ඔබත් ඇවිදින කුණුගොඩක්ද...?

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මේක ලියන්න හිතුනෙ දැන් දැක්ක දෙයක් නිසා...
ඉතිං වෙනදටත් වඩා ගොඩක් අඩු පාඩු ඇති...:( :)


වැසෙයි නාසය
ලඟදි කුණුගොඩ
හලයි කුණු හැමතැන
ඇවිදින කුණුගොඩ

බාල්දි තැන තැන
නැත කුණු ඒවට
දාන්නෙ හැමවිට
තැන තැන යන එන

පරිසර සුරැකුම
හැම සතු යුතුකම
නොකලොත් එය හැම
ගෙවනට වෙයි
පව හැම හට

ඔබත් ඇවිදින කුණුගොඩක්ද...?

මම ඔබේ කවියට තවත් ඇවිදින කුණුගොඩක් ගැන අදහසක් කියන්නම්.

තැනින් තැන යන කුණු
ගඳ ගහන එම කුණු
එපමනද මිතුරේ
ලොවේ ඇති ඇවිදින කුණු

ඔබ කියන කුණු වල
දුගඳ දැනුණේ නැහැයට
මම කියන කුණු වල
ගඳ දැනෙන්නේ සවනට
එහෙම් නැත්නම් මනසට

වල් පල් දොඩවතී
අනුන්ගේ දොස් දකිතී
තමන් ගැන නොසොයා
සැමට බැණ අඬ ගසතී

තැන තැන ඇවිදිතී
ඉරිසියාවේ පැලෙතී
වැටෙනා කෙනෙකු හට
නිබඳ අත හිත නොදෙතී

කරනා වැඩක් නැත
කා හට වත් සෙතක නැත
මේ වගෙ දනන් නම්
අපේ ලොවටම වටින්නේ නැත

මේ අය මානසික කුණු ගොඩවල් ය!
 
Last edited:

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම බලාගෙන ගියාම අපි ඔක්කොම අඩු වැඩි වශයෙන් කුණු ගොඩවල් තමයි.. වෙනස්ම නිර්මාණයක් නුවන් අයියේ...