ඔන්න කොටින් ගෙ වැඩ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    onna thatta wesige puthalage weda @elajani @2osama

    කෝටි දෙකක රන් සමග භික්ෂුවක් අල්ලයි​



    image_379f630222.jpg


    (යොහාන් භාසුර සහ ටී.කේ.ජි කපිල)

    රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්තරන් ඇතුළු භාණ්ඩ තොගයක් නීති විරෝධීව ඩුබායි සිට ඕමානයේ මස්කට් නගරය හරහා රැගෙන ආ චීවරධාරියකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

    ඡංගම දුරකතන 218ක, රුපියල් අනූ ලක්ෂයක් වටින් රන් බිස්කට් අටක්, රුපියල් ලක්ෂ හයලක්ෂ අසූ දහසක් වටිනා රන් කැබලි හයක්. රුපියල් ලක්ෂ 21 වටිනා ගෙල පළදනා මාල දෙකක්, ලැප්ටොප් පරිගණකයක් එහි තිබී සොයාගෙන ඇත.

    නීති විරෝධී ලෙස රැගෙනවිත් තිබූ එම භාණ්ඩ අතර පාවිච්චි කරන ලද ජංගම දුරකතන, පාවිච්චි කරන ලද ලැප්ටොප්, රත්තරන් බිස්කට්, රත්තරන් කැබලි සහ රන් ආභරණ ඇතුළත්ව ඇති බවත් එම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන් 22.5 ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    මෙම සැකකරු සිය ගමන් මල්ල තුළ පුද්ගලික භාණ්ඩ අඩංගු යැයි ගුවන් තොටුපළ රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කිරීමේදී පරීජෂා කළ බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර රේගු පරීක්ෂණයක් පවත්වා රත්තරන් සහ ජංගම දුරකථන රාජසන්තක කර සැකකරුවන්ට දඩ නියම කිරීමට ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල අංශයේ සේවයේ නියුතු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් කීය.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඇයි බන් හැමදාම මෙහෙම එකක් මාට්ටු උනාම උට චීවරධාරියකු කියන්නෙ?
    දැන් මූ හමුදුරුවෙක් නෙවෙයිද එතකොට?
     
    • Haha
    Reactions: gobaby and SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,968
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් හැමදාම මෙහෙම එකක් මාට්ටු උනාම උට චීවරධාරියකු කියන්නෙ?
    දැන් මූ හමුදුරුවෙක් නෙවෙයිද එතකොට?
    හොරෙක් සිවුරක් දාගෙන හිටිය වෙන්න බැරිද?