මාලිමා ටොම් පචයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    ✈️ “මත්තලට එමිරේට්ස් / කටාර් ගේනවා” කියන්නේ – මාලිමා ටොම් පචයක්..
    මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ, එමිරේට්ස් සහ කටාර් වැනි ලෝකයේ ඉහළම ගුවන්සේවා සඳහා “විකල්ප ගුවන් තොටුපළක්” ලෙස භාවිතා කරනවා කියලා අද රට පුරා කියාගෙන යනවා. ඇත්තටම මත්තලට මඟින් රැගෙන එන ගුවන් ගමන් ආරම්භ කිරීම කියන්නේ ඉතාම අමාරු වැඩක්.
    හැබැයි — පච කියන එක ලේසියි, කරන එක අමාරුයි.
    🔴 1. අත්දැකීමෙන් කියන සත්‍යයක්..
    රුසියානු Redwings ගුවන්යානා 507ක් සහ යුක්රේනියානු SkyUp ගුවන්යානා 129ක් මත්තලට රැගෙන ඇවිත් ලැබුණු අත්දැකීමෙන් මට පැහැදිලියි:
    👉 මත්තල නිලධාරීන් සමඟ වැඩ කිරීම
    👉 මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය සමඟ කටයුතු කිරීම
    ඉතාම අමාරුයි.
    විශේෂයෙන් දේශපාලන බලපෑම් එක්ක, මේක තවත් සංකීර්ණ වෙනවා.
    🟡 2. මත්තල ගුවන් තොටුපළ අවුරුදු 13ක් ගියත් යටිතල පහසුකම් දියුණු වෙලා නැහැ.
    ✔ ගොඩනැගිල්ල තියෙනවා, නමුත්:
    ❌ ඒකට අදාල යටිතල පහසුකම් දියුණු කරලා නැහැ
    ❌ වාණිජ පරිසරයක් හදාගෙන නැහැ
    👉 මෙය ප්‍රධාන ගැටලුව
    🟠 3. එමිරේට්ස් / කටාර් = ඉහළම වාණිජ ගුවන්සේවා
    මෙවැනි ගුවන්සේවා:
    👉 වැඩි මුදල් ගෙවන (Business) මඟීන්ගේ තේරීමක්
    ❌ ඒ මට්ටමේ පහසුකම් නැහැ
    👉 Budget ගුවන්සේවා ගැන හිතන්න පුළුවන්
    🔵 4. ක්‍රියාත්මක කිරීමේ සීමාවන්
    👉 මත්තල එකවර ලොකු ගුවන්යානා දෙකක්වත් පහසුවෙන් කළමනාකරණය කිරීම නොහැකි වීම:
    ❌ සම්පූර්ණ Taxiway පද්ධතියක් නැහැ
    ❌ එකවර ගුවන්යානා කිහිපයක් handle කරන්න බැහැ
    ❌ Boarding bridges → 2යි තියෙන්නේ
    👉 ගුවන්යානා නවතා තැබීම පමණක් ප්‍රයෝගිකව කරන්න පුළුවන්. නමුත් MRO එකක් නැත්නම් ගුවන්යානා පැමිණීමට අකමැතියි.
    🛠️ 5. ඉදිරියට මත්තලට කල කළ යුතු දේ:
    👉 ගුවන්යානා නඩත්තු කර්මාන්ත ශාලාවක් (MRO) ආරම්භ කළ යුතුයි.
    👉 එවිට: ගුවන්යානා ගමනාගමනය වැඩි වෙනවා
    🔥 අවසාන සත්‍යය:
    👉 ගුවන් තොටුපළක් හැදුවා, නමුත් ලාභදායී ගුවන් මධ්‍යස්ථානයක් කරගන්න බැරි වුණා
    👉 මත්තලට ගුවන්සේවා ගේන්න නම්, මුලින්ම ඒකට Market එක හදන්න ඕන.”
    👉 ඒකට දක්ෂ, අවංක නායකත්වයක් අවශ්‍යයි!

    හිටපු ශ්‍රී ලංකා තානාපති
    :::
    #Udayanga #Mattalaairport #emirates #qatar


    https://www.facebook.com/share/14Xgwy4Xeb1/