ඔන්ලයින් ජාවාරමෝ කෝටි පන්දාහක් චීනෙට පන්නලා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,593
    10,427
    113
    44
    Living in an Atom
    5e77612699e08415b62b9868_online_payment_fraud.jpg


    ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ තිප්පොළක් හා පරාදීසයක් කර ගනිමින් අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර ඇති බවත් එලෙස වංචා කළ මුදල් චීනයට යවා ඇති බවත් විමර්ශනවල දී හෙළි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (18) දැනුම් දුන්නේය.


    අන්තර්ජාලය හරහා එලෙස රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කිරීමට අදාළව චීන ජාතිකයන් ඇතුළු විදෙස් සැකකරුවන්ට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශනවලට සහාය දීම සඳහා චීන හා සිංගප්පූරු පොලිසිවල විශේෂඥ විමර්ශන කණ්ඩායම් ලංකාවට පැමිණෙන බව තහවුරු කර ඇතැයි රහස් පොලිසිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් දැනුම් දුන්නේය. 'ඔන්ලයින්' තාක්ෂණය ඔස්සේ නීති විරෝධී ආකාරයෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කළැයි කියන සිද්ධියට අදාළව ආරම්භ කර ඇති විමර්ශනවලට සහය දෙන ලෙස ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් ඉල්ලා ඇති බවද රහස් පොලිසිය වැඩිදුරටත් දැනුම් දුන්නේය.


    තැන්පතු බාරගැනීම් කළ ජාවාරම්කරුවන් තිදෙනකු හඳුනා ගැනීම සඳහා පැවැත් වූ හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී රුපියල් ලක්‍ෂ ගණන් මුදල් මෙම ජාවාරම්කරුවන්ට දුන් බව කියන පුද්ගලයන් විසින් ඔවුන් හඳුනා ගන්නා ලදී.

    සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හා විදේශකයන් 34 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.බන්ධනාගාර නිලධාරීන් විසින් එලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් අතර අනුරාධපුරයේ පදිංචිකරුවකු වන ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයාට අමතරව චීනය, පාකිස්තානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, ඇල්ජීරියාව හා නේපාලය යන රටවල තරුණයෝ 31ක් හා තරුණියෝ 5ක් සිටිති.

    සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක යූ.බී. ගල්වල මහතා විදේශික සැකකරුවන් 34 දෙනා ලෝකයේ විවිධ රටවල් හා සබඳකම් පවත්වමින් සයිබර් අපරාධවලට මූලික වූ පුද්ගලයන් බව විමර්ශනවල දී හෙළි වූවේ යැයි පැවසීය.

    සැකකරුවන් ඩුබායි රාජ්‍යයේ රාජ්‍යයේ දී සයිබර් අපරාධයක් කිරීමට උත්සාහ කිරීමේ දී එරට පොලිසිය විමර්ශන ආරම්භ කිරීම හේතුවෙන් ඔවුන් මෙරටට පැනවිත් ඇතැයි ද ඩුබායි රාජයේ සිට එසේ පලා ඒමේ දී ඩුබායි වැසියන් රවටා ලබාගත් ඩුබායි බැංකු ගිණුම් 100ක් හා ලාංකික බැංකු ගිණුම් 46ක් හරහා මෙම මූල්‍ය වංචාව කර ඇති බව විමර්ශන වල දී අනාවරණය වු බවත් කී ගල්වල මහතා පරිගණක යන්ත්‍ර 45ක්, ජංගම දුරකථන හා වෙනත් තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් බයිනැන්ස් ගිණුම් හරහා යු එස්. ඩී.ටී. ක්‍රිප්ටො කරන්සි උපයෝගි කරගෙන මෙම වංචාව කර ඇතැයිද කීය.


    සැකකරුවන් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ කාමර 30කින් සමන්විත තෙමහල් හෝටලයක් රුපියල් ලක්ෂ 80ක මාසික කුලියට ගෙන පෞද්ගලික ආරක්ෂකයන් යොදා ගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇතැයි කී ගල්වල මහතා සැකකරුවන්ගේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 800 ඉක්ම වූ පසු සැකකරුවන් පීසා පාටියක් මඟින් එය සමරා ඇතැයි දැනුම් දුන් ගල්වල මහතා මෙම අපරාධය හෙළි කර ගැනීමට හැකිවූයේ මෙම පීසා පාටිය සඳහා ගවේෂ බණ්ඩාර නමැති සැකකරු මුදල් ගෙවූ රිසිට්පත හරහා යැයි ද දැනුම් දුන්නේය.

    සැකකරුවන් මෙම අපරාධයට යොදා ගත් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ තෙමහල් හෝටලය විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය වී ඇති හෙයින් එම හෝටලය සහිත ප්‍රදේශය තහනම් කලාපයක් වශයෙන් නම් කරන්නැයි ඉල්ලා සිටි පොලිස් පරීක්ෂක ගල්වල මහතා සැකකරුවන් බාරයේ තිබී අත්අඩංගුවට ගත් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක විදෙස් මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට භාරදීමට නියම කරන්නැයි ද ඉල්ලා සිටියේය.


    සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ රඳවා සිටි මහනුවර මහ රෝහලේ වෛද්‍ය වෛද්‍ය තවලම ගමගේ ප්‍රසන්න, ඔහුගේ පුත් දනිජු නිසල් සහ අනුරාධපුරයේ ප්‍රභාශ්වර ඉලංගසිංහ නමැත්තන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් සැකකාර වෛද්‍යවරයා මෙම සිද්ධියේ පළමු සැකකාර ගවේෂ බණ්ඩාර නමැත්තාගේ ඥාතියකු බවත් එහෙයින් ඔහු විශ්වාස කර බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු දී ඇතැයි ද කෙසේ වෙතත් මෙය නීති විරෝධී ක්‍රියාවක් බව නොදැන ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ වී අතැයි ද පැවැසූහ. මෙම තත්වය මත තම සේවාදායකයන් ඕනෑම කොන්දේසියක් මත මුදා හරින්නැයි නීතිඥවරු ඉල්ලා සිටියහ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශන අවසන් වනතෙක් මීගමුව ඒත්තුකාල හෝටලයට එහි හිමිකරුට හෝ වෙනත් වෙනත් පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කරමින් හෝටලයට අයත් දේපළ තහනමට ලක් කළේය.සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් මුදල් මහ බැංකුවට බාරදීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර වෛද්‍යවරයා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට ද නියම කළේය.සැකකරුවන් 34 දෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කල මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දීමට පොලිසියට නියම කලේය.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113

    ඒ කියන්නේ ඉන්දියන් , පාකිස්තානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, ඇල්ජීරියාව හා නේපාලය උනුත් ඇවිත් ඕවා කරලා සල්ලි චීනෙටද පටවලා තියෙන්නේ..නැත්නම් උබද ටයිටල් එක වෙනස් කරේ එහෙම?:confused:

    ඔන්ලයින් ජාවාරමෝ කෝටි පන්දාහක් චීනෙට පන්නලා​

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ග වේස බණ්ඩාර කිරියෙත් ඇති.
    රට යන උන්ට බැන බැන අපි ලැට් හෝදන්න රට යන්නෙ නෑ යකොව් ගේමක් ගහනව නං රට ලංකාව කියාගෙන 😎😍😹
     
    • Like
    Reactions: Draco Malfoy

    Similar threads