Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඔන්න බබෝ බිල්ලා.....!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න බබෝ බිල්ලා.....!

දරුවෝ පුංචි කාලේ අඩන විටත්, කරදර කරන විටත් , කෑම නොකන විටත් ඔව්න් අස්වැසීමට දෙමව්පියන්ට හොද කාරණයක් තිබුණේය. ඒ සෑම විටම දෙමව්පියන් දරුවන්ට කිව්වේ ඔන්න බබෝ බිල්ලා කියලාය.බිල්ලා කියපු ගමන් දරුවෝ ඇඩීම නවත්තන්නේය, කරදර නොකරන්නේය , යස අපූරුවට කෑමත් කන්නේය. ඒත් දරුවෝ කිසිම දවසක බිල්ලන්ද දැක නැත.කිසි දිනෙක නොදැක්ක බිල්ලෙකු ගැන කියා දෙමව්පියෝ රිසිසේ දරුවන්ව නලවා ගත්තේය.

ලාංකීය දේශපාලන පිටියටද බිල්ලා යනු හොද මෙවලමකි . මාරුවෙන් මාරුවට බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ලංකාවේ ජනයාට කලින් කලට බිල්ලන් පෙන්නා ඇත්තේය. ලංකාවේ ජනයාද බිල්ලාට බයේ නිහඩ වෙන ලමයින් වගේම නිහඩ වෙති .

වර්ථමාන ආණ්ඩුවද , ජාතියේ ආඩම්බරකාර තාත්තාද මේ වන විට බිල්ලා තියරිය රිසිසේ පාවිච්චි කරමින් සිටී. ලංකාවේ ළදරු ජනයාද ජාතියේ ආඩම්බරකාර තාත්තා පෙන්නන බිල්ලන්ට බයේ මුළු ගැන්වෙන්නේය.ඉතින් පාලකයන්ට බිල්ලා තියරිය මරුය , මසුරන්ය.

දැන් ආඩම්බරකාර තාත්තයි එයාගේ ආණ්ඩුවේ මන්ත්රී මල්ලිලායි ඒ කියන්නේ මන්ත්රී බාප්පලායි ජනතාවට එක එක බිල්ලෝ පෙන්වති. ආඩම්බරකාර තාත්තා චැනල් ෆෝ සහ යුධ අධිකරන බිල්ලා පෙන්නන කොට එක බාප්පෙක් අධිරාජ්යවාදී කුමණ්ත්රන බිල්ලෙක් පෙන්වති .මේ බාප්පා නින්දෙන් ගොරවන්නෙත් ග් රෑම් බටහිර... ග් රෑම් බටහිර කියමින්ය. ඒ බාප්පා බටහිර බිල්ලා පෙන්වන කොට තවත් බාප්පෙක් මුස්ලිම් බිල්ලෙක් පෙන්වති . ඒ බාප්පාටද එහෙමය ආශ්වාස ප්රාශ්වාස කරන්නෙත් මුස්ලිම් , මුස්ලිම් කියමිනි.

වැඩේ තියෙන්නේ එක එක බාප්පලාගේ බිල්ලෝ එක එක විදියේය.ඒ ඒ බාප්පාට පැවරී ඇති වැඩේට අනුව බිල්ලාද වෙනස් වන්නේය. ඒ වගේම බාප්පලාගේ පැවැත්ම තියෙන දේශපාලන ගුන්ඩුවට අනුවද බිල්ලා වෙනස් වෙති .

දැන් ලංකාවේ ළදරු ජනයා ඉන්නේද පිස්සු හැදිලාය. ඒ තරමට මේ අය බිල්ලෝ පෙන්නති. මේ වෙනකොට බාප්පලා ටික ආඩම්බරකාර තාත්තත් එක්ක තවත් බිල්ලෝ නාට්යක් පෙන් වන්නට ලෑස්ති වෙමින් සිටිති . සිද්ද වෙන හැම හොද දේකම තනි උරුමක් කරු තමන් වන්නාසේම මේ නාට්යයේ කතාව ,පිටපත් රචනය ,දෙබස්, අධ්යක්ෂණය එකී මෙකී නොකී සියල්ල ආඩම්බරකාර තාත්තාගෙනි.

මේ අළුත්ම තාලේ නාට්යයේ නම තර්ටීන් ප්ලස්ය(13+). අවශ්ය නලු නිලියන් හැඩ ගන්වා ලයිට් ඔන්කර ස්ටෑන්ඩ් බ්යි , කැමරා රෙඩි , ඇක්ෂන් කියාගෙන ලයිට්ද පෙරලා ගෙන ආඩම්බර කාර තාත්තා කැමරාව ඉස්සරහට දුවගෙන ඇවිත් 13 + කියන කොටම මල්ලිලා ''බෙදුම්වාදී බිල්ලා'' කියා බිම පෙරලි පෙරලී හොටු පෙර පෙර කෑ ගසන්නේය , විලාප තබන්නේය, එතකොටම ජනතාවද ''බුදු අම්මෝ එපෝයි'' කියමින් මරහඩ තබ්න්නේය මේ වෙනකොට ආඩම්බරකාර තාත්තා කැමරාව පිටිපස්සට ගිහින් තමන් 13+ කියද්දී තිබුණ ලග රූපය මල්ලිලා කෑගහදී මධ්යෂ්ථ රූපයක් කොට ජනතාව කෑගසන එක දුර රූපයක් කරන්නේය. ඒ උනාට කවදාවත් මේ තාත්තවත්, බාප්පලාවත් බිල්ලාගේ ඇත්ත කතාව ජනතාවට කියන්නේ නැත. කතාවට අනුව මුලින්ම අය්යාට මල්ලිලා විරුද්ධ වන්නේය. ඊට පසු මේ මල්ලිලා ජනතාවත් එක්ක මහපාරට බැස ලොකු අය්යාගේ 13+ බිල්ලාට විරුද්ධ වන්නේය. ආඩම්බරකාර තාත්තාටද බනින්නේය. ජනතාවටද මරුය. විරුද්ධවාදීන් එක එක කථා කීවාට ආණ්ඩුව ප්රජාතන්ත්රවාදීය , විරුද්ධමත දැරීමටද පුළුවන්ය.අයිතීන් ඉල්ලා සටන් කරන්නටද , පාරට බසින්නටද පුළුවන.

දැන් ජනතාව 13+ බිල්ලා එපා කියමින් බාප්පලාද පෙරටු කොට ගෙන සිව් මහා නදී ගලා බසිනා ආකාරයට සිව් දිශාවන් ගෙන් කොළඹට එන්නේය. ඒකට අවශ්ය පහසුකම් මේ ආඩ්ම්බර තාත්තාම දෙන්නේය. ලංගම බස් ටික එක බාප්පෙක් දෙන්නේය. ආරක්ෂාවත් තාත්තාගෙනි කෑමද බීමද කුඩු මුදලාලිලාගෙනි .ජන්තාවට තියෙන්නේ කන්ඩ දෙනවානම් බොන්ඩ දෙනවානම් ,එන්ඩ බස් දෙනවානම් ,බිල්ලා එපා කියමින් ටික දුරක් බාප්පලා එක්ක ඇවිදීමටය. ඒක ඉතිං බාප්පලාට නම් ව්යායාමෙටත් එක්ක මරුය.

ඔන්න දැන් ආපහු ආඩම්බරකාර තාත්තා හෙමින් හෙමින් කැමරාව ඉදිරියට එන්නේය .දැන් කැමරාවෙන් පටිගත වෙන්නේ ලග රූපයන්ය මුහුන විශාල වීය .දැන් මේ තාත්තාගේ මුහුණ විඩාබර ගතියක් දිස්වන්නේය . හරියට දහයට අරන් සීයට දීලා වගේය. දැන් මේ දුෂ්ඨ තාත්තා බයවී ඇත්තේය.ඔහුට ජනතා ළමයින්ගේ කීම නොසලකා හැරීමටද බැරිය මොකද ඔහු ජනතා ළමයින්ගේ ආඩම්බරකාර තාත්තාය, ජනතාවාදී නායකයාය. ඉතා දුක් මුසු මුහුණින් ආඩම්බර කාර තාත්තා කතා කරන්නේය. තාවකාලිකව 13+ බිල්ලා අකුලා ගන්නා බව කියන්නේය. ඒ වෙනුවට සර්ව පාක්ෂික සමුලුවක් කැදවන බව කියන්නේය. ඒ කමිටුවට අනුව සර්ව සාධාරණ සැමට එකග විය හැකි විසදුමක් දෙන බව කියන්නේය . ඒ උනාට මීට ඉස්සර සමහර දේවල් අකුලා ගන්නා විට කියනවා වගේ නැවත් ඉදිරිපත් කරන දිනයක් නම් කියන්නේ නැත. බාප්පලා කෑ මොර තබන්නේය. ජනතාවද බිල්ලා නැති නිසා පස්වනක් ප්රීති ප්රමෝදයෙන් ජය ඝෝෂා නගන්නේය.

දැන් බාප්පලා ජනතාවට කියන්නේ අපේ ආඩම්බරකාර තාත්තා හරිම හොද බවය. අපි මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න පූරුවේ පිං කරලා තියෙන්න ඕනි කියලාය. ඉතිං අර බිල්ලාට බය වෙච්ච ජනතා ළමයිද බිල්ලා නැති කරපු එකට ආඩම්බර කාර තාත්තාට ලව් කරන්නේය . අනේ අපි මොනතරම් වාසනාවන්තයෝද කියාගන්නේය . දැන් තාත්තා ජනතා ළමයි දෙසට හැරී මෙසේ කියන්නේය , '' මම ජනතාවාදී නායකයෙකි ජනතාව යමක් එපා කියූ විට එය කරන්නට මට බැරිය, ජනතාව යමක් කොරන්නය කියූ විට නොකර සිටීමටද බැරිය , මෙතෙක් කලක් මම කොරල තියෙන්නේ ජනතාව කොරන්න කියපුවාය , මෙතෙක් කලක් මම නොකොර තියෙන්නේ ජනතාව නොකරනැයි කියපුවාය. දැන් ඉතිං ආඩම්බර කාර තාත්තාටත් චූන්ය ජනතා ළමයිටත් ගොඩක් චූන්ය.

දැන් මේ තාත්තා උතුරට හැරී මෙසේ කියන්නේය. අපි මේ ප්රශ්නය විසදන්නට එකතු විය යුතුයි .මේක ඔබගෙත් මගෙත් ප්රශ්නයක්ය . අපේ අනාගත පරපුරේ ප්රස්නයක්ය. මමම මේක විසදන්නට ගොඩක් උත්සාහ කරනව . ඔය ගොල්ලොත් අපිට එකතු වෙන්න දැන් බලන්න කරුනා ඇමති තුම , දේවානන්ද ඇමතිතුමා අපි ඔක්කොම සහෝදරයො වගෙ ඉන්නේ මට ඌනි කොහොම හරි මේ රට ගොඩනගන්ඩ ඔයාලත් අපිත් එක්ක එකතු උනොත් ගොඩම තමා. ඔය පහුගිය කාලේ සිද්දි අමතක කොරල දාන්ඩ, විශේෂයෙන් ඔය චැනල් ෆෝ එකෙ කට්ටිය අපෙ ආමි එකෙන් අපරාද කොරනව වගෙ පෙන්නන්න බොරු වීඩියෝ එකක් හදලලු ඔයාල ඒ බොරු වලට අහු වෙන්න එපා.යුද්ධෙ කොරන කොට ඔය සුළු සුළු සිද්ධි ඇති වෙන්ඩ ඇති මම නැතෙයි කියන්නේ නෑ. එව්ව හොයල බලල තමයි ඒ කාලේ යුද්ධෙ මෙහෙයවපු කෙනාට මම දඩුවම් දුන්නේ . බොරුනම් බලන්ඩ එයා තවමත් හිරේ .

ඊට පස්සෙ තාත්තා ඔලුව කසමින් හැරෙන්නේ ඉන්දියාව දිහාටයි .මම සර්වපාර්ෂික සමුළුවක් කැදවලා ඒකෙ ප්රගතිය කියන්නම් කියා හෙමින් හෙමින් කැමරාවෙන් ඉවත් වෙනවාත් සමගම ප්රශස්ථි ගී ගැයීමට පොරකන ජනතාවාදී කලා කරුවෝ තරගයට ගී ගයමින් ඉදිරියට පැමිණේ.

ආඩම්බර කාර තාත්තගේ , බාප්පලාගෙයි ඔන්න බබෝ බිල්ලා නාට්යය එසේය.මේ කතාවේ අඩු පාඩු හදන්න කාටවත්ම බැරිය. විවේචන කාරයොත් ආඩම්බරකාර තාත්තගේ සාක්කුවේය බාප්පලා ගැන කියලා වැඩක් නැත . ඔක්කොමලා ඉන්නේ තාත්තාගේ සාටකේ නූල් පොටවල් වල යන්තමින් එල්ලී ගෙනය එක බාප්පෙක්වත් හුම් කියන්නේත්.ප්රශ්න කරන්නේත් නැත. අනේ අපේ අමාත්ය මණ්ඩලේ වැඩිම කොටසක් පාලනය කරන්නේ ආඩම්බර කාරයාගේ පවුල් සමාගමෙන් නොවේ දැයි ප්රශ්න කරන්නේද නැත.ඉතිං අපිට බලය නොදෙන මේ ආඩම්බර කාරයා කවදාවත් දෙමළෙකුට බලයක් දෙයිද කියා මේ බාප්පලා සිතන්නේද නැත.බැරි වෙලාවත් එහෙම ඇහුවත් මේ සුවච කීකරු මල්ලිලාට දෙන්න උත්තරයක්ද ආඩම්බරකාරයා ලග ඇත.ඈ බොලව් ගොන් හරකුනේ මම උන්ට බලය දෙනවද බොලාටවත් බලයක් නොදෙනකොට.ඇඹිලිපිටියේ උන්නාන්සේටම මම ප්රාදේශීය සභාවේ සභාපති බලය දුන්නෙම නොදී බැරිම තැනනේ . මොකෝ උන්නාන්සේ සිංහල නෙමෙයිද? මොකෝ උන්නාන්සෙ බෞද්ධ නෙමේද? ඉතින් එහෙම එකේ මම මේ දෙමළුන්ට බලය දෙයිද?මෙව්වා ඉතිං තේරුම් ගන්ට කූඹියෙකුගෙ තරම්වත් මොලයක් තිබිලා එපායැ. කියා කියන ගමන් මුංට එහෙම මොලයක් නැති එකම මටත් හොදායැයි සිතන්නේය.

ජනතා ළමයිද මේ ගැන ප්රශ්න කරන්නේ නැත. දෙනදේ කාලා , බීලා නිකම්ම බස් එකේ කොළඹත් ගිහිල්ලා එන්නේමැයි සිතන්නේය.ජනතා ළමයි එසේ ආඩම්බර කාර තාත්තාගෙන් ප්රශ්න අහන්නට සිතන්නේද නැත.ගමේ සමූපකාර ජන්දෙ දී වත් අනිත් පක්ෂයේ එකාට බලය දෙන්නේ නැතිව , ඌව මරලා හරි තමන්ගේ පක්ෂයේ එකාට බලය දෙන්නේය . එහෙව් එකේ මේ උතුරේ ඉන්න දෙමළුන්ට කොහෙත්ම ඕක ලියා නොදෙන බවද දන්නේය.

මේ බඩු ගනන් දවස්වල වේල් දෙක තුනක් කාලා නොමිලේම කොළඹ යන්න තියෙන එක නැති කරගන්නේ මොකට දැයි කියා සිතන්නේය. ඉතිං ආඩම්බරකාර තාත්තා අමාත්ය මණ්ඩලේ ඇන්දුවාය කියා සිතන්නේය .අමාත්ය මණ්ඩලේ අය පාක්ෂිකයින් අන්දලා ලොක්කට තමන්ගෙ බලය පෙන්නුවාය කියා සිතන්නේය .ජනතා ළමයින් වේල් දෙක තුනක් ෂේප් වෙලා නොමිලේම කොළඹත් ගිහින් ආවා යැයි සිතන්නේය.

උපුටා ගැනීමකි: මුල් ලිපිය - අජිත් දසනායක

[QUOTE="sitharaJAYA, post: 12178442, member: 1830"] [b]ඔන්න බබෝ බිල්ලා.....![/b] [B][SIZE="6"]දරුවෝ පුංචි කාලේ අඩන විටත්, කරදර කරන විටත් , කෑම නොකන විටත් ඔව්න් අස්වැසීමට දෙමව්පියන්ට හොද කාරණයක් තිබුණේය. ඒ සෑම විටම දෙමව්පියන් දරුවන්ට කිව්වේ ඔන්න බබෝ බිල්ලා කියලාය.බිල්ලා කියපු ගමන් දරුවෝ ඇඩීම නවත්තන්නේය, කරදර නොකරන්නේය , යස අපූරුවට කෑමත් කන්නේය. ඒත් දරුවෝ කිසිම දවසක බිල්ලන්ද දැක නැත.කිසි දිනෙක නොදැක්ක බිල්ලෙකු ගැන කියා දෙමව්පියෝ රිසිසේ දරුවන්ව නලවා ගත්තේය. ලාංකීය දේශපාලන පිටියටද බිල්ලා යනු හොද මෙවලමකි . මාරුවෙන් මාරුවට බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ලංකාවේ ජනයාට කලින් කලට බිල්ලන් පෙන්නා ඇත්තේය. ලංකාවේ ජනයාද බිල්ලාට බයේ නිහඩ වෙන ලමයින් වගේම නිහඩ වෙති . වර්ථමාන ආණ්ඩුවද , ජාතියේ ආඩම්බරකාර තාත්තාද මේ වන විට බිල්ලා තියරිය රිසිසේ පාවිච්චි කරමින් සිටී. ලංකාවේ ළදරු ජනයාද ජාතියේ ආඩම්බරකාර තාත්තා පෙන්නන බිල්ලන්ට බයේ මුළු ගැන්වෙන්නේය.ඉතින් පාලකයන්ට බිල්ලා තියරිය මරුය , මසුරන්ය. දැන් ආඩම්බරකාර තාත්තයි එයාගේ ආණ්ඩුවේ මන්ත්රී මල්ලිලායි ඒ කියන්නේ මන්ත්රී බාප්පලායි ජනතාවට එක එක බිල්ලෝ පෙන්වති. ආඩම්බරකාර තාත්තා චැනල් ෆෝ සහ යුධ අධිකරන බිල්ලා පෙන්නන කොට එක බාප්පෙක් අධිරාජ්යවාදී කුමණ්ත්රන බිල්ලෙක් පෙන්වති .මේ බාප්පා නින්දෙන් ගොරවන්නෙත් ග් රෑම් බටහිර... ග් රෑම් බටහිර කියමින්ය. ඒ බාප්පා බටහිර බිල්ලා පෙන්වන කොට තවත් බාප්පෙක් මුස්ලිම් බිල්ලෙක් පෙන්වති . ඒ බාප්පාටද එහෙමය ආශ්වාස ප්රාශ්වාස කරන්නෙත් මුස්ලිම් , මුස්ලිම් කියමිනි. වැඩේ තියෙන්නේ එක එක බාප්පලාගේ බිල්ලෝ එක එක විදියේය.ඒ ඒ බාප්පාට පැවරී ඇති වැඩේට අනුව බිල්ලාද වෙනස් වන්නේය. ඒ වගේම බාප්පලාගේ පැවැත්ම තියෙන දේශපාලන ගුන්ඩුවට අනුවද බිල්ලා වෙනස් වෙති . දැන් ලංකාවේ ළදරු ජනයා ඉන්නේද පිස්සු හැදිලාය. ඒ තරමට මේ අය බිල්ලෝ පෙන්නති. මේ වෙනකොට බාප්පලා ටික ආඩම්බරකාර තාත්තත් එක්ක තවත් බිල්ලෝ නාට්යක් පෙන් වන්නට ලෑස්ති වෙමින් සිටිති . සිද්ද වෙන හැම හොද දේකම තනි උරුමක් කරු තමන් වන්නාසේම මේ නාට්යයේ කතාව ,පිටපත් රචනය ,දෙබස්, අධ්යක්ෂණය එකී මෙකී නොකී සියල්ල ආඩම්බරකාර තාත්තාගෙනි. මේ අළුත්ම තාලේ නාට්යයේ නම තර්ටීන් ප්ලස්ය(13+). අවශ්ය නලු නිලියන් හැඩ ගන්වා ලයිට් ඔන්කර ස්ටෑන්ඩ් බ්යි , කැමරා රෙඩි , ඇක්ෂන් කියාගෙන ලයිට්ද පෙරලා ගෙන ආඩම්බර කාර තාත්තා කැමරාව ඉස්සරහට දුවගෙන ඇවිත් 13 + කියන කොටම මල්ලිලා ''බෙදුම්වාදී බිල්ලා'' කියා බිම පෙරලි පෙරලී හොටු පෙර පෙර කෑ ගසන්නේය , විලාප තබන්නේය, එතකොටම ජනතාවද ''බුදු අම්මෝ එපෝයි'' කියමින් මරහඩ තබ්න්නේය මේ වෙනකොට ආඩම්බරකාර තාත්තා කැමරාව පිටිපස්සට ගිහින් තමන් 13+ කියද්දී තිබුණ ලග රූපය මල්ලිලා කෑගහදී මධ්යෂ්ථ රූපයක් කොට ජනතාව කෑගසන එක දුර රූපයක් කරන්නේය. ඒ උනාට කවදාවත් මේ තාත්තවත්, බාප්පලාවත් බිල්ලාගේ ඇත්ත කතාව ජනතාවට කියන්නේ නැත. කතාවට අනුව මුලින්ම අය්යාට මල්ලිලා විරුද්ධ වන්නේය. ඊට පසු මේ මල්ලිලා ජනතාවත් එක්ක මහපාරට බැස ලොකු අය්යාගේ 13+ බිල්ලාට විරුද්ධ වන්නේය. ආඩම්බරකාර තාත්තාටද බනින්නේය. ජනතාවටද මරුය. විරුද්ධවාදීන් එක එක කථා කීවාට ආණ්ඩුව ප්රජාතන්ත්රවාදීය , විරුද්ධමත දැරීමටද පුළුවන්ය.අයිතීන් ඉල්ලා සටන් කරන්නටද , පාරට බසින්නටද පුළුවන. දැන් ජනතාව 13+ බිල්ලා එපා කියමින් බාප්පලාද පෙරටු කොට ගෙන සිව් මහා නදී ගලා බසිනා ආකාරයට සිව් දිශාවන් ගෙන් කොළඹට එන්නේය. ඒකට අවශ්ය පහසුකම් මේ ආඩ්ම්බර තාත්තාම දෙන්නේය. ලංගම බස් ටික එක බාප්පෙක් දෙන්නේය. ආරක්ෂාවත් තාත්තාගෙනි කෑමද බීමද කුඩු මුදලාලිලාගෙනි .ජන්තාවට තියෙන්නේ කන්ඩ දෙනවානම් බොන්ඩ දෙනවානම් ,එන්ඩ බස් දෙනවානම් ,බිල්ලා එපා කියමින් ටික දුරක් බාප්පලා එක්ක ඇවිදීමටය. ඒක ඉතිං බාප්පලාට නම් ව්යායාමෙටත් එක්ක මරුය. ඔන්න දැන් ආපහු ආඩම්බරකාර තාත්තා හෙමින් හෙමින් කැමරාව ඉදිරියට එන්නේය .දැන් කැමරාවෙන් පටිගත වෙන්නේ ලග රූපයන්ය මුහුන විශාල වීය .දැන් මේ තාත්තාගේ මුහුණ විඩාබර ගතියක් දිස්වන්නේය . හරියට දහයට අරන් සීයට දීලා වගේය. දැන් මේ දුෂ්ඨ තාත්තා බයවී ඇත්තේය.ඔහුට ජනතා ළමයින්ගේ කීම නොසලකා හැරීමටද බැරිය මොකද ඔහු ජනතා ළමයින්ගේ ආඩම්බරකාර තාත්තාය, ජනතාවාදී නායකයාය. ඉතා දුක් මුසු මුහුණින් ආඩම්බර කාර තාත්තා කතා කරන්නේය. තාවකාලිකව 13+ බිල්ලා අකුලා ගන්නා බව කියන්නේය. ඒ වෙනුවට සර්ව පාක්ෂික සමුලුවක් කැදවන බව කියන්නේය. ඒ කමිටුවට අනුව සර්ව සාධාරණ සැමට එකග විය හැකි විසදුමක් දෙන බව කියන්නේය . ඒ උනාට මීට ඉස්සර සමහර දේවල් අකුලා ගන්නා විට කියනවා වගේ නැවත් ඉදිරිපත් කරන දිනයක් නම් කියන්නේ නැත. බාප්පලා කෑ මොර තබන්නේය. ජනතාවද බිල්ලා නැති නිසා පස්වනක් ප්රීති ප්රමෝදයෙන් ජය ඝෝෂා නගන්නේය. දැන් බාප්පලා ජනතාවට කියන්නේ අපේ ආඩම්බරකාර තාත්තා හරිම හොද බවය. අපි මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න පූරුවේ පිං කරලා තියෙන්න ඕනි කියලාය. ඉතිං අර බිල්ලාට බය වෙච්ච ජනතා ළමයිද බිල්ලා නැති කරපු එකට ආඩම්බර කාර තාත්තාට ලව් කරන්නේය . අනේ අපි මොනතරම් වාසනාවන්තයෝද කියාගන්නේය . දැන් තාත්තා ජනතා ළමයි දෙසට හැරී මෙසේ කියන්නේය , '' මම ජනතාවාදී නායකයෙකි ජනතාව යමක් එපා කියූ විට එය කරන්නට මට බැරිය, ජනතාව යමක් කොරන්නය කියූ විට නොකර සිටීමටද බැරිය , මෙතෙක් කලක් මම කොරල තියෙන්නේ ජනතාව කොරන්න කියපුවාය , මෙතෙක් කලක් මම නොකොර තියෙන්නේ ජනතාව නොකරනැයි කියපුවාය. දැන් ඉතිං ආඩම්බර කාර තාත්තාටත් චූන්ය ජනතා ළමයිටත් ගොඩක් චූන්ය. දැන් මේ තාත්තා උතුරට හැරී මෙසේ කියන්නේය. අපි මේ ප්රශ්නය විසදන්නට එකතු විය යුතුයි .මේක ඔබගෙත් මගෙත් ප්රශ්නයක්ය . අපේ අනාගත පරපුරේ ප්රස්නයක්ය. මමම මේක විසදන්නට ගොඩක් උත්සාහ කරනව . ඔය ගොල්ලොත් අපිට එකතු වෙන්න දැන් බලන්න කරුනා ඇමති තුම , දේවානන්ද ඇමතිතුමා අපි ඔක්කොම සහෝදරයො වගෙ ඉන්නේ මට ඌනි කොහොම හරි මේ රට ගොඩනගන්ඩ ඔයාලත් අපිත් එක්ක එකතු උනොත් ගොඩම තමා. ඔය පහුගිය කාලේ සිද්දි අමතක කොරල දාන්ඩ, විශේෂයෙන් ඔය චැනල් ෆෝ එකෙ කට්ටිය අපෙ ආමි එකෙන් අපරාද කොරනව වගෙ පෙන්නන්න බොරු වීඩියෝ එකක් හදලලු ඔයාල ඒ බොරු වලට අහු වෙන්න එපා.යුද්ධෙ කොරන කොට ඔය සුළු සුළු සිද්ධි ඇති වෙන්ඩ ඇති මම නැතෙයි කියන්නේ නෑ. එව්ව හොයල බලල තමයි ඒ කාලේ යුද්ධෙ මෙහෙයවපු කෙනාට මම දඩුවම් දුන්නේ . බොරුනම් බලන්ඩ එයා තවමත් හිරේ . ඊට පස්සෙ තාත්තා ඔලුව කසමින් හැරෙන්නේ ඉන්දියාව දිහාටයි .මම සර්වපාර්ෂික සමුළුවක් කැදවලා ඒකෙ ප්රගතිය කියන්නම් කියා හෙමින් හෙමින් කැමරාවෙන් ඉවත් වෙනවාත් සමගම ප්රශස්ථි ගී ගැයීමට පොරකන ජනතාවාදී කලා කරුවෝ තරගයට ගී ගයමින් ඉදිරියට පැමිණේ. ආඩම්බර කාර තාත්තගේ , බාප්පලාගෙයි ඔන්න බබෝ බිල්ලා නාට්යය එසේය.මේ කතාවේ අඩු පාඩු හදන්න කාටවත්ම බැරිය. විවේචන කාරයොත් ආඩම්බරකාර තාත්තගේ සාක්කුවේය බාප්පලා ගැන කියලා වැඩක් නැත . ඔක්කොමලා ඉන්නේ තාත්තාගේ සාටකේ නූල් පොටවල් වල යන්තමින් එල්ලී ගෙනය එක බාප්පෙක්වත් හුම් කියන්නේත්.ප්රශ්න කරන්නේත් නැත. අනේ අපේ අමාත්ය මණ්ඩලේ වැඩිම කොටසක් පාලනය කරන්නේ ආඩම්බර කාරයාගේ පවුල් සමාගමෙන් නොවේ දැයි ප්රශ්න කරන්නේද නැත.ඉතිං අපිට බලය නොදෙන මේ ආඩම්බර කාරයා කවදාවත් දෙමළෙකුට බලයක් දෙයිද කියා මේ බාප්පලා සිතන්නේද නැත.බැරි වෙලාවත් එහෙම ඇහුවත් මේ සුවච කීකරු මල්ලිලාට දෙන්න උත්තරයක්ද ආඩම්බරකාරයා ලග ඇත.ඈ බොලව් ගොන් හරකුනේ මම උන්ට බලය දෙනවද බොලාටවත් බලයක් නොදෙනකොට.ඇඹිලිපිටියේ උන්නාන්සේටම මම ප්රාදේශීය සභාවේ සභාපති බලය දුන්නෙම නොදී බැරිම තැනනේ . මොකෝ උන්නාන්සේ සිංහල නෙමෙයිද? මොකෝ උන්නාන්සෙ බෞද්ධ නෙමේද? ඉතින් එහෙම එකේ මම මේ දෙමළුන්ට බලය දෙයිද?මෙව්වා ඉතිං තේරුම් ගන්ට කූඹියෙකුගෙ තරම්වත් මොලයක් තිබිලා එපායැ. කියා කියන ගමන් මුංට එහෙම මොලයක් නැති එකම මටත් හොදායැයි සිතන්නේය. ජනතා ළමයිද මේ ගැන ප්රශ්න කරන්නේ නැත. දෙනදේ කාලා , බීලා නිකම්ම බස් එකේ කොළඹත් ගිහිල්ලා එන්නේමැයි සිතන්නේය.ජනතා ළමයි එසේ ආඩම්බර කාර තාත්තාගෙන් ප්රශ්න අහන්නට සිතන්නේද නැත.ගමේ සමූපකාර ජන්දෙ දී වත් අනිත් පක්ෂයේ එකාට බලය දෙන්නේ නැතිව , ඌව මරලා හරි තමන්ගේ පක්ෂයේ එකාට බලය දෙන්නේය . එහෙව් එකේ මේ උතුරේ ඉන්න දෙමළුන්ට කොහෙත්ම ඕක ලියා නොදෙන බවද දන්නේය. මේ බඩු ගනන් දවස්වල වේල් දෙක තුනක් කාලා නොමිලේම කොළඹ යන්න තියෙන එක නැති කරගන්නේ මොකට දැයි කියා සිතන්නේය. ඉතිං ආඩම්බරකාර තාත්තා අමාත්ය මණ්ඩලේ ඇන්දුවාය කියා සිතන්නේය .අමාත්ය මණ්ඩලේ අය පාක්ෂිකයින් අන්දලා ලොක්කට තමන්ගෙ බලය පෙන්නුවාය කියා සිතන්නේය .ජනතා ළමයින් වේල් දෙක තුනක් ෂේප් වෙලා නොමිලේම කොළඹත් ගිහින් ආවා යැයි සිතන්නේය. උපුටා ගැනීමකි: මුල් ලිපිය - අජිත් දසනායක[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom