

10. පැති කණ්නාඩි (Side Mirrors) සවිකර තිබිය යුතුයි.

11. Head Lights වල ආලෝක මට්ටම Head / Dim ලෙස වෙනස් කළ හැකි විය යුතුයි.

12. Break Lights, Signal Lights, Reverse Lights, Parking Lights සහ Horn ක්‍රියාත්මක මට්ටමේ තිබිය යුතුයි.

13. වාහනයේ ලියාපදිංචි අංකය, රියදුරුගේ නම සහ රියදුරු බලපත්‍ර අංකය, රියදුරුගේ 65x50 m.m. ප්‍රමාණයේ ඡායාරූපයක් සහ හදිසියක දී දැනුම් දීමට වාහනය ලියාපදිංචි වී ඇති පොලිස් ස්ථානයේ නම, දුරකථන අංකය යන තොරතුරු මගීන්ට පැහැදිලිව පෙනෙන ලෙස රියදුරු අසුන පිටුපස සඳහන් කර තිබිය යුතුයි.

14. මගීන්ට ආචාරශීලීව සැලකිය යුතු අතර දුම්පානය නොකළ යුතුයි.

15. අඩුම කාලයක් තුළ කෙටිම මාර්ගය ඔස්සේ ගමන් කළ යුතු අතර කුලී ගමන අවසන් වන තෙක් මගියා සුරක්‍ෂිතව රැගෙන යා යුතුයි.

16. ක්‍රියාත්මකව පවතින ටැක්සි මීටරයක් සවිකර තිබිය යුතුය.

17. ගාස්තු ගෙවීමෙන් පසු මගියාගේ ඉල්ලීම මත (ගමන් කළ දුර, වාහනයේ ලියාපදිංචි අංකය, අය කළ ගාස්තුව සහ දිනය ඇතුලත්) රිසිට් පතක් නිකුත් කළ යුතුය.

18. වාහනයේ නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති කරුණු හැර වාහනයේ ඉදිරිපස හෝ පසුපස වෙනත් අකුරු හෝ ඉලක්කම් සඳහන්ව නොතිබිය යුතුයි. (නම් සහ ත්‍රීවීල් වදන්)

මෙම ගැසට් පත්‍රයේ සඳහන් කර නැති වුනත්
වැඩිපුර මගීන් රැගෙන යාමෙන් වලකින්න.
(රැගෙන යා හැකි මගීන් ගණන 03 කි. අවුරුදු 12 ට අඩු ළමුන් දෙදෙනෙකු එක් මගියෙකු ලෙස සැලකේ.)

සයිලන්සර් වල ශබ්දය මුල් නිෂ්පාදන අවස්ථාවට පත් කරන්න. (Beat තියන්න එපා)
මීළඟට එන්න තියෙන නීතිය ඔන්න කලින්ම කිවුව. (සයිලන්සර් එකක් තියෙන්නෙ ශබ්දය අඩු කරන්න මිසක් ශබ්ද විලාසිතා වලට නෙමෙයි නේ..)

මීට අමතරව, මාර්ගයේ ගමන් ගන්නා වෙනත් රථවාහන වල ගමන් මාර්ගය වෙනස් කිරීමට සිදුවන අයුරින් නොසැලකිලිමත්ව රිය පැදවීමෙන් වැලකී විනීත රියදුරන් ලෙස මාර්ගය භාවිතා කිරීම ඔබගේත් අන් රියදුරන්ගේත් පදිකයන්ගේත් ආරක්‍ෂාවට මහත් රුකුලක් වේ.

ඔබ සැමට සියළු දෙවි දේවතාවන්ගේ පිහිටයි.. ආරක්‍ෂාවයි..
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔබ සැමට සියළු දෙවි දේවතාවන්ගේ පිහිටයි.. ආරක්‍ෂාවයි..
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මීට අමතරව, මාර්ගයේ ගමන් ගන්නා වෙනත් රථවාහන වල ගමන් මාර්ගය වෙනස් කිරීමට සිදුවන අයුරින් නොසැලකිලිමත්ව රිය පැදවීමෙන් වැලකී විනීත රියදුරන් ලෙස මාර්ගය භාවිතා කිරීම ඔබගේත් අන් රියදුරන්ගේත් පදිකයන්ගේත් ආරක්‍ෂාවට මහත් රුකුලක් වේ.
    :rofl::rofl::rofl:
    ++

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහෝ දෙනෙක්ට රැකියා නැති වෙන ගැසට් එකක්....කමක් නැ වෙනසනෙ....ඔහොම වෙලා මදි...ත්‍රිවිල් තහනම් කරලම දැම්මනම් ඉවරයි....:yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඔබ සැමට සියළු දෙවි දේවතාවන්ගේ පිහිටයි.. ආරක්‍ෂාවයි..

    හොද වැඩේ පාක් වල ඉන්න වල් වෙසිගෙ පුතාලට 50 දුරට 100 ගන්නව වෙන වීල් එකක් නගින්න හැදුවොත් කුනුහරපෙන් කැ ගහන්ව
     
    Oct 13, 2016
    2,675
    276
    0
    බොහෝ දෙනෙක්ට රැකියා නැති වෙන ගැසට් එකක්....කමක් නැ වෙනසනෙ....ඔහොම වෙලා මදි...ත්‍රිවිල් තහනම් කරලම දැම්මනම් ඉවරයි....:yes:

    මේ වෙනස නම් හොඳයි නේ බන්?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    upul ela
    TJRdqSX.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    වදන් නැති ත්‍රීවීල් නම් ලොවෙත් බැරි වේවි.

    18. වාහනයේ නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති කරුණු හැර වාහනයේ ඉදිරිපස හෝ පසුපස වෙනත් අකුරු හෝ ඉලක්කම් සඳහන්ව නොතිබිය යුතුයි. (නම් සහ ත්‍රීවීල් වදන්)
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    බොහෝ දෙනෙක්ට රැකියා නැති වෙන ගැසට් එකක්....කමක් නැ වෙනසනෙ....ඔහොම වෙලා මදි...ත්‍රිවිල් තහනම් කරලම දැම්මනම් ඉවරයි....:yes:

    Ow ethakota thoge rassawath nahane
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔබ සැමට සියළු දෙවි දේවතාවන්ගේ පිහිටයි.. ආරක්‍ෂාවයි..

    හොද වැඩේ පාක් වල ඉන්න වල් වෙසිගෙ පුතාලට 50 දුරට 100 ගන්නව වෙන වීල් එකක් නගින්න හැදුවොත් කුනුහරපෙන් කැ ගහන්ව

    මහ කාලමකන්නි ජාතියක්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    වදන් නැති ත්‍රීවීල් නම් ලොවෙත් බැරි වේවි.

    18. වාහනයේ නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති කරුණු හැර වාහනයේ ඉදිරිපස හෝ පසුපස වෙනත් අකුරු හෝ ඉලක්කම් සඳහන්ව නොතිබිය යුතුයි. (නම් සහ ත්‍රීවීල් වදන්)

    :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ වෙනස නම් හොඳයි නේ බන්?

    නැ මචන් උබ දැකල තියෙනවද තීවීල් වල එල්ලන එක එක වැකි අරව මේව විකුනන අහිසක මිනිස්සු....උස්සඩ බැරි මහ බරක් අරන් පාරෙ ගාටන...ඒ මිනිස්සුන්ගෙ බඩට වදින්නෙ...පව් මචන් උන් එදාවෙල කන්නෙ ඔකෙන්...

    මේ යෝජනා මහින්දගෙ කාලෙත් ආව මහින්දම විරුද්ද උනා ඒ මීනිස්සුන්ගෙ බටඩ වදින නිසා....අපි මහින්දව හොදයි කියන්නෙ ඔය වගේ සරල දේවල් නිසා....නිති රිති දාල එදාවේල හොයාගන්න මිනිහගෙ බඩට ගහල රටක් හදන්ඩ බැ....
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    වදන් නැති ත්‍රීවීල් නම් ලොවෙත් බැරි වේවි.

    18. වාහනයේ නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති කරුණු හැර වාහනයේ ඉදිරිපස හෝ පසුපස වෙනත් අකුරු හෝ ඉලක්කම් සඳහන්ව නොතිබිය යුතුයි. (නම් සහ ත්‍රීවීල් වදන්)

    :lol::lol::lol::lol: