ඔන්ලයින් පනත

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    උපුටා ගැනීම - https://monara.com/sri-lanka/online-safety-act-is-passed

    පනත් කෙටුම්පත යටතේ ' වැරදි ලෙස අර්ථ' ගන්වා ඇත්තේ මොනවාද?

    මෙම පනත් කෙටුම්පත ඔස්සේ මාර්ගගත ක්‍රම ඔස්සේ සිදු කරනු ලබන වැරදි ලෙස අර්ථ ගන්වා ඇති තත්ත්වයන් මෙසේයි.

    එනම්,

    • ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
    • අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම
    • අසත්‍ය ප්‍රකාශ මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම
    • අසත්‍ය ප්‍රකාශ මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම
    • ආගමික හැඟීම්වලට රිඳවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
    • ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
    • මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම
    • අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම
    • සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විතවම නින්දා කිරීම
    • කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම
    • හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම
    • ළමා අපයෝජන
    • වරදක් සිදු කිරීම සඳහා 'බොට්' සෑදීම හෝ අවභාවිතා කිරීම
    • කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම
    යනාදියයි.