Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබටත් මහණ වෙන්න හිතුනද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීපංකර බුදුරජාණන් වහන්සේ මුණ ගැසීම

සුමේධ තාපසතුමා දිනක් අහසින් වැඩම කරන විට ඉතාම සතුටින් මාර්ගය සරසන්නා වූ රම්ම නගරවාසීන් දුටුවේ ය. කුමන කරුණක් නිසා මෙසේ මග සරසනවා දැයි දැන ගැනීමට සිතූ සුමේධ තාපසයාණෝ අහසින් බිමට විත් "පින්වත්නි, කිනම් කාරණාවක් නිසා මාර්ගය සරසන්නාහුදැ" යි ඇසූහ. ඒ මනුෂ්‍යයෝ " තුන් ලොවට අග්‍ර වූ දීපංකර නම් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූහ. දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කොට උන්වහන්සේ චාරිකාවේ වඩිනුයේ අපගේ නගරයටද වැඩම කරන සේක. අපි ඒ බුදුරජුන් වඩින මග සරසන්නෙමු" යි කීහ.

"බුද්ධ" යනු අවබෝධයට පත් තැනැත්තාය. ලෝකයේ යථාවබෝධය ඇති කරගත් තැනැත්තාය. සත්‍යය අවබෝධ කරගත් තැනැත්තාය. යම් සසර දුකක් ඇත්නම් ඒ සසර දුකට පිළියම සොයාගත් පුද්ගලයාය. සසර දුකින් මිදීමට මාර්ගය දන්නා තැනැත්තාය. එම මාර්ගය දේශනා කරන පුද්ගලයාය. "බුද්ධ" යන වචනය ඇසෙත් ම සුමේධ තාපසතුමා තුල විශාල ප්‍රීතියක් ඇති විය. නැවත වරක් මිනිසුන් අමතා බුදුවරයෙක් වඩින බව තහවුරු කර ගත්තේ ය.

සුමේධ තාපසතුමා සිතුවේය "බුද්ධ යන වචනය පවා ලොවෙහි දුර්ලභය. එසේ ඇති කල්හි බුදුවරයෙක් සම්මුඛ වීම කොතරම් දුර්ලභ කරුණක් ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩින මග මම ද සරසමි"යි සිතා මිනිසුන් අමතා, "පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගය සැරසීමට මටද කොටසක් දෙනු මැනව. මමද නුඹලා සමඟ මාර්ගය සැරසීමට එකතු වෙමි" යි කීය. ඒ ඇසූ මිනිස්සු සතුටු වී සුමේධ තාපසතුමන් ඍද්ධිමත් බව දන්නා නිසා සාමාන්‍ය මිනිසුන්ට ගොඩ කිරීමට අපහසු මඩ පිරුණ ස්ථානයක් ගොඩ කිරීමට එතුමාට බාර දුන්හ. එකල්හි, සුමේධ තාපසතුමා "මාගේ ඍද්ධි බලය යොදා මේ මඩ ගොඩ පුරවා හිමාලය වනයෙන් සුවඳ මල් ගෙනවිත් මෙහි ඇතිරවීම මා හට සුළු කරුණකි. නමුත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ උදෙසා දහඩිය වගුරුවමින් මාගේ කය වෙහෙසා මෙම කාර්යය සිදු කිරීම වටී. ඉන් මාගේ කුශලය මහත් ඵල මහත් ආනිශංස ගෙන දෙන්නක් වන්නේ ය" යි සිතුවේ ය. මෙසේ සිතා ඍද්ධි බලය නොයොදා තමන්ගේ ශරීර ශක්තියෙන් පොලොව සැකසීමට පටන්ගත්තේ ය.

සුමේධ තාපසතුමා මඩ වළ ගොඩ කරන්නට ප්‍රථම දීපංකර දසබලධාරීන් වහන්සේ මහා රහතන් වහන්සේලා සාරලක්ෂයක් සමඟ දෙවියන්ගෙන් සහ මිනිසුන්ගෙන් පූජා ලබමින් දිව්‍ය සංගීතය මධ්‍යයයෙහි බුද්ධ ලීලාවෙන් කේෂර සිංහයකු මෙන් එම ස්ථානයට වැඩම කළ සේක. දෙතිස් මහා පුරුෂ ලකුණින් අසූවක් අනු ව්‍යංජනයන්ගෙන් කෙතුමාලාලංකාරාදි බුද්ධ ශ්‍රීයෙන් ලහිරු මඩළක් මෙන් බබළමින් වඩිනා භාග්‍යවතුන් වහන්සේ දුටු සුමේධ තාපස තෙමේ, "සම්මාසම්බුදුරජුන්ට මාගේ ජීවිතය අද පූජා කරමි" යි සිතුවේය.

මෙසේ සිතා සුමේධ තාපසයාණෝ මඩ වළ හරහා ඒදණ්ඩක් සේ වැටී බුදුන් දෙසට හිස ලා වැඳගෙන "සම්මා සම්බුදු රජාණන් වහන්සේ අද මාගේ ශරීරය මතින් වැඩම කරන සේක්වා! බුද්ධ ප්රමුඛ මහරහතන් වහන්සේලා අද මාගේ ශරීරය ඒදණ්ඩක් කොට වඩිත්වා! මම ද අනාගතයේ දී දීපංකර සර්වඥයන් වහන්සේ මෙන් සම්මා සම්බුද්ධරාජ්යයට පත්ව ලෝක සත්වයින් සසර සයුරින් එතෙර කරවන්නෙමි" යි සිතමින් ජීවිත පරිත්‍යාගයෙන් මතු බුද්ධත්වය පැතූහ.

මතු සම්බන්ධයි..

පළමු ලිපියට

[MEDIA=facebook]970233040912162[/MEDIA]

දෙවැනි ලිපියට

[MEDIA=facebook]972026950732771[/MEDIA]

[QUOTE="asliyanage, post: 29168276, member: 8764"] 🌷🌷දීපංකර බුදුරජාණන් වහන්සේ මුණ ගැසීම සුමේධ තාපසතුමා දිනක් අහසින් වැඩම කරන විට ඉතාම සතුටින් මාර්ගය සරසන්නා වූ රම්ම නගරවාසීන් දුටුවේ ය. කුමන කරුණක් නිසා මෙසේ මග සරසනවා දැයි දැන ගැනීමට සිතූ සුමේධ තාපසයාණෝ අහසින් බිමට විත් "පින්වත්නි, කිනම් කාරණාවක් නිසා මාර්ගය සරසන්නාහුදැ" යි ඇසූහ. ඒ මනුෂ්‍යයෝ " තුන් ලොවට අග්‍ර වූ දීපංකර නම් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූහ. දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කොට උන්වහන්සේ චාරිකාවේ වඩිනුයේ අපගේ නගරයටද වැඩම කරන සේක. අපි ඒ බුදුරජුන් වඩින මග සරසන්නෙමු" යි කීහ. "බුද්ධ" යනු අවබෝධයට පත් තැනැත්තාය. ලෝකයේ යථාවබෝධය ඇති කරගත් තැනැත්තාය. සත්‍යය අවබෝධ කරගත් තැනැත්තාය. යම් සසර දුකක් ඇත්නම් ඒ සසර දුකට පිළියම සොයාගත් පුද්ගලයාය. සසර දුකින් මිදීමට මාර්ගය දන්නා තැනැත්තාය. එම මාර්ගය දේශනා කරන පුද්ගලයාය. "බුද්ධ" යන වචනය ඇසෙත් ම සුමේධ තාපසතුමා තුල විශාල ප්‍රීතියක් ඇති විය. නැවත වරක් මිනිසුන් අමතා බුදුවරයෙක් වඩින බව තහවුරු කර ගත්තේ ය. සුමේධ තාපසතුමා සිතුවේය "බුද්ධ යන වචනය පවා ලොවෙහි දුර්ලභය. එසේ ඇති කල්හි බුදුවරයෙක් සම්මුඛ වීම කොතරම් දුර්ලභ කරුණක් ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩින මග මම ද සරසමි"යි සිතා මිනිසුන් අමතා, "පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගය සැරසීමට මටද කොටසක් දෙනු මැනව. මමද නුඹලා සමඟ මාර්ගය සැරසීමට එකතු වෙමි" යි කීය. ඒ ඇසූ මිනිස්සු සතුටු වී සුමේධ තාපසතුමන් ඍද්ධිමත් බව දන්නා නිසා සාමාන්‍ය මිනිසුන්ට ගොඩ කිරීමට අපහසු මඩ පිරුණ ස්ථානයක් ගොඩ කිරීමට එතුමාට බාර දුන්හ. එකල්හි, සුමේධ තාපසතුමා "මාගේ ඍද්ධි බලය යොදා මේ මඩ ගොඩ පුරවා හිමාලය වනයෙන් සුවඳ මල් ගෙනවිත් මෙහි ඇතිරවීම මා හට සුළු කරුණකි. නමුත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ උදෙසා දහඩිය වගුරුවමින් මාගේ කය වෙහෙසා මෙම කාර්යය සිදු කිරීම වටී. ඉන් මාගේ කුශලය මහත් ඵල මහත් ආනිශංස ගෙන දෙන්නක් වන්නේ ය" යි සිතුවේ ය. මෙසේ සිතා ඍද්ධි බලය නොයොදා තමන්ගේ ශරීර ශක්තියෙන් පොලොව සැකසීමට පටන්ගත්තේ ය. සුමේධ තාපසතුමා මඩ වළ ගොඩ කරන්නට ප්‍රථම දීපංකර දසබලධාරීන් වහන්සේ මහා රහතන් වහන්සේලා සාරලක්ෂයක් සමඟ දෙවියන්ගෙන් සහ මිනිසුන්ගෙන් පූජා ලබමින් දිව්‍ය සංගීතය මධ්‍යයයෙහි බුද්ධ ලීලාවෙන් කේෂර සිංහයකු මෙන් එම ස්ථානයට වැඩම කළ සේක. දෙතිස් මහා පුරුෂ ලකුණින් අසූවක් අනු ව්‍යංජනයන්ගෙන් කෙතුමාලාලංකාරාදි බුද්ධ ශ්‍රීයෙන් ලහිරු මඩළක් මෙන් බබළමින් වඩිනා භාග්‍යවතුන් වහන්සේ දුටු සුමේධ තාපස තෙමේ, "සම්මාසම්බුදුරජුන්ට මාගේ ජීවිතය අද පූජා කරමි" යි සිතුවේය. මෙසේ සිතා සුමේධ තාපසයාණෝ මඩ වළ හරහා ඒදණ්ඩක් සේ වැටී බුදුන් දෙසට හිස ලා වැඳගෙන "සම්මා සම්බුදු රජාණන් වහන්සේ අද මාගේ ශරීරය මතින් වැඩම කරන සේක්වා! බුද්ධ ප්රමුඛ මහරහතන් වහන්සේලා අද මාගේ ශරීරය ඒදණ්ඩක් කොට වඩිත්වා! මම ද අනාගතයේ දී දීපංකර සර්වඥයන් වහන්සේ මෙන් සම්මා සම්බුද්ධරාජ්යයට පත්ව ලෝක සත්වයින් සසර සයුරින් එතෙර කරවන්නෙමි" යි සිතමින් ජීවිත පරිත්‍යාගයෙන් මතු බුද්ධත්වය පැතූහ. මතු සම්බන්ධයි.. පළමු ලිපියට [MEDIA=facebook]970233040912162[/MEDIA] දෙවැනි ලිපියට [MEDIA=facebook]972026950732771[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom