ඔබත් චීන උණ ගසක්ද?

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    ඔබත් චීන උණ ගසක්ද?

    සාර්ථක වීම යනු දවසක් දෙකක් තුළ සිදුවන දෙයක් නෙවෙයි.ඒ වෙනුවෙන් අවශ්‍ය වන්නේ කාලයයි.එනම් ඉවසීමෙන් යුතුව බලා සිටිය හැකි කාලයයි.ඉවසීම බොහෝ දේවල් ලබාදෙයි.එමෙන්ම ඉවසීම නොමැතිකම බොහෝ දෑ අහිමි කරයි.සාර්ථකත්වය උදෙසා යන ගමනද එසේ ඉවසීමෙන් යුතුව යා යුතු ගමනකි.චීන උණ ගස ඔබට කියන්නේ එසේ ඉවසීමෙන් යා යුතු ගමන ගැන කතාවයි.

    – අවුරුදු පහක් -පෙරදිග ලෝකයේ එනම් චීනයේ බිහිවූ මෙම උණ විශේෂය ලෝකයේම ප්‍රසිද්ධව ඇත්තේ ” චීන උණ ” නමිනි.සාමාන්‍යයෙන් මෙම උණ ගස වැඩීමට වසර පහක කාලයක් ගත වේ.මෙය සිටවූ භූමියට නොකඩවා ජලය ,පොහොර දැමීම මෙම වසර පහ පුරාවටම සිදුකළ යුතුය.නමුත් නියමිත වසර කිහිපය සම්පූර්ණ නොවන තෙක් එය භූමියෙන් පිටතට නොපෙනී වැඩෙයි.නිර්මාණය වෙයි.
    අදාළ කාලය සම්පූර්ණ වීමෙන් පසුව පොළොව පසාරු කරමින් පිටතට පැමිණෙන මෙය එයින් පසු ඉතාමත් කෙටි කාලයක් තුළ එනම් සති පහක් තුළ අඩි 90ක් උසට වර්ධනය වේ.ප්‍රශ්නය වන්නේ එසේ නම් මෙය වැඩීමට අවශ්‍ය වසර පහක් ද නැත්නම් සති පහක් ද යන කරුණයි.පැහැදිලිවම ඒ වෙනුවෙන් අවශ්‍ය වන්නේ වසර පහක දීර්ඝ කාලයම බව ඔබට පැහැදිලි ඇති.
    අදාළ කාලය තුළ ඊට අවශ්‍ය වතුර ,පොහොර සත්කාර නොකළේ නම් මෙකී වෘක්ෂය මියෙනු ඇත.නමුත් ඉවසීමෙන් යුතුව නිවැරැදි ලෙස සත්කාර කරමින් ,පෝෂණය දෙමින් ,නිරන්තරයෙන්ම අවධානය දෙමින් කටයුතු කිරීම නිසා අදාළ කාලයෙන් පසු ඉතාමත් ඉක්මනින් අපේක්ෂිත ප්‍රතිඵල ලද හැකිය.


    – සිහින විශ්වාස කරන්න -ඉහත කතාව තුළ ඔබට ගත හැකි ආදර්ශ බොහෝයි.එනම් ඔබට ඔබේ සිහින දිනවීම වෙනුවෙන් ඊට ප්‍රමාණවත් කාලයක් ලබාදීම වැදගත් බව දැන් ඔබට පැහැදිලි ඇත.ඉතාමත් කෙටි කාලයක් තුළ ක්ෂණිකව දකින සිහින හැබෑ නොවන තැන ඔබ අතැර දැමූ සිහින ,අරමුණු ,බලාපොරොත්තු කොයිතරම් නම් ඇතිද.ඔබට ඔබේ සිහින වෙනුවෙන් කාලය ලබාදීමට හැකියි නම් ,ඒ වෙනුවෙන් නිරන්තරයෙන් උත්සාහයන් ගත හැකියි නම් ,ඒ වෙනුවෙන් අවශ්‍ය තරම් වෙහෙසිය හැකියි නම් කාලයක් ගත වීමෙන් පසු ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.එය ඔබ විශ්වාස කළ තරමටත් වඩා විශාල සාර්ථකත්වයක් ද විය හැකිය.


    කාලය ගතවීම දරාගෙන සිටීමට අපහසු වූ අකමැති වූ ලෝකය නිරායාසයෙන්ම ඔබෙන් ප්‍රශ්න කරාවි.එනම් ඔබේ සාර්ථකත්වය ඔවුන් සියැසින් දකින තුරු ඔබව අවිශ්වාස කරාවි.නමුත් ඔබට ඔබ විශ්වාස නම් ,ඔබට ඔබේ සිහිනය විශ්වාස නම් අවශ්‍ය වන්නේ එය දිනවීම වෙනුවෙන් ඔබේ සිත තුළ සැගව ඇති බලය අවදි කිරීම පමණි.ප්‍රතිඵල දකින විට ඔබව අවිශ්වාස කරන්නන් හට මවිත වීමට දිනයක් උදාවනු ඇත.ඒ ඔබ දිනන දිනයයි.ඔබේ සිහිනය ඔබව දිනවන දිනයයි.
    මුලින්ම පැවසූ පරිදි ඔබට තිබිය යුතුම දේ නම් ඉවසීමයි.ක්ෂණික ප්‍රතිඵල නොලැබෙන විට අතරමග අතහැර දැමීමට නම් ඔබ සිහින දැකිය යුතු නැත.නොනවත්වාම වැඩ කිරීම ,උත්සාහ කිරීම, සිහින දිනන ,සිහින දිනවන රහසයි.මේ කාලය තුළ ඇතැම් විට ඔබට ඔබේ සියල්ලම අහිමිව යාමට ද පුළුවන.ඔබේ ජීවිතයේ දුෂ්කරම කාලය ද මෙය වනු ඇත.
    ඔබ ගෙන යන සටන දුෂ්කර වන තරමට ඔබට ලැබෙන ප්‍රතිඵල ,එහි දිනුම මිහිරි වන බව විශ්වාස කරන්න.ලෝකය දිනුවේ එවන් දුෂ්කර ගමන් ආ මිනිසුන්ය.Elon Musk , තෝමස් අල්වා එඩිසන් ,ස්ටීව් ජොබ්ස් යනාදි වශයෙන් ඊට උදාහරණ ලොව පුරාම ඇති.ඔබත් මාහා චීන උණ ගසක් මෙන් කාලය ගෙන සිහිනයට ශක්තිමත්ව වැඩෙන්නට ඉඩ හරින්න.නිරායාසයෙන්ම ඔබ දිනනු ඇත.

    උපුටා ගැනිම අන්තර්ජාලයෙනි
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,200
    113
    37
    @ katubedda
    Chinese bamboo tree

    In a six-week period the Chinese bamboo tree grows to a staggering ninety feet tall – that's right, ninety feet tall! Wikipedia suggests that the tree has been measured to grow 122 cm (48 inches), in a 24 hour period and can reach a maximum growth rate of 99 cm (39 inches), per hour for short periods of time.

    1619706135163.png
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    චීනෙ කියන්නෙ පට්ට ලස්සණ රටක්ලු නේද..අැවටාර් ෆිල්ම් ඵක කරල තියෙන්නෙ චීනෙ නේ..ගස් වැල් වලට සෑහෙන්න තැනක් දෙන රටක්.ලේසියෙන් කපන්නෙ නැහැලු.ඒකට අපේ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සෙමෙන් සෙමෙන් ලා දළු බෝපත් සැලෙන සේ, චීනය සිංහලුන්ගේ හිතාගන්නවා..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සෙමෙන් සෙමෙන් ලා දළු බෝපත් සැලෙන සේ, චීනය සිංහලුන්ගේ හිතාගන්නවා..

    ඊළම දුන්නෙ නැති නිසා චීනගෙ පිටින් හරි ගොඩ යමු නේද..ලොල්