ඔබට වයසක පෙනුමක් ගෙනදෙන ඩබල් චින් එක නැති &#34

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔබට වයසක පෙනුමක් ගෙනදෙන ඩබල් චින් එක නැති &#34

    ඩබල් චින්, එහෙමත් නැත්නම් සබ්මෙන්ටල් ෆැට් (Submental Fat) කියන්නෙ කෙනෙක්ගෙ නිකට යට ප්‍රදේශය මහත්වෙලා, පිම්බිලා නිකටවල් දෙකක් වගේ පෙනෙන තත්ත්වයකටයි. සාමාන්‍යයෙන් වයස්ගතවීම සහ තරබාරු බව ඩබල් චින් එකක් එන්න හේතු උනත්. තරබාරු හෝ වයස්ගත නොවෙන කෙනෙක්ට උනත් ඩබල් චින් එකක් එන්න පුලුවන්කමක් තියනවා. මේ විදිහෙ ඩබල් චින් එකක් කෙනෙක්ගෙ මුහුණේ පෙනුමට විතරක් නෙමෙයි, ශරීරයේ පෙනුමට පවා හානි කරනවා. ශරීරය කෙට්ටු කෙනෙක්ගෙ උනත් මුහුණේ ඩබල් චින් එකක් තියනවනම් ඒ කෙනාව මහත කෙනෙක් හැටියට පේන්න ගන්න එකයි ඒකට හේතුව.

    හැබැයි මෙහෙමයි, ඩබල් චින් එකක් එනවා කියන්නෙ අසාමාන්‍ය සිදුවීමක් නෙමෙයි. ඒක ලැජ්ජාවට පත්විය යුතු කාරණාවකුත් නෙමෙයි. පරම්පරා ජාන වලින් එන ඩබල් චින් සමහර විට අඩු කරගන්නත් අපහසු වෙන්න පුලුවන්. මේ නිසා කලයුතු හොඳම දේ තමයි මෙහෙම තත්ත්වයක් තියනවනම් අනවශ්‍ය මානසික පීඩනයක් ඇතිකර නොගෙන, තමන්ගෙ පෙනුම ගැන අවතක්සේරුවක් ඇති කර නොගෙන, ආත්ම විශ්වාසයෙන් යුතුව ඉන්න එක. ඊට අමතරව අපි පහතින් කියන ප්‍රතිකර්ම වලට අවධානය යොමු කරල බලන්නටත් ඔබට පුලුවන්. හැබැයි තව එකක් මතක තියාගන්න. ඒ තමයි මේ කියන ව්‍යායාම අනවශ්‍ය විදිහට කරන්න යන්නෙ නැතිව නිවැරදි ඉරියව් වලින්, නිවැරදි ප්‍රමාණයට කල යුතුයි කියන එක.

    හරි, අපි එහෙනම් බලමු මොනවද මේ ඩබල් චින් කියන්නේ? අපි කොහොමද මේ තත්ත්වයට පිළියම් යොදන්නේ කියල.



    ඩබල් චින් එකක් එන්නෙ කොහොමද?

    Double Chin Remedies
    Source – reference.com
    ඩබල් චින් එකක් කියන්නෙ කෙනෙක්ගෙ නිකටට යටින් මේද තට්ටුවක් එකතු වෙලා ඒ ප්‍රදේශය මහත්වෙන එකටයි. ඩබල් චින් එන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නෙ ශරීරය තරබාරු වීම සහ වයස්ගත වීම කියල අපි කලිනුත් කිවුවනෙ. හැබැයි එහෙම වෙන්නෙ නැතිව උනත් ඩබල් චින් එකක් එන්න පුලුවන්කම තියනවා. ජානමය තත්ත්වයනුත් කෙනෙක්ට ඩබල් චින් එකක් එන්න බලපානව. ඒ කිවුවෙ පවුලෙන්ම මේ ඩබල් චින් එක උරුම වෙන්න පුලුවන්. ඒ වගේම සම එල්ලා වැටෙන ස්වභාවයක් තියනවනම් ඒත් මේ ඩබල් චින් එක හැදෙන්න පුලුවන්.



    ඩබල් චින් එක නැති කරගන්න අපි මොනවද කරන්න ඕනෙ?

    Double Chin Remedies
    Source – abcnews.go.com
    ඩබල් චින් එකට විසඳුම් ලබාදෙන වෛද්‍ය ක්‍රමවේදයන් කීපයක්ම තියනවා. මේ සඳහා විසඳුම් ලබාදෙන එන්නත් ක්‍රම එහෙමත් මේ වෙද්දි භාවිතාවට ගැනෙනවා. හැබැයි අපි කියන්න යන්නෙ ඒ දේවල් වලට යන්නෙ නැතිව ගෙදර ඉඳන්ම ඩබල් චින් නැති කරගන්න කරන්න පුලුවන් දේවල් ගැනයි.



    :cool:

    Double Chin Remedies
    Source – oregonstate.edu
    ශරීරයේ බර වැඩි වීමත්, අමතර මේදය එකතු වීමත් ඩබල් චින් එකකට හේතු වෙන්න පුලුවන් නිසා මුලින්ම කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි යහපත් ආහාර රටාවකට යොමුවෙන එක. ඒකත් එක්කම ව්‍යායාම වල යෙදීමෙන් මේ ඩබල් චින් තත්ත්වය මගහරවා ගන්න පුලුවන් වෙයි. ආහාර ගැනීමේදී මේ දේවල් වලට අවධානය යොමු කරන්න මුලින්ම මතක තියාගන්න.

    විටමින් E සහිත ආහාර වැඩියෙන් ලබාගන්න. රටකජු සහ ආමන්ඩ් වගේ ඇටවර්ග, නිවිති, බ්‍රොකොලි, අලිගැට පේර වගේ ආහාර.
    සකස් කරන ලද ආහාර (Processed foods) වලින් වැළකෙන්න. බේකන්, චීස්, මාගරින්, ක්ෂණික ආහාර වගේ දේවල් විශේෂයි.
    නැවුම් පළතුරු වැඩිපුර කෑමට ගන්න
    හරක් මස්, ඌරුමස් සහ බැටළු මස් වැනි මස් වර්ග ආහාරයට ගැනීම සීමා කරන්න
    ගැඹුරු තෙලේ බදින ලද ආහාර සහ කේක්, බිස්කට් වැනි පැණිරස කෑම අඩු කරන්න
    කෝලා වර්ග ඇතුලු කාබනේටඩ් පැණිබීම වලින් වළකින්න


    ii. ඩබල් චින් නැතිකිරීම සඳහා ව්‍යායාම කරමු



    අපි මේ කියන්න යන්නේ ඩබල් චින් සඳහාම විශේෂිත වූ මුහුණට කරන ව්‍යායාම කිහිපයක් ගැන. ගෙදර ඉන්න ගමන් හරිම පහසුවෙන් නිකට සහ ගෙල ප්‍රදේශයට මේ ව්‍යායාම ලබාදීල සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න පුලුවන්. හැබැයි මේ ව්‍යායාම වලින් නොනැවතී මුලු ශරීරයටම ව්‍යායාම ලබාදෙන්නත් උත්සාහ කරන්න. එතකොට ප්‍රතිඵල තවත් ඉක්මන් වේවි.



    1. Tongue Press Exercises

    Double Chin Remedies
    Source – wellnessdose.com
    මේ ව්‍යායාමය දෙවිදිහකට කරන්න පුලුවන්.



    1 වැනි ක්‍රමය

    පිටකොන්ද සහ ගෙල කෙළින් තබාගෙන පුටුවක හිඳගන්න
    දැන් තමන්ගේ හිස ඉහලට යොමුකර සිවිලිම දෙස බලන්න
    ඒ ඉරියවුවෙන්ම ඉන්න ගමන් තමන්ගේ දිව උඩු තල්ලේ ගාවන්න.
    තත්පර දෙක තුනක් එහෙම ඉඳල නැවත ආරම්භක ඉරියවුවට එන්න
    මෙය දහ වරක් විතර නැවත නැවත කරන්න


    2 වැනි ක්‍රමය

    කළින් ව්‍යායාමයේ විදිහටම සිවිලිම දෙස බලන්න
    දිව තමන්ගේ උඩු තල්ල මත රඳවන්න
    දැන් තමන්ගේ නිකට බෙල්ලෙහි ගෑවෙන විදිහට පහලට ගෙන එන්න
    තත්පර කීපයක් ඒ විදිහට ඉඳල රිලෑක්ස් වෙන්න
    මෙයත් 10 වරක් හෝ 20 වරක් කරන්න


    2. සිවිලිම කිස් කිරීමේ ව්‍යායාමය
    :lol:
    Double Chin Remedies
    Source – tiphero.com
    ශරීරය කෙළින් සිටින විදිහට හිටගන්න
    දැන් තමන්ගේ හිස ඉහලට ඔසවා සිවිලිම දෙස බලන්න
    කිස් එකක් දෙන පරිද්දෙන් තමන්ගේ තොල් ඉදිරියට උල් කරන්න
    ඒ විදිහට තත්පර 5ක් විතර ඉන්න
    නැවත මුල් ඉරියවුවට පැමිණෙන්න
    මෙය 10-15 වරක් නැවත නැවත කරන්න


    3. හකු ව්‍යායාමය 1

    Double Chin Remedies
    Source – youtube.com/How To Get Rid Of DOUBLE CHIN
    කළින් ව්‍යායාම වල විදිහටම ශරීරය කෙළින් තබාගෙන සිවිලිම දෙස බලන්න
    දැන් තමන්ගේ යටි හක්ක ඉදිරියට දික් කරන්න උත්සාහ කරන්න (නිකටට යටින් සම ඇදෙනවා වගේ දැනෙන්න)
    ඒ ඉරියවුවෙන් තත්පර 10ක් විතර ඉන්න
    නැවත මුල් ඉරියවුවට පැමිණෙන්න
    මෙය 10-15 වතාවක් නැවත නැවත කරන්න
    අනිවා Life Today Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


    email address


    Subscribe


    4. හකු ව්‍යායාමය 2 ;)

    Double Chin Remedies
    Source – youtube.com/How To Get Rid Of DOUBLE CHIN
    1 වැනි ව්‍යායාමයේ විදිහටම සිවිලිම දෙස බලන්න
    දැන් හිස දකුණු පසට හරවන්න
    යටි හක්ක ඉදිරියට දික් කරන්න (නිකටේ සම ඇදෙනවා දැනේවි) එහෙම තත්පර 5ක් 10ක් ඉන්න
    නැවත ආරම්භක ඉරියවුවට එන්න
    දැන් හිස වම් පසට හරවමින් පෙර පරිදිම ව්‍යායාමයේ යෙදෙන්න
    10 පාරක් විතර මේ ව්‍යායාමය නැවත නැවත කරන්න


    5. Ball Exercise :)

    Double Chin Remedies
    Source – pinterest.com
    නිකට යටින් රබර් බෝලයක් තබාගන්න
    නිකට පහලට යොමු කරමින් රබර් බෝලය තෙරපන්න
    මෙය දිනකට 20 වතාවක විතර කරන්න


    6. දිව එළියට ඇදීමේ ව්‍යායාමය

    Double Chin Remedies
    Source – diyhealth.com
    සිරුර කෙළින් කර හිටගෙන කට පුලුවන් තරම් විශාලව අරින්න
    දැන් දිව එළියට දාල පුලුවන් තරම් දිව දික් කරන්න (නිකට සහ බෙල්ල තද වෙනවා දැනෙයි)
    තත්පර 10ක් මේ විදිහට ඉඳල නැවත රිලැක්ස් වෙන්න
    මෙය 10 පාරක් විතර කරන්න


    7. චුයින්ගම් හැපිල්ල:frown:

    Double Chin Remedies
    Source – vermints.com
    විහිලුවක් වගේ පෙනුනට මේකත් හොඳ ව්‍යායාමයක් තමයි ඩබල් චින් වලට. හැබැයි ඉතින් පැණිරස වැඩි චුයින්ගම් කන එක සෞඛ්‍යයට අහිතකර වෙන්නටත්, ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්ව තියන අයට අපහසුතා ගෙන එන්නටත් පුලුවන්. මේ නිසා ඔයාට පුලුවන් චුයින්ගම් එකක් කන ආකාරයෙන් තමන්ගෙ හකු හොල්ලමින් විනාඩි 10ක් විතර දිනපතා ව්‍යායාමයේ යෙදෙන්න.



    සැළකිය යුතුයි – අපි ඉහත කී ව්‍යායාම නිවැරදි ඉරියවු වල සිට කිරීමට වග බලාගන්න. ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් නොනවත්වා වැඩිපුර ව්‍යායාම කිරීම හකු අස්ථි වල ආබාධ ඇති කිරීමට ඉඩ ඇත. ඒ ගැන සැළකිලිමත් වෙන ගමන්ම වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම අනුගමනය කරන්න.