පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් මී උණ වැළඳීමේ අවදානම ඇති නිසා සෞඛ්‍ය අංශ නොමිලයේ බෙදා හරින මී උණ වැළැක්වීමේ පුර්ව ප්‍රතිකාර ( Doxycycline) මිලි ග්‍රැම් 200 ක මාත්‍රාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ගංවතුරට සහ ආපදා තත්ත්වයට ලක්වු ජනතාවට දැනුම් දෙයි.
ගංවතුර තත්ත්වයට මුහුණ දුන් සියලු දෙනා මී උණ වැළඳීමේ අවදානමට ලක්විය හැකි බව විශේෂඥ වෛද්‍ය තුෂානි දඹරේරා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.
මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල මී උණ වැළැක්වීමේ පූර්ව ප්‍රතිකාරය (Doxycycline) මහජනතාව අතර අවශ්‍යතාව අනුව බෙදාහරිමින් සිටින අතර එය වෛද්‍ය අපදෙස් අනුව ලබාගන්නා ලෙස ඇය පැවැසුවාය. මෙම ප්‍රතිකාරය ඔබට හෝ ඔබේ අසල්වාසීන්ට අවශ්‍ය නම් මී උණ වැළැක්වීමේ ප්‍රතිකාරය (Doxycycline) ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇමතීමෙන්ද ලබා ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
මී උණ සඳහා Doxycycline මිලි ග්‍රෑම් 200 ක මාත්‍රාව ලබාගෙන සිටියද උණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් බවද අය කියා සිටියාය.