ඔන්න එක යට ගැහුවා

topkollek

Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි අයි.එස්.සාමාජිකයන් බව කියමින් අහමදාබාද් ගුවන්තොටුපොළේදී ගුජරාටි ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් හිරු පෞද්ගලික රූපවාහිනී නාලිකාවට පැමිණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගේ නම් පාස්කු කොමිෂන් සභා වාර්තාව මඟින් පුනරුත්ථාපනය කළ යුතු යැයි සඳහන් නම් ලැයිස්තුව අතර ඇතැයි ආචාර්ය පුන්සිරි අමරසිංහ මහතා එම රූපවාහිනී වැඩසටහනේ දී පවසා තිබුණි.

    ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක්ද කරනු ලැබීය. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේත් විශේෂ අවධානයකට යොමුකරනු ලබන්නේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිව් දෙනාගේ නමක් ගමක් පාස්කු කොමිෂන් සභාවේ සටහන්ව නොමැති වූ බැවිනි. නැවත නැවත ඒ ගැන පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව පරීක්ෂාකර බලා අවසානයේ දී ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔහු ඒ කළ ප්‍රකාශයට අදාළ සැකකරුවන් සිව් දෙනා ගැන පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සටහන්ව ඇත්තේ කුමන පිටුවකදැයි කියාය.

    එම ප්‍රශ්න කිරීමේදී නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වූ ආචාර්ය පුන්සර අමරසිංහ මහතා තහවුරු නොවූ පදනම් විරහිත ප්‍රකාශයක් රූපවාහිනී මාධ්‍යයෙන් පැවසීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් අද දිනයේ අධිකරණයට ඉදිරිපත්කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    https://www.gossiplankanews.com/2024/05/punsara-amarasinghe-arrested.html

    https://www.itnnews.lk/2024/05/29/588725/
     
    • Like
    Reactions: War Fighter

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    " පාස්කු කොමිෂන් සභා වාර්තාව"

    meka public tiyenawada balanna :unsure:
     
    • Haha
    Reactions: hasithayad

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,766
    113
    හොරු / තස්තවාදින් අල්ලන්නේ නැ,
    හොරුන්ට හොරු, තස්තවාදින්ට තස්තවාදින් කියලා කියන උන් අල්ලන් යනො...
     

    Similar threads