ඔබට ඇත්තේ මෙවැනි ලිංගික ගැටලුවක්ද ...? (10 + )
ප්රශ්නය: වෘෂණයේ ඉදිමීම් ඇති වන්නේඇයි?
පිළිතුර වෘෂණයේ ඉදිමීම විවිධාකාර වූ හේතූන් නිසා ඇතිවෙන්නට පුළුවන්. නමුත් මෙවැන්නක් ඇති වූ සැනින් ඔබ මනසින් රෝගී වන තරමටම මේ ගැටළුව අවුල් කර ගත යුතු නැත.
වෘෂණ වටා, වෘෂණ කෝෂ තුළ තරල එක් රැස් වීම
හර්නියා
බරවා රෝගය
මෙවැනි තත්ත්වයන් ඇති වු විට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
මෙම රෝග තත්ත්වයන්ද අනෙක් රෝග මෙන්ම වැඩි දියුණු වන්නට ඉඩ හැරිය යුතු නැති ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් සහනය ලගා කර ගත යුතු රෝගයක් බැවින් වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර පැතීම අත්‍යවශ්‍යය බව අමතක නොකරන්න.
ප්රශ්නය: ස්වප්න මෝචනය යනු කුමක් ද?
පිළිතුර ක්‍රියාකාරී ලිංගික ඇදුරකින් තොරව පිරිමියෙකු නින්දේ පසුවන විට ඹහුට නොදැනී ශුක්‍රාණු මෝචනය වීම මෙනමින් හැදින්වේ. ඇතැම් තරුණයන් මෙය කිසියම් ගුප්ත බලවේගයක් නිසා, ශාරීරික දුර්වලතාවයක් රෝගයක් සේ සැලකුවත් මෙම සිදුවීම මුළුමුනින්ම සාමාන්‍යය, රෝගයක් හෝ රෝග ලක්ෂණයක් වත් නොවන තත්ත්වයක්. එයින් සිරුරේ ශක්තිය හීන වීම, සිරුර සිහින් වීම, පපුව වල ගැසීම, වැඩීම බාල වීම හෝ සිරුරේ බර අඩු වීම යන මේ කිසිදු තත්ත්වයකට යාන්තමින් හෝ සබදතාවයක් නැති දෙයක්. මෙසේ ධාතු පහ වීම අනාගතයේ දරු ඵල අහිමි වීමට හෝ ලිංගේන්ද්‍රය කුඩා වීමට බලපාන්නේ යැයි හෝ වෙනත් ආකාරයේ හානියක් සිරුරට ඇතිවන්නේ යැයි සිතීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ඹබ මේ පිලිබදව දැන සිටිය යුත්තේ එක් දෙයක් පමණයි. ස්වප්න මෝචනය රෝගයක් හෝ රෝගයක ලක්ෂණයක් නොවන බවයි.
ප්රශ්නය: පෙර සම පිටුපසට කිරීමට නොහැකි නම් ඒ සදහා කුමක් කළ යුතු ද?
පිළිතුර මෙවැනි ගැටළුවක් ඇතැයි දැන ගත් විට බිය නොවන්න. ලැජ්ජාවට පත් නොවන්න. ඔබේ තත්ත්වය සගවාගෙන නොසිට වෛද්‍යවරවෙකු හමු වී වහාම උපදෙස් පතන්න. මෙම තත්ත්වය කුඩා ශල්‍ය කර්මයකින් නිවැරදි කිරීමට හැකි එකකි. එහිදී පෙර සම ඉවත් කිරීම නැතහොත් චර්ම ඡේදනය සිදු කර සාමාන්‍යය තත්ත්වයට පත් කරයි
ප්රශ්නය: පෙර සම පිටුපසට කිරීමට නොහැකි වීමෙන් ලිංගික සංසර්ගයේ දී ඇතිවන තෘප්තිය අඩු වෙනවාද?
පිළිතුර සාමාන්‍යයෙන් පෙරසම පිටුපසට නොයන අවස්ථාවක් නිවැරදි කර නොගැනීමෙන් සංසර්ගයේ යෙදෙන අවස්ථාවකදී පෙරසම පිටුපසට තල්ලු වී මුදුවක් ආකාරයට සිරවීමක් ඇති කරවීමට පුළුවන. මෙයට වහා ප්‍රතිකාර අවශ්‍යය. මේ නිසා වේදනාකාරී බවක් ඇති වීමට ඉඩ ඇත
ප්රශ්නය: ශිෂ්ණයේ සම මත විසප්පු ගෙඩි වැනි දියර පිරි බිබිලි ඇතිවීම බිය විය යුතු තත්ත්වයක් ද?
පිළිතුර ඇතැම් විට මෙම තත්ත්වය රෝගයක පෙරනිමිත්ත්ක් වීමට ඉඩ තිබේ. මේ නිසා මේ පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබාගැනීමට ඉක්මනින් යොමුවෙන්න
ප්රශ්නය: ශිෂ්ණය සාමාන්‍ය පමණට වඩා කෙටි වීමෙන් ලිංගික සම්බන්ධතාවයකදී ඇති වන තෘප්තියට බලපෑමක් ඇතිවේද?
පිළිතුර කෙසේවත් නැත. සාර්ථක තෘප්තිමත් ලිංගික සබදතාවයකට ලිංගේන්ද්‍රයේ ප්‍රමාණය කොතරම්ද යන්න බලපෑමක් නොකරයි. ඉහත ගැටළුව කාන්තා හා පිරිමි දෙපක්ෂය අතරම පවතින මිත්‍යාවකි. ශිෂ්ණයේ දිග ප්‍රමාණය මෙතරම් විය යුතු යැයි නියමයක් නැත. මේ පිළිබද දැන සිටිය යුතු සත්‍යය නම් ශිෂ්ණයේ දිග ප්‍රමාණය ලිංගික තෘප්තිය කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි.
ප්රශ්නය: ශිෂ්ණයේ ප්‍රාණවත් වීම සම්බන්ධ ගැටලු ඇතිවන්නේ ඇයි?
පිළිතුර මෙවැනි තත්ත්වයකට බොහෝ විට හේතුවන්නේ මානසික ගැටලුය. නමුත් ඇතැම් විට දියවැඩියාව, අධික මත්පැන් භාවිතය, හා දුම්පානය මෙයට ඝෘජු සම්බන්ධතාවයක් දක්වයි. දිගු කලක් තුළ යමෙක් යම් යම් ඖෂධ භාවිතා කරන්නේ නම් එයද මෙම තත්ත්වයට හේතුවක් සේ සැලකිය හැකිය
ප්රශ්නය: මුස්ලිම් පුරුෂයන් අතර සිදුවන චර්ම ඡේදනයේ විද්‍යාත්මක පසුබිමක් තිබේ ද?
පිළිතුර මුස්ලිම් වරුන් අතර මේ කාර්යය බහුලව භාවිතා වන අනිවාර්යය ආගමික චාරිත්රයකි. මෙහිදී සිදුකරනු ලබන්නේ ශිෂ්ණයේ පෙරසම කුඩා ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමය. මෙහිදී පුරුෂ ලිංගයේ පෙරසම ඉවත් කිරීමේ හේතුවෙන් එම ප්‍රදේශයේ පිරිසුදුකම සනීපාරක්ෂාව වඩාත් වැඩි දියුණු වන බව පෙනෙන්නට ඇති වඩා හොද සාක්ෂියකි
ප්රශ්නය: ක්ෂණික ශුක්‍ර මෝචනය යනු කුමක් ද?
පිළිතුර මේ ගැටලුවටත් බොහෝ විට මුල් වන්නේ මානසික ගැටලු නමුත් ඇතැම් විට කායික හේතූන්ද මීට ඇතුලත්. දෙදෙනෙකු අතර ඇති වන ලිංගික සංසර්ගයේ දී ඔබ හෝ ඔබේ අනෙක් පාර්ශවය බලාපොරොත්තු වන වේලාවට පෙර ඇති වන ශුක්‍ර මෝචනය සාමාන්‍යයෙන් ක්ෂණික ශුක්‍ර මෝචනය ලෙස අර්ථ දක්වන්නට පුළුවන්. කෙසේ නමුත් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර වලින් බොහෝ අවස්ථා වලදී මෙය පහසුවෙන් මග හරවා ගත හැකි ගැටලුවකි.
ප්රශ්නය: ස්වයං වින්දනය කිරීම අහිතකර ද?
පිළිතුර ස්වයං වින්දනය ලස අරුත් ගැන්වෙන්නේ සහකරුවෙකු හෝ සහකාරියක හවුල් කර නොගෙන තමා විසින්ම සිදු කර ගන්නා වූ ලිංගික උත්තේජනය හරහා ලබන ලිංගික තෘප්තියයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසින්ම සිදු කරනු ලබන ස්වභාවික ක්‍රියාවලියකි. මෙයින් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් (දරුඵල අහිමි වීම හෝ සිරුර සිහින් වීම, ලිංගික ශක්තිය නැතිවී යාම වැනි) ඇති නොවෙයි.
ප්රශ්නය: මෙමගින් ශරීරයේ බර අඩුවීමත්, දුර්වලතාවයක් හෝ ලිංගික ක්‍රියාකාරිත්වයේ දුබලතාවයක් ඇති කරයි ද?
පිළිතුර ඉහත සදහන් කළ ආකාරයට මෙහි කිසිදු බලපෑමක් නැත. එසේ කිසියම් අහිතකර ප්‍රතිඵලයක් ලත් අයෙකුද දැනගන්නට නැත. එමෙන්ම ස්වයං වින්දනයේ යෙදීම නිසා පසු කාලීනව යුග දිවියක් ගත කිරීමට එය බාධාවක් වේ යැයි සිතා සිටීමද සාවද්‍යය.
ප්රශ්නය සමහර තරුණයන්ට හොදින් රැවුල නොවැවෙන්නේ ඇයි?
පිළිතුර ද්විතියික ලිංගික ලක්ෂණ පහල වන නව යොවුන් වියේදී ද්විතියික ලිංගික ලක්ෂණ වලින් එකක් ලෙස රැවුල වැවීමට පටන් ගනී. රැවුල වැවීමේ වේගය ඝනකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර රැවුල වැවීම ගැන උවමනාවට වඩා කලබලයට පත් වීම අවශ්‍ය දෙයක් නොවේ.

Last edited: