ඔබටත් මහණ වෙන්න හිතුනද ?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,455
    10,838
    113
    Colombo
    ඔබටත් මහණ වෙන්න හිතුනද ?

    ඉතාම කෙටියෙන් කරුණු ටිකක් කියන්නම්

    සිවුරු නොහැර හොද පැවිද්දෙක් වීමට නම්

    ගුරුවරයෙක් විදියට අපේ මහණ ජීවිතයේ අත්දැකීම් අනුව නිදසුනක් විදියටයි මේ කරුණු ලියන්නේ

    👉 අද කාලේ හැටියට රැකියාස්ථාන වල ,ගෙදර දොරේ ප්‍රශ්න,මුල්‍යමය ගැටලු හෝ වෙනත් මානසික ගැටලු නිසා හෝ ගන්නා හදිසි තීරණ (දරුපවුල් ඇත්නම් විශේෂයෙන්ම සැලකිය යුතුයි)

    ගුරුවරුන්ටත් , තමන්ටත් ආයතනයටත් ගැටලු නොවන විදියටම ගිහි ගෙයින් නික්මීම පැවිද්දට වඩාත් පහසු වෙයි

    තමන්ගේ සියලු ප්‍රශ්න ගුරුවරයාට
    අවංකව කීම කාටත් යහපතකි

    🌸පියවර අංක 01

    👉 ගිහිගෙයින් නික්ම ආ පසු දසසිල්ගෙන උපාසක මහතෙකු ලෙස ගුරුවරුන්ගේ තීරණය අනුව අවම මාස 05 ක් පමණ ( සුදුසුකම් සැපිරීම අනුව කාලය අඩුවැඩි විය හැක )

    👉 ශාසනාවතරණය පොත තනියම කියවීම පමණක් නොකොට සම්පූර්ණ දැනඋගත් ගුරුවරයෙක් යටතේ හොදින් ඉගෙනීම

    👉 බුද්ධවන්දනා ,වත්පිලිවෙත් ,
    සංඝඋපස්ථාන කටයුතු ආදිය සොයාබලා නිසි ලෙස කිරීම

    👉 පාලිභාෂාවතරණය 1 පොතවත් අවම ඉගෙනීම
    පාළි පාඨමඤ්ජරී පොත සමග
    එයින් ඔබට පාලිභාෂාව සම්බන්ධ මුලීක දැනුමක් ලැ⁣බේ

    👉පිරිත් පොත් වහන්සේගේ අවම මුලසිට තුන්සූත්‍රය සහිත ධජග්ග පිරිත දක්වා කටපාඩම් දීම

    👉 සිවුරු පෙරවීම, පාත්‍රදැරීම,සිවුරුපඩු ගැසිම පාත්‍රකලු කිරීම, අනෙකුත් කුඩා අනුකුඩා පරික්ෂාර නිවැරැදි ලෙස භාවිතා කරන හැටි ආදිය සියල්ල ඉගෙනීම

    👉 මාස කීපයක් මෙසේ ඉහත ගුණ සම්පූර්ණ කරල ගුරුවරුන්ගේ තීරණ අනුව පැවිද්දට ස්ථිරවීම හෙවත් පණ්ඩුපලාස අවධියට පැමිණීම

    මේ පණ්ඩුපලාස බව පැවිද්දට ස්ථිර බැවින් නෙක්ඛම්මය හොදින් සිදුකිරීම ඉතාම වැදගත් දුරකථන, පරිඝණක මුහුණුපෙතේ ගිණුම් ගිහිකල යු ටියුබ් නාලිකා ,බැංකුවල ඇති මුදල් ගිණුම් ,
    ආදී සියල්ල ඉවත් කිරීම ද මහණකම හරියට කරගැනීම සදහා සැලකිය යුතු වැදගත්ම දේවල් වේ

    මෙසේ මාස කීපයක පුහුණුවකින් පසු හොදගුරුවරයෙක් යටතේ මහණ වූ පසු

    🌸පියවර අංක 02

    සාමණේර භූමිය හැකිනම් වසරක් පමණවත් ගුරු උපදේශ
    අනුව

    👉 සාමණේර දසසීලය හොදින්ම ආරක්ෂාකොට සේඛියා සිකපදද හොදින් ආරක්ෂාකොට සාමණේර බණ දහම්පොත ආදිය පරිශිලනය කොට සාමණේර පැව්ද්දහොදින්
    ශක්තිමත් කරගැනීම

    👉 පාලිභාෂාවතරණය ඉතිරි 02 පොත ,03 වෙනි පොත
    පාළිපාඨමඤ්ජරී 02 වෙනි පොත,බාලාවතාරය වැනි පාලි ග්‍රන්ථ හොදින් පුහුණු කිරීම
    ඒ අතර සිංහල හෝ වෙනත් භාෂාඥාන පුහුණු කිරීම පසුකාලීනව ත්‍රිපිටකය ඉගෙනීමට ඉතා වැදගත් වේ

    👉 ඒ අතර පිරිත් පොතේ ඉතිරි පිරිත් කටපාඩම් කිරීම , පාලි වරනැගිලි ,ධාතුමංජුසා ,
    ධම්මපදය,සතිපට්ඨානය,ආදී තමන්ට හැකිපමණ ග්‍රන්ථ කටපාඩම් කර ගුරුවරයා ලවා පරීක්ෂා කරගැනීම

    👉 මේ අතර සමථවිදර්ශනා භාවනා මාර්ගයකුත් හොද ගුරුවරයෙක් යටතේ පුහුණු කරගැනීම

    👉 හැකිනම් අභිධර්ම මාර්ගය වැනි ග්‍රන්ථ පරිශීලනය කොට අභිධර්මය මුලික දැනුමක් ලබාගැනීම

    👉 වයස අවුරුදු 20 සම්පූර්ණ නම් ඊලග වසරේ උපසම්පදාවට සුදුසු යැයි ගුරුවරුන් තීරණය කරනවානම් ඒ සදහා කැපවී සූදානම් වීම

    👉 හැකි නම් ප්‍රාතිමොක්ෂය කටපාඩම් කිරීම එහි අර්ථ විනය හොදින් උගත් ගුරුවරයෙක් යටතේම හොදින් ප්‍රශ්න ගැටලු විසදමින් ඉගෙනීම

    👉 උපසම්පදාවක් පිරිසිදුව ලැ⁣බෙන හැටි ඒ උත්තරීතර උපසම්පදාව රැකගන්නහැටි, උපසම්පදාව ලබාදෙන ආචාර්ය පරපුර මේ සියල්ල හරියටම දැනගෙන කිසිදු සැකයක් නැතිව උපසම්පදාව ලබාගැනීමට කටයුතු කිරීම සාමණේර හිමිනමකගේ විශේෂ වගකීමක් බව නම් මතක් කලයුතුමයි ☺️

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    සුපිරිසිදු පාරිශුද්ධ වූ මෙලොව ලැබිය හැකි උසස්ම සීලය වන උපසම්පදාව ලැබූ පසු

    🌸පියවර අංක 03

    👉 බුද්ධ ආඥාව අනුව වසර පහක් ධර්ම විනය පෙලඅටුවා ටීකා අනුව උගන්වන ඒ පිලිබද මනා දැනුමක් ඇති ගුරුවරයෙක් ළඟ නිස සමාදන්ව වාසය කීරිම

    👉 බුද්ධ ආඥාව අනුව නිසමුක්තකාංග සම්පූර්ණ කිරීම නවක උපසපන් භික්ෂූන් වහන්සේ නමකගේ ප්‍රධාන වගකීමක් බව හොදින්ම දැනගෙන කටයුතු කලයුතුය
    නැතහොත් මුලු පැවිදි ජීවිතයම නිසරු විය හැක

    👉 මේ අතරේ භාවනාවේ යොදන ගමන් කෙලෙස් තවන වීර්‍ය ඇතිව ධර්ම විනය හොදින්ම ප්‍රගුණ කල හැක

    ඒ සදහා හැදීරය යුතු ග්‍රන්ථ කෙටෙියෙන් පහක දක්වන්නම්

    🌻 පාලිභාෂාව පරිපුර්ණ අවබෝධයක් සදහා ඉතිරි වූ
    රූපසිද්ධිය ,කච්චායනය ,
    මොග්ගල්ලායනය සද්දනීති ආදී ග්‍රන්ථ තමාට හැකිපමණ ඉගෙනීම

    🌻 වසර පහක් ගුරුවරයෙක් යටතේ සිටින බැවින් මුලුවිනය පිටකයම අටුවා ටීකා සහිතවම ඉගෙන ගන්න පුලුවන් නම් පැවිද්දේ ස්ථාවරත්වයට වටිනාකම මෙතෙකැයි කියන්න බැරිවෙයි එයා ඉතාම වැදගත්

    🌻 අභිධර්මය අර්ථසංග්‍රහය ඇතුලු හැකිතාක් පිටක ග්‍රන්ථ අටුවා ටීකා සහිතව මනාව ඉගෙනීම

    🌻 සූත්‍ර පිටකය අවම
    මජ්ඣිමනිකායම
    දීඝ,අංගුත්තර,සංයුක්ත නිකායාදී නිකාය වලින් හැකිතාක් වැදගත් සූත්‍ර අරුත් සහිතව ඉගෙනීම

    ඔය අතරේ බුද්ධවන්දනා සංඝ උපස්ථාන, පිණ්ඩපාතචර්‍යා ධුතාංග රැකීම ගිලන් උපසම්පස්ථාන ආදී සිදුකොට උත්කෘෂ්ට ගුණධර්ම සහ කුසල් රැස්කරගැනීමද අනිවාර්යයෙන් කලයුතුය මොකද ඒ පින පැවිද්ද නිරුපද්‍රිතව කරගැනීමට මහත් උපකාරයක් වේ

    👉 මේ අතරේ තමාගේ චරිතයට ගැලපෙන සසරේ හුරුපුරුදු අනුව හෝ නිවැරැදි කමටහන් අර්හත්වය දක්වා පුහුණු කිරීමද ඉතාම වැදගත්

    විශුද්ධිමාර්ගය හොද ගුරුවරයෙක් ලග ඉගෙන ගත්තොත් නිවන් දැකීම අපහසුවක් නොවෙන බව ඒකාන්තයි

    🌻තවද වැඩිදුර අධාපනය හෝ භාවනාව සදහා බුරුම රටට වැඩමකොට ඒ රටවල් වලින්ද අත්දැකීම් ලබාගත හැකිනම් ඉතාම වැදගත් වේවි දිනක ඒ භික්ෂූන් වහන්සේට අවශ්‍ය නම් ලෝක සාසනික සේවයක් පවා කල හැකිය🌻

    මේ විදියට වස්පහ සම්පූර්ණ කොට වනගත වී උත්කෘෂ්ට භාවනා ප්‍රතිපදාවේ යෙදෙනවානම් එයටද ඔබ දැන් සුදුසුයි තවද හැකිනම් තමාටත් සාසනයටත් යහපත පිණිස සුදුසුකම් සම්පූර්ණ නම් ගුරුවරුන්ගේ උපදෙස් අනුව තව කෙනෙකුට ධර්ම විනය ඉගැන්විම ගිහි අයට දහම් කරුණු ආදිය කියාදීම වැනි සාසනික කටයුතු සදහාද දායක විය හැක

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    ඉතා වැදගත් 👇👇👇

    🌹මෙසේ මහණ වී කටයුතු කිරීම සදහා ගුරුවරයා සහ ඒ මහණ වෙන ස්ථානයේ තිබිය යුතු මූලික ගුණාංග ටිකකුත් සලකා බලලම මහණ වෙන්න

    👉 බුදුරජාණන්වහන්සේ වදාල පරිදි ශිෂ්‍යයෙකු හික්මවිය හැකි සුදුසුකම් සම්පූර්ණ කරපු වස් දහයක් හෝ ඊට වැඩිවීම

    👉 සතරපරිජි මුල් කරගත් ප්‍රාතිමොක්ෂය ඇතුලු සියලු සිල්පද ගෞරවයෙන් රකින ගුරුවරයෙක් වීම ( මෙකල හැටියට විකාලභෝජනය මිලමුදල් භාවිතා කිරීම වගේ සිකපද වලින් පහසුවෙන් ගුරුවරයාගේ සික්ෂාපද ගෞරවය ගැන යම් අදහසක් ගත හැක )

    👉 ලාභසත්කාර කීර්තිප්‍රශංසා සමාජමාධ්‍ය ආදිය අනිසිලෙස භාවිතා නොකර ශිෂ්‍යයින් සමග නිතර රැඳෙමින් ශිෂ්‍යයින්ගේ වගකීම භාර⁣ගෙන කටයුතු කරන ගුරුවරයෙක් වීම

    ලිපිය දිගවැඩිවෙන බැවින්
    අද කාලේ හැටියට මා දන්නා පරිදි මෙවැනි වැඩසටහන් තියෙන තැන් ටිකක් ගුරුවරු කීප දෙනෙක් මතක් කරල අවසන් කරන්නම්

    වෙනත් කිසිදු ආයතනයකට හෝ ගුරුවරයෙකුට මෙයින් අපහසුතාවයක් නොවේවා

    මේ මා දන්නා කරුණුය මීට වෙනස් තව හොද දේ තියෙන්න පුලුවන්

    🌹පුද්ගලිකව මමද කල්‍යාණි යෝගාශ්‍රමයේ පැවිදිව දැනට වස් දහයක් සම්පූර්ණ කල
    මේ ප්‍රතිපදාව පිරූ සතුටින් පැවිදි ජීවිතය ගත කරන ගමන් තවත් බොහෝ ශිෂ්‍ය පිරිසකට උගන්වන ගුරුවරයෙක් විදියට මේ කරුණු සදහන් කලේ අනුකම්පාවෙන්මයි

    ඉහත ප්‍රතිපදා යම් පමණ හෝ අඩුවැඩි වශයෙන් ක්‍රියාත්මක වෙන මා දන්නා ප්‍රසිද්ධ ස්ථාන කීපයක් මෙසේයැ තවත් ස්ථාන බොහෝමයක් අනිවාර්යයෙන් ඇති ඒ ගැන සදහන් නොකරන්නේ මා ඒ ගැන නොදන්නා නිසාවෙනි

    කොයි තැන වුවද තව තොරතුරු සොයා බලලම තීරණයක් ගැනීම ඔබට බාරයි

    👉 නා උයන ආරණ්‍ය
    අගුල්ගමුවේ අරියනන්ද හිමි
    දිද්දෙණියේ අරියදස්සන හිමි
    (තව ගුරුවරුන් බොහෝමයක් සහ වැඩිහිටි හිමිවරු බොහෝමයක් ඇත)

    👉නා උයන ධර්මායතනය
    දිද්දෙණියේ අරියදස්සන හිමි
    නාවලපිටියේ නාරද හිමි

    (තවත් ගුරුවරුන් කීපනමක් සමග නා උයනටම අනුබද්ධව ත්‍රිපිටක අධ්‍යාපනය ඉහත සදහන් පරිදිම හැකිතාක් කෙරෙන ස්ථානයකි )

    👉දිද්දෙණිය රණගිරිලෙන
    නුවරඑළියේ ඤාණසීල හිමි
    කුණ්ඩසාලේ අරණගවේසී හිමි
    (හොද පරියාප්ති මධ්‍යස්ථානයකි ඒ වගේ වත්පිලිවෙත් ආදිය ඉතාම පිරිසිදුව පිලිවෙලකට කටයුතු කෙරෙන ස්ථානයකි)

    👉බුත්තල බුදුගල්ලෙන
    (සිල්ගුණ පිරි උඩුවර ධම්මරක්ඛිත හිමි ප්‍රමුඛ හොද සඝපිරිසක් වාසය කරන විනය ගරුක හිමිවරු වැඩ වසන තැනකි විවේකයෙන් භාවනාවටද සුදුසු ඉතාම හොද ආරණ්‍යකි )

    👉කහගොල්ල ආරණ්‍ය
    (ධර්ම විනය උගන්වන භාවනා පුහුණු දෙන කැටවලධම්ම සුමන හිමි ප්‍රධාන හිමිවරු පනහක් පමණ වැඩ සිටින හොද ස්ථානයකි)

    👉අනුරාධපුරයේ කටුකැලියාව සද්ධාතිස්සාරාමය

    (ඉතාම හොදින් ධර්ම විනය උගත් ව්‍යක්ත විශාරද මහව ඤාණාලොක හිමි වැඩ වසන පරියාප්තිය මුල්කරගත් හොද තැනකි)

    👉බෙලිහුල්ඔය සීලසමාහිත යොගාශ්‍රමය

    (බලන්ගොඩ රාධ හිමි
    ධර්ම විනය ඉගෙන ගත හැකි
    සිලවත් ගුණවත් හිමිවරු වැඩවසන තැනකි)

    👉වැල්ලවාය ධම්මප්‍රදීප ආරණ්‍ය

    (ඉතාම කරුණාවන්ත ධර්ම විනය හොදින් දන්නා පැවිදි ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති භාවනාවත් හොදින් ප්‍රගුණ කරවන ඇල්ලේගම පඤ්ඤාසීල හිමි ඇතුලු හොද සඝපිරිසක් වැඩ වසන තැනකි)

    👉අම්පිටිය චිත්තවිවේකාශ්‍රමය

    (ඉතාම සිල්වත් ගුණවත් නැණවත් ගලේවෙල ඤාණදස්සන හිමි වැඩ වසන තැන මේ නමින් යු ටියුබ් වල දේශනා ඇත අසාබැලීම ගොඩාක් වටිනවා)

    👉ආණමඩුව අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    (ධර්මවිනය පුහුණු කරවන ව්‍යක්ත හිමිවරු ඉන්න ස්ථානයකි තොරුතුරු සියල්ල ඔනිතරම් සමාජමාධ්‍යවල ඇත එයින් අදහස ගත හැක)

    👉කිණිතුලාගල ආරණ්‍ය

    (තල්ගමුවේ සුධීරානන්ද හිමි
    යොගාශ්‍රමයේ ධර්මවිනය උගන්වන පරියාප්ති ස්ථානයක් ලෙස ප්‍රකටය)

    තව ස්ථාන අනිවාර්යයෙන් ඇති ඒවා සොයාබලන්න

    ඒ වගේම ඉහත කී තැනක මූලිකව කටයුතු කරගෙන පසුකාලීනව අනෙක් ස්ථාන වලට වුවද හොදින් උපකාර කල හැකිය එවිට සාසනයටද ලොකු යහපතක් වේවී

    🌻මොකද අපගේ අදහස නම් ලංකාවේ ඇති සියලුම ආරණ්‍ය පන්සල් ආදි සියලු ස්ථාන බොහෝ කාලයක් ආරක්ෂා විය යුතුය යන්නයි🌻

    තවද නිමලව කුඩුම්බිගල ලග්ගල, තැන්න,ශ්‍රි පාදය වැනි
    නිසමුක්ත භික්ෂුවට භාවනා යෝගීවම වැඩ වාසය කල හැකිතව තැන්
    අප්‍රමාණ තියෙනවා ඒව සොයා බලා ශක්තිමත්ව හොද පැවිද්දක් කැමති පරිදි ඔබට ගතකල හැක

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    අපගේ අවසන් ප්‍රර්ථනාව

    සම්බුද්ධ සාසනයේ පැවිදිවෙන කුලපුත්‍රයින් හොදින් ධර්ම විනය ඉගෙන ගෙන සමථවිදර්ශනා වඩා හැකි ඉක්මනටම පතන බෝධිඥාණයකින් අර්හත්වයම සාක්ෂාත් කරගනිත්වා යන්නයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    44,797
    46,264
    113
    mahan wela threesome dapu thenaka jathaka una ekek neda uba??
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,455
    10,838
    113
    Colombo
    🌷🌷දීපංකර බුදුරජාණන් වහන්සේ මුණ ගැසීම

    සුමේධ තාපසතුමා දිනක් අහසින් වැඩම කරන විට ඉතාම සතුටින් මාර්ගය සරසන්නා වූ රම්ම නගරවාසීන් දුටුවේ ය. කුමන කරුණක් නිසා මෙසේ මග සරසනවා දැයි දැන ගැනීමට සිතූ සුමේධ තාපසයාණෝ අහසින් බිමට විත් "පින්වත්නි, කිනම් කාරණාවක් නිසා මාර්ගය සරසන්නාහුදැ" යි ඇසූහ. ඒ මනුෂ්‍යයෝ " තුන් ලොවට අග්‍ර වූ දීපංකර නම් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූහ. දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කොට උන්වහන්සේ චාරිකාවේ වඩිනුයේ අපගේ නගරයටද වැඩම කරන සේක. අපි ඒ බුදුරජුන් වඩින මග සරසන්නෙමු" යි කීහ.

    "බුද්ධ" යනු අවබෝධයට පත් තැනැත්තාය. ලෝකයේ යථාවබෝධය ඇති කරගත් තැනැත්තාය. සත්‍යය අවබෝධ කරගත් තැනැත්තාය. යම් සසර දුකක් ඇත්නම් ඒ සසර දුකට පිළියම සොයාගත් පුද්ගලයාය. සසර දුකින් මිදීමට මාර්ගය දන්නා තැනැත්තාය. එම මාර්ගය දේශනා කරන පුද්ගලයාය. "බුද්ධ" යන වචනය ඇසෙත් ම සුමේධ තාපසතුමා තුල විශාල ප්‍රීතියක් ඇති විය. නැවත වරක් මිනිසුන් අමතා බුදුවරයෙක් වඩින බව තහවුරු කර ගත්තේ ය.

    සුමේධ තාපසතුමා සිතුවේය "බුද්ධ යන වචනය පවා ලොවෙහි දුර්ලභය. එසේ ඇති කල්හි බුදුවරයෙක් සම්මුඛ වීම කොතරම් දුර්ලභ කරුණක් ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩින මග මම ද සරසමි"යි සිතා මිනිසුන් අමතා, "පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගය සැරසීමට මටද කොටසක් දෙනු මැනව. මමද නුඹලා සමඟ මාර්ගය සැරසීමට එකතු වෙමි" යි කීය. ඒ ඇසූ මිනිස්සු සතුටු වී සුමේධ තාපසතුමන් ඍද්ධිමත් බව දන්නා නිසා සාමාන්‍ය මිනිසුන්ට ගොඩ කිරීමට අපහසු මඩ පිරුණ ස්ථානයක් ගොඩ කිරීමට එතුමාට බාර දුන්හ. එකල්හි, සුමේධ තාපසතුමා "මාගේ ඍද්ධි බලය යොදා මේ මඩ ගොඩ පුරවා හිමාලය වනයෙන් සුවඳ මල් ගෙනවිත් මෙහි ඇතිරවීම මා හට සුළු කරුණකි. නමුත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ උදෙසා දහඩිය වගුරුවමින් මාගේ කය වෙහෙසා මෙම කාර්යය සිදු කිරීම වටී. ඉන් මාගේ කුශලය මහත් ඵල මහත් ආනිශංස ගෙන දෙන්නක් වන්නේ ය" යි සිතුවේ ය. මෙසේ සිතා ඍද්ධි බලය නොයොදා තමන්ගේ ශරීර ශක්තියෙන් පොලොව සැකසීමට පටන්ගත්තේ ය.

    සුමේධ තාපසතුමා මඩ වළ ගොඩ කරන්නට ප්‍රථම දීපංකර දසබලධාරීන් වහන්සේ මහා රහතන් වහන්සේලා සාරලක්ෂයක් සමඟ දෙවියන්ගෙන් සහ මිනිසුන්ගෙන් පූජා ලබමින් දිව්‍ය සංගීතය මධ්‍යයයෙහි බුද්ධ ලීලාවෙන් කේෂර සිංහයකු මෙන් එම ස්ථානයට වැඩම කළ සේක. දෙතිස් මහා පුරුෂ ලකුණින් අසූවක් අනු ව්‍යංජනයන්ගෙන් කෙතුමාලාලංකාරාදි බුද්ධ ශ්‍රීයෙන් ලහිරු මඩළක් මෙන් බබළමින් වඩිනා භාග්‍යවතුන් වහන්සේ දුටු සුමේධ තාපස තෙමේ, "සම්මාසම්බුදුරජුන්ට මාගේ ජීවිතය අද පූජා කරමි" යි සිතුවේය.

    මෙසේ සිතා සුමේධ තාපසයාණෝ මඩ වළ හරහා ඒදණ්ඩක් සේ වැටී බුදුන් දෙසට හිස ලා වැඳගෙන "සම්මා සම්බුදු රජාණන් වහන්සේ අද මාගේ ශරීරය මතින් වැඩම කරන සේක්වා! බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා අද මාගේ ශරීරය ඒදණ්ඩක් කොට වඩිත්වා! මම ද අනාගතයේ දී දීපංකර සර්වඥයන් වහන්සේ මෙන් සම්මා සම්බුද්ධරාජ්‍යයට පත්ව ලෝක සත්වයින් සසර සයුරින් එතෙර කරවන්නෙමි" යි සිතමින් ජීවිත පරිත්‍යාගයෙන් මතු බුද්ධත්වය පැතූහ.

    මතු සම්බන්ධයි..

    පළමු ලිපියට


    දෙවැනි ලිපියට
     
    • Like
    • Love
    Reactions: NRTG and S_M_S