Online Safety Act එක ගැන අපේ අදහස.
ඕනේ ද එපා ද?
රටක් කරගෙන යන්න අණපනත් හදන්න ඕනේ. ලෝකය වෙනස් වෙන වේගයට අප්ඩේට් වෙන්න ඕනේ. අලුත් අවශ්‍යතා, අලුත් තාක්ෂණය එක්ක මිනිස් සමාජයක සිදු වන පරිවර්තනයට ගැලපෙන්න නීති සම්පාදනය වෙන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුවක වගකීමක්.
ලෝකයේ පාරවල් හැදෙන්න කළින් මිනිස්සු ඕන හැටියට ඔබ මොබ යන්න ඇති. ඉඩම් බෙදා ගන්න කලින් ඕන භූමියක ඇවිදින්න ඇති. ඕන ගහක ගෙඩි කොළ කන්න ඇති. ඒත් එතනින් ලෝකය එළියට ආවා. ඉඩම් වලට පුද්ගලික අයිතියක් නිර්මාණය උනා. පාරවල් වලට පොදු අවකාශයක් නිර්මාණය උනා. ඒවාට නීති සම්පාදනය උනා. පාරේ යන්න පොදු සම්ප්‍රදායක් හැදුනා. එමගින් අද වන විට පාරක් කියන්නේ හැමෝටම යන්න පුළුවන් සංකීර්ණ පොදු අවකාශයක්. ඒ අවකාශය තුල ඇති නියාමනය හැමෝම පිළිගන්නවා. පාර පනින තැනක්, වේග සීමාවක්, ඉරි, සංඥා ආදී නොයෙක් දෑ එහි තිබෙනවා.
සෝෂල් මීඩියා ලෝකෙට ඇවිත් දැනට දශක දෙකයි. තාක්ෂණයේ වේගවත් දියුණුව නිසා මේ වන විට ලෝකයෙන් අති බහුතරයක් සමාජ මාධ්‍යට පිවිසිලා. ඒ පිවිසීම නිසාම ඒක පොදු අවකාශයක් බවට පත් වෙලා. ඉතිං දවසක් එනවා ඒ අවකාශය නියාමනය කළ යුතු වෙන. ඒක හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් අවකාශයක් බවට නියාමනයක් අවශ්‍ය වෙනවා.
දැන් තිබෙන තාක්ෂණය සහ කෘතිම බුද්ධියේ දියුණුව මත සමාජ මාධ්‍ය කියන්නේ නියාමනය නොකර තැනිය යුතු තැනක් නොවෙයි.
විකෘති තොරතුරු ජාල
වෛරී ද්වේශසහගත ප්‍රකාශන
බොරු ප්‍රවෘත්ති නිර්මාණය
සමාජ මාධ්‍ය ජාලා ෆාම්
තවෙකෙකුගේ පුද්ගලික තොරතුරු හෝ අපහසුතාවට පත්වන වීඩියෝ, සෙක්!ස් වීඩියෝ ආදිය අනවසරයෙන් ජනගත කිරීම
Deep fake
ආදී දේවල් සමාජයට හානි කරනවා. ඒ නිසා හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් ඒවාට අණ පනත් හා නියමනයන් නිර්මාණය කිරීම රජයක වගකීමක්.
ඒ නිසා online safety bill එකක් කියන්නේ කාලෝචිත පනතක්. එහෙම එකක් රටට ඕනේ.
ඒ වගේම මේකේ නරක පැත්තක් තිබෙනවා. මේ සම්මත වූ පනතේ පත් කරන කොමිසම ජනාධිපති ට ඕන විදියට කරන එකක්. ඒ කොමිසමේ අය මේ ප්‍රකාශන වල හරි වැරැද්ද තීරණය කරනවා. ඒවා නිර්වචනය කරනවා. එය අධිකරණයට පෙර සිදු වන්නක්. එහි විනිවිද භාවයක් නෑ. ඒ නිසා ඒ අර්ථදැක්වීම් කරන්න ඔවුන්ට රිසි පරිදි අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මෙය වැරදි යාන්ත්‍රණයක්.
මේ මගින් පුළුවන් ආණ්ඩුවට ඕන විදියට හරි වැරැද්ද තීරණය කරන්න. සරළග කිව්වොත් කෙනෙක්ව අල්ලලා හිරේ දාන්න පුළුවන්. නීති තියෙන එක හොඳ උනාට ඒවා අබභාවිතා කරන්න අවකාශය නිර්මාණය කර තිබීම මේ පනතේ ගැටලුවක්.
විශේෂයෙන් අන්තර්ජාලය හරහා අරගලයක් නිර්මාණය වුන රටකට එවන් අරගල යළි ඇති නොවෙන්න කටයුතු කරන්න ආණ්ඩුවක් ක්‍රියා කරනවා. එක පාරක් ලැබුන ඉඩ ආයේ ඉතුරු කරන්නේ නෑ. ඉතිං මේක අරගලයේ මර්ධනයේම කොටසක්. තවමත් සක්‍රීය බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් තිබෙන නිසා එතනින් මේක සම්මත වීම නවත්වන්න බෑ. ඒ නිසා ඒක දැන් වෙලා ඉවරයි.
මෙවන් පනත් රටකට ඕනේ. ඒ නිසා අපි එයට එකගයි. ඒත් මේ පනත සංශෝධනය කළ යුතුයි. කොමිසමට ලැබෙන අහිතකර බලතල ඉවත් කරලා, මෙය අවභාවිතා කිරීමට ඇති ඉඩකඩ අහුරන්න ඕනේ.
ඒ වගේම කෘතිම බුද්ධිය නියාමනය සම්බන්ධ නව කරුණු මෙයට එක් කළ යුතුයි.
සමාජ මාධ්‍ය පමණක් නොවෙයි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යත් මෙසේ නියාමනය කළ යුතුයි.
මේ පනත දැන් සම්මත වී අවසන්. එයට විරෝධය පළ කිරීමෙන් එය වළක්වා ගත හැකි යැයි මා සිතන්නේ නෑ. නමුත් මේ පනත ඉදිරි මැතිවරණයකින් පසුව සංශෝධනය කර ගත යුතු බව අප විශ්වාස කරනවා.
එතෙක් මේ මර්ධනයෙන් බේරිලා ඉඳිමින් සමාජ මාධ්‍ය භාවිතා කරන ලෙසත්, මේ උගුලට හසු නොවී බුද්ධිමත්ව සමාජ මාධ්‍ය පරිශීලනය කරන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම මේ විකෘති පාර්ලිමේන්තුව පවතින කම් තවත් මර්ධන අන පනත් අරගෙන එනවා. නොබෝ දිනකින් ප්‍රති ත්‍රස්ත පනතත් අරගෙන ඒවි.
ICCPR, ATA and OSA කියන තුන් ඈඳුතු මර්ධන අණපනත් මගීන් ඔබේ නිදහස සීමා කරලා තියෙනවා. ඒත් ඔබට ඒ සීමාවන් ඇතුලේ ඉඳගෙන නිර්මාණ ශීලී ලෙස දේශපාලනය කරන්න පුළුවන්. මේ වසරේ අග වෙන කොට මේ රටේ තත්ත්වය මේ වගේම තියෙන එකක් නෑ. ඉවසීමෙන්!
මේ අණපනත් නැති උනා කියලා ඔබව මර්ධනය කරන්න ඔවුන්ට අවශ්‍ය නම් එය නොකර ඉන්නෙත් නෑ. කුඩු ගංජා ටිකක් දලා 'යුක්තිය' ක් ක්‍රියාත්මක කරන්න, බොරු සාක්කි කාරයෝ දාලා තුවක්කු හැංඟුවා, ආමි එකට ගැහැව්වා වගේ නඩු දාලා ගිණි අවි පනතින්ම අත් අඩංගුවට ගන්න ඔවුන්ට පුළුවන්. ඒ නිසා මර්ධනය පනතකට පමණක් සීමා වෙලා නෑ.
බොහෝම ස්තුතියි !
පැතුම් කර්නර්
#හරිත